01/02/2026
හැමදාම එකතැන පල්වෙන අයට බිස්නස් කරන්න බෑ. වෙනස් වෙන ලෝකෙත් එක්ක update වුනොත් විතරයි බිස්නස් ලෝකේ පැවැත්මක් තියෙන්නෙ.
ඒ කාලෙ ලෝකෙ හොල්ලගෙන හිටපු Nokia, Kodak, Blackberry වගේ Brands අද කෝ? ඒ ගොල්ලො ප්‍රතික්ෂේප කලා ලෝකෙත් එක්ක update වෙන්න.
ඔයා අයිති ලෝකෙත් එක්ක update වෙන කොටසටද "ලෝකෙ යන අතක ගියාවෙ මං දන්න දේ කරගෙන ඉන්න විදිහට ඉන්නවා" කියන කොටසද?
මේ පින්තූරෙ ඉන්න බුද්ධිනී, චතූ සහ අනික් අය නම් update වෙන ලෝකෙත් එක්ක update වෙවී දියුණු වෙන අය. එයාලා මේ ඉගෙන ගන්නේ ලංකාවට තවමත් තරමක් අලුත් wafer paper flowers.
ඔයත් update වෙන cake decorator කෙනෙක් නම් පෙබරවාරි 18 බදාදා පටන් ගන්න ඊලඟ wafer paper පන්තියට සහභාගි වෙන්න අවස්ථාවක් තියෙනවද කියලා දැනගන්න inbox message එකක් එවන්න (messenger)
Location: තලවතුගොඩ (Online පන්ති නැත)
30/01/2026
Free recipe ලබා ගත හැක්කේ ක්‍රියාකාරී සහ ගෞරවණීයව හැසිරෙන fan කෙනෙක් වීමෙන් මිස නින්දා සහගත comment දැමීමෙන් නොවේ. පන්ති වල ගාස්තුව ගෙවා, වටිනා කාලය කැපකොට උගත්-වැදගත් නෝනා මහත්වරුන් ගෞරවණීය ලෙස ලබා ගන්නා රෙසිපි, අඩුම වශයෙන් ගරු සරු ඇතිව කතා කිරීමටවත් නොදන්නා වට්ටි අම්මලාට නොමිලේ ලබා දීමට තවම අපට සිහි කල්පනාවේ දෝෂයක් නැත.
30/01/2026
කාඩ්බෝඩ් box දැක්කම පිස්සු හැදෙන පූස් පිස්සෙක් ඔයාටත් ඉන්නවද?
29/01/2026
The Art of Doing "Nothing" (For Once)
Your brain is like a Chrome browser with fifty tabs open. All. The. Time......sounds familiar???
You are the one who knows where the spare keys are. You know the exact date the electricity bill is due. You know who needs to be where at 4:00 PM.
In our world, being a "busy woman" is basically a full-time management job that never ends.
You spend your whole day being USEFUL.
But tell me, when was the last time you did something completely "useless"? Something that didn't put food on the table, didn't fix a problem, and didn't help anyone else's "To-Do" list?
The "Useful" Trap
We Sri Lankans are experts at running-running. If we aren't "productive," we feel guilty. Even our hobbies have to be a "side hustle" or a "skill for the kids." or something that can be enjoy eating.
But there is a specific kind of tired that sleep cannot fix. It’s that heavy feeling in your chest when you realize you’ve become a manager of tasks, not a maker of things.
Why Your Fingers Need to Move???
Think about it. When you are focused on something tiny....like the delicate, thin edge of a edible petal or the perfect curve of a buttercream leaf...
the world suddenly goes QUIET.
Your brain physically cannot worry about tomorrow’s office drama when you are trying to make a flower look real. It’s like a "Mute" button for the mental noise.
* You aren't the Boss: For those thirty minutes, you aren't a mother, a wife, or a manager.
* You have total control: You can’t control the traffic in Colombo or your teenager’s mood. But you? You have 100% say over the color of that rose.
* A different kind of win: Folding laundry is a win, but it’s gone in a day. Making something beautiful with your own two hands? That stays in your head.
The "Just Because" Factor
We need a sanctuary. A little corner of the world where it’s okay to PLAY. Where, if a petal breaks, the world doesn't end....you just eat it and start all over again. 😉
There is a quiet power in making something fragile, beautiful, and "unnecessary." It reminds you that you are more than just your chores. It gives your heart a chance to breathe.
So, tonight, while you're ticking off that last item on your list, just ask yourself:
"When do I get to be the MAKER instead of the MANAGER?"
Something is coming to help you find that answer.
Stay tuned.
PHOTO: Wafer paper flower from our class.
29/01/2026
ම්... සුවඳ 😍
කොහොමද මේ මහන්සි වෙලාවෙ උණු උණුවෙ බැදපු spring rolls ටිකක් කාලා, හොඳ ඉඟුරු ප්ලේන්ටියක් ලැබුනම තියෙන සතුට???
ඊලඟ මාසෙ One-day Thai Cuisine පන්ති එන ඔයාටත් හිතෙන ඕන වෙලාවක උණු උණු Thai Spring Rolls හදාගන්න ඉගෙන ගන්න පුලුවන්....!
29/01/2026
සුරංඟනා ලෝකෙන් ගෙනාව වගේ කේක් හදන එක ඔයාට තවමත් හීනයක්ද?
ඒකට හේතුව ඔයා තවමත් ඔයාට කියාගන්නෙ වැරදි story එක නිසා. ඔයා කියන්නෙම එක්කො ඔයාට වෙලාව නෑ, එක්කො ඔයාට දුර වැඩියි, බබාල නිසා බෑ, සල්ලි නෑ වගේ කථා. ඒක ඔයා හිතින් හදාගත්ත story එකක් විතරයි. Stories කියන ඒවා අපිම ලියා ගත්ත ඒව නිසා, ඕනම වෙලාවක අපට පුළුවන් වෙනත් අළුත් story එකක් හදාගන්න.
ඇත්තම කාරණේ ⭕️ ඔයාට මේක තාම ඒ හැටි වැදගත් නෑ⭕️ Not important enough YET) ඒ නිසා ඔයා ඒකට අදාල මිල ගෙවන්නවත්, කාලය සහ කැපකිරීම කරන්නවත් ලෑස්ති නෑ කියන එකයි. එහෙම නැතිව සල්ලි සහ කාලය නැතිකම නෙවෙයි.
ඉතිං ඔයා ඔයාගෙ limiting story එක මතුර මතුර ඉන්නකොට ඔයා වටේ ඉන්න, ඔයාට වඩා වයසින් අඩු, දැනුමෙන් අඩු, අත්දැකීම් අඩු, ඒ වගේම වත්කම් වලිනුත් ඔයාට වඩා ගොඩාක් පල්ලෙහායින් ඉන්න, නමුත් ඔයාට වඩා ගොඩාක් හොඳ winning story එකක් හදාගත්ත අය- ඔයාව පහු කරගෙන, ඔයා හැබැ කරගන්න කල්දාන හීනෙ ඔයාට කලින් සැබෑ කරගන්නවා.
එදාට නම් ඔයාට ගොඩාක් දුක හිතෙනවා. මට නිතරම එහෙම දුක කථා එවන පරණ fansලා ඉන්නවා. අපරාධෙ මං ඒ කාලෙ මේක කරගත්තෙ නැත්තෙ කියල පසුතැවෙන.
ඔයා පහුගිය අවුරුදු තුනක කාලෙ ගෙවපු හැටි ආවර්ජනය කරල බලන්න. සල්ලි වියදම් කරපු හැටි ආවර්ජනය කරල බලන්න. ඔයාට ඇත්තටම කාලය සහ මුදල් කළමණාකරණය කරගන්න හැටි ගැන අවබෝධයයි නැත්තෙ. කාලයවත් මුදල්වත් නැතිකම නෙවෙයි.
මේ තියෙන fairy house cake එකත් එහෙම කාලය සහ ධනය කළමණාකරනය කරගෙන පහුගිය පන්තියට ආපු තුෂී හදපු එකක්. ලඟක ඉඳන් එහෙම නෙවෙයි. මැල්සිරිපුර ඉඳන්.
ඔයත් හැමදාම කියපු limiting story එක මකල දාලා අළුත් story එකක් ලියන්න ලෑස්තිද?
විස්තර comments වල.
28/01/2026
ඔයා මේ පිටුවෙ මාස 12කට වඩා ඉන්න fan කෙනෙක් නම් පමණක්, "තවම අපේ class එකකට ආවෙ නැත්තෙ ඇයි" කියන ප්‍රශ්නෙට හේතුව පැහැදිලිව ලියලා inbox කරන්න. ඒ හැමෝටම ලඟ එන Top Fan gift එක දෙනවා!
27/01/2026
හැමෝගෙම Top Choice එක - ලසඤ්ඤා!
Pasta Mastery -2 days පන්තියෙන්..!
27/01/2026
Pinterest එකෙන් ගත්ත photo එකක් නෙවෙයි. අපේ beginners cake decoration පන්තියට ආපු අශා එයාගෙම අත්වලින් හදපු කේක් design එකක් මේ.
හෙට කරන්නම් අනිද්දා කරන්නම් කියල රටේ නැති excuse හොය හොය තමන්ගෙ හීන කල් දාන දහස් ගානක් අතර ආශා වගේ අය real action takersලා. ඒ ගොල්ලො unique.
ඔයත් ආස නැද්ද unique girl කෙනෙක් වෙන්න. Excuse වලට පයින් ගහලා action ගන්න power lady කෙනෙක් වෙන්න?
විස්තර comments වල.
27/01/2026
අම්මලා දරුවන්ට දෙන්නෙ හොඳම දේ....!
පෙරේදා premium brownies පන්ති ආපු මෙලනිගෙ අවුරුදු 7 දුව අම්ම පන්තියෙන් ගෙනිහිං දීපු brownies කාලා කිව්වලු එයත් ලොකු වුනාම අපේ පන්ති එනවා කියලා.
මෙලනි දැනගෙන ඉදල නැහැ අපි පොඩ්ඩන්ටත් ඉඳල හිටල workshop කරනව කියලා.
මේ අපේ පහුගිය kids cupcake workshop එක. ඊලඟ workshop එක කරන්නෙ cookie decoration.
අපේ පන්ති වලට එන පොඩ්ඩො government schools, semi-government schools සහ international school වලට යන අය නිසා අපට අදහසක් නෑ එයාල හැමෝටම එන්න පුළුවන් holiday season මොනවද කියලා. Christmas, සිංහල අවුරුදු කට උඩ තියෙද්දි පන්ති කරන්න නම් අමාරුයි.
ඔයාලා comment කරන්නකෝ kids class දාන්න හොඳ කොයි කාලෙ වගේද කියලා.