92' Group PPA President's college - Maharagama

92' Group PPA President's college - Maharagama Presidents College Maharagama

දින දින දිනෙවාජනපති මවුනි.....
18/02/2026

දින දින දිනෙවා
ජනපති මවුනි.....

06/02/2026
Good old memories……
06/02/2026

Good old memories……

අප විද්‍යාලයීය ආදි ගුරු මෑණියක් වූ තමරා දසනායක ගුරු මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.දේහය පිලිබද...
08/10/2025

අප විද්‍යාලයීය ආදි ගුරු මෑණියක් වූ තමරා දසනායක ගුරු මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු.

දේහය පිලිබද අවසන් කටයුතු 2025.10.08 වන බදාදා දින සවස 6ට පන්නිපිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ..

ගුරුමෑණියනි ඔබතුමියට නිවන්සුව ! 🤍

07/10/2025
අපගේ 92' කන්ඩායමෙ සාමාජික, සහොදර තුශාල් සොහොයුරාගෙ ආදරණීය මවගෙ අභාවය පිලිබඳව අපගේ බලවත් කනගාටුවට ….!
27/02/2025

අපගේ 92' කන්ඩායමෙ සාමාජික, සහොදර තුශාල් සොහොයුරාගෙ ආදරණීය මවගෙ අභාවය පිලිබඳව අපගේ බලවත් කනගාටුවට ….!

24/02/2025

අද දින පැවති ආදී ශිෂ්‍ය සංගමයේ නිලවරණයෙන් 2025- 2027 වර්ෂයන් සදහා අභිනවයෙන් පත්වූ නව නිලධාරී මණ්ඩලයට උණුසුම් සුභ පැතුම් 💐💐💐

We wish you a Happy birthday shamila 🎂🎉🎁 92 Group PPA
20/11/2024

We wish you a Happy birthday shamila 🎂🎉🎁
92 Group PPA

20/11/2024

මේක ඔයා කියවන්නම ඕන කතාවක්! කවදා හරි ජීවිතයක් බේරගන්න උදව් වේවි

හෘදයාබාධයක් ද? නැත්තං ගැස්ට්‍රයිටිස් ද? සුමුදු ප්‍රධාන ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරියෙක් . දවස තිස්සෙම ආයතනයේ වෙළඳ කටයුතු පිළිබඳව මහන්සි වෙනවා. ආයතනය වෙනුවෙන් විවිධ මීටින්වලට යන්න සිද්ධ වෙනවා. මේ උත්සව ඉවර වෙන්නේ මත්පැන් සාදයකින්. සුමුදු දුම් බොන කෙනෙක්. සුමුදුගේ කාර්යබහුල ජීවන රටාව නිසා ව්‍යායාමයක් කරන්න යොමු වුනෙත් නැහැ. මේ වෙනකොට සුමුදු අධික ස්තූලතාවෙන් පෙළෙනවා. දවසක් සුමුදුට ව්‍යාපාරික කටයුත්තකට නුවරඑළියට යන්න සිද්ධ වුණා. වාහනය එලවගෙන ගියේ සුමුදු. නමුත් තනියට තව යාළුවෙක් එක්කගෙන ගියා. නුවරඑළියේ මීටින් එක ඉවර වෙලා මත්පැන් සාදයකින් පසුව දවල්ටත් කෑම කාලා නවාතැන්පොළට ගියා. හවස තිස්සෙම සුමුදුට පපුවේ දැවිල්ලක් දැනුනා. ඒ දැවිල්ල හරියට පපුවේ මැද්දෙන් ආවෙ. හරියට ඇඹුල් විනාකිරි වැඩිපුර දාපු කෑමක් කෑවෑයින් පස්සේ බඩේ දැවිල්ලක් එනවා වගේ. සුමුදුට දාඩියත් දැම්මා. මහත වැඩි නිසා සුමුදු ඉඳගත්තහම බඩ තෙරපෙනවා වැඩියි. බොහෝ වෙලාවට කෑමෙන් පස්සේ උගුරට එන ගතියකුත් සුමුදුට තියෙනවා. තෙල් වැඩි කෑම දවල්ට කාපු නිසා සුමුදු හිතුවම ගැස්ට්‍රයිටිස් ගතියක් ඇවිල්ලා උගුරට එනවා වගේ කියලා. වෙනදා ගැස්ට්‍රයිටිස් වැඩි උනහම එනවා වගේ වේදනාවක්/ දැවිල්ලක් නිසා සුමුදු පොඩ්ඩක් විවේක ගන්න ඇඳට ගියා. යන ගමන් යාළුවට මේ වේදනාව ගැනත් කිව්වා. යාලුවා කිව්වා "මචං අපි දැන් කොල්ලො නෙවෙයි , ඒ නිසා පපුවේ අමාරුවක් වේදනාවක් ආවොත් පොඩ්ඩක් හිතන්න ඕනේ හාට් ඇටෑක්ද දන්නෙත් නෑ" හෘදයාබාධයකදී නැත්තං හාට් ඇටෑක් එකකදී එන වේදනාව ගැන සුමුදු අහල තිබුනේ වෙනස් විදිහකට. පපුවේ වම් පැත්තේ හිර කරනවා වගේ වේදනාවක්. වම් අත දිගේ පැතිරීගෙන යන වේදනාවක්. ඔය විදිහට තමයි හෘදයාබාධක් නිසා ඇතිවන පපුවේ වේදනාව ගැන අහල තිබුණේ. සුමුදුගේ වේදනාව එහෙම වේදනාවක් නොවන නිසා සුමුදු හාට් ඇටෑක් එකක් ගැන බයක් ඇතිකර ගත්තේ නැහැ. සුමුදු නිදාගන්න ඇඳට ගියා. ඇඳේ ඒ මේ අත හාන්සිවෙලා බැලුවා. ඒත් නින්ද යන්නෙ නැහැ. පපුවේ දැවිල්ල වැඩිවෙන්නෙත් නැහැ. වේදනාව ඒ වගේමයි. අඩු වෙන්නෙත් නෑ. පැය දෙක තුනකට පමණ පස්සේ ඇඟටත් පණ නැති ගතියක් ආවා. නින්ද යන්නෙත් නැහැ. වෙනදට වැඩිය වෙනස්. සුමුදු යාළුවට කතා කරා. සුමුදුගේ අදහස වුණේ ඇඟට ටිකක් හරි මදි නිසා ඉක්මනින්ම කොළඹ ගෙදරට යන්න. නමුත් යාලුවගෙ පෙරැත්තට සුමුදු ළඟම තියෙන රෝහලට ගියා. රෝග ලක්ෂණ කිව්වයින් පස්සේ වෛද්‍යවරයා සුමුදුගේ හෘදයේ ECG පටියක් ගත්තා. ඒ වගේම රුධිර පරීක්ෂණ වලටත් ලේ ගත්තා. හෘදයාබාධයකදී රුධිරයේ ඇතැම් එන්සයිමවල වැඩිවීමක් සිදුවෙනවා. මේ රුධිර පරීක්ෂණවලින් තහවුරු කරගන්න පුළුවන් මේ වෙලාවේදී ඇතිවෙලා තියෙන්නේ හෘදයාබාධයක් ද ?නැද්ද? කියන එක. ඒත් එක්කම සුමුදුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කරා. හදිසි ප්‍රතිකාර ඒකකයේදී සුමුදුගේ රුධිර පීඩනය මැන බැලුවා. හදිසි ප්‍රතිකාරයක් වශයෙන් දිව යට තියන පෙත්තකුත් තිබ්බා. ECG පරීක්ෂණ වාර්තාවයි, රුධිර පරීක්ෂණ වාර්තාවයි ලැබුණායින් පස්සේ වෛද්‍යවරයා තීරණය කළා සුමුදුට හෘදයාබාධයක් ඇතිවී තිබෙන බව. සුමුදුට අදහා ගන්න බැරුව ගියා. යාළුවා කියපු දේ අහන්නැතුව කොළඹ ගියා නම් මගදි ලොකු අනතුරක් සිද්ධ වෙනවා. සමහරවිට ජීවිතෙත් නැති වෙන්න තිබුණා. සුමුදුට හෘදයාබාධය සඳහා මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් වැඩි වෛද්‍ය පහසුකම් සහිත රෝහලකට මාරු කරා. ඒ රෝහලේදී සිදුකළ Angiogram පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණා. සුමුදුගේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි වල ශාඛා කීපයක් අවහිරවී ඇති බව. හෘදය තුළ කොතරම්ම රුධිරය තිබුණත් හෘදයේ භාවිතය සඳහා රුධිරය ලබාගන්න බැහැ. හෘදයට රුධිරය සපයන්නේ වෙනමම අතු බෙදී ගිය ලේ නහරයකින්. හෘදයේ බිත්තිවල ඇති මාංශ පේශවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සපයන කුඩා ලේ නහර කිරිටක දමනි ලෙස හඳුන්වනවා. මෙම කිරීටක දමනි අවහිර වීමක් සිදුවුනොත් හෘදයේ මාංශපේෂියට ලැබෙන රුධිරය අවහිර වී හෘද මාංශ පේශි මිය යනවා. මේ තත්ත්වය තමයි හෘදයාබාධයක් කියන්නේ. එවිට පෙර පරිදි හෘදයේ සංකෝචනය සිදුවන්නේ නැහැ. එවිට දේහය පුරා රුධිරය පොම්ප කිරීම ඇණ හිටිනවා. හෘදයාබාධයකට ඉක්මනින්ම ප්‍රතිකාර කර එම අවහිරතා ඉවත් කරේ නැතිනම් රෝගියා මිය යන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී ඉක්මනින්ම හෘදයාබාධයකින් පෙළෙන සුමුදුව හදිසි ශල්‍යකර්මයකට යොමු කරා. සුමුදුගේ ප්‍රධානවම අවහිර වී ඇති කිරීටක ධමනියට stent එකක් දමා අවහිරතාවය වැළැක්වූවා. සුමුදුගේ ජීවිතය බේරුනා. සුමුදු යාළුවට මුළු හදවතින්ම ස්තුති කළා. යාළුවගේ කීම අහපු නිසයි සුමුදු බේරුනේ. හෘදයාබාධයක් නිසා එන වේදනාවයි ගැස්ට්‍රයිටිස් නිසා එන පපුවේ වේදනාවයි බොහෝ දෙනෙක් පටලව ගන්නවා. හෘදයාබාධයක දී පෙන්නන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙකුට පපුව හිර කරනා වගේ. තව කෙනෙක් කියන්නේ පපුව උඩ ගලක් තිබ්බ වගේ හුස්ම ගන්න බැරි වෙනවා වගේ වේදනාවක් දැනෙනවයි කියල. තව කෙනෙක්ගෙ වේදනාව පපුව දැවිල්ලක් වගේ බොහෝ වෙලාවට මේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා පටලව ගන්නවා. හෘදයාබාධයකදී පපුවේ වම් පැත්තෙන් ඇවිත් වම් අත දිගේ පැතිරෙන වේදනාව හැමෝටම එන්නෙ නැහැ. සමහර අය කියන්නේ වේදනාව බෙල්ල දිගේ ගියයි කියලා. තවත් අය කියනවා තද දතක වේදනාවක් දැනුනයි කියලා. සමහර අයගේ වේදනාව පිටුපස කොන්දෙනුත් එනවා. හෘදයාබාධයකදී ඇතිවන වේදනාව පුද්ගලයා අනුව වෙනස් වන නිසා පපුවේ වේදනාව ගැස්ට්‍රයිටිස් කියලා නොසලකා හැරියොත් නරක ප්‍රතිවිපාක ඇතිවෙන්න පුළුවන්. පපුවේ වේදනාවක් ආවොත් වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයකට එන එක වඩා හොඳයි. සුමුදුගේ කතාව මතක තියාගන්න.

06/11/2024

කනගාටුවවෙන් දැනුම්දීමයි..!

අපගේ 92' කන්ඩායමෙ ගීතානි මල්කාන්ති සහෝදරියගේ දයාබර පියාණන් දිවියෙන් සමුගෙන ඇත .
අවසන් කටයුතු අද දින එනම් 2024.11.06 දින සිදුකෙරේ.
දෙහය තැම්පත් කරඇත්තෙ, නව ඉන්ද්‍රා මල්ශාලාව- පිටිපන හංදිය හෝමාගම.

පියාණන්ට නිවන් සුව ලැබේවා ....!
🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏

17/10/2024

Giant's Day - 2024
දැවැන්තයින්ගේ දිනය - 2024
ඔක්තෝබර් මස 27 ඉරිදා උදෑසන 8 සිට සවස 6 දක්වා
නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී
ආදි ශිෂ්‍ය ශිෂ්‍යා ක්‍රිකට් තරඟ / කඹ ඇදීම / සංගීත පුටු / තවත් විනෝද ජනක තරඟ / දරුවන් සඳහා විනෝද ක්‍රීඩා / DJ සංගීතය / ආහාර පාන සඳහා වෙළෙඳ කුටි
පවත්වන ක්‍රිකට් තරඟ සඳහා බැච් වශයෙන් ලියාපදිංචි වීමට ඔක්තෝබර් 18 දිනට පෙර අයදුම් කරන්න
ටිකට් පතක් - රු. 1,000/=
දරුවන්ට / බිරිඳ / සැමියාට ඇතුල්වීම නොමිලේ
තරඟ පිළිබඳ විමසීම් -
විරාජ් කල්හාර - 0777 355 625
ප්‍රසන්ග විජේනායක - 0777 550 888
විශේෂ ටී ශර්ට් ඇණවුම් සඳහා විමසීම් -
දුලිත කාංචන - 0718 355 305
අනෙකුත් විමසීම් -
බුද්ධික ලක්මාල් පෙරේරා - 0773 788 926
ප්‍රදීප් වීරකෝන් - 0775 926 141
චින්තක සුරංග - 0711 040 800
මණිල්ක හර්ෂණ - 0715 333 476
සුදේෂ් බොරලැස්ස - 0771 430 155
රංග ඉමාෂ - 0702 900 302
නාත් ඉන්දික - 0773 797 150
සමන් චන්දන - 0772 549 197
සුරාජ් ද සිල්වා - 0777 747 400
එන්න සතුටින් විඳින්න -
ජනපතියේ අපි එකට

Address

Mahamega Watta Road
Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when 92' Group PPA President's college - Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category