NW/Ma/Ma/Embalegoda M.V.

NW/Ma/Ma/Embalegoda M.V. Situated in the Kurunegala district close to the Deduru Oya Dam. There are 380+ students from grade විද්‍යාලයීය ඉතිහාසය
1915 වසරේ ජනවාරි මාසයේ W.

H. මුදියන්සේ මයා, W. H. අප්පුහාමි මයා සහ W. H. විජේරත්න මයා යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුණු ඇඹලේගොඩ විද්‍යාලය 1916 මාර්තු මස පළමු වන දින රජයේ ප්‍රාථමික පාඨශාලාවක් බවට පත් වු අතර ආරම්භක විදුහල්පතිවරයා වුයේ බලල්ලේ M. සේනානායක මහතාය.1966 වර්ශයේ ප්‍රථම වරට අපොස සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමට සිදු වු අතර 1986 වසරේ අගෝස්තු මස පස්වන දින මෙම පාසැල මහා විද්‍යාලයක් (1C) බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලදී.
සිසුන් දස දෙනෙකුගෙන් ඇරඹි පාසලේ අද වන විට 1-13 දක්වා ශ්‍රේණි පැවැත්වෙන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 450කට ආසන්නය. විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 20ක්‌ වන අතර අනධ්‍යන කාර්ය මණ්ඩලය එක් අයෙකුද, සුළු සේවක දෙදෙනෙකුද දැනට සේවයේ යෙදී සිටී.
පාසල් පිරියත තුල දැනට ස්ථිර ගොඩනැගිලි හතක්‌ ද අපොස සාමාන්‍ය පෙළ විද්‍යාගාරයක් ද පරිගණක විද්‍යාගාරයක් ද පුස්තකාලයක් ද සෞන්දර්ය ඒකකයක් ද පවතී.
මුලාශ්‍රය : පාසලේ ලොග් සටහන් පොත

අනාගත ලෝකය දිනන්නට යන අපේ පුංචි දූ පුතුන්ට ශිෂ්‍යත්වයෙන් ඉහළම ජයක් ප්‍රාර්ථනා කරමු! ❤️📝📌️
08/08/2026

අනාගත ලෝකය දිනන්නට යන අපේ පුංචි දූ පුතුන්ට ශිෂ්‍යත්වයෙන් ඉහළම ජයක් ප්‍රාර්ථනා කරමු! ❤️📝📌️

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2026 මහව කලාප ක්‍රීඩා තරග ඇඹලේගොඩ මහා විද්‍යාලයීය මළල ක්‍රීඩා කණ්ඩායම පාසල් 188ක් අතුරින් ස...
12/06/2026

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා 2026
මහව කලාප ක්‍රීඩා තරග

ඇඹලේගොඩ මහා විද්‍යාලයීය මළල ක්‍රීඩා කණ්ඩායම පාසල් 188ක් අතුරින් සමස්ථ ලකුණු සටහනේ 7 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය..❤️🏆️
(පලාත් තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා ගනී.)

​"සෑම ජයග්‍රාහී ක්‍රීඩකයෙකුටම පිටුපසින් මඟ පෙන්වන ශක්තිමත් හස්තයක් ඇත."

පාසලේ ක්‍රීඩා කණ්ඩායම අත්කරගත් මේ විශිෂ්ට ජයග්‍රහණයේ සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ, කාලය, ශ්‍රමය නොතකා ඔවුන්ව ජයග්‍රහණය කරා මෙහෙයවූ අපගේ ක්‍රීඩා භාර සංදීප ගුරුතුමන් වෙතය.

ප්‍රතිඵල දෙස පමණක් නොව, දරුවන්ගේ කුසලතා වර්ධනය කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටිමින්, ඔවුන් තුළ ජයග්‍රහණය උදෙසා වූ ආත්ම විශ්වාසය ගොඩනැගූ ඔබතුමාට අපගේ හෘදයාංගම ගෞරවය සහ ස්තුතිය පිරිනමමු.
ඔබතුමාගේ අගනා මඟපෙන්වීම නිසාම අද ඔවුන්ට ජයග්‍රහණයේ මාවතේ ඉදිරියටම යා හැකි විය.
මීට අමතරව පාසලේ විදුහල්පතිතුමා ඇතුලු සියලුම ගුරුවරුන්ටද, දරුවන්ගේ දෙමාපියන්ටද ස්තූතිය..

කලාප එල්ලේ බාලිකා ශූරතාවය දිනා ගනිමින්, ඇඹලේගොඩ මහා විද්‍යාලයේ නාමය ක්‍රීඩා පිටියේ අභිමානයෙන් සලකුණු කළ අපගේ ආදරණීය දූ ද...
06/06/2026

කලාප එල්ලේ බාලිකා ශූරතාවය දිනා ගනිමින්, ඇඹලේගොඩ මහා විද්‍යාලයේ නාමය ක්‍රීඩා පිටියේ අභිමානයෙන් සලකුණු කළ අපගේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් මෙම හදපිරි සුබපැතුම් පිරිනමන්නෙමු.

මෙම ජයග්‍රහණය හුදෙක් දිනුමක් පමණක් නොව, එය ඔබ සැමගේ නොපසුබට උත්සාහයේ, දැඩි කැපවීමේ සහ එකමුතුකමේ ප්‍රතිඵලයකි. දින ගණනාවක් පුරා අව්ව වැස්ස නොතකා, ක්‍රීඩා පිටියේ ඔබ දැක්වූ ඒ වෙහෙසකර පුහුණුව අද මෙවන් උසස් ප්‍රතිඵලයක් කරා ඔබව රැගෙන විත් ඇත.

ඔබ අපේ පාසලට ගෙන දුන් මේ කීර්තිය පිළිබඳව අප පසුවන්නේ ඉමහත් ආඩම්බරයකිනි.

මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටිමින්, දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන, ඔවුන්ට නිවැරදි මඟපෙන්වීම් ලබා දෙමින්, කිසිදු වෙහෙසක් නොතකා මහත් කැපකිරීමකින් ක්‍රීඩා කණ්ඩායම මෙහෙයවූ අපගේ ක්‍රීඩා භාර ආචාර්ය සංදීප ගුරුතුමනි,
ඔබතුමාට අපගේ ගෞරවනීය ස්තූතිය හා ප්‍රණාමය හිමි විය යුතුය.
එමෙන්ම පාසලේ විදුහල්පතිතුමා ඇතුලු සියලුම ගුරුවරුන්ටත් , එමෙන්ම දරුවන්ගේ දෙමාපියන්ටත් විශේෂ ස්තූතිය..

දරුවන්ගේ සිත් තුළ ජයග්‍රාහී මානසිකත්වය ගොඩනැගීමටත්, ඔවුන්ගේ හැකියාවන් උපරිමයෙන් මතු කර ගැනීමටත් ඔබ දැරූ වෙහෙස අගය කරමු.

මෙම ජයග්‍රහණය ඔබේ ක්‍රීඩා දිවියේ එක් ආරම්භයක් පමණි. ඉදිරියටත් මෙවැනිම ජයග්‍රහණ කරා යාමටත්, ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන්ද ඉහළටම යාමටත් ඔබ සැමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවා යැයි පතමු!

සියලු ලෝ වැසි සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා...❤️🙏✨️ ~ ඇඹලේගොඩ මහා විද්‍යාලය ~
30/05/2026

සියලු ලෝ වැසි සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා...❤️🙏✨️

~ ඇඹලේගොඩ මහා විද්‍යාලය ~

නව ශිෂ්‍ය නායක මණ්ඩලයට සුබ පැතුම්!​අප පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය ලෙස තේරී පත් වූ ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර...
10/05/2026

නව ශිෂ්‍ය නායක මණ්ඩලයට සුබ පැතුම්!

​අප පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය ලෙස තේරී පත් වූ ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටිමු!

​පාසලේ විනය, ගරුත්වය සහ අභිමානය සුරකිමින්, සෙසු සිසුන්ට ආදර්ශමත් නායකත්වයක් ලබා දීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ වෙත පැවරුණු මෙම වගකීම මැනවින් ඉටු කරමින්, පාසල නව මාවතකට රැගෙන යාමට ඔබට හැකි වේවා!

​"නායකත්වය යනු තනතුරක් නොව, වගකීමකි."

​ඔබේ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

මහව කලාප නර්තන තරගාවලිය 2026.. පිරිමි සමූහ උඩරට හනුමා වන්නම - දෙවන ස්ථානය  ගැහැණු සමූහ උඩරට සුරපති වන්නම - දෙවන ස්ථානයගැ...
10/05/2026

මහව කලාප නර්තන තරගාවලිය 2026..

පිරිමි සමූහ උඩරට හනුමා වන්නම - දෙවන ස්ථානය

ගැහැණු සමූහ උඩරට සුරපති වන්නම - දෙවන ස්ථානය

ගැහැණු සමූහ උඩරට උකුසා - ප්‍රථම ස්ථානය


අප පාසලට මෙම විශිෂ්ට නර්තන ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් කැපවුණු දක්ෂ දරුවන් සැමටත්, ඔවුන් නිවැරදි මඟ පෙන්වමින් පුහුණු කළ විෂයභාර ගුරුතුමියට සහ ගුරුතුමාටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.

එමෙන්ම නිරන්තරයෙන් දරුවන් දිරිමත් කරමින් සහයෝගය දැක්වූ ආදරණීය දෙමාපියන්ටද අපගේ විශේෂ කෘතඥතාව හිමිවේ. ඔබ සැමගේ සාමූහික කැපවීම පාසලට මහත් අභිමානයකි.
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්!

2026 Divisional Athletic meet❤️🎉️🏆💪Embalegoda maha vidyalayaUnder 18 girls Long jump - 1st place (shehani)Under 18 boys ...
08/05/2026

2026 Divisional Athletic meet❤️🎉️

🏆💪Embalegoda maha vidyalaya

Under 18 girls Long jump - 1st place (shehani)
Under 18 boys triple jump - 1st place (samindu)
Under 18 girls triple jump - 3rd place (shehani)
Under 18 girls 400m - 3rd place (shehani)
Under 18 boys 100m - 3rd place (avishka)
Under 18 girls discuse throw - 2nd place (pawani)
Under 18 boys 100 relay -3rd place
Under 18 boys 400 relay -3rd place
Under 18 boys 3000m - 4th place (arosha)
Under 18 boys 1500m - 3rd place ( arosha)
Under 16 girls 100m - 3rd place. (dasuni)
Under 16 girls long jump - 3rd place (dasuni)
Under 16 girls 200m - 4th place (dasuni)
Under 16 girls 100m relay - 2nd place
Under 16 girls 400m relay - 3rd place
Under 20 boys triple jump - 4th place (bhashana)
Under 20 girls 200m - 2nd place (amaya)

Congratulations to all the athletes for their brilliant performance ❤️❤️

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2026  මහව කොට්ඨාස ක්‍රිකට් (බාලිකා)  🏆 *අනුශූරතාවය*                        ඇඹලේගොඩ මහා විද්‍යාල...
02/05/2026

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2026 මහව කොට්ඨාස

ක්‍රිකට් (බාලිකා) 🏆

*අනුශූරතාවය*

ඇඹලේගොඩ මහා විද්‍යාලයට.. ❤️

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2026  මහව කොට්ඨාස එල්ලේ (බාලිකා)  🏆 *අනුශූරතාවය*                        ඇඹලේගොඩ මහා විද්‍යාලයට....
02/05/2026

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2026 මහව කොට්ඨාස

එල්ලේ (බාලිකා) 🏆

*අනුශූරතාවය*

ඇඹලේගොඩ මහා විද්‍යාලයට.. ❤️

🌸📚 Best Wishes for Your O/L Examination! 📚🌸Dear Students,As you step into your O/L examination, remember how far you hav...
16/02/2026

🌸📚 Best Wishes for Your O/L Examination! 📚🌸

Dear Students,

As you step into your O/L examination, remember how far you have come. Every lesson learned, every revision done, and every challenge faced has prepared you for this moment. 💪✨

🎯 Believe in yourself.
🎯 Stay calm.
🎯 Read every question carefully.
🎯 Manage your time wisely.

Exams do not measure your entire worth — they simply reflect your preparation. Your dedication, kindness, and unique talents go far beyond a paper. 🌟

No matter what happens, we are proud of each and every one of you. Go forward with confidence and give your very best!

Wishing you clarity, confidence, and success! 🍀
With love and blessings,

Your Principal & Teachers..❤️

Address

Nagollagama
Maho

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when NW/Ma/Ma/Embalegoda M.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NW/Ma/Ma/Embalegoda M.V.:

Shortcuts

Share

Category