Maduu Dreami

Maduu Dreami Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maduu Dreami, Personal coach, wathupitiwala, Malabe.

19/03/2023
14/02/2023

අද හොදට ඉර පායලා.. 🥰වට්ටියට නෙමේ බත් බෙදුවේ..ෆොටෝ ගන්නත් නොවේ..ඒත් මේ මිදුල පුරා ලස්සනට පිපිලා තියෙන දම්පාට  crocus  දැක...
02/02/2023

අද හොදට ඉර පායලා.. 🥰
වට්ටියට නෙමේ බත් බෙදුවේ..ෆොටෝ ගන්නත් නොවේ..ඒත් මේ මිදුල පුරා ලස්සනට පිපිලා තියෙන දම්පාට crocus දැක්කම ගිහින් ෆොටෝ එකක් ගන්න හිතුනා..
ව්‍යංජන පොඩ්ඩක්වත් සැර නෑ..අපි ගොඩක් මිරිස් කන්නේ නෑ..සාමාන්‍ය විදියට මිරිස් දාන්නේ..දැවිල්ල නැතුව මිරිස් කුඩු හදාගන්න විදියත් මම ඔයාලට අරන් ආවා..
හිමින් බලන්න 🥰
ගෝවා තෙල් දාලා , බෙරි වෙන්න උයපු පරිප්පු , පුංචි මාලු මිරිස් ගම්මිරිස් ගොරකා දාලා හින්දලා ගත්තා, කිරි අගුන කොල සම්බෝලය එක්ක රෝස කැකුලු බත්..චූටි දුව කන්නේ නෑ මේ පොඩි මාලු ඉතිං වෙනම හදපු කුකුල් මස් එකෙනුත් චුට්ටක් බෙදාගත්තා.. ❤
වසන්තය එන බව කියන අපේ මිදුල 🥰
සුභ දවසක් ඔයාලට !
දැවිල්ල නැතුව මිරිස් කුඩු හදාගන්න විදිහ - https://youtu.be/NdCIynAS19w

-Cooking made simple පහසුයි රසයි

Visit Sri Lanka
01/02/2023

Visit Sri Lanka

මාගේම කියා නිවෙසක් ඉදිකරගන්නටත්, ඉදිකරන ලද නිවෙස ඉතා සුන්දරව තබා ගන්නටත් අපි බොහෝ වෙහෙසෙමු. එසේ නිවෙසක් සුන්දරව සහ අලංකා...
30/01/2023

මාගේම කියා නිවෙසක් ඉදිකරගන්නටත්, ඉදිකරන ලද නිවෙස ඉතා සුන්දරව තබා ගන්නටත් අපි බොහෝ වෙහෙසෙමු. එසේ නිවෙසක් සුන්දරව සහ අලංකාරයෙන් තබන්නට අපමණ දේ නිවෙසට අපි එක් කිරීමටත් වෙහෙසෙමු. එය ඉතාමත්ම හොඳ කාර්යයක් වුවද එහි නිසි පිළිවෙතක් අනුගමනය නොකිරීම තුළ සහ නිවෙසක අංග එකතු කිරීමේදී සහ නිවෙසක් ඉදිකිරීමේදී පිළිපැදිය යුතු ශාස්ත්‍රය වන වාස්තු විද්‍යාව අනුගමනය නොකිරීම තුළ නිවෙසේ ඉදිරි ගමනටද ඔබගේ ජීවිතයටද දැඩි ගැටලු මතු විය හැකිය.

නිවෙසකට අලංකාරය සහ මානසික සුවය ගෙන දෙන කරුණු අතර කෘත්‍රිම දිය ඇලි සහ පොකුණුවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එහෙත් මා පෙන්වා දෙන්නට යන්නේ එය කෙතරම් මනසටද, ඇසටද සුබදායක දෙයක් වුවත් එය නිසිතැන ඉදි නොකිරීම තුළ ඔබට ගෙන දෙන විපත් කරදර පිළිබඳවයි.

වාස්තු විද්‍යාවට අනුකූලව ජලය සම්බන්ධ කරුණු ස්ථානගත කළ යුතුම ස්ථාන පැහැදිලිවම දක්වා ඇත. ඒ උතුර, ඊශාන නැඟෙනහිර කියන කෝණය බව වාස්තු විද්‍යාව මනාවට පැහැදිලි කොට දක්වා ඇත.

මේ ස්ථානවලින් බැහැරව ජලය සම්බන්ධ කරුණු අංග ස්ථානගත කිරීම තුළ වාස්තු විද්‍යාවට අනුව දැඩි විපත් කරදර, මානසික සුවය අඩුවන කරුණුද දැඩි රෝගාබාධ මතු වෙන බවද වාස්තු විද්‍යාව විසින් පෙන්වාදී තිබෙන අතර එය වාස්තු විද්‍යා පරීක්ෂාවලදීද මනාවට අපට ඔප්පු වී ඇත.

පොකුණක් දිය ඇල්ලක් ඉදිකිරීමේදී උතුර, ඊශාන, නැඟෙනහිර කියන මේ දිශා තුනට අයත් කොටස හැර කිසිදු කොටසක පොකුණක් ඉදිකරන්නට එපා කියන කරුණ මතක් කර සිටිනවා. මීට අමතරව තවත් පිළිපැදිය යුතු කරුණු අතර නිවෙසේ මුලුවලට හසුවන්නටත් ප්‍රධාන ‍ෙදාරටුව ඉදිරිපිට ඉදිනොකරන්නටත් වග බලාගත යුතුය. එලෙසම නිවසේ ප්‍රධාන මර්මස්ථාන රේඛාවලටද හසු නොවිය යුතුය. කිසිදු ලෙසක ගිනිකොන වැනි දිශාවන්වලට සම්බන්ධ වන අයුරින් පොකුණු දිය ඇලි ඉදි කිරීමද ඉතා අසුබ වේ.

නිවෙසක ඇතුළත කිසිදු අයුරකින් දිශාවන් සුබ වුවද දිය ඇලි, පොකුණු ඉදිකිරීම නොකළ යුතුය. මෙසේ ඉදිකිරීම තුළ මර්මස්ථාන රේඛා සහ මධ්‍ය ලක්ෂයන්ට යාබද වීම, සම්බන්ධ වීම සහ ප්‍රධාන මර්මස්ථානවලට හසුවීම තුළ ගෘහ මූලිකයා ඇතුළු සියලු දෙනාටම දැඩි ලෙස විපත් කරදර ගෙන දෙන වාස්තු ‍ෙදා්ෂ මතුවීමටත් නිවෙසේ පරිහානිය ළඟා වීමටත් හේතු වේ. මෙසේ අසුබ ස්ථානයන්ට ලක් කර ස්ථානගත කර ඇති පොකුණු සහ දිය ඇලි තුළින් එම නිවැසියන්ට සුව නොවන බොහෝ රෝග මතු වී ඇත.

මෙම ‍ෙදා්ෂ සහිත ඉදිකිරීම් ඇති නිවාසයන් තුළ වෙනත් වාස්තු ‍ෙදා්ෂද පැවතියහොත් එය එම නිවසේ සහ ගෘහ හිමියන්ගේ අවසානය සනිටුහන් කරන්නද හේතු විය හැකිය. ප්‍රායෝගිකවද දුර්වල ස්ථානවල ඉදිකිරීම තුළ අනතුරු විපත් ද සිදු විය හැක.

බොහෝ විට මෙවැනි විපත් බොහෝ දෙනා ජීවිතේට එකතු කරගනු ලබන්නේ දැන දැනම වීම කනගාටුදායක හේතුවක් වේ. ඒ වාස්තු විද්‍යාව තුළ මෙවැනි අශුභතා පෙන්වාදී තිබුණද ඒවා පිළිපැදීමට අකැමැති වීම තුළය. ඔවුන් සිතන්නේ මෙතුළින් කිසිදු ගැටලුවක් පැන නොනඟින බවත් තවත් ස්ථානයක මේවා ඉදි කර ඇති බවත් ඔහු හට කිසිදු විපත් නොමැති බවත්ය. මෙහිදී පැවැසිය යුත්තේ ඕනෑම අසුබ ස්ථානයක ඉදි කළ පමණින් එහි අශුභතා ගැටලු පැන නොනඟින බවය. එය ඉස්මතු වන්නට ඇතැම් විටක වසර කීපයක් ගත වීමටද පුළුවන.

තවත් ස්ථානයක මෙවැනි ගැටලු ‍ෙදා්ෂ පැන නැඟී ඇත්තේ පළමුවැනි පරම්පරාවට නොව දෙවැනි පරම්පරාවට වීමද විශේෂිත කරුණකි.

තවත් පිරිසක් මෙවැනි දේ එකතු කර ගැනීම තුළ විපතට පත්වී ඇත්තේ වාස්තු විද්‍යාව සහ මේ පිළිබඳ දැනීම අඩුකම හෝ නොදැනුවත්භාවය තුළය.

කෙසේ නමුත් ඔබට හෝ ඔබගේ දරුවාගේ අවශ්‍යතාව අලංකාරය මත හෝ නිවැරැදි වාස්තු උපදේශකයකුගේ උපදෙස්වලින් තොරව මෙවැනි පොකුණු සහ දිය ඇලි ඔබගේ ගෘහයට ඔබගේ භූමියට ඉදි නොකරන්නට වග බලා ගත යුතුය. එසේ නොකිරීම තුළ ඔබ සුන්දරත්වයත් කියා ළඟා කරගන්නේ ඔබේ ජීවිතේට ඔබගේ සහෘදයන්ගේ ජීවිතවලට මරණයද විය හැකිය.

By Mawbima -අගෝස්තු 18, 2022

Address

Wathupitiwala
Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Maduu Dreami posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category