12/07/2023
50/30/20 බජට් ක්‍රමය 💰📝
ලෝකය පුරා බොහෝ දෙනෙක් තමන්ගෙ වියදම කළමණාකරණය කරගන්න, පිළිවෙළක් ඇතුව වියදම් කරන ක්‍රමයක් තමයි මේ "50/30/20 Budget Method" එහෙම නැත්නම් 50/30/20 අය වැය නීතිය .
මේ ක්‍රමයෙන් කියවෙන්නේ මූල්‍ය වශයෙන් සාර්ථක වීමටත් ජීවිතයේ සමබර තාවය පවත්වාගන්නටත් වියදම් වර්ගීකරණය කරලා වියදම් කරන්න කියලා.ඔබට ලැබෙන ආදයමෙන්, Salary එකෙන් Tax අඩු කරාට පස්සේ එන ආදායම 50%ක් අවශ්‍යයතා (Needs) වෙනුවෙනුත්, 30% වුවමනා (Wants) වෙනුවෙනුත්, 20% ක් ඉතුරුම් (Savings) වෙනුවෙනුත් වෙන් කල යුතුයි කියලයි මේ ක්‍රමයෙන් කියන්නෙ.දැන් බලමු මොනවද මේ කොටස් 3 කියලා.
0️⃣1️⃣ අවශ්‍යයතා (Needs) - 50%
අපේ වියදම් වලින් වැඩි හරියක් අත්‍යවශ්‍යය දේවල් වලට අපි වියදම් කරනවා. උදාහරණ විදියට අපිට අවශ්‍යය කෑම බීම, ප්‍රවාහන වියදම්, ගෙවල් කුලී, බෙහෙත්, දරුවන්ගේ පාසල් ගාස්තු, ලයිට් බිල්, වතුර බිල්, ඉන්ෂුවරන්ස් ආදී ජීවත් වෙන්න අත්‍යවශ්‍යය වියදම් තමයි මේ කොටසට වැටෙන්නෙ. ඔබේ ආදායමෙන් 50%ක් මේ වෙනුවෙන් වෙන් කරන්න.
0️⃣2️⃣ වුවමනා (Wants) - 30%
වුවමනා කියන්නෙ අත්‍යවශ්‍යය නොවන නමුත් ජීවත් වීමේදී අප සිදු කරන වෙනත් වියදම්. මේ වියදම් අපට නොකර ඉන්නත් පුලුවන්. උදාහරණයක් විදියට විනෝද චාරිකා සදහා වන වියදම්, සාප්පු සවාරි, අලුත් මාදිලෙයේ ඇදුම් උපකරණ, ජිම් එකේ ගාස්තු, රූපවාහිනි ගාස්තු, තෑගි බෝග,පරිත්‍යාග, තැන් තැන් වල විනෝදෙට කෑම ගන්න එක, යාලුවො එක්ක කරන විනෝද කටයුතු ආදිය කියන්න පුලුවන්.
වියදමක් අවශ්‍යයතාවක්ද -Need එකක්ද නැත්නම් වුවමනාවක් ද-Want එකක් ද කියල අදුරගන්නෙ කොහොමද? Need එකක් කියන්නෙ ඒ වියදම නොකර අපිට ජීවත් වෙන්න අපහසුයි. Want එකක් නොකර හිටිය කියල එහෙම ප්‍රශ්නයක් නැහැ . Movie එකක් බලන්න ගියේ නෑ කියලා, Pizza එකක් කෑවෙ නෑ කියල, අලුත් ඇදුම් ටිකක් ගත්තෙ නෑ කියල, හවස යාලුවො එක්ක set උනේ නෑ කියල අපි මැරෙන්නෙ නෑ නේ? අන්න ඒව තමයි Wants නැත්නම් වුවමනා කියන්නෙ.
0️⃣3️⃣ ඉතුරුම් (Savings) - 20%
ඊළග කොටස ඉතුරුම්. මෙතන වෙන් කරන්නෙ ඉතුරුම්, ආයෝජන, හදිසි අරමුදල සදහා වෙන් කිරීම්, ණය ගෙවීම්, විශ්‍රාමික අරමුදල, උසස් අධ්‍යාපන ණය නැවත ගෙවීම් සදහා වෙන් කිරීම් ආදිය.
දැන් මේක වෙන් කරන්නෙ කොහොමද? ඔයාගෙ පඩිය නැත්නම් ආදායම එන්නෙ Bank Account එකට නම් ඒක මේ ප්‍රතිශත වලට බෙදලා වෙනම Accounts 3 කට transfer කරගන්න පුලුවන් නම් හොදයි. Savings accounts open කරන්න ඉස්සර වගේ අමාරු නැහැ දැන් Online Open කරන්න පුලුවන්. එහෙම නැත්නම් අතට සල්ලි අරගෙන ලියුම් කවර 3 ක් ගන්න. අර ප්‍රතිශත වලට පඩිය කොටස් 3 ට බෙදලා වෙන් කරලා ලියුම් කවර 3ට දාන්න. වියදම් කරද්දි ඒ වියදමට අදාල ගිණුමෙන් හෝ ලියුම් කවරයෙන් විතරක් ගන්න ස්වයං පාලනයක්, විනයක් තබා ගන්න ඕන.
එක පාර මේක පුරුදු වෙන්න අමාරුයි. හරියට කෙරෙන්නෙ නෑ. වියදම් එහෙ මෙහෙ වෙනව. යම් පීඩනයක් එනවා. ආර්ථික අර්බුධයක් තියෙන මේ කාලයේ අපේ අවශ්‍යයතා (Needs) වලට වැඩිපුර වියදම් වෙන නිසා වුවමනා(wants) කොටස කොහොමත් අඩු වෙනවා.හැබැයි කාලයක් යද්දි ඔයා හරියට කරන්න පුරුදු වෙයි.
කාලයත් එක්ක ආදායම වැඩි කරගනිද්දි ඔයාගෙ Needs ප්‍රමාණය සුලු වශයෙන් වැඩි වෙද්දි Wants සහ Savings කොටස් දෙක වැඩි කර ගන්න පුලුවන්. ඒකට වෙන ක්‍රමයක් තියෙනව. ඒ ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.
මේ ක්‍රමයට වියදම් කරන්න පටන් ගන්න. 50/30/20 ප්‍රතිශත වලට බෙදලා වියදම් කරන්න කියන්නෙ සතුටෙන් ජීවත් වෙන්නත්, පොහොසත් වෙන්නත් ජීවිතේ සමබරව පවත්වාගෙන යන්න ඕන නිසයි. එක පාරට හැමදේම වෙනස් වෙන්නෙ නැහැ.මේක හරියට කරන්න කාලයක් යනවා. වැරදි වැරදි දිගටම කරන්න.අත්‍යවශ්‍යයම දේ දිගටම කරන එක. පුරුද්දක් කරගන්න.ඔයා ඔයාටම ස්තුති කර ගනියි අමාරුවෙන් හරි මේක පුරුදු කරගත්තු එක ගැන.අලුත් දෙයක් අත්හදා බලන්න ජනවාරි 01 වෙනකන් ඉන්න එපා. හැම දවසක්ම අලුත් අවුරුද්දක ආරම්භයක්.අදම පටන් ගන්න.
🖊️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශක
12.07.2023
(දිනපතා පළවන මෙවැනි ලිපි ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට පහත Telegram Group එකට එකතු වෙන්න-Comments off කර ඇත.)
සිංහල මාධ්‍යය Group: 👇
https://t.me/personalfinancing_sinhala_lk
English Medium Group:👇
https://t.me/personalfinancing_english_lk