Nalaka Gamage

Nalaka Gamage Co-founder of Aurora Computer Studies and Lecturer.

27/02/2026
AL-ICT|27| #01|May 02|Concepts of ICT  #1
05/05/2025

AL-ICT|27| #01|May 02|Concepts of ICT #1

AL ICT Sri Lanka (English Medium) Lessons

වර්ග තුනක මිනිස්සු ඉන්නවා.(1) යමක් කිව්වම ඇයි කියල ප්‍රශ්න නොකර කියන ඕන බොරුවක් විශ්වාශ කරන අය.(2) යමක් කිව්වම ඇයි කියල ...
28/04/2025

වර්ග තුනක මිනිස්සු ඉන්නවා.
(1) යමක් කිව්වම ඇයි කියල ප්‍රශ්න නොකර කියන ඕන බොරුවක් විශ්වාශ කරන අය.
(2) යමක් කිව්වම ඇයි කියල ප්‍රශ්න කරලා හේතුව විදියට කියන ඕනෑම බොරුවක් විශ්වාශ කරන අය.
(3) යමක් කිව්වම ඇයි කියල ප්‍රශ්න කරලා හේතුව විදියට කියන දෙයත් ප්‍රශ්න කරලා තාර්කිකද යථාර්ථවාදීද කියල විමසන අය.
තුන්වෙනි වර්ගයේ මිනිස්සුන්ට අපි කියනවා විචාර බුද්ධියක් (critical thinking) තියෙන අය කියලා. ඔයා අයිති මොන වර්ගයටද?

31/03/2025

~~ උසස් පෙළ (AL) ගැන තීරණය ගන්න උදව්වක් ~~
(1) මුලින්ම වුර්තිය තෝරාගන්න (ඒක වැඩිය වැදගත් දීර්ගකාලීන) තීරණයක්. ඊලගට තමන් කරන්න බලාපොරොත්තු වෙන වුර්තියට අදාළ විෂය ක්සේත්‍රය (විෂයන්) තෝරාගන්න. ඕක අනෙක් පැත්තට කරොත් තමන් අමාරුවේ. උසස්පෙළ අවුරුදු දෙකයි, වුර්තිමය ජීවිතය දශක ගානක්.

(2) තමන්ගේ වුර්තිය ක්සේත්‍රය තෝර ගනිද්දී වැදගත් කරුණු කිහිපයක්;
- තමන් දක්ෂ ක්ෂේත්‍රයක්
- තමන් කැමති ක්ෂේත්‍රයක්
- තමන්ට (ජරාව පගාව හොරකම් නැතිව) ජීවත්වෙන්න ප්‍රමාණවත් අදායමක් ලැබෙන ක්ෂේත්‍රයක්

(3) තමන් AL වලින් පස්සේ උසස්/වුර්තීය අධ්‍යාපනයට යොමුවෙන්න ප්‍රධාන ඉලක්කය රජයේ විශ්ව විද්යලයකින්ද පුද්ගලික අංශයෙන්ද කියල දැන්ම අදහසක් ඇතිකර ගන්න. (රජයේ විශ්ව විද්යාලක් පමණක් ඉලක්ක කරනවානම් තරගයට එලබිලා අවශ්‍ය Z-score ගන්න වැඩ කරන්න. පුද්ගලීක විශ්ව විද්‍යාලයකින් හෝ පාඨමාලාවක් ඉලක්ක කරනවානම් බොහෝ වෙලාවට විභාගය සමත් වීම (minimum 3 S passes) මිසක් අධි තරගයක් නැහැ. (සුවිශේෂී පාඨමාලා කිහිපයකදී හැර.)

(4) AL හදාරන මාධ්‍ය තෝරගන්න. තමන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම ගැන බයක් නැත්නම් විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ සහ ව්‍යාපාර අංශයේ අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන එක දීර්ගකාලීන වුර්තීමය ජීවිතයට වාසියක් සහ පහසුවක්. තමන් රජයේ විශ්ව විද්‍යාලයක තරගකාරී පාඨමාලාවකට සූදානම් වෙනවනම් තමන්ට මාධ්‍ය නිසා තරගයේදී අවාසියක් වෙයිද කියලත් සලකල බලන්න. තරගය අවම පුද්ගලික විශ්ව විද්‍යාල ඉලක්ක කරන සිසුන්ටනම් සාමාන්යෙන් ඉංග්‍රීසි මාධ්‍ය වැඩියෙන් සුදුසුයි.

(5) පාසල් ගිහින් AL වලට ඉගෙන ගන්නවද, පාසලෙන් අස්වෙලා පුද්ගලික අධ්‍යාපනයෙන් AL වලට ඉගෙනගන්නවද කියල තීරණය කරන්න. එකම දේ දෙපාරක් ඉගෙන ගන්න තමන්ගේ ජීවිතයේ හොදම කාලය විනාශ කරගන්න එපා. විශේෂයෙන් තමන්ට අවශ්‍ය විෂයන් සහ භාෂා මාධ්‍ය නැති තැන වලදී එඩිතර තීරණ ගන්න. ලංකාවේ කිසිම රජයේ විශ්වවිද්‍යාලයකට හෝ පුද්ගලික විශ්ව විද්‍යාලයකට තොර ගැනීමේදී AL ප්‍රතිඵලය මිසක් පාසලෙන්ද AL අයදුම් කරේ කියල බලන්නේ නැහැ.

(6) Foundation පාඨමාලා හරහා OL වලින් කෙලින්ම උපාධි පාඨමාලාවලට යොමු වෙන්න විශේෂයෙන් පුද්ගලික විශ්වවිද්‍යාල සහ සමහර රජයේ විශ්වවිද්‍යාල වල බාහිර පාඨමාලා වල අවස්ථාව තියෙන බවත් දැනුවත් වෙන්න. තමන්ට ආත්මශක්තිය තියෙනවනම් සහ ඉක්මනට වුර්තියකට හෝ තමන්ගේ ව්‍යාපාරයකට යන්න මේක තවත් මාර්ගයක් බව දැනුවත් වෙන්න.

(7) තමන්ගේ වුර්තීය ජීවිතය (ඊට අදාල අධ්‍යාපනය) ගැන plan A වගේම plan B සහ plan C එකක් තබා ගන්න.

අවසාන වශයෙන්, උසස්පෙළ වසර දෙකට වඩා ඉදිරි වුර්තීමය ජීවිතය ගැන හිතල බුද්ධියෙන් තීරණ ගන්න, ජීවිතය ගැන සැලැස්මක් දැන්ම හදා ගන්න. හැම තිස්සෙම ප්‍රමානාත්මයට වඩා ගුණාත්මය ගැන හිතන්න. හැම තිස්සෙම ඵලදායිතාව ගැන හිතන්න. ලෝකයට විවුර්ත වෙන්න. ගුරුවරු මත විතරක් වහල් වෙන්නේ නැතිව අන්තර්ජාලය, generative AI, YouTube වගේ නූතන තාක්ෂනය එක්ක අධ්‍යාපනය ලබන්න. අනෙක් අයව කොපි කරන්න එපා, අනෙක් අය එක්ක තරග කරන්න එපා, තමන්ට හැකි උපරිමය කරන්න. තව වසර කිහිපයකින් දෙමවුපියන්ට හෝ වෙනත් කෙනෙක්ට නැත්නම් රජයට (පුරවැසියන්ට) බරක් නොවෙන්න හැකි වුර්තිකයෙක් වෙන්න සුදුසු තීරණ ගන්න. පහසු දේ නෙමෙයි හරි දේ කරන්න. රැල්ලට නෙමෙයි තමන්ට අවශ්‍ය මාර්ගයේ ඉදිරියට යන්න.....

https://youtu.be/RoyUsD37oGQ?si=5gsKOhtlEtpC3NSA~~Boolean logic Concepts~~ 1. Conditional implication2. Bi-conditional i...
09/03/2025

https://youtu.be/RoyUsD37oGQ?si=5gsKOhtlEtpC3NSA

~~Boolean logic Concepts~~
1. Conditional implication
2. Bi-conditional implication
3. Consistency of statements
4. Validity of arguments

BIT UCSC (University of Colombo) Study Support Materials

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Nalaka Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nalaka Gamage:

Shortcuts

Share

Category