23/05/2026
සරසවි පුස්තකාලයේ ඇත්තේ පොත් පමණක් නොවේ ! 💔📚
දෙවන වසර මුල් භාගයේ සිට තෙවන වසර අවසානය තෙක් නිතරම එහි රැදෙමින් මා කියවූ පරිච්ඡේද අපරිමිතය🤫
1. ඇතැම් පොත් එක වරකට කියවන්නේ එක් අයෙකු පමණක් වුවද - එය කියවා අවසන් වූ විගස වෙනකෙකු පැමිණ කියවීමට පටන් ගනී.
2. ඇතැම් පොත් බලා සිටින්නේ තම සුපුරුදු පාඨකයා පැමිණ තමාව කියවන තෙක්ය.
3. ඇතැම් භාගෙට කියවා අවසන් කළ පොත් පසුවදා පැමිණෙන විට අන්සතු වී හමාරය.🙆♂️
4. ඇතැම් ලස්සන පිටකවර ඇති පොත්වල අභ්‍යන්තර අන්තර්ගතය නිශ්ඵලය.
5. ඇතැම් පොත්වල කාණ්ඩ අංක වෙනස් වුවද ඒවා සෑම දවසකම එකම පොත් රාක්කයේ අසුරා ඇත.
6. ඇතැම් පොත්වලට සමාන හා ළගින් යන අන්තරගතයන් සහිත පොත් ඕනෑ තරම් තිබුනත්, පාඨකයන් පොර කන්නේ එකම පොතකටය.🤭
7. ඇතැම් පොත් කිසි දිනෙක කිසිවෙකුත් කියවන්නේ නැත.
8. ඇතැම් පොත් කෙටි කලක් තුළ පාඨකයන් කිහිප දෙනෙකු අතර අතින් අත මාරු වනු දකින ආධුනික පාඨකයින්, නැවත කිසි දිනක පොත් කියවන්නේ නැත.
දවස තිස්සේ පොත් සහ පාඨකයින්ගේ හැසිරීම අධ්‍යනය කරන මා සහ මිතුරු කැල සුපුරුදු පරිදි වසර ගණනක් තිස්සේ කිසිදු පොතක් නොකියවාම සරසවි ද්වාරයෙන් නික්මී පිටවන්නේ - ඊළග දවසේ හෝ පොතක් කියවීමේ ආසාව නැතුවම නොවේ…😂❤️