Thisnampalagama School - Maho

Thisnampalagama School - Maho We are the present & past community of Thisnampalagama School.

2025-12-22 දින ශිෂ්‍ය උපදේශන අංශයෙන් පැවැත් වූ ප්‍රාථමික ශ්‍රේණි සදහා වූ මනෝසමාජීය ක්‍රියාකරකම් වැඩසටහන.
25/12/2025

2025-12-22 දින ශිෂ්‍ය උපදේශන අංශයෙන් පැවැත් වූ ප්‍රාථමික ශ්‍රේණි සදහා වූ මනෝසමාජීය ක්‍රියාකරකම් වැඩසටහන.

25/12/2025
I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
03/11/2025

I've just reached 300 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

වසර ගණනක් මෙම පාසලේ දරු දැරියන්ගේ නැණැස දැල්වීමේ මහගු මෙහෙවරක නිරත වූ ආදරණීය ගුරුභවතුන් වන සිංහල අචාර්‍ය නන්දාවතී ගුරුතු...
03/11/2025

වසර ගණනක් මෙම පාසලේ දරු දැරියන්ගේ නැණැස දැල්වීමේ මහගු මෙහෙවරක නිරත වූ ආදරණීය ගුරුභවතුන් වන සිංහල අචාර්‍ය නන්දාවතී ගුරුතුමිය, ගණිතය ආචාර්‍ය චන්දිමා ගුරුතුමිය, දෙමළ ආචාර්‍ය ක්‍රිෂාන්ති ගුරුතුමිය සහ ප්‍රාථමික ඉගැන්වීම් අංශයේ ආචාර්‍ය මාපා ගුරුතුමන්ලා ස්ථාන මාරුවීම් ලැබ නික්ම යාමට සූදානම්ව...."ආයු වණ්නෝ සුඛං බලං ති"❤️❤️❤️

සමස්ත ලංකා සමූහ වාදන පිරිමි අංශයේ තරගයෙන් තෙවන ස්ථානය ජයග්‍රහණය කළ තිස්නම්පලගම විද්‍යාලයේ දරු පිරිසට සහ සංගීත ආචාර්‍ය Bu...
21/10/2025

සමස්ත ලංකා සමූහ වාදන පිරිමි අංශයේ තරගයෙන් තෙවන ස්ථානය ජයග්‍රහණය කළ තිස්නම්පලගම විද්‍යාලයේ දරු පිරිසට සහ සංගීත ආචාර්‍ය Buddhika Niroshan ගුරුතුමන්ට උණුසුම් සුබ පැතුම්....❤️❤️❤️

2026 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් සදහා ලාංඡන පැළදවීම..❤️
06/08/2025

2026 වර්ෂය සදහා ශිෂ්‍ය නායක නායිකාවන් සදහා ලාංඡන පැළදවීම..❤️

17/07/2025

සාර් ථකත්වයට මග
ඉන්දියාවේ හිටපු ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් (2002-2007 කාලය තුල) තමයි අබ්දුල් කලාම් කියන්නේ. මෙතුමා අභ්‍යවකාශය පිළිබද විද්‍යාව පිළිබද හසළ දැනුමක් තිබුන බුද්ධිමතෙක්. ඒ වගේම ඉන්දියාවට බැලැස්ටික් මිසයිල සකස්කරදීමේ කාර් යයට මෙතුමා කළ සේවය නිසාවෙන් මෙතුමා ඉන්දියාවේ මිසයිල මෑන් කියලත් ඉන්දියානුවන් හදුන්වනවා. ඉතින් මෙතුමාගේ දිනක් එක් දැරිවියක් අහනවා සාර් ථක වෙන්න මොනාද කරන්න ඕනි කියලා. ඒකට මෙතුමා හරි ලස්සන උත්තරයක් දෙනවා කරුණු 04 කින්.
1. Have a great aim - විශිෂ්ට ඉලක්කයක් තබා ගැනීම
2. Continuously acquire knowledge - දැනුම අත්පත්කරගැනීම අඛණ්ඩව සිදු කිරීම
3. Do hard work - මහන්සි වී වැඩ කිරීම
4. Perseverance - නොපසුබට උත්සාහය
ඉතින් මේ කරුණු 4 අපේ ජිීවිතවලටත් හරිම වැදගත්.

17/07/2025

රූබි හොරා
එකමත් එක රජ මාලිගයක ඒ මාලිගාවේ තිබුන රූබි කැට (වටිනා මැණික් ජාතියක්) හොරකමක් සිද්ධ වෙන්න පටන්ගත්තා. කාටවත්ම දැනගන්නට බැරිවුනා ඒ හොරා කවුද කියලා. හැබැයි හැමෝම දැනගෙන හිටියා ඒ හොරා ඉන්නෙ මාලිගාවෙම තමයි කියලා. ඉතින් රජතුමාට ඕන වුනා මේ හොරාව අල්ලගන්න. රජතුමා නොගත්ත උත්සාහයක් නෑ. ඒත් හොරාව අල්ලගන්න එක පහසු වුනේ නෑ. ඉතින් දවසක් රජතුමා ඉතාම දුර බැහැරින් ඉතා සුප්‍රසිද්ධ පණ්ඩිත පුරෝහිතයෙක් ගෙන්න ගෙන මේ කරදරේ ගැන කිව්වා. ඉතින් මේ පුරෝහිතයා ටික දවසක් මාලිගාවේ සිද්ධ වෙන දේවල් ගැන හොදින් සොයමින් බලමින් ඇහුම්කම් දෙමින් විමසුම්සහගතව බලන් සිටියා තවත් හොරකමක් සිදුවෙනකම්. ඔන්න එක රාත්‍රියක බලාපොරොත්තුවෙන් සිටිය හොරකම සිදුවුනා. පසුවදා මේ පුරෝහිතයා මාලිගාවේ සිටිය ඔක්කෝම එක කාමරයක ගෙන්නගෙන දවල් කෑම ලබා දුන්නා. ඊට පස්සෙ හොරකම පිළිබදව විමසන්න පටන්ගත්තා. ටික වේලාවකින් මාලිගයේ උද්‍යාන මුරකාරයෙක් කහිමින්, වේදනාවෙන් දගලමින් ඇඹරෙමින් කෙදිරිගාන්න පටන්ගත්තා. මේ වෙලාවෙ එයාට ළං වුන පුරෝහිතයා කිව්වා දැන් ඔයාලා කාපු කෑම වලට විෂක් දාලයි තිබුනේ කියලා. ඉතින් ටික වෙලාවකින් කෑම කාපු හැමෝම වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඊටපස්සේ පුරෝහිතතුමා කිව්වා මේකෙන් ජීවිතේ බේරගන්න බෙහෙතක් තියෙනවා. හැබැයි ඒ බෙහෙත තියලා තිබුනේ ඊයෙ නැතිවුන රූබි මැණික් කැටේ ඇතුලේ කියලා. ඉතින් මේක ඇහුනා විතරයි හොරා දුවලා ගිහින් තමන් ගත්ත මැණික් කැටේ අතට ගත්තා. ඒ ගමන්ම පුරෝහිතයා හොරාව අල්ලාගත්තා. එයා කෑම වලට දාලා තිබුනේ ටික වෙලාවක් විතරක් වේදනාවක් ඇතිවෙන ඖෂධයක් විතරයි. ඉතින් අනෙක් හැමෝම නිකම්ම සනීප වුනා. රජතුමා ඇහුවා මට මෙච්චරකල් හොයාගන්න බැරිවුන හොරා ඔයා කොහොමද මෙච්චර ඉක්මනට හොයා ගත්තේ කියලා. ඉතින් පුරෝහිතතුමා කිව්වා “ඕනෑම කෙනෙකුට ඕනම කෙනෙක්ව රවට්ටන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙක්ට තමන්වම රවට්ටාගන්න බැහැ” කියලා.

15/07/2025

අන්ධානුකරණය
ඔන්න දවසක් එක ඇදුරුතුමෙක් තමන්ගේ ගෝලයන් එක්ක පයින් ගමනක් යනවා. යන මග අසළ හිදෙමින් තිබුන චූටි දිය කඩිත්තක් දැකලා නැවතුන මේ ඇදුරුතුමා ඒකෙ හිටිය චූටි මාලු ටිකක් අරගෙන තමන්ගේ කට පුරවා ගන්නවා. මේක බලන් හිටිය ගෝලයෝ ටික ඇදුරුතුමා කළ දේම කරා. ඒ කිව්වේ එයාලගේ කටටත් මාලු පුරවා ගත්තා. ඇදුරුතුමා ඔවුන් දෙසා බලා නිහඩවම ඉදිරියට ගමන් කළා. මෙහෙම යන අතරමගදී මේ හැමෝටම හොදින් දිය පිරුණු පොකුණක් දැකගන්න ලැබුනා. ඇදුරුතුමා පොකුණ ළගට ගිහිල්ලා එයාගෙ කටේ හිටිය මාලු ඔක්කොම ආපහු දියට දැම්මා. මේක දැක්ක ගෝලයො පුදුම වෙලා එයාලත් වමාරන්න පටන් ගත්තා. ඒත් එයාලගේ කටින් ආවේ මැරුණු මාලුවෝ කිහිපදෙනෙක් විතරයි. මේ දිහා බලාගෙන හිටිය ඇදුරුතුමා හැමෝටම කතා කරලා ඇහැව්වා “ඈ මෝඩයිනේ ඔය මාලුවෝ පණ පිටින් තියාගෙන ඇවිත් ආපහු දාන්න බැරිනම් මොකට ද මාව අනුකරණය කළේ?” කියලා

Address

Maho

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94702683387

Website

Alerts

Be the first to know and let us send you an email when Thisnampalagama School - Maho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Thisnampalagama School - Maho:

Shortcuts

Share

Category