06/07/2026
තුරුණු සවියන් පොරොන්දුදීමේ උත්සවය - 2026
අපවත්වී වදාළ අග්ගමහාපණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ 113 වන උපත් සමරුව නිමිත්තෙන්, මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ වාර්ෂිකව සිදු කෙරෙන තුරුණු සවියන් පොරොන්දුදීමේ උත්සවය 2026 ජූනි 21 ඉරු දින පැවැත්විණි.
රත්නපුර බෝධිගිරි විහාරස්ථ මහානාම දහම් පාසලේ, සාමාජික පදක්කම, පෙරමග ප්‍රවීණතා පදක්කම, ව්‍යාපෘති සම්පූර්ණ කළ දරුවන් සහ නිර්මාතෘ අභිපූජන සම්මානය සඳහා සුදුසුකම් ලැබූ දරුවන්, ගුරුභවතුන් සහභාගී විය.