B/Haddaththawa Primary School

B/Haddaththawa Primary School "මියුගුණ පුරවරයෙන් මිහිතලයට මිනිසත් මිනිසුන්"

උණුසුම් සුබ පැතුම් දරුවනේ.. ❤️
04/09/2026

උණුසුම් සුබ පැතුම් දරුවනේ.. ❤️

හෙට දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ අපේ දරුවන්ට ජයෙන් ජයම වේවා.. විද්‍යාලයේ ...
08/08/2026

හෙට දින පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ අපේ දරුවන්ට ජයෙන් ජයම වේවා.. විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේත් ආචාර්ය මණ්ඩලයේත් අනධ්‍යයන සේවක සැමගේත් පුංචි නංගිලා මල්ලිලාගේත් ආදරණීය දෙමව්පියන්ගේත් ආශිර්වාදය නිරන්තරයෙන් ඔබ සමඟයි..

🌟 හද්දත්තාවේ පුංචි නායකයෝ නිල ලාංඡන පළඳියි - සිසු මිණි අභිමන් 2026 🌟හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා වන ශි...
19/06/2026

🌟 හද්දත්තාවේ පුංචි නායකයෝ නිල ලාංඡන පළඳියි - සිසු මිණි අභිමන් 2026 🌟

හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ 2026 වර්ෂය සඳහා වන ශිෂ්‍ය නායක/නායිකා නිල ලාංඡන පැලදවීමේ උත්සවය පසුගිය ජූනි 18 වනදා0 ඉතා සාර්ථකව පැවැත්වුණා. 🎉🏆

විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආදරණීය දෙමව්පියන් සියලු දෙනාගේම එකමුතුකම සහ සහයෝගය මේ සර්වප්‍රකාර සාර්ථකත්වයට හේතු විය. ❤️🤝
අද දින වගකීම් සහගතව නිල ලාංඡන පැළඳි අපේ පුංචි නායකයින් සැමට අපගේ උණුසුම් සුබපැතුම්! 🎯🎓

හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ අභිමානවත් ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව කුසලතා සහ පෞරුෂය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කළ ...
19/06/2026

හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ අභිමානවත් ශිෂ්‍ය නායක මණ්ඩලයේ නායකත්ව කුසලතා සහ පෞරුෂය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කළ "දෙදින නායකත්ව පුහුණු කඳවුර" ඉතාමත් සාර්ථක ලෙස පවත්වා අවසන් කෙරුණා. ❤️

ගරු විදුහල්පතිතුමාගේ මඟපෙන්වීම, ආචාර්ය මණ්ඩලයේ සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කැපවීම මෙන්ම ආදරණීය දෙමව්පියන්ගේ අසීමිත සහයෝගය මේ සාර්ථකත්වයේ රහසයි. 🤝✨අනාගත ලෝකය භාර ගැනීමට සූදානම් වන අපේ පුංචි නායකයින්ට අපේ උණුසුම් සුබපැතුම්! 🏆🎉

වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන හද්දත්තාව ප්‍රාථමික පාසලේ අපේ දරුවන් සිල් සමාදන් වුනේ මේ ආකාරයටයි. එදිනට පසුදින දරුවන්...
08/06/2026

වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන හද්දත්තාව ප්‍රාථමික පාසලේ අපේ දරුවන් සිල් සමාදන් වුනේ මේ ආකාරයටයි. එදිනට පසුදින දරුවන් කළ වෙසක් කූඩු සහ නිර්මාණ ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා...

මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන හද්දත්තාව ග්‍රාමයේ අපේ දරුවන්ගේ ආදරණීය වැඩිහිටියන් කිහිපදෙනෙකු වෙනුවෙන් පුංචි දරුවන් කළ වැ...
29/05/2026

මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන හද්දත්තාව ග්‍රාමයේ අපේ දරුවන්ගේ ආදරණීය වැඩිහිටියන් කිහිපදෙනෙකු වෙනුවෙන් පුංචි දරුවන් කළ වැඩිහිටි සත්කාරය...

මේ සඳහා වෙහෙසුණු ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත් අනධ්‍යයන කාර්යය මණ්ඩලයටත් පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමිය ඇතුලු සියලූම දෙමව්පියන්ටත් දුවා දරුවන්ටත් ස්තූතියි..

පෝෂණයෙන් නිසි දැනුමින් පොහොසත් වන්නේහෙට ලෝකෙට නිරෝගී පරපුරක් තනන්නේ...😃4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපේ...
24/05/2026

පෝෂණයෙන් නිසි දැනුමින් පොහොසත් වන්නේ
හෙට ලෝකෙට නිරෝගී පරපුරක් තනන්නේ...😃

4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ අපේ ආහාර තේමාවට අදාළව දරුවන්ට ප්‍රායෝගික අත්දැකීම් තුළින් දැනුම උකහාගැනීමට අවස්ථාව ලබාදීම මූලික කොටගත් වැඩසටහනක් පසුගියදා පාසල් පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි.

ගරු විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් හිරුණි ගුරුතුමියගේ සංවිධානයෙන් දියත් කල මෙම වැඩසටහනේදී දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කිරීමට අවස්ථාව ලබාදීම මෙන්ම ආහාරවල වැදගත්කම, ආහාර වේලක අඩංගු වියයුතු පෝෂක කොටස්, ආහාර ගැනීමේදි අනුගමනය කළයුතු සිරිත් විරිත් වැනි කරුණු පිළිබදව දරුවන් දැනුම්වත් කිරීමද සිදු කරන්නට යෙදුණි..

පතන සියලු යහ පැතුමන් ඉටුවේවාආයු වර්ණ සැප බලයන් වැඩිවේවානිදුක් නිරෝගී සුවයෙන් වැජඹේවාසාමය ගෙනෙන සුබ නව වසරක් වේවා...🥰(හද්...
14/04/2026

පතන සියලු යහ පැතුමන් ඉටුවේවා
ආයු වර්ණ සැප බලයන් වැඩිවේවා
නිදුක් නිරෝගී සුවයෙන් වැජඹේවා
සාමය ගෙනෙන සුබ නව වසරක් වේවා...🥰
(හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලය)

කොවුන් සරින් හැඩවුනු හදත්විල් බක්මහේ සිරි අසිරි.....සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කොටගෙන උදාවන සි...
12/04/2026

කොවුන් සරින් හැඩවුනු හදත්විල් බක්මහේ සිරි අසිරි.....

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිති කොටගෙන උදාවන සිංහල දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික ජන දිවියේ ඒකාකාරී බව පසෙකලා සතුට, විනෝදය, සාමය, සංහිදියාව උදාකරන අපූරු අවස්ථාවකි..
ඉතින් අපේ හදත්විලේ ආදරණීය පොඩිත්තන්ටත් අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු අනෙකුත් උත්සව සමයේ අත්දැකීම් ප්‍රායෝගිකව ලබාදීමට හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ අපි ගත්තු තවත් ලස්සන උත්සහයක් තමයි හදත්විල් බක්මහ උළෙල..
ගරු විදුහල්පතිතුමාගේ අනුශාසකත්වයෙන්, 1 ශ්‍රේණි භාර ආශා ගුරුතුමිය හා සෞම්‍යා ගුරුතුමියගේ සංවිධානයෙන් වගේම පාසලේ අධ්‍යන හා අනධ්‍යයන කාර්‍යමණ්ඩලයේත්, ආදරණීය දෙමාපියන්ගේ සහයෝගයෙනුත් හැඩවුනු මෙම උත්සවය විවිධ නර්තනාංගයන්ගෙන් වගේම කොට්ටා පොර, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිදීම,කඹ ඇදීම ඇතුළු විනෝදකාමී ක්‍රීඩා අංගයන්ගෙන්ද සමන්විතව 2026 අප්‍රේල් මස 07 වන දින පාසල් පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි..💐

කැලේ පිපුණු හරි ලස්සන කැකුළු මල් අපිලොව දිනන්න වෙර වීරිය ගනිමි වැටි වැටීඅනේකවිධ බාධා මැද නොඉමි සලිත වීහෙට ලෝකෙම එලිය කරන...
17/02/2026

කැලේ පිපුණු හරි ලස්සන කැකුළු මල් අපි
ලොව දිනන්න වෙර වීරිය ගනිමි වැටි වැටී
අනේකවිධ බාධා මැද නොඉමි සලිත වී
හෙට ලෝකෙම එලිය කරන පුංචි තරු වෙතී..🌹

කථිකත්වයෙන් ලොව දිනන්නට දරුවනට අත්වැලක් වෙමින් හද්දත්තාව ප්‍රාථමික විද්‍යාලයේ "මියුනද " මාධ්‍ය ඒකකයේ දරුවන් 15 දෙනෙකු වෙනුවෙන් දින 10ක විධිමත් මාධ්‍ය පුහුණුවක් ලබාදීම පසුගිය ඔක්තෝබර් හා නොවැම්බර් මාසයන්හීදී දඹාන ගුවන්විදුලි පරිශ්‍රයේදී සිදු කරන්නට යෙදුණි.

මීට අමතරව මෙම දරුවන් කදුරට ගුවන්විදුලියේ නිදහසේ හෝරාව වැඩසටහන හා එක්ව 2025 නොවැම්බර් 24දින සිය දස්කම් ගුවන්තලයට මුසුකරන්නටද සමත් විය.

එසේ දස්කම් පෑ හදත්විල් මියුනද මාධ්‍ය ඒකකයේ අපේ හපන්නූ (2026/02/16) ඊයේ දින සිය පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරමින් සහතිකපත් ලබාගන්නට විය.

මේ සදහා අනුශාසකත්වය ලබාදුන් ගරු විදුහල්පතිතුමාටත්, ව්‍යාපෘතියක් ලෙස මෙම කටයුත්තට පණදුන් මාධ්‍ය ඒකකය භාර නදීෂා ගුරුතුමියටත්, මේ සදහා දඹාන ගුවන්විදුලි පරිශ්‍රය අපට ලබාදුන් දඹාන ගුවන් විදුලියේ අනුශාසකතුමන් වන ගරු ආදීවාසී නායකතුමන්ටත්,සම්පත් දායකත්වයෙන් සහය වූ දඹාන ගුවන්විදුලියේ පාලක හර්ෂ මහතාටත්, අලුයටවල විද්‍යාලයේ සුජීවා ගුරුතුමියටත්,නන් අයුරින් සහය දුන් පාසලේ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයටත්, ආදරණීය දෙමාපියන්ටත් දරුවන් වෙනුවෙන් මෙවන් මහගු අත්වැලක් ලබාදෙන්නට ගත් උත්සහය වෙනුවෙන් හදපිරි ස්තූතිය මෙසේ පුදකර සිටින්නෙමු...💐💐💐💐මාමකැච්චක් හොදමයි 🙏

Address

Sorabora Colany
Mahiyangana
90718

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when B/Haddaththawa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to B/Haddaththawa Primary School:

Shortcuts

Share