05/12/2025
ආදරණීය ශිෂ්‍යාවනි, දෙමාපියනි,
අප පාසලේ ස්වභාවික ව්‍යසනය තුළ ආපදාවන්ට පත් වූ ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඔබගේ හොඳ හිත සහ පරිත්‍යාගය අපේක්ෂා කරමින් මෙම පණිවිඩය ඔබ වෙත ලබා දිමට අපේක්ෂා කරමි .
මෙම ව්‍යසනය තුළ අප පාසලේ ශිෂ්‍යාවන් 150 ට ආසන්න පිරිසක් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු පීඩාවට සහ අසරණ තත්ත්වයට පත් වී ඇති බව ඔබ සැම ට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට කැමැත්තෙමි .ඔවුන්ගේ ජීවිත නැවත නගාලීමට සහය වීම අපගේ යුතුකමකි .වගකීමකි .
ඔවුන් සමග අප සියලු දෙනාම සිටින බව දැනෙන්ට හැරීම මේ මොහොතේ ඉතාම අත්‍යවශ්‍ය වේ .ඔවුන්ගේ දුකට වේදනාවට සංවේදී වීම අත්‍යාවශ්‍ය වේ .
එබැවින් ආදර දියණියනි,දෙමාපියනි ඔබගේ පරිත්‍යාගය අපේක්ෂා කරමි .
පහත සදහන් දේවල් ඔබට 2025.12.06 වන සෙනසුරාදා උදේ 9.00 සිට දවල් 1.00 දක්වා පාසලට ගෙනෙව්ත් භාර දීමට හැකි බව දැනුම් දෙම් .
වියලි ආහාර ද්‍රව්‍ය
කිරිපිටි
තුනපහ
කොට්ට
ඇද ඇතිරිලි
තුවා
දත් බෙහෙත් ,සබන්,
සබන් කුඩු
පානීය ජලය
සීනි ,තේ කොළ
ලිපි ද්‍රව්‍ය (පොත් ,පෑන්,පැන්සල් ආදිය )
පොත් බෑග්
වතුර බෝතල්
සුදු ගවුම් ,පාසල් සපත්තු
ඇදුම් සහ යට ඇදුම්
බිස්කට්
සබන් සහ පිරිසිදු කාරක
වියළි ආහාර
මුදල් වූවත් ඔබට පරිත්‍යාග කළ හැකි ය .
විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය