Manakkulama Junior School - Chilaw

Manakkulama Junior School - Chilaw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manakkulama Junior School - Chilaw, Public School, Kakkapalliya/Medagama Road, Manakkulama.

19/08/2026

ප්‍රතිඵල සංවර්ධනයේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එහාට ගිය
සැබෑ මැදිහත්වීම
මුතු දොරටුව අධ්‍යාපන සංවර්ධන වැඩසටහන
හලාවත අධ්‍යාපන කොට්ඨාසය
මනක්කුලම කනිටු විදුහල
ගණන් නොගෙන ගණන්
රාත්‍රී වැඩසටහන ආරම්භය

විශේෂ ස්තූතිය - කලාප අධ්‍යාපන කාර්යාල පාසල් නියාමන නිලධාරී චිත්‍ර විෂය ගුරු උපදේශක සුරංග ජයසිංහ මහතා ❤️

19/08/2026

අ.පො.ස (සා/පෙළ) ප්‍රතිපල සංවර්ධනය වෙනුවෙන්

“දහමේ සුවඳින් සිත් පහන් කළ අර්ථවත් මොහොතක්… සදාචාරවත් හා ගුණගරුක පරපුරක් ගොඩනැඟීමේ තවත් පියවරක්.” 🌿    සිසු දරුවන්ගේ සිත...
28/07/2026

“දහමේ සුවඳින් සිත් පහන් කළ අර්ථවත් මොහොතක්… සදාචාරවත් හා ගුණගරුක පරපුරක් ගොඩනැඟීමේ තවත් පියවරක්.” 🌿
සිසු දරුවන්ගේ සිත් සදහම් සුවඳින් පෝෂණය කරමින්, යහපත් මිනිසෙකු ලෙස ජීවිතය ගොඩනඟා ගැනීමට මඟ පෙන්වූ වටිනා ධර්මදේශනාවක් ඇසළ පොහොය සමඟාමීව අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය - 2026 🏆 කැලිප්සෝ වාදන ගායන ශෛලිය - පළාත් ප්‍රථම ස්ථානය🏆 සරල ගීත වාදනය - පළාත් ප්‍රථම ස්...
24/07/2026

සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය - 2026

🏆 කැලිප්සෝ වාදන ගායන ශෛලිය - පළාත් ප්‍රථම ස්ථානය

🏆 සරල ගීත වාදනය - පළාත් ප්‍රථම ස්ථානය

"ජයග්‍රහණය සමූහ උත්සාහයක සුන්දර ප්‍රතිඵලයකි"

පළාත් මට්ටමේ තරඟ දෙකක ජයග්‍රහණය හිමිකර ගනිමින් පාසලට අභිමානයක් එක් කළ දරුවන්ට සහ මෙහෙයවීම් සිදුකළ බිමල් ජයසිංහ ගුරුතුමන්ට උණුසුම් සුබපැතුම්!🌹

දශක ගණනාවක් දරුවන්ගේ සිහිනවලට පියාපත් එක් කළ, ගුරු පරපුරකට ආදර්ශවත් නායකත්වයක් දුන් අපගේ ආදරණීය විදුහල්පතිතුමිය ගුරුජීවි...
18/07/2026

දශක ගණනාවක් දරුවන්ගේ සිහිනවලට පියාපත් එක් කළ, ගුරු පරපුරකට ආදර්ශවත් නායකත්වයක් දුන් අපගේ ආදරණීය විදුහල්පතිතුමිය ගුරුජීවිතයෙන් ඉසිඹු ලද වගයි..

ඇය පාසලකට පැමිණියේ විදුහල්පතිනියක් ලෙසයි…
නමුත් නික්මෙන්නේ දහස් ගණනක් හදවත්හි නොමැකෙන මතකයක් බවට පත්වෙමිනි.

අපගේ ආදරණීය විදුහල්පතිතුමිය,
ඔබ විසින් දල්වන ලද දැනුමේ පහන තවත් බොහෝ පරම්පරාවන්ට ආලෝකය සපයනු ඇත.

ඔබේ උතුම් සේවයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමින්, සාමයෙන් හා සතුටින් පිරි සුබ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු. 🤍

🎖🎖ඡත්‍රාභිධාන 2026 🎖🎖A proud and memorable occasion as we officially appoint our Prefects for the academic year. We cong...
17/06/2026

🎖🎖ඡත්‍රාභිධාන 2026 🎖🎖

A proud and memorable occasion as we officially appoint our Prefects for the academic year. We congratulate each student and wish them success in their leadership journey ahead.🌹

වෙසක් සතිය නිමිති කරගත් හලා/මනක්කුලම විද්‍යාලයීය වෙසක් වැඩසටහන් මාලාව මේ වන විට විද්‍යාල පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙමි...
29/05/2026

වෙසක් සතිය නිමිති කරගත් හලා/මනක්කුලම විද්‍යාලයීය වෙසක් වැඩසටහන් මාලාව මේ වන විට විද්‍යාල පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

ඒ අනුව පසුගිය බදාදා (27) දින පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය කටයුත්තක් සිදු කෙරුණු අතර ඉන් අනතුරුව පාසල් දරුවන්,ආචාර්‍ය මණ්ඩලය හා දෙමාපිය දායකත්වයෙන් සංවිධානය කෙරුණු කොත්තමල්ලි දන්සල පවත්වන ලදී.

අද එනම් මැයි මස 29 වන සිකුරාදා දින පාසල් පරිශ්‍රය වෙසක් සැරසිල්ලෙන් අලංකෘත කරනු පිණිස ශ්‍රේණි මට්ටමෙන් නිර්මාණය කෙරුණු වෙසක් පහන් කූඩු පාසල් භූමිය තුළ ආමිස පූජාවක් ලෙසින් ප්‍රදර්ශනයට දරුවන් විසින් කටයුතු කරන ලදී.

මැයි මස 25 වන සඳුදා වන විට මනක්කුලම කනිටු විදුහල් දුවා දරුවන් විසින් නිර්මිත සිතුවම් හා සඳැස් - නිසඳැස් යොදාගෙන සකස් කළ වෙසක් සුබ පැතුම්පත් මුද්‍රණය කිරීමට ද විද්‍යාලයීය චිත්‍ර කලා අංශය කටයුතු කර තිබිණි.

හලා/මනක්කුලම විද්‍යාලයීය වෙසක් සතිය නිමිති කරගත් වැඩසටහන් මෙයින් නිමාවට පත් නොවන අතර ජූනි මස 2නි දින තෙක් තවත් වැඩසටහන් පැවැත්වීමට අදාළ සියලු කටයුතු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලය විසින් මේ වන විටත් සූදානම් කර තිබේ.

"Building confident leaders for a better tomorrow.” A leadership training camp for students who qualified as a prefect f...
22/05/2026

"Building confident leaders for a better tomorrow.”
A leadership training camp for students who qualified as a prefect for the year 2026 was successfully conducted at the school premises.

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැනුම්දීමයි....
22/04/2026

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැනුම්දීමයි....

A big, warm welcome to our adorable Grade One little ones! 🌟Tiny steps, bright smiles, and curious hearts — your beautif...
29/01/2026

A big, warm welcome to our adorable Grade One little ones! 🌟
Tiny steps, bright smiles, and curious hearts — your beautiful school adventure starts today. 🎒📚🌈

Address

Kakkapalliya/Medagama Road
Manakkulama

Telephone

+94322220507

Website

Alerts

Be the first to know and let us send you an email when Manakkulama Junior School - Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Manakkulama Junior School - Chilaw:

Shortcuts

Share

Category