Sri Dhammananda Dhamma School, Malabe.

Sri Dhammananda Dhamma School, Malabe.

Share

Our vision :- Giving student to a noble education on the philosophy of the load of Buddha!. And propagate humanity to the whole world!

05/06/2020

Significance of Poson full moon Poya day.

The day we commemorate the introduction of Buddhism to Sri Lanka by Arahat Maha Mahinda (son of King Asoka of India) at Mihintale in the third century B.C. Ven Mahinda established the Dispensation of The Buddha (Buddhasasana) in Sri Lanka.
Significance of Poson Full Moon Poya Day

The full-moon Poson Poya Day is noteworthy to the Sri Lankan Buddhists as the day on which Emperor Asoka's son, the Arahat Mahinda, officially introduced Buddhism to the island in the 3rd century B.C.

Accordingly, in addition to the normal ritualistic observances undertaken on a Poya day, on Poson day devotees flock to Anuradhapura, the ancient holy capital city of the country, for it was there that Arahat Mahinda converted the then ruler, King Devanampiya Tissa, and his court to Buddhism, thereby setting in motion a series of events that finally made Sri Lanka the home of Theravada Buddhism.

Even today, on Poson Poya, Anuradhapura becomes the center of Buddhist activity. Mihintale, the spot where the momentous encounter between the Elder and the King took place, accordingly receives the reverential attention of the devotees.

The two rituals of pilgrimage and the observance of the Eight Precepts are combined here. Processions commemorative of the event, referred to as Mihindu Peraheras, are held in various parts of the country.

Photos from Sri Dhammananda Dhamma School, Malabe.'s post 17/05/2020
02/04/2020

භද්‍රා..
එක් බුද්ධාන්තරයකදි පහළ වෙන්නේ, “එකම බෝසත් පතිණියක්” පමණයි.. “සක්විති ස්ත්‍රී රත්නය” නිෂ්ප්‍රභා වන්නේත්... ඔබවැනි “බෝසත් පතිණියක් වූ, ස්ත්‍රී රත්නයක්” අභිමුවදි පමණයි...”

“එසේයි ස්වාමිණී..”

“නැගණිය..
එනිසාවෙන් ඔබ පෙළහර පෑ යුතුයි....

බෝසත් පතිණියකගේ “බලය” ලෝකයා හමුවේ ප්‍රකට කලයුතුයි.. “ස්ත්‍රී රත්නය” කෙබඳුදැයි ලෝකයා දැනගතයුතුයි...

එනිසාවෙන්,...
පිරිණිවනට පෙර,.. “ලොව හිත
පිණිස”,...
ඔබ, පෙළහර පෑ යුතුයි භද්‍රා...”

“ඔබගේ උරමඩළෙහි උපන් මේ සුජාත දුවණිය...
ඔබවහන්සේගේ සර්වඥ වූ බුද්ධාඥාව හිස්මුදුණෙන් දරාගන්නෙමි ස්වාමීණී..

එසේනම්...

“ දුර්ලභ වූ,...

බෝසත් පතිණියක සතු බලය...
බුද්ධ දුහිතෲ බල පරාක්‍රමය, දැක්වීම පිණිස...
මාහට අවසර ලබාදෙන සේක්වා...!!!”

************

එදා මං එනකොටත් එතුමිය වේළුවනයට වැඩම කරල හිටියෙ නැහැ.. උදැහැනැක්කෙම සක් දෙව්‍ රජ්ජුරුවන්ගෙ අණ බෙරලන්නො සක්වල ගලටම ඇහෙන්න අණබෙරලන්න වුණා..

එතුමිය මහා පරිණිර්වාණයට වඩිනවලු... තථාගතයන් වහන්සේගෙන් අවසර ගන්න වේළුවන උයනට වැඩම කොරනවලු..

එදා ඒ ආරංචිය කණට වැටුන විතරයි මට දරාගන්න බැරි උනා..
අනේ.....

මහ ප්‍රජාපතී උත්තමාවත් පිරිණිවන් වැඩියා,..දැන් මෙතුමියත් පිරිණිවන් වඩිනව.... මහා පහන් ආලෝකයක් නිවෙන්න ලං වෙලා කියලයි මට දැනුනෙ...

පණිවිඩේ ඇහුණ වෙලාවෙම හනි හනිකට රජගහ නුවරට ඇවිදිල්ල වේළුවන උයනට එනකොටත්, මහා දේව සේනාවක් වේළුවන උයන පිරිවරාගෙන හිටිය...
පොළව කිමිදීගෙන ආපු නාග පිරිස අවට තැන තැන රංචු ගැහිල...

එදා දන්න කියන භූමාටු දෙවිවරු වගේම...සදෙව් ලෝකයේම උත්තමයො ඇවිදිල්ල උන්නා... බ්‍රහ්ම උත්තමයොත් මහා රාශියක් වැඩම කරල උන්න.. උන්නාසෙල අපිට නොපෙනුනාට , මහා ආලෝක දහරාවන් දැක්කම උන්වහන්සේල බව අඳුරගන්න අමාරු උනේ නෑ...

එහෙම ඉන්න අතරතුරේ ඒ “මහා ස්ත්‍රී රත්නය”, වේළුවන සීමාවට ලඟාවුණා..

“ස්වර්ණ හංස රාජිණියක්... පරිවාර හංසියන් පිරිවරාගෙන ...
වේළුවන පියුම් වනයට සැපත් වෙන්නාක් වගේ...”

“සද්ධන්ත හස්ති රාජිණියක් පිරිවරාගත්ත,... පරිවාර ඇතිණි සේනාවක්.. සද්ධන්ත විලට පිවිසෙන්න වගේ”...

පන්සියයක් පරිවාර මහරහත් මෙහෙණින්වහන්සේලාව පිරිවරාගෙන...
බඹයක් පමණ දුරට විහිදෙන “සෞම්‍යය ප්‍රභාවෙන් විරාජමාණව”...

ඒ...
අසහාය “ස්ත්‍රී රත්නය” ... මහ පොළව සනහ සනහා වැඩම කරා...

ශ්‍රී ශරීරයෙන් නික්මෙන රැස් දහර... සඳ මඩුළු දස දහසක් පායල වගේ...
දුටු දුටුවන්ගෙ සිත සනසන චන්ද්‍ර මණ්ඩලය වගේ මුව මඩල...

මහනෙල් මල් පෙත්තෙන් කරපු දෑස් තුලින්... නිල්මිණි කැටයක් දිලෙන්න වගේ....
සියපත් පෙත්තකින්කලා වගේ සුන්දර මුව මඩලෙ... යාන්තම් රැඳුනු ඒ සිනහව.. අදටත් සිහිවෙනව...

රන්වන් චවිය.... මහනෙල් මලක ඇතුලු ගැබේ තිබෙන , රන්වන් පැහැය වගේ....
“අට සැත්තෑ වියෙහි” පසුවුණත්... උන්වහන්සේ හරියට සොළොස් හැවිරිදි දැරිවියක් වගේ සුන්දරයි...

අනේ...

ඒ උත්තමාව ඈතතියා දකිද්දි පැන නැගුණ සාදු නාදය.... අදටත් මගේ කනේ දෝංකාර දෙනව...

සාදූ...සාදූ...සාදූ....!!!

අහසෙ වැඩ උන්නු මහා දේව සමාගම ඉහල අහසෙ ඉඳගෙන මල් වරුසා වස්සවමින්, මහෝත්තමාව වැඩම කරන මාවත දිගට මල් පාවඩ මවන්න වුණා...
පොළව කිමිදීගෙන ආපු දිව්‍ය නාග මානවිකාවො... මග දෙපස එකතුවෙලා..එතුමිය වැඩම කරන මාවතේ.. එතුමියගෙ පා පිවරක් පියවරක් පාසා... කඩුපුල් මලින් පා කමල් පිලිගත්තා...
එතුමිය තබන පියවරක් පියවරක් පාසාම, පොළව පලාගෙන කඩුපුල් මල් පැනනගිනව...

ඒ වෙනකොටත් වැඩ සිටිය “අසූමහසව්වන්” වහන්සේලා කිහිප නමත් මහා සඟ පිරිවර පිරිවරාගෙන,... ඈත එපිට වේළුවන උයනෙ මහ හුණ පඳුරක් ලඟට වැඩම කල මගේ “තථාගතයන් වහන්සේ”.... එතුමිය එනතුරාවට පෙරමග බලාන ඉන්නාක් වගේ..
පෙරදිග දොරටුවට මුහුණලා අසුන්ගත්තා...

සාදූ...සාදූ...සාදූ....!!!

ඈතින් ඇහෙන සාදුනාදය ටිකෙන් ටික ලංවෙනව..
අහසින් ඇදහැලෙන මල් වරුසාව වේළුවනයෙ උන්නු අපිටත් දං දැං පෙනෙනව...

යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ, මහා පරිණිර්වාණයට වඩින බව ආරංචි වුණ මහා ජනකායක්,...
එදා මේ මහා ආශ්චර්‍යය දකින්න...
එතුමියව දැකබලාගන්න මේ වෙනකොටත් වේළුවන භූමියට පැමිණිලා හිටියා..

“ස්වාමීණී...”
“ආනන්ද....”
“ස්වාමිණී.. එතුමිය විහාර සීමාවට වැඩමකලා ස්වාමීණී..”
“එහෙමද...
මේ ඇයගේත්, තථාගත වූ මාගේත් අවසන් දැක්ම නෙව ආනන්ද...”
“එහෙමයි ස්වාමීණී...”

තවමත් කෙලෙස් දුරින්ම දුරු නොකල ආනන්දයන් වහන්සේට,.. හිතට දුකයි...
කොහොම උනත් ගිහිකාලෙ නෑනණ්ඩිය...

ඒ නැතත් සංසාර පුරුද්ද....

මෙසේ කරුණු කාරණා සිද්ධ වෙද්දි.. යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ වේළුවන උයනේ.. නැගෙනහිර දොරටුවෙන්, විහාර සීමාවට අවතීර්ණ වුණා..

අහෝ... කාට කාටත් ඇස් අදහා ගන්න බැරි සිදුවීමක් වුණා..

එතුමියගෙ, ශ්‍රී දේහය වටා රැඳී තිබුණු, බඹයක් පමණ තැන් දක්වා විහිදුණු ...
සඳ එළියක් වගේ .. ඒ සෞම්‍ය කාන්තිය...

එකවරම නිෂ්ප්‍රභාවුණා...!!!

එයයි ලෝක ධර්මය..

මේ මහා පෲථිවි තලයේ පහල වූ ඒ, “අසහාය උත්තම ස්ත්‍රී රත්නයේ” ප්‍රභාව ගිලිහෙන්නෙ..
මේ මහා පෲථිවියේ පහල වූ “අසහාය උත්තම පුරුෂ රත්නය” වුණු...
මගේ “තථාගතයන් වහන්සේ” අභිමුඛයේදි පමණයි..

මේ සිදුවුණෙත් එයමයි...

මගේ තථාගතයන්වහන්සේ හා එක්ව, “සාර අසඛ්‍ය සියක්දහස් කපක්”, මහ දන් දෙමින්, දුක සැප බෙදාගෙන එන,... ඒ ඝෝරතර සසරෙදි.. එතුමිය කැටිකලා වූ මහා පුණ්‍යපලයේ විපාක වාරයක් තමයි, ඒ සෞම්‍ය ප්‍රභාව..

තජ්ජන වෙච්චි පබාවතියව ඉන්දෙද්දිත්... කාන්තිය විහිදෙන සිරුරක් දැරූ උන්වහන්සෙ ගැන.. තව මොන කතාද...

ඒ තමයි ස්ත්‍රී රත්නයේ, “රත්න ප්‍රභාව...”

මගේ තථාගතයන් වහන්සේ වේළුවන උයනේ පෙරමග බලාන හිඳිද්දි... උන්වහන්සේ ආනුභාවය අභිමුවෙහිදී.. ස්ත්‍රී රත්නයේ පූර්වකෲත පින් බලයෙන් හටගත් ඒ ස්වයං ප්‍රභාව නිෂ්ප්‍රභා වුණා...

“දහවල හිරු හමුවේ.. සඳෙහි ප්‍රභාව නොපෙනෙන්නාක් වාගෙ...”

“ස්වාමීණී... මගේ වන්දනය පිළිගනු ලබන සේක්වා..!!!”

උන්වහන්සේ වෙතට වැඩම කල උත්තමාව, බද්ධ පර්‍යංකයෙන් සිට පසඟ පිහිටුවා නමස්කාර කලා..

“එසේයි නැගණිය...”

එතුමිය සමග පැමිණි පිරිවර පන්සියයක් මහ රහත් මෙහෙණින් වහන්සේලත්, මගේ තථාගතයන් වහන්සේට වැඳ නමස්කාර කරල, එකත් පසෙකට වෙලා අසුන්ගත්තා...

“භද්‍රා...
පැමිණි මග, ඔබ සැම සුවයෙන් පැමිණියාද නැගණිය...”

සැම කල්හිම උන්වහන්සේමයි “පුබ්බභාසී”...

“එහෙමයි ස්වාමීණී.. අප සැම සුවසේ පැමිණියා...”

“පැමිණි මග සිවුපසය මනාව ලැබුනාද.”

“මනාව ලැබුණ ස්වාමීණි...
ඔබවහන්සේට කල උපකාරයේ අතුරු පලයන්, වැඩිය මග පුරාවටම අප හට උපකාර පිණිස වුණා..”

“එසේ නේන්නම්,..
ඔබ පමණ මාහට උපකාරී වූවෙක්, බුදු නෙතින් දැකගන්නත් නැහැ නැගණිය..”

මගේ තථාගතයන් වහන්සෙ එසේ වදානරනවත් සමගම නැගී ගිය සාදුනාදය... රජගහ නුවර හුණ වනය ගිගුම් දෙවන්නට වුණා..

මොකක්ද මේ උන්වහන්සේ දේශනා කලේ..

යශෝධරා උත්තමාව මග වඩිනතුරාවට, උන්වහන්සේට සිව්පසයෙන් අඩුවක් වුණේ නැහැ..

ඇයි..?

මගේ තථාගතයන් වහන්සේ හැරුණු කොට.. සසර පුරාවට මහ දන් දුන්න කෙනෙක් ජීවමානව ඉන්නවනම්..
ඒ... මේ ස්ත්‍රී රත්නය පමණක්මයි...එතුමිය දුන් දානයේ විපාකය කොච්චරද කියනවනම්..

එතුමියට පැවිදි වූ දින පටන්,.... ආරාමයෙන් ආරාමයට ගමන් කරමින් ලැබෙන සිවුපසයෙන් මිදීම පිණිස කටයුතු කරන්න සිදු වුණා..

එපමණටම සසර කල පුණ්‍ය සම්භාරය පලදීම බලවත් වුණා..ඒ පින නිසාවෙන්ම, එතුමියගෙ අවසාන තථාගත දැක්ම උදෙසා වැඩම කල මේ ගමනෙදිත්,..පරිවාර පන්සියයක් දෙනා වහන්සේලාට පවා සිව්පසයෙන් නම් කිසිම අඩුවක් වුණේ නෑ..

උන්වහන්සේ වඩින ආරංචියට මග දෙපස රැස්වුණ අය... රැස් කකා දන් දෙනව....
දෙවිවරු විමාන මවාගෙන දන්දෙනව...

මේ ආකාරයට බුදු මුවෙන්ම තමන් වහන්සේගේ සංසාර ගමනේ දුන් දානයන් ගැන ප්‍රශංසා ලබපු උන්වහන්සේ.. නැවතත් තථාගතයන් වහන්සේ ආමන්ත්‍රණය කලා..

“ස්වාමීණී..
මා දැන් “අට සැත්තෑ” වියෙහි පසුවන්නේ...ඔබවහන්සේ සමගම “වෛශාක්‍ය මුහුර්තයෙන්”,... එක්ව ජනිත වුණු මා..
ඔබවහන්සේට පළමුව “පරිණිර්වාණයට” අදහස්කලා ස්වාමීණී..”

“එහෙමයි නැගණිය..”

“ස්වාමීණී,...
මා, “පෙරකල් දක්නා නුවණින්” විමසා බැලුවා....
පෙර තථාගතවරුන්ගේ ගිහිකල පතිණියන්ව සිට නිවන් වැදගත් උත්තමාවන් සියලු දෙනාම,.. ඒ ඒ තථාගතයන් වහන්සේට පළමුව පිරිණිවන්පා තිබෙනව ස්වාමීණී..

එම සිරිතට අනුවම, මාත් පිරිණිවන්නට අදහස් කරගෙනයි සිටින්නෙ... එනිසාවෙන් මා ඔබවහන්සේගෙන් ඒ සඳහා අවසර ලබාගැනීමේ අරමුණෙන් පැමිණියේ ස්වාමීණී..”

“සාදු..සාදු..සාදූ....!

නැගණිය භද්‍රා...
ඔබගේ අදහස යහපත්...

එයමයි ලෝක ධර්මතාවයත් වන්නේ...ලොව සෑම බුද්ධාන්තරයකදීම.. ඒ ඒ බුදුන් හට සසර උපකාරී වූ ගිහිකල පතිණිය, පළමුව පිරිණිවුණා..”

“ස්වාමීණී...
ඔබවහන්සේ සමග මා... පළමු හමුවීම සිදුවුණේ,... එදා දීපංකර පාදමූලයේ වැතිරසිටි ඔබවහන්සේ හට, “නිලුපුල් අට මිටක්” දුන් දින සිටයි ස්වාමීණී..”

“එය මා හට මතකයි භද්‍රා ..”

“එදා ඔබවහන්සේ, මහා බලවත් අභිඥ්ඥා ප්‍රාප්ත තවුසෙක්ව සිටියා.. මා “සුමිත්‍රා” නම් වූ අස්වාමික බ්‍රාහ්මණ තරුණියක් ස්වාමීණී...”

“ඔබ නිවැරදියි නැගණිය..”

මෙසේ මේ මහා පුරුෂ රත්නයත්,ස්ත්‍රී රත්නයත්..
තමන් වහන්සේලා දෙපල සසර හමුවූ ආකාරය පවසද්දි..

ගුවන දෙදරවමින් නැගූ සාදු නාදය නැත්තටම නැතිවෙලා...
උන්වහන්සෙලා දෙනමගෙ මේ පූර්ව භවයන් පිළිබඳ කතිකාව දෙසට,....
රැස්වුණ දේව,බ්‍රහ්ම,නාගාදී දිව්‍ය සත්වයන් වගේම,... රැස්වුණු මහා ජනකායත් ඒකාත්මික වුණා...

මගේ තථාගතයන් වහන්සේගේ මුවෙන් “සඳුන් සුවඳ” විහිදුනා වගේමයි... එතුමියගෙ මුවෙනුත් “නිල් මහනෙල්” සුගන්ධය විහිදෙනව..

එදා මේ මහා රත්නයන් දෙදෙනා වහන්සේලා... එකිනෙකා දොඩමලු වෙද්දි...
මුළු වේළුවනයම දිව්‍ය සුගන්ධයෙන් ඇලළීගියා...


ඔය..ඔය දැනෙන්නෙ ඒ සඳුන් සුවඳ තමා...
ඔය නිලුපුල් සුවඳත් හමන්නෙ...

දැනෙනව නේද...
ඔය දැනෙන්නෙ... ඕං ඕං....

දැනෙනව නොවෙද සුගන්ධය...

“ස්වාමීණී...
ඔබවහන්සේගේ සර්වඥතාවය උදෙසා, ඕනෑම උපකාරයක් කරන්න හිතාගෙන, මමත් මගේ අතේ තිබුණු “මල් තෙමිට”, දීපංකර තථාගතයන් වහන්සේට එදා පූජකලා...”

“එදා ඔබගේ පැතුම අද සපල වෙලා නොවේද භද්‍රා...”

“එසේයි හිමියණි...
අද ඒ පැතුම සපලවෙලා...
ඔබවහන්සේගේ පැතුමත් සපල වෙලා...

නමුත්, අද පිරිණිවන් යන ගමනේදී මා විසින් කල යුතු යුතුකමක් පවතිනව ස්වාමීණී..”

“ඒ කිමෙක්ද භද්‍රා..?”

“ස්වාමීණී....
ඔබවහන්සේ සමග එක්ව ආ ඒ.. දීර්ඝ ගමනේදී.... මා නිසාවෙන් ඔබවහන්සේ විඳි දුක් ගැහැට අප්‍රමාණයි ස්වාමීණී...”

“භද්‍රා,..
මාගේ සර්වඥතාවය උදෙසා ඔබකල කැපකිරීම් හමුවේ... එම ගැහැට මාගේ පාරමිතා සපිරීමට ආශිර්වාදයන් වුණා නොවේද නැගණිය...”

“එහෙමයි ස්වාමීණී... මා එය දන්නව..
නමුත් මාහට ඔබවහන්සේගෙන් ඒ උදෙසා සමාව අයැදීමට අවශ්‍යයි ස්වාමීණී..”

“භද්‍රා...”

“ස්වාමීණී...”

“ඔබ දැන් කෙලෙසුන් කෙරෙන් දුරුවූ ක්ෂීණාශ්‍රව ආර්‍යාවක්... සමාව ගැනීමක් අවශ්‍ය නැහැ නොවැ..”

“නමුත් ස්වාමීණි,..
අනාගත සත්ත්වයා විසින් අපගේ පෙර භවයන් පිළිබඳ ඔබවහන්සේ විසින් වදාල දේ අසා,...අනුවණකමින්, අස්ථානයේ මාහට පරිභව කලහොත්.....?

එය ඔවුනට මහා අහිත පිණිස වේවි....
එනිසාවෙන් මාහට සම්මුති වශයෙන් සමාවගැනීම පිණිස අවසර ස්වාමීණී...”

“හොඳයි එසේනම්...”

එදා මෙසේ තමන් වහන්සේ හට සසර උපකාර කල මේ “ක්ෂීණාශ්‍රව ස්ත්‍රී රත්නය”... බෝසත් පතිණිය ලෙසින් වූ අතපසුවීම් ගැන සමාව ඉල්ලීම වෙනුවෙන් අවසර පතද්දි... මගේ තථාගතයන් වහන්සේ එය ඉවසා වදාලා...

අවසර ලද බව වටහාගත් එතුමිය, ඒ “ඝෝර භීරාන්ත” අතීත සසර සලකුණු වදාරන්න වුණා...

“ස්වාමීණී...

එදා මා “සදත් ඇතිණියව” ඔබවහන්සේගේ “ලපටි බිසව” ලෙසින් උපන් භවයේ,.. ඔබවහන්සේගේම “ආප්ත බිසව” ලෙසින් “චිංචාව” උපත ලබා සිටියා ස්වාමීණී...

ඔබවහන්සේ දිනක්... හිමගිරි අරණෙහි අප දෙදෙනාට මැදිව... අසූදහසක් සේනාවට ප්‍රමුඛව ගමන් වඩිද්දි,...

ඔබවහන්සේගේ කුම්භය වැදීමෙන් සැලීගිය ඒ සල් ගසෙහි,...පිපී ගිය මල් පොකුරු..මගේ හිසටත්... එම ගසෙහිම ජරපත් දඬුවක්, සපත්ණී වූ ආප්ත බිසවගෙ හිසටත් වැටීගියා ස්වාමීණී...

එම සිදුවීමෙන් ඔබවහන්සේ කෙරෙහි වෛර බැඳගත් ඇය, මතු භවයකදී මනුරාජ කුලයක ඉපිද,... ඔබවහන්සේගෙන් පලිගැනීම උදෙසා... මහා මුසාවක් දක්වා....
බලු වැද්දෙකු ලවා අප සිටින ඉසව්ව සොයාගෙන... ඌ ලවාම විස හීයෙන් ඔබවහන්සේගේ “නැබ මඩල” විද්දා ස්වාමීණී...

“අසූ දහසක් සදත් ඇතුන්ට මහා බල ඇති.....
එක කුංචනාදයෙන්.... අසූදහසක් මහා බල ඇතුන් දණින් තැබිය හැකි වූ ඔබවහන්සේව,...
එයින් මරණයට පත්කලා මතකද ස්වාමීණී....”

“එහෙමයි නැගැනිය..මාහට මතකයි එය..”

“ස්වාමීණී, එදා ඔබවහන්සේට එවන් මහා විපතක් වුණේ මා කෙරෙහි ඇය බැඳි “සපත්ණීරෝෂය” නිසාවෙන්මයි ස්වාමීණී... මා ඔබගේ දෙටු බිරිය නොවූවානම්...ඔබගේ ප්‍රිය බිරිය නොවූවානම්..
එදා ඔබවහන්සේට එවන් විපතක් වන්නෙ නැහැ...

ස්වාමීණී....
එනිසාවෙන් එදා මාවෙතින් වූ වරදට සමාව දෙන සේක්වා...!!!

“නැගණිය....භද්‍රා...

එදා, එසේ මාගේ නැබමඩල විද, මා මරණයට පත් කිරීමට ඒ බලු වැද්දා නොවිද්දානම්..

“පංච මහා සාගර ජලයම,.. එකම මුව විටකින් ගලා යන්නාක් වගේ... ඒ බලුවැද්දා කෙරෙහිම මා මෙත් වඩන්නේ කෙසේද...”

ඒ බලුවැද්දා රැකීම පිණිස... “අසූ දහසක්” සේනාව ඉවත්වන තුරු,...නැබින් ලේ පෙර පෙරා... මා ඔහුව රැක සිටියා නැගැනිය.... මහා කරුණාව පෙරදැරිව මෙත් වඩමින්, පාරමී පුරන්නට මාහට ඊටවඩා අවස්ථාවක් ලැබේවිද....?

එනිසාවෙන්...එසේ ඔබ නිසා වූ විපත, මාහට පාරමිතාව පිණිසම සුව යානාවක් වුණා... ඉතින් කෙසේනම් ඔබ වරද කාරියක් වන්නද භද්‍රා...?

“ස්වාමීණී...
තවත් වරෙක, මා “සඳ කිඳුරියක්ව”, උපන් සමයේ... ඔබවහන්සේගේ ප්‍රිය සොඳුරිය වන්නට මා භාග්‍යවන්ත වුණා...

එදා “සඳ මහ පව්වෙදි”...

පිලැස් සලමින්... රැඟුම් රඟමින්...
දිව්‍ය ලීලෝපේත නුරා රැඟුමෙන්...

රැඟූ,.. අප දෙදෙනගේ ඒ කිඳුරු රැඟුමට වශී වුණු මනු රජුන් නිසාවෙන්... කිඳුරු රාජයාණන් වුණ ඔබවහන්සේට මරණය පමණ මහා දුකකට මුහුණ දෙන්නට වුණා ස්වාමීණී...

එදා මා කෙරෙහි ලොබ බැඳපු ඒ බරණැස් මහරජුන්,.. රහසේම ඔබ විද මරන්නට සිතා, විදහල හීතලය නිසාවෙන්... ඔබ මහා දුක්ඛයකට පත්වෙලා හිටිද්දි...
“සක්දෙව් රජුන්ගෙ” පඬුපුල හුණු කරවන්න සමත් වුණු මා.. බොහෝ වෑයමෙන් ඔබවහන්සේගෙ දිවි ගලවා ගත්තා...

නමුත් ඔබවහන්සේ එපමණ මහා දුකකට පත්වුණේ... එදා බඹදත් රජුන්ගේ සිත බැඳී ගියේ,... මා ලද ඒ රූපශ්‍රීය නිසාවෙන්මයි ස්වාමීණී...

අනිත්‍ය වූ මේ රූපය,.... එදා මහා ආභරණයක් ලෙස සැලකූ මා නිසාවෙන්,.... ඔබවහන්සේට වූ ගැහැට උදෙසා මාහට සමාව දෙන සේක්වා ස්වාමීණී...!!!”

“එදා වූ ගැහැට නොවන්නට.... මා, පෙර බලු වැද්දාට සේම,... බඹදත් රජුන්ටත් මෙත් වඩන්නේ කෙසේද භද්‍රා..”

“ස්වාමීණී...
“පබවතිය” ලෙසින් ඉපිදී.. අද මෙන්ම “කාන්තිය විහිදෙන” රූපයෙන් හෙබි මා... එදා දඹදිව, වරරූපසුන්දරිය වුණා ස්වාමීණී..

දඹදිව තුඩ තුඩ රැව්දුන් මාගේ රූපශ්‍රියාවෙන් ඔදවැඩී ගිය,...ඔබවහන්සේගේ “සීලවතී” මාතාව,.. “ජයම්පතී” දක්වා කූඨ උපායෙන් මා ඔබවහන්සේට සරණ කරදුන් අවධියේ... සත්‍ය දැනගත් මා....

“නැඹුලු මුහුණක් ඇති යකෙකු සේ පෙනෙනා බවට” ,ඔබවහන්සේ හට නිගා කරමින් .. මධු රට මාගේ මව් පියන් කරා ගියා මතකද ස්වාමීණි...?”

“මතකයි භද්‍රා... මනාව මතකයි...”

“ස්වාමීණී..
එදා මා කල, නොහොබිනාකම් නිසාවෙන්.... “සත්වස් සත්දිනක්” පුරාවට... ඔබවහන්සේ නොවිඳි දුකක් නැහැ ස්වාමීණී...

මා එදා “කොකනද වෙණෙහි” තත් හඬ ඇසී,... ඔබවහන්සේගේ පැමිණීම දැනගන්නා තෙක්...

ඔබවහන්සේ මා වෙනුවෙන්ම...
කුඹල්කම් කලා, අරකැමිකම් කලා,ගවපල්ලන්, අස්පල්ලන් මෙන්ම ඇත්ගොව්වන් ලෙසත් ගව මහීෂාදීන්ගේ වසුරු පවා හිස්මුදුනෙන්ම ඇද්දා නොවෙද ස්වාමීණී..”

අනේ ...
මේ වගේ තමන් වහන්සේලා දෙනම සසර පුරාවට ආගිය තැන් ගැන පවසද්දි... එතුමිය නිරාමිස හදවතින් මේ දේවල් පැවසුව වුණත්...
රැස්ව උන්නු පෲතජ්ජන පිරිසට දරාගන්න බැරි උනා...

සසර පුරාවට මේ උත්තමයන් වහන්සේලා දෙනම කොයිවගේ කැපකිරීම් කරද.. කොයිවගේ විශ්වාසයෙන් හැසිරිලාද කියල හිතෙනකොට දරාන ඉන්න බැරිවුණ පිරිස දෙකම්මුල් දිගේ කඳුලු පෙර පෙරාම සාදුකාර දෙන්න වුණා...

අහසපුරා සිටගත්ත දෙව් පිරිස සාදුකාර දෙන්න වුණා...
නා පිරිස සාදුකාර දෙන්නවුණා....

“එදා එපමණ මහා දුක්කම් කටොලු වින්දෙ... මගේ රූපය නිසාවෙන්, මානයෙන් යුතු වූ මා කල නොහොබිනා කටයුතු නිසාවෙන්මයි ස්වාමීණී...

ඒ වෙනුවෙන් මා හට සමාවන සේක්වා...!!!”

“නැගණිය භද්‍රා...
එදා ඔබ, මා හැර නොගියානම්...

බුද්ධාකුර වූ මා..

කෙසේනම් ඉවසීම ප්‍රගුණ කරන්නද...?
කෙසේනම් වීර්‍යය්‍ය වඩන්නද භද්‍රා....?

එදා...
ශාන්තිය වගේම වීර්‍යය පාරමිතාවටත්, ප්‍රඥාව පිණිසත්...ඔබගේ ඒ විප්‍රයෝගය මනා පිටුබලයක් වුණා.. එනිසාවෙන් ඔබගේ දෝෂයක් නැහැ...”

මේ අතරෙ නැගි නැගී එන සාදුනාදය නිමක් නෑ...
කඳුළු සල සලා සාදුකාර දෙන පිරිසේත් අඩුවක් නෑ...
ක්ෂීණාශ්‍රව උත්තමයන් වහන්සේලා ධර්ම සංවේගයට පත්වෙද්දි...
පෲතජ්ජන පිරිස කඳුලු සලමින් සාදු නද දෙද්දි...

අහස වසා සිටිය දේව පිරිස මල් වැහි වස්සවද්දි..

අනේ...
මගේ ආනන්දයන් වහන්සේ හෙමි හෙමීට ඉකිබිඳිනව...

මෙතුමිය පවසන මේ ගමන් මග තුලදි...

මෙතුමියට ප්‍රිය සොහොයුරා වුණ වාර අනන්තයි..
මෙතුමියට ප්‍රිය මිතුරා වුණ වාරගණන අනන්තයි...
ප්‍රිය පුත්‍රයා වුණ වාරගනන අනන්තයි..

ඒ සසර පුරුද්දට වාවගන්න බැරිවුණ මගේ ආනන්දයන් වහන්සෙගෙ... දෑසින් කඳුළු උනන්න වුණා...උන්වහන්සේ මගේ තථාගතයන් අසල වැඩ ඉන්න ගමන් දෑසින් කඳුළු පුරවගෙන බලාන ඉන්නව...

අදින් පසුවට මගේ උත්තමාවගේ දැකුමක් නැහැ...
මගේ අක්කණ්ඩිය දැකගන්න වෙන්නෙ නැහැ..

මා සසරතුල රැඳෙද්දි.. එතුමිය අපිව දමා සසරෙන්ම යන්න යනවා...!!!

“ස්වාමීණී...
එදා “සම්බුලාව” වෙලා උපන් භවයේදී.. ඔබවහන්සේට උවටැන් කරන්න මාත් ඔබවහන්සේ සමගම වනගත වුණාට...

මදටිය වන්, පිටතට නෙරා ආපු මහා දෑසක් ඇතිව...
කය පුරාවට ලොමින් වැසී ගිය...
දෑත දෙපය නිය පහුරින් ආකීර්ණ වුණ..

ඒ “ඝෝර භීරාන්ත යක්ෂයා”, පලවැල පිණිස ගිය මාව ඩැහැගෙන ගියා ස්වාමීණි...

මා මගේ “පතිනි තෙදින්” යක්ෂයාව දමනය කර... නැවත පැමිණෙන පමාවටත්, .. ඔබවහන්සේ බොහෝකොට විස්සෝපයට පත්වෙලා උන්නා නේද ස්වාමීණී...

එදා ඒ යක්ෂයා මාව ගෙන ගියේ අඹුකමට තියාගන්නමයි... ඒ මගේ රූපයට වශීවෙලාමයි.. ඉතිං මා ලැබුව ඒ රූපය නිසාවෙන්ම, ඔබවහන්සේට සිත් තැවුල් ඇතිවන තැනට වැඩ සිදුවුණා ස්වාමීණී...

ඒ වෙනුවෙන් මා හට සමාව දෙන සේක්වා...!!!

“භද්‍රා...
එදිනත් මා ඉවසීම ම ප්‍රගුණ කලා නැගණිය..”

“ස්වාමීණී...
ඔබවහන්සේ එදා මේ “ඝණකඩ මහා බොල් පොළව”..
දියෙහි රැඳි යානවක් සේ...

“සත්වරක්” සොළව සොළවාම.. මිහිකත සාදු නාද දෙද්දි... මහා දන් දුන්නා මතකද ස්වාමීණී..”

“එහෙමයි භද්‍රා...”

“එදා ඔබවහන්සේ මහා දන් දෙද්දි,... සිත බිඳකුදු නොවෙනස්වම මාත් මාගේ සියලු ශ්‍රීය ඔබවහන්සේ අනුවම දන් දුන්නා ස්වාමීණී....

නමුත් ස්වාමීණී...

ඔබවහන්සේ අපගේ දෑසවන් දෙදරුවන්, දනට දුන් කල.... මාහට වාවාගත නොහැකිව,... වනය පුරාවට හඬ හඬා දිවගියා ස්වාමීණී...

“අනේ... ජාලිය....
මයෙ පුතුනේ...ජාලිය....
මයෙ රත්තරනේ..... අනේ කොහිද මයෙ පැටවුනේ...

ඉන්න තැනකින් කතාකරන්නකෝ... අම්ම, මී අඹ පොකුරක්ම අරගෙන ආවා...
අනේ දුහල එන්නකෝ....

අනේ .... ක්‍රිෂ්ණා....
මයෙ පුංචි පැටික්කී.... කොහෙද මයෙ දුවේ....

ජාලිය.....
අනේ ජාලිය.... ඉන්න තැනකින් කතාකරන්න මයෙ පුතේ..... ජාලිය.....”

කිසිම විටෙකත්, ඒ ඔබගේ දානය වැලකීමට නොවෙයි... “අබමල් රොනක පමණවත් අහිතකින් නොවෙයි” ස්වාමීණී...

ජූජකයා හට දන්දෙන මොහොතේ මා සිටියානම්... දරුවන් දෙදෙනාව ජූජකයා අතට පත්කරන්නේ මවිසින්මයි...

නමුත් මා වැලපුනේ අවසන් වරෙට මාගේ දෙදරුවන් දැකගැනීමට තිබූ ආසාව නිසාමයි ස්වාමීණී...

එදා මා... කුරවි කෙවිලියන්ගෙන්... වනේ වනසැවුලන්ගෙන්... ලේන මෲගාදීන්ගෙන් පවා මාගේ දෙපුතුන් ගිය දෙස විමස විමසා මහා විලාප තැබුවා ස්වාමීණී....

“අනේ.. ගිරවුණේ... උඹල දැක්කද මයෙ දරුවො ගිය දිහාවක්... අනේ කියාපල්ල... කියාපල්ල ලිහිණියනේ.... මයෙ දරුවො දැක්කද....

අනේ..... දෙයියනේ...මයෙ දරුවෝ.....”

දානය වැලකීමට නොවෙයි.. දාරක ස්නේහය බුර බුරා නැගෙද්දි...අවසන් වරට ඔවුන්ගෙන් සමුගැනීමේ ආශාව නිසාවෙන්මයි ස්වාමීණී...

“සක් දෙව් රජුන් මහළු වෙසින්” පැමිණ... වහල්කම් පිණිස මාව ඉල්ලූ මොහොතේ... ඔබ වහන්සේ මදෙස බැලූ පමණින්ම,.. මා කැමැත්තෙන්ම වහලියක් වුණා ස්වාමීණී...

එදා.... දරු ස්නේහයෙන් මා නැගූ ඒ... විරහ අඳෝනාව, ඔබවහන්සේට දුකක් ගෙනදුන්නා නම්, ඒ වෙනුවෙන් මාහට සමාවන සේක්වා ස්වාමීණී....”

“නැගණිය,.. භද්‍රා...”

“ස්වාමීණී..”

“අනන්තාපරියන්ත සක්වල, අතැඹුලක් කිරීම උදෙසාවෙන්ම.... එදා මා විසින්.... පොළව සකක් මෙන් සොළවා...මේ මහා පොලවම සාදුනද දෙද්දි දුන් මහා දානයන් පරදා..
ඒ දරුවන් දන් දුන් නිසාවෙන් ඔබට මහා දුකක් ඇතිවුනා නොවෙද ..”

“එසේයි ස්වාමීණී...
දරු විප්‍රයෝගයෙන්,.....එදා පෲතජ්ජන වූ මාගේ හද මඬල පුපුරා යන්න තරම් වුණා.. සම සිඳ ,මස් සිඳ, ඇට ඇටමිදුළු සිඳ පැතීරී සිටිය දාරක ස්නේහය හමුවේ... කෙලෙස් බරිතව සිටි මාගේ සිත වියෝගයෙන් පීඩිත වුණා ස්වාමීණී..”

“නැගණිය....
මා දුන් සප්තමහා දානයන් පරදා දුන්, ඒ “දෙදරු දානය” හමුවේ.... ඔබ සොවින් විලාප නොතැබුවානම්... එදා ඔබ ළය පැලී මියෙන්නත් තිබුණා...

එපමණක් නොවෙයි...

ඔබ එසේ නැගූ විප්‍රයෝගයේ විලාප හමුවේ...

“දන් දීමට සැකසූ සිත, පසුබට නොකිරීමට,.... තුන් තැන සම සිතින් විසීමට” ... එදා මා කොපමණ වීර්‍යයවන්ත වුණාද දන්නේ මා පමණයි නැගණිය...

භද්‍රා...
ඔබ එසේ සොවින් නොහැඬුවානම්...
දුන් මහා දානයන්ට නොදෙවෙනි පරිද්දෙන්....

“ක්ෂාන්තිය, වීර්‍යය, උපේක්ෂාව... වඩන්නේ කෙසේද...”

මෙසේ එදා ඒ, උත්තමාව.... අනන්ත සසරපුරා එක්ව ආ, අප්‍රමාණ භවයන් පිළිබඳව සිහිකර කරාම සමාව ගනිද්දි..

රැස්වසිටි පිරිස අතරෙ නොහඬා සිටිය හැකි එක පෲතජ්ජනයෙක්වත් හිටියෙනම් නැ.. හැම දෙනාම සාදුකාර දිදීම හඬනවා...
හඬ හඬාම සාදුකාර දෙනවා....

ජාලිය කුමරුන් ඔවුන්ගෙන් උදුරගත්තා වගේ... ඉකිබිඳ බිඳ හඬන ගැහැනු... හඬ හඬාම සාදුනාද දෙනවා... බූමාටු වෙච්චි මගෙ ඇහෙත් කඳුලු උනන්න වුණා...

“ස්වාමීණී...
එදා මා, “අමරා”ව උපන් භවයේදී..

අස්වාමිකව සිටි මා... “මහා පැනවත්” ඔබවහන්සේව හස්ත විකාරයෙන් වෙහෙසුවා ස්වාමීණී...

“දමයන්තිය” වූ මොහොතේදී... සඳැල්ලේ සිටි මා... මාගේ රූපයෙන් ඔබවහන්සේ වෙහෙසට ලක්කරා...

ඒ ඒ සෑම භවයකදීම මා වෙතින් වූ ප්‍රමාදයන් උදෙසා සමාව දෙන සේක්වා....!!!

ඔබවහන්සේ සමග එකම යහනේ සැතපෙන කල,... නිදිබරිත මාගේ, හස්ත විකාරයක් නිසාවෙන් ඔබවහන්සේ පීඩාවට පත්වුණාද...

ඔබවහන්සේ උදෙසා තැනූ බොජුනෙහි,.. රසපදම අඩු වැඩී වීමෙන් හෝ ඔබවහන්සේ පීඩාවට පත් වුණාද...

උණුව දිය යුතු අහර ඇල්ව දුන්නාද... ඇල්ව දියයුතු අහර උණුව දුන්නාද...

නොඑසේනම්,..
ඔබවහන්සේට අනවශ්‍ය මොහොතක හෝ පිළිගන්වා... ඔබවහන්සේ වෙහෙසට පත්වුණාද....

එබඳු වූ සියලු ලොකු කුඩා අතපසුවීම් උදෙසාද සමාව දෙන සේකවා....!!!”

එතුමිය පසඟ පිහිටුවා වන්දනා කලා...

“නැගණිය භද්‍රා..

අප හමුවූ මේ අවසන් භවයේදීත්..මා අබිනික්මන් කල පසුව,..

ඔබත්,
පෙර මද්‍රී ලෙසින්ම... සම්බුලාව ලෙසින්ම... කසීසළු පසෙකලා,අභරණ හැරපියා.. රළු කසාවතම දැරුවා...
සිරි යහන පසෙකලා සියලු රජ සැප ඉවතලා... මා අනුකරණය කරමින්, මාලිගයේ සිටිමින්ම... ඔබත් පතිදම බැබලුවා භද්‍රා....

“සක් ලකුණින් ප්‍රතිමණ්ඩිත” මාගේ පාදාන්තයේ පටන්... “අක්බමරු කේසාන්තය” තෙක් සියලු ශරීර ස්වභාවය දත් ඔබ...
සැමවිට මා පිළිබඳව, “රාහුල භද්‍රයන්” කෙරෙහි අහිතක් නූපදිනා අයුරින්ම හැසිරුනා භද්‍රා...
මා පිළිබඳව ඔහු කෙරෙහි ලෝළත්වයටම ඇතිකලා...

එනිසාවෙන්ම, කිසිදිනක මා නොදුටු රාහුල භද්‍රයන්... විසිදහසක් සඟපිරිස මැද මා හඳුනාගෙන දිවවිත් මාගේ සුලැඟිල්ලෙ එල්ලුනා...

ඔබ මා කෙරෙහි අහිතවත් වූවානම්.. රාහුල භද්‍රයන් මා කෙරෙහි බිඳෙන්නට වුවත් තිබුණා...

නමුත් ඔබ,...
මාගේ අභිනික්මන පිළිබඳව මනාව වටහාගෙන... මාතෲත්වය බබළවා වාසය කලා .... එනිසාවෙන්, අද රාහුල භද්‍රයන් “නිවනින් නිවීගියා” නොවෙද භද්‍රා....

ඔබගේ “මාතෲ ස්නේහයත්, පති භක්තියත්” නොවුවානම්.. රාහුල භද්‍රයන් එවන් “ශික්ෂාකාමී” අයෙකු නොවෙන්නට තිබුණා...

එනිසාවෙන් ඔබ මාතාවක් ලෙසත් “පරම වන්දනීයයි” භද්‍රා...

ඔබ ඒ ඒ සියලු තැන්හිදීම,... මාහට කලේ උපකාරයන්මයි....
“සිව් අසංඛ්‍යය කල්ප ලක්ෂයක්” පුරාවට...
“බෝසත්පතිණිය” ලෙසත්...

ඔබ “නිර්දෝශයි”......!!!

ක්ෂීණාශ්‍රව වූ ඔබ..
මේ සසුනෙහි මාහට ඇති “දුහිතෲභාවය” නිසාවෙන්, සියල්ලෙන්ම මුක්තයි...”

මෙසේ යශෝධරා මහරහත් තෙරණින්වහන්සේ තමන් වහන්සේගේ අතීත භවයන් වලදි සිදුවූ අතපසුවීම් එකින් එක පවසමින්.. සිරිතක් ලෙසින් සමාව ගනිද්දි...

මේ දෙස බලාන උන්නු පිරිසට මේ දෙදෙනා වහන්සේ අතර සිදුවුණු කතිකාව දෙස බලාන ඉන්න බෑ... දෑහින් කඳුලුකැට වැගිරෙනව...
සාදු නාදයේ කෙලවරක් නෑ...

“අනේ... මමත් කවදාක හෝ දිනෙක... බුදුවන බෝසතාණන්වහන්සේ නමකට “පතිණිය වේවා...!!!”
කියල නොපැතූ කාන්තාවක් නැති තරම්..

එම මොහොතේ හිටිය,... දැනුම් තේරුම් වයසේ සිටිය කන්‍යාවගේ පටන්... වයසක මැහැල්ල දක්වා සියලුම ස්ත්‍රීන් වගේම... දිව්‍ය,නාග සුපර්ණාදී ස්ත්‍රීන් පවා ඒ පැතුම තම සිතින් ප්‍රාර්ථනාකලා...

“ස්වාමීණී...
භාග්‍යවතුන් වහන්ස, මපියාණන් වහන්ස...

එසේනම්,...
පිරිණිවන පිණිස මා හට අවසර දෙවා වදාරණ සේක්වා....!!!”

පසඟ පිහිටුවා වන්දනා කල එතුමිය පරිණිර්වාණය පිණීස අවසර ඉල්ලාසිටියා...

“භද්‍රා....

බුද්ධෝත්පාදය හරිම දුර්ලභයි.. ඒ වගේම බුද්ධාන්තරයක් කියන්නෙත් අති දීර්ඝ කාලයක්...”

“එහෙමයි ස්වාමීණී..”

“එවන් දුර්ලභ බුද්ධෝත්පාදයත්,...දීර්ඝ බුද්ධාන්තරයත් ඇතුලත,...
“ස්ත්‍රී රත්නයකගේ” පහලවීම… බුද්ධෝත්පාදයක් මෙන්ම දුර්ලභයි..

එනිසාවෙන්ම බෝසත් පතිණියක් අමාමහ නිවනට වැදගැනීම ඒ තරමටම දුර්ලභයි නැගණිය...

භද්‍රා..
එක් බුද්ධාන්තරයකදි පහළ වෙන්නේ, එවන් වූ “එකම බෝසත් පතිණියක්” පමණයි.. “සක්විති ස්ත්‍රී රත්නය” නිෂ්ප්‍රභා වන්නේත්... ඔබ වැනි “බෝසත් පතිණියක් වූ, ස්ත්‍රී රත්නයක්” අභිමුවදීම පමණයි..”

“එසේයි ස්වාමිණී..”

“නැගණිය..
එනිසාවෙන් ඔබ පෙළහර පෑ යුතුයි....

බෝසත් පතිණියකගේ “බලය” ලෝකයා හට ප්‍රකට කලයුතුයි.. “ස්ත්‍රී රත්නය” කෙබඳුදැයි ලෝකයා දැනගතයුතුයි...

එනිසාවෙන්,...

පිරිණිවනට පෙර,.. “ලොවට හිත පිණිස”,...
ඔබ, පෙළහර පෑ යුතුයි භද්‍රා...”

තථාගතයන් වහන්සේගේ මේ ආරාධනයත් සමගම රැස්වෙලා උන්නු දිව්‍ය පිරිස වගේම මනුෂ්‍ය පිරිසත්, තමන්ගෙ හිත්වල නැගී ආපූ ශ්‍රද්ධාව කැටිවුණ ප්‍රීතිය... සාදු නාදයෙන් පලකලා..

වේළුවන උයන සාදුනාදයෙන් රැව් පිළිරැව් දෙනව..

සාදූ සාදූ සාදූ...!
සාදූ සාදූ සාදූ...!!
සාදූ සාදූ සාදූ...!!!

“ඔබගේ උරමඩළෙහි උපන් මේ සුජාත දුවණිය...
ඔබවහන්සේගේ, සර්වඥ වූ බුද්ධාඥ්ඥාව හිස්මුදුණෙන් දරාගන්නෙමි ස්වාමීණී..

එසේනම්...

“ දුර්ලභ වූ,... බෝසත් පතිණියක සතු බලය...
බුද්ධ දුහිතෲ ... බල පරාක්‍රමය.... දැක්වීම පිණිස...

මාහට අවසර ලබාදෙන සේක්වා...!!!”

තථාගතයන් වහන්සේ එතුමියගේ ඉල්ලීමට අවසර දීම් වශයෙන්,.. තුෂ්ණිම් භාවයෙන් වැඩවසද්දි..

මගේ තථාගතයන් වහන්සේගේ ආරාධනාව හිස්මුදුණින් පිළිගත්ත ඒ උත්තමාව,... තථාගතයන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කලා..

එහෙම වන්දනා කරල.. තථාගතයන් වහන්සේව ප්‍රදක්ෂිණා කරන ගමන්, අට දිසාවෙදිම.. නැවත නැවතත් පසඟ පිහිටුවා වන්දනා කරපු එතුමිය..උන්වහන්සේගේ ඉදිරියට පැමිණිලා..
තථාගතයන් වහන්සේට වන්දනා කරගෙනම... උන්වහන්සේට මුහුණලා සත් පියවරක් පසු පසට ගමන් කලා...

සත්වන පියවරේදී නතර වුණු එතුමිය, එකවරම ඉහල අහසට පැනණැංගා...

අනේ... ඒ වෙලාවෙ නැගී ගිය සාදු නාදය.. මේ දැනුත් ඇහෙන්න ඇහෙන්න වගේ...

උන්වහන්සේ තථාගතයන් වහන්සේගෙ ආරාධනය අනුව....
ස්ත්‍රී රත්නයේ පරාක්‍රමය ලොවට හෙලිකරන්න සැරසෙනව...
දුවණියක් තම පියාණන් හමුවේ.... සිය බල පරාක්‍රමය ප්‍රකට කරන්නට සැරසෙනව...

එදා උන්නාන්සෙ අහසට පැන නගිනවත් එක්කම නැගී ආපු ඒ මහා සාදු නාදය.....
අදටත් කන් දෙකේ රැව් දෙන්න වගේ...

සාදූ සාදූ සාදූ...!
සාදූ සාදූ සාදූ...!!
සාදූ සාදූ සාදූ...!!!

අහසෙ රැස්වුණු දෙවියො මල් වැහි වස්සවන්න වුණා...

“ස්වාමීණී.. භාග්‍යවතුන්වහන්ස...

අනන්ත සසර පුරා ඔබවහන්සේ හා එක්ව.... දානාදී නේක පෙරුම්දම් පුරා පැමිණ...

රාහුල භද්‍රයන්හට මව් වූ බැවින්....රාහුල මාතා නම්වූ...

රන්වන් චවියෙන් යුතුවූ හෙයින්... භද්දකච්චානා නම්වූ...

දඹදිව, රූපයෙන් අගතැන් ලැබූ හෙයින්.... රූපා නම්වූ...

දඹදිව, යශසින් ආඩ්‍යය වූ හෙයින්... යශෝධරා නම්වූ..

විහිදෙන ප්‍රභාවෙන් යුත් සිරුරින් යුතු හෙයින්... බිම්බා නම්වූ...

ඔබවහන්සේ හමුවේ .... බුද්ධ “දුහිතෲ” වූ...

“මහා අභිඥා ඇත්තියන් කෙරෙහි අගතැන් ලැබූ”...
“අට සැත්තෑ වියෙහි” වන මා....

පරිණිර්වාණයට පෙර,...
සක්වල ගල කලඹවා...
දස දහසක් සක්වල අතැඹුලක් කරමින්... මහා පෙළහර පාමින්...

“බෝසත් පතිණියගේ” බලය මෙයයි...
“ස්ත්‍රී රත්නයකගේ” බලය මෙයයි.....
“බුද්ධ දුහිතෲවකගේ” බලය මෙයයි...

ලෝකයාහට දක්වා සිටීම පිණිස..
ඔබවහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා ස්වාමීණී...

මා හට අවසර දෙවා වදාරණ සේක්වා...!”

*******

උන්වහන්සේගේ මහා පෙළහර මංගල්‍යය දැකගන්න... ඊලඟ ලිපිය බලාපොරොත්තු වන්න...

26/03/2020

"අනමතග්ගෝයං භික්ඛවෙි සංසාරෝ,
පුබිබාකෝටි න පඤ්ඤායති,
අවිජ්ජා නීවරණානං සත්තානං,
තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරතං"

#මහහණෙනි, සංසාරයේ අගක් මුලක් දැකිය නොහැකිය. අවිද්‍යාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුනු සත්වයා නිමක් නැතිව ඉපදෙමින් මැරෙමින් මෙි භියකරැ සසරේ නොනැවතී ඉදිරියටම ගමන් කරයි.

#නුබලාට අතීත සංසාරයේ මවෙක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක්, පුතෙක්, දුවෙක් නොවූ සත්වයෙක් සොයා ගැනීම දුෂ්කරයි. මෙි කාලය තුල නුඹලා එකම මවකගෙන් බිවි කිරි ප්‍රමාණය එකතු කලානමි සාගර ජලයට වඩා වැඩියි.
#මහණෙනි , නුඹලා අතීත සංසාරයේ එකම මවෙක්, පියෙක්, සොයුරෙක්, සොයුරියක්, දුවක්, පුතෙක්, වෙනත් ඤාතීයෙක් මැරැණට පසුව හැඬු කදුලු එකතු කලානමි සාගර ජලය ඉක්මවා යනවා.

#මහණෙනි, නුඹලා අතීත සංසාරයේ හරකුන් වෙලා එලුවන් වෙලා, ඌරන් වෙලා, එලුවන් වෙලා, බැටලුවන්, කුකුලන් වෙලා ඉපදුනාට පසුව බෙල්ල කපද්දී පමණක් ගලා ගිය රැධිරයේ ප්‍රමාණය එකතුකලා නමි සාගර ජලය ඉක්මවා යනවා.

#මෙි තරමි දීර්ඝ සංසාරය පුරා නුඹලා මහා දුක් වින්දා. අතීශයින් තීව්‍ර වූ දුක් වින්දා. ව්‍යසන වලට බඳුන් වී බොහෝ මරණ දුක් වින්දා. ඔබලාගේ මලමිණී වලින් සොහොන් බිමි තර කලා. මෙි කාලය තුල එක් අයකුගේ ඇට සැකිලි එකතු කලා නමි වෙිපුල්ල පර්වතය ද අභිබවා යනවා.

#මෙසේ දැඩි දුක් අනුභව කරමින් ඉපදෙමින් මැරෙමින් එන මෙි සසර ගමන අති දීර්ඝයි. කෙළවරක් සමීපවීමක් නොමැති ක්ෂිතිජය සේම දීර්ඝයි. ධර්මය අවභෝධ නොකල සාමාන්‍ය පෘතජන සත්වයෝ තන්හාව හා අවිද්‍යාව ඉක්ම යා නොහැකිව සංයෝජනයන්ගෙන් දස අතින්ම බැදී, ගැට ගැසී මෙි දුක්ඛිත භියකරැ මාර්ගයේ ඉදිරියටම දුවති.
-(ධාතු සංයුක්තය - සං. නි)-

#අප්පමාදේන සමිපාදේථ..! 🙏🙏🙏

16/12/2019

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමඟ සාකච්ඡා කර 1997 වසරේ බුදුසරණ පුවත්පතෙහි පළවූ ලිපි පෙල ඇසුරෙනි.

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ මේ ලෝකයේ සිදුවන සියල්ලම කර්මයෙන් සිදු වෙනවා ද?

පිළිතුර - සියල්ලම කර්මයෙන් සිදු වන්නේ නෑ. අතීත කර්මවල ක්‍රියා ද බලපානවා.

උට්ඨාන පලුපජීවී කර්ම පලුපජීවී කියල හඳුන්වන්න පුළුවන්. කර්ම පලූපජීවී කියන්නේ සියලු දෙයින් සම්පූර්ණ වන බලවත් කුසලවලින් උපදින අය. එවැනි අය ලෝකයේ ලක්‍ෂයකට එක් අයෙක්වත් සොයාගන්න අමාරුයි නේ.

බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලයේ දී එක්තරා සිටුවරයෙක් හිටියා. පූර්ව කර්ම ශක්තියෙන් ඒ උපත සිදුවුණේ. එවැනි අයකුට ළං වෙන්න කාටවත් බෑ. ඒ පූර්ව කර්මයේ බලය තදින්ම දෙන නිසා.

ලෝකයේ ලක්‍ෂයකින් එක් අයෙක් විතර තමයි එසේ උපදින්නෙ. උට්ඨාන පලුපජීවි කියන්නේ තමා උත්සාහ කිරීමේ හැටි හැටියට දියුණුව ඇති කර ගැනීමට යි. දියුණුව ඇතිවෙන්න නම් නුවණින්ම කල්පනා කළ යුතුම යි.

අද කටයුතු කරන ක්‍රමයේ හැටියට ඔහු කළ අනිත් කර්ම මතුවන්නෙ, කොයිතරම් පින් තිබුණත් ධාවනය වන කාර් එකක් ඉදිරියට පැන්ණොත් මොකද වෙන්නෙ. ඒ පැනීම ඔහුගේ අනුවණ ක්‍රියාව නිසා සිදුවෙන දෙයක්.

තම තමන්ගේ වැඩ පිළිවෙළේ හැටියට කල්පනාවෙන්, නුවණින් දක්‍ෂ ලෙස ක්‍රියා කළොත් අතීත කුසල කර්ම ශක්තීන් මතුවෙනවා. මෙලොවදී උත්සාහය නැතුව බෑ.

උත්සාහය වැරැදි නපුරු ක්‍රියා කිරීමට නම් ඒ වැරැදි උත්සාහයේ ඵල විපාක ඊළඟට ඇතිවෙනවා. හරිහම්බ කර ගත් දේ ඔහුගේ හෝ දරුවන්ගේ කාලයේ දී විනාශ වෙනවා. ධාර්මික අයකුගේ උත්සාහයෙන් ප්‍රතිඵල අතීත ආත්ම කුසල මතුවීමෙන් දියුණුව ඇතිවෙනවා. ඒ නිසා ධාර්මික උත්සාහයම යි කළ යුත්තේ.

පැට්‍රෝල්වල ගිනිගන්න ශක්තිය තිබෙනවා. ගිනි කූරක් ඇල්ලුවොත් පැට්‍රෝල් ගිනි ගන්නවා. ඉතින් උත්සාහ කළොත් කුසල් මතුවෙනවා. උත්සාහ නොකොළොත් බේබදුකමට සල්ලාලකමට ධනය වියදම් කිරීම ආදී වැරැදි වැඩ මාර්ගයට බැස්සොත් අතීත අකුසල කර්ම මතුවී දුප්පත්කමට වැටෙනවා. මේ ජීවිතයේ කර්මවලින් හතෙන් එකක් මෙහිදීම විපාක දෙනවා. නරක ක්‍රියාවල ප්‍රතිඵල වලින් හතෙන් එකක් මේ ලෝකයේ දී විපාක දෙන නිසා වැරැදි වැඩ නොකර සිටීමට උත්සාහ කරන්න ඕනෑ.

ප්‍රශ්නය - සිදුහත් කුමාරයා ඉපදී සත් පියුම්හි ගමන් කිරීම ගැන පැහැදිලි කරනවා නම්?

පිළිතුර – ඒකේ තේරුමක් තියෙනවා. පුරාතන ඉන්දියාවේ රජ පවුල් වැනි ඉහළ පන්තියෙ අයගෙ පවුල්වල අය උයන්වල ආදී තැන්වල නැවතී ඉන්න වෙලාවලදී සේවකයො පැමිණිලා මල් අතුරනවා. ඒ උසස් යැයි සැළකෙන අයට කරන සැළකිල්ලක්. ඒක හොඳ චාරිත්‍රයක්.

බෝසත් තුමා පියවර හතක් වැඩියෙ නෙළුම් මල් මතයි. හැම තැනම නෙළුම් මල් අතුරා තිබුණේ මායා බිසව අවට සේවිකාවෝ නෙළුම් මල් අතුරා තිබුණ. ඒකයි නෙළුම් මල් මතින් වැඩිය කියන්නෙ.

බෝසත්තුමා ඉහත ආත්මයෙන් චුත වුණෙත් හොඳ සිහියෙන්. මව්කුසේ සිටියොත් හොඳ සිහියෙන්. ඒ නිසා උපතින්ම ඉතා පැහැදිලි ලෙස මතකයි පසුගිය ජීවිතය.

තමන් තුසිත ලොවින් චුත වුණේ මොන අදහසක් උඩ ද කියන එක උන්වහන්සේ දන්නවා. ඒ දන්නා නිසා උපන් හැටියේ මම ලොවට අග්‍ර වෙමියි ආදී විධියට පාරමී ධර්ම සම්පූර්ණ කිරීම තුළින් මා තරම් ඉහළට ගිය කෙනෙක් ලොව වෙනත් නෑ. ඒ තත්ත්වයට ආවේ බුද්ධත්වය ලැබීමට ආ අවසන් ආත්මය නිසා.

මෙහිදී උපන් හැටියෙ ළමයකුට පයින් ඇවිදින්න පුළුවන්ද කියල මතයක් ඇති වේවි. සමහර අය උපන් හැටියෙ ඇවිද්දා. කතා කළා කියල ප්‍රවෘත්ති මේ කාලයෙත් සමහර පුවත්පත්වල පවා තියෙනවා. එහෙම ළමයෙක් ප්‍රංශයේ ඉපදිලා කතා කළ ප්‍රවෘත්තිය ප්‍රංශයේ පළවූ පුවත්පතක පළවී තිබුණා. සමහර සතුන් උපන් හැටියෙම ඇවිදිනවා. කුස තුළදීම ඒ අත්පාවල ශක්තිය වැඩී තිබුණ නිසා. ඒ වගේම ඒ ශක්තිය විශේෂ මනුෂ්‍යයකුට ඇතිවන්න පුළුවන්.

මව් කුස තුළදීත් බෝසත් අත්පා වැඩී තිබුණා. ඒ නිසා උපන් හැටියේ ඇවිදින්න කතා කරන්න පුළුවන්.

ප්‍රශ්නය - සිදුහත් කුමරු අබිනික්මන් කළේ සතර පෙර නිමිති දැකලා?

පිළිතුර - සතර පෙර නිමිති දැකීමෙන් ලොව ගැන කලකිරුණා. මහල්ලෙක්, ලෙඩෙක්, මරණයක් දුටුවාම ලෝකයේ හැම දෙනාටම එය ඇතිවන මුහුණ දිය යුතු තත්ත්වයක් ලෙස තේරුම් යනවා. තමන්ටත් එය ඇතිවෙන බව වැටහෙනවා.

මහණ රුව දුටුවාම මේ ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස් වන මාර්ගය පැවිදිවීම කියා සිතට ගත්තා.

පැවිදි රුව දැකීමෙන් මහණ වෙන්න හිතුණේ අන්තිමේ දී තමන්ගේ රජ ගෙදර නින්දෙන් පිබිද ඉන්න වෙලාවේ මහ රෑ උයනේ ගිහින් ඇවිත් බලන විට තැන් තැන්වල වැටී නින්ද ගිය ස්ත්‍රීන්ගේ විකාර දුටුවා. කෙල පෙරාගෙන සිහිනෙන් දොඩවන ආකාරය දුටුවා. හරියට අමු සොහොනක් වගෙයි. ඉතින් මහණ වෙන්න තමන්ගේ අදහස ඉක්මන් වුණා.

ප්‍රශ්නය – බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම සිදු වූයේ මාරයාගේ ආරාධනාවෙන් ද?

පිළිතුර – දැන් ශාසනය පිහිටියාදැයි බුදුහාමුදුරුවෝ බුදු නුවණින් සළකා බැලුවා. උන්වහන්සේට පෙනුණා ගිහි, පැවිදි, ශ්‍රාවකයන් ධර්මය ඉගෙන ගත් අය ඉන්නවා. ඒ නිසාම මා ලොව ඉන්න වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. නිර්වාණ ස්වභාවයට පත් වෙනවා.

ධර්මය ලොවට අවබෝධ කර දෙන ශ්‍රාවකයන් ඉන්නවා. ලොව ඉපදීමේ තේරුමක් තිබිය යුතුයි. ඒ නිසා ලොව අතහැර පිරිනිවන් පෑවාට පාඩුවක් නෑ. නිවන් අවබෝධයට ශ්‍රාවකයන් විසින් මඟ කියා දිය හැකියි. උදව් කළ හැකි යි. ප්‍රතිපත්ති මඟෙහි යෙදවිය හැකියි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දුටුවා. ඒ නිසා පිරිනිවන් පාන්න කාලය හොඳයැයි කියල එය දුටුවා. පිරිනිවන් පෑමට අදහස් කළේ ඒ නිසයි.

වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කාම පැත්තට බර, කම් සැප විඳීම අතහැරීම මෝඩකමක්ය කියා හිතන වැරැදි මත දැරූ කෙනෙක්. එයා කාම පැත්තටයි බර. සසරින් එතෙර වන අය හෙළා දකින අයෙක්. නිවන් අවබෝධ කර ගන්නා උත්තමයෙක් ඉක්මනින් ඉවත් කර ගන්න ආස අයෙක්.

බෝධි සත්ත්වයන් වහන්සේ බුදු වූ අලුතම පිරිනිවන් පෑවොත් හොඳැයි නේදැ’ යි පැවසුවාම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මා අවබෝධ කර ගත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිස ඇතිවනතුරු මම පිරිනිවන් නොපාමි. උන්වහන්සේගේ අසූවැනි වියේ දී පිරිනිවන් පාන්න හරි බව පෙනුණා.

අර දිව්‍ය පුත්‍රයා නැවත ආවා. ඔබ වහන්සේ කලින් වදාළ වචනයක් තියෙනවා ධර්මය දන්නා අය ඇතිවනතුරු පිරිනිවන් පාන්නෙ නෑ කියල දැන් ඉතින් ඇයි තවදුරටත් ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔව්, මම පිරිනිවන් පාන්න ඉන්නේ. මගේ අර්ථය සම්පූර්ණයි. මගේ පරිනිර්වාණය වෙයි කියල වදාළා. වසවර්ති දිව්‍ය පුත්‍රයා ඒ වගේ සිදුරු සොය සොයා හිටිය කෙනෙක්. ඒ හැඟීම ආනන්ද හිමිට අවේ නෑ ඒ වෙලාවෙම වසවර්ති මාරයා ආරාධනා කළේ . මේ අවස්ථාවේ දී භූමිකම්පාවක් ඇති වුණා. ඒ වෙලාවෙ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඒ ගැන ඇහුවා ළ¼ගදීම මගේ පරිනිර්වාණය සිදුවෙනවා ඒ නිසයි ඒ ඇති වුණේ කියල බුදුහාමුදුරුවෝ වදාළා. තව ටික කලක් වැඩ ඉන්න කියල ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියා. කලින් කී වෙලාවේ ඒ ගැන සවන් යොමු කළේ නෑ කියල පිළිතුරු වශයෙන් බුදුහාමුදුරුවෝ වදාළා.

නිතරම එළඹ සිටි සිහියෙන් සිටියා නම් මාරයාගේ දර්ශනයට සිත නොයවා සිටියා නම් හරි. ඒ නිසා ඒ වරද සිදු වුණා. කල් ඇතිව ඔය ආරාධනාව කළා නම් තව කලක් ඉන්න තිබුණා. මා කලින් කියූ වචනය මාරයා මතක් කළා. මාරයාගේ වචනය නොව බුදුහාමුදුරුවොත් හිතාගෙන හිටපු කාලයයි ඒ.

බුදුහාමුදුරුවන්ට අවශ්‍ය නම් ආයුෂ කල්පයක් වැඩ ඉන්න තිබුණා. අවුරුදු එකසිය විස්සක් නමුත් ජීවත්ව ඉඳිල්ලෙන් වෙන විශේෂ ප්‍රයෝජනයක් වෙන්නෙත් නෑ.

ඒ අනුව පේනවා මාරයාගේ ඉල්ලීමකින් නොවෙයි බුදුහාමුදුරුවො පිරිනිවන් පෑවෙ. තමන් වැඩ සිටියාය කියල වෙන විශේෂ ප්‍රයෝජනයක් ඇත්තෙ නැත්නම් පිරිනිවන් පානව. ශාසනය පවත්වාගෙන යන්න පිරිස ඉන්නවා. එය දැන පිරිනිවන් පාන්න හිතාගත් බවයි පෙනෙන්නෙ.

ප්‍රශ්නය- බුදුරජාණන් වහන්සේගේ අභිධර්ම දේශනාව සිදු වූයේ දෙවියන්ට පමණක් ද?

පිළිතුර – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වය හෙළි කරන දේශනාව අභිධර්ම දේශනාවයි.

අභිධර්ම දේශනාව බුදුහාමුදුරුවො දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් කොතෙකුත් අවස්ථාවල දේශනා කර තිබෙනවා. කුසල ධම්ම අකුසල ධම්ම පිළිබඳ අභිධර්ම පිටකයේ විස්තර කරනවා. එතැන අභිධර්ම දේශනාව දෙව්ලොවදීත් නුවණ ඇති දෙවියන්ටත් මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන්ටත් මිනිස් ලොවේදීත් නොයෙක් අවස්ථාවල අභිධර්ම දේශනාව වදාළ බව සඳහන් වෙනවා. අභිධර්ම පිටකයේ දැන් සඳහන් බුදුරජාණන් වහන්සේ වදාළ වදන විස්තර කිරීම කුසල ධම්ම වශයෙන් අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර දේශනා කළහ. ධම්ම සංගණී විභංහ ආදී වශයෙන් ප්‍රකරණයක විස්තර තියෙනවා.

අග්‍රශ්‍රාවක ප්‍රඥාවන්තයන් අතුරෙන් අග තැන් ලැබූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය පරිදි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව විස්තර කළා. එය ඇයි අප ප්‍රතික්ෂේප කරන්නේ.

බුදුරජාණන් වහන්සේගේ චිත්ත ඤාණ දන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුද්ධ වචනයයි එසේ විස්තර කළේ. අභිධර්ම ප්‍රකරණය හයකට අප කොහොමද ඒක ප්‍රතික්ෂේප කරන්නෙ. පළමුවැනි ධර්ම සංගායනාවට මාතිකා නමින් ආවේ බුදුරජාණන් වහන්සේ වදාළ අභිධම්ම මාතිකාව. එය කුසලා ධම්ම කුසලා ධම්මා ආදී වශයෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකරණ හයකින් විස්තර කළේ ඒවා යි.

තුන්වන සංගායනාවේ දී මුඛ පාඩමින් ඒ ඒ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් රැකගෙන ඒමෙන් අටුවාවක් වශයෙන් වෙනම ප්‍රකරණයක් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් භේද දුරු කිරීමට ප්‍රකරණයම වශයෙන් එකතු කළා.

ප්‍රශ්නය- මහනායක හාමුදුරුවනේ අභිධර්මය බුද්ධ දේශනාවක් වශයෙන්ම පිළිගත හැකි ද?

පිළිතුර- අභිධර්මය පිළිගන්න බෑ කියල කියන අය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ විස්තරය පිළිගත්තේ නැද්ද? මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අනුමත කළ මේ ත්‍රිපිටකය වටා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ළංවෙලා හිටියෙ ඒ වගේ මහ රහතන් වහන්සේලා.

අපට වඩා බුදුරජාණන් වහන්සේගේ අදහස් ඒ ඇත්තෝ දන්නවා. ඉතින් මොකද එය ප්‍රතික්ෂේප කරන්නෙ.

අනිත්‍ය, දුක්,අනාත්ම පිළිබඳව අභිධර්මය හැර විස්තර කරන්න වෙන කිසිම ක්‍රමයක් නෑ.

බුදුහාමුදුරුවො වැඩ සිටින කාලයේදි අභිධර්මය පිළිබඳ සාකච්ඡා ඇති වුණා කියන එක අපේ ත්‍රිපිටක පාලියේ පොත්වල හමුවෙනවා. ඒවා පසුව ඇතිකරපු එකක් නොවේ.

ප්‍රශ්නය – මාර පරාජය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

පිළිතුර – ක්ලේශයන්ට මාර කියනවා. ස්කන්ධ පහටත් මාර කියනවා. සත්ත්වයා සසර දිගින් දිගට ගෙනයමින් දුක් ඇතිවන කර්මවලටත් මාර කියල කියනවා.

බුදුහාමුදුරුවෝ බෝධිමූලයේදී වැඩ ඉන්න වේලාවේදි උන්වහන්සේ එතැනින් එළවා හරින්න නපුරු අන්දමින් කටයුතු කළ වසවර්ති දිව්‍යපුත්‍රයාටත් මාර කියනවා. මරණයටත් මාර කියනවා. ඒ සියල්ලම බුදුරජාණන්වහන්සේ විසින් පරාජය කරනු ලැබුවා. අර ඉහත කී වසවර්ති දිව්‍ය පුත්‍රයා දරුණු පුද්ගලයෙක්. සසරින් එතෙර වීමට වෑයම් කරන අයට නොයෙක් බාධා කරන ගුණ ධර්ම හෙළා දකින වසවර්ති දිව්‍ය පුත්‍රයා දිව්‍යලෝකයේ ඉන්න චණ්ඩි පහේ කෙනෙක්. සමහර විට ගම්වල ඉන්නවානේ තමන්ට නොගැළපෙනවනම් තමන්ගේ කල්ලියට නොඑනවානම් චණ්ඩිකම් කරන අය, හොඳ වැඩ වලට කොලොප්පම් කරන මැර මුරණ්ඩු අය. අන්න ඒ වගේ අය දිව්‍යලෝකයේත් ඉන්නවා. පෙර පින්වලින් ඉපදිලා සැපයෙන් මත්ව ගුණ ධර්මවලට විහිලු තහලු කරනවා. බුදුහාමුදුරුවෝ වැනි ශ්‍රේෂ්ඨ උසස් උතුම් තත්ත්වයකට පත් වූ ඒ මහා උත්තමයන් වහන්සේ නමක් භාවනා කරන අවස්ථාවේ උන්වහන්සේ භය ගැන්වීමට හිරිහැර කරන්න තරම් ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයා සැහැසියි.

ඒ වසවර්ති දිව්‍ය පුත්‍රයා දිව්‍යලෝකයේ ප්‍රධානියා නොවෙයි. චණ්ඩි පහේ එක්තරා දේවතාවෙක්.

බුදුරජාණන් වහන්සේ බෝධිමූලය අසළ වැඩසිට භාවනා කරන වේලාවේ උන්වහන්සේ සිත වික්ෂිප්ත කරන්න වසවර්ති කියන දිව්‍ය පුත්‍රයා කලබල කළා.

නමුත් මොකවත් කරගන්න බැරිව අන්තිමට ඒ වසවර්ති දෙවියාම කලබල වෙලා එතැනින් පිටත් වුණා.

ඉතින් මේ කියාපු සියලුම මාරයන් බුදුරජාණන් වහන්සේ විසින් පරාජය කරනු ලැබුවා.

ප්‍රශ්නය – සූකර මද්දව යනුවෙන් හඳුන්වන්නේ.

පිළිතුර -කැලෑවේ වල්ඌරන් ගැවසෙන ප්‍රදේශවල ඌරන්ගේ වසුරු දිරල පොළොවට ඒවා මිශ්‍ර වීමෙන් හතු වර්ගයක් පොළොවේ හැදෙනවා. ඒවා ශරීරයට බොහොම පෝෂ්‍යයි. මුවන් ගැවසෙන ප්‍රදේශවලත් එසේ හැදෙනවා. ඊට මුරුග මාර්ධව කියලත් කියනවා. සූකර මාර්ධව වලට ඌරු මස් කියල සමහරු කියනවා. ඒ වැරැදියි.

බුදුහාමුදුරුවො කුසිනාරාවට වඩින වෙලාවෙ චුන්ද කර්මාර පුත්‍රයාගේ නිවසින් දානය වැළඳුවා.

බුදුහාමුදුරුවන්ගේ ශරීර ශක්තිය තවත් වර්ධනය වන ඖෂධයක් වැනි ආහාරයක් පිළියෙළ කළ යුතුයි කියල චුන්ද කර්මාර පුත්‍රයා කල්පනා කරල සූකර මද්ධව කියන හතු වර්ගය ආහාරයක් ලෙස බුදුහාමුදුරුවන්ට පිළිගැන්නුවා. එමගින් බුදුහාමුදුරුවන්ගේ ශරීර ශක්තියේ වැඩිවීමක් මිස රෝගාතුරවීමක් සිදු වූයේ නෑ.

ප්‍රශ්නය – මිනිසාට වඩා දෙවියන්ගේ චිත්ත ශක්තිය බලවත් ද?

පිළිතුර – සමහර විට මනුෂ්‍යයන්ට වඩා දුර්වල දෙවියන් ඉන්නවා. එමෙන්ම සමහර මනුෂ්‍යයන්ට වඩා නුවණින් වැඩි අයත් ඉන්නවා.

මනුෂ්‍යයා දෙවියාට වඩා නුවණ දියුණු කර ගැනීමට සමර්ථයි.

මනුෂ්‍ය ලෝකයේ සතුරු කරදර වැඩියි. ඒ නිසා එවැනි සතුරු කරදරවලින් ඈත්වෙන්න,බේරෙන්න මනුෂ්‍යයා විවිධ මාර්ග සොයනවා.

දුකක් නොතේරෙන සමහර ධනවත් පවුල්වල අය ලෙහෙසියෙන් බොහෝ විට රැවෙටෙනවා. බුද්ධිමත් මිනිසා හරි හම්බ කිරීමේ මහන්සිය දන්නවා. ඒ වගේම නොයෙක් දේවලට මුහුණ දී අත්දැකීම් ලැබීමෙන් සතුරු උපක්‍රම ආදියෙන් බේරීමේ උපක්‍රම ද දන්නවා.

සාමාන්‍ය මිනිසා තුළ බුද්ධි ශක්තිය වැඩියි.ඉතින් ඒ විධියට දෙවියන්ට වඩා මනුෂ්‍යයා තුළ බුද්ධි ශක්තිය දියුණුකර ගන්න පුළුවන්.

දෙවියා තුළ ඇත්තේ සැපයේ වැජඹීමකි. බුද්ධත්වයට පත්වන උත්තමයෙක් පවා ඉපදිය යුත්තේ මනුෂ්‍ය ආත්මයක ය.

ප්‍රශ්නය - රහතන් වහන්සේලා දැනටත් ලොව වැඩ සිටිය හැකි ද?

පිළිතුර – බුරුම සියම වැනි රටවල මෑතකත් රහතුන් වහන්සේලා වැඩ සිටිය කියා පිළිගැනීමක් තියෙනවා. බුරුමයේ විභූසයාඩෝ නමින් මහා ස්ථවිර නමක් උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියල මුළුරටම පිළිගෙන තිබුණෙ.උන්වහන්සේ ලංකාවටත් වැඩියා. මට උන්වහන්සේ බුරුමයේදීත් ලංකාවේදීත් දකින්න කතා කරන්න ලැබුණා.

මෑතකදි තායිලන්තයේ අජාන්චා නමැති භාවනානුයෝගි මහා ස්ථවිරයන් වහන්සේ රහත් කෙනෙක් හැටියටයි ඒ රටේ පිළිගැනීම

බුරුම සියම් දෙරටේ ආරණ්‍යවල විපස්සනාව වඩන භික්‍ෂූන් අතර අදත් මාර්ග ඵල ලැබූ අය ඇතිකියලයි මගේ පිළිගැනීම.

හිමාලය වැනි ප්‍රදේශවල අද රහතුන් වහන්සේලා වැඩ සිටිනවා කියලා මගේ පිළිගැනීමක් නෑ. ඒවායේ ඉන්නේ හින්දු යෝගීන්.

ඔවුන් අතර ඉතා ඉහළට සමාධි භාවනාව වඩල ධ්‍යාන ලබාපු අය නම් ඇති බව මගේ පිළිගැනීම. ඒ අය රහතුන් වහන්සේලා නොවෙයි.ලෞකික ධ්‍යාන ලාභි අයයි.
ප්‍රාර්ථනාව නරක ද?

ප්‍රශ්නය :– දානාදි විවිධ පින්කම් සිදු කර අවසානයේදී විවිධ ප්‍රාර්ථනා කරන අවස්ථා කොතෙකුත් තිබෙනවා. ඒ විදියට පින්දම් කරලා ප්‍රාර්ථනා කිරීම ගැන මහ නායක හාමුදුරුවෝ දරන අදහස් පැහැදිලි කළොත් ?

පිළිතුර -දානාදි පින්දහම් කරල ප්‍රාර්ථනා කළාට වරදක් නෑ. ප්‍රාර්ථනා කරනවා කියන්නේ තමන්ගේ ඕනෑකම ඇති කර ගන්න එක. ඉතින් දන්දීමේ ඵලවිපාක නම් ප්‍රාර්ථනා කළත්, නොකළත් ලැබෙනවාම යි. නමුත් ප්‍රාර්ථනා කළාට වරදක් නෑ. නිවන් පිණිසම හේතුවේවා කියල නිවන් පතන හුරුකිරීමේ සිතීම කළයුතුයි. රෝගියෙක් බෙහෙත් ගෙන මේ මොහොතේම මගේ රෝගය සුවවේවා’යි සිතීම වරදක් නොවෙයි. එහිදී නිරෝගී වීමේ අපේක්‍ෂාව තමයි ප්‍රාර්ථනාව කියන්නේ.

ඒ වගේම සසර දුකින් නිදහස් වීමේ ඕනෑකම ඇතිකම තමයි ප්‍රාර්ථනා කරන්නට කියල කියන්නේ. සසර දුකින් නිදහස් වීමට ප්‍රාර්ථනා කිරීම වරදක් නොවෙයි. ඒ ඕනෑකම, උනන්දුව ඇතිවුණාම ඒ විදියේ ගුණ දහම් පිරීමට ඕනෑකම ඇතිවෙන්නෙ. ඒ නිසා ප්‍රාර්ථනාව ඕනෑ. ප්‍රාර්ථනාවක් කිරීම තමන් තුළ දැඩි ඕනෑකමක් ඇතිකර ගැනීමයි. ඒක කාටවත් යාඥා කිරීමක් නොවෙයි.
ඥාතීන්ට පින්දෙන්න

ප්‍රශ්නය – මිය ගිය ඥාතීන්ට පින්අනුමෝදන් කිරීමේදී දින මාස ආදි වශයෙන් කාල වකවානු පිළිබඳව මහානායක හාමුදුරුවො සිතන්නේ.

පිළිතුර – මිය ගිය ඥාතීන්ට පින්දීමේ සිරිත බුද්ධ කාලයේ පටන්ම පැවැත ගෙන එන දෙයක්. තමන්ගේ ඥාතියෙක් මිය ගිය දවස් කීපයකට පසුව බොහෝ දෙනා සතියෙන් තුන්මාසයෙන් තමන්ගේ නිවසට භික්‍ෂුන් වඩම්මවා දන් පිරිනමා ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරවන එකයි චාරිත්‍රය. නමුත් කොයි දවසේ වුණත් තමන්ගේ ඥාතීන්ට පින්දීම හොඳයි.

තමන්ගේ නිවසේදී මිය ගිය ඥාතීන්ට පින්දීම,හොඳනෑ කියල මෑතක සිට මිනිසුන් තුළ වැරැදි මතයක් තිබෙනවා. ඒක මහා බොරු කතාවක්.

බුදුහාමුදුරුවෝ රජ මාලිගාවට වැඩි ගමනේදි බිම්බිසාර රජතුමා තමන්ගේ ඈත පුරාණයේ මළගිය ඥාතීන් වෙනුවෙන් මහා දානයක් දුන්නා. දවස් තුනක් මෙහෙම මාලිගාවේදී දන් දුන්නා. මුල් දවසෙ මෙහෙම දන්දීල නෑයන්ට පින් අනුමෝදන් කළේ නෑ. භූත ආත්මයක සිටි නෑදැයො එදා රෑ දුක්ඛිත ආකාරයකින් පෙනී සිටියා.

Want your school to be the top-listed School/college in Malabe?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Malabe