15/04/2023
මාකඳුර Winway අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කළ බක්මහ උළෙල අද දින (15) ආයතන පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණි.
එය සාර්ථක කර ගැනීමට ආයතනයේ විශිෂ්ඨ ගුරුමඬුල්ලෙන් ලැබූ නොමඳ සහයද,ඊට සහභාගිත්වයෙන් සහය දුන් දූ දරුවන්,දෙමාපියන්ද කෘත්‍යපූර්වකව සිහිපත් කරන්නෙමු.
ප්‍රදේශයේ ප්‍රධානම පුද්ගලික අධ්‍යාපන ආයතනය වශයෙන් අප අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙමින් දරුවන්ගේ මානසික සතුට වෙනුවෙන්ද මෙවන් වැඩසටහන් ඉදිරියටත් සංවිධානය කරමින් දැයට ගුණාත්මක උගත් දරුවන් දායාද කිරීමට නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු..