Chooty Teacher • චූටි ටිචර්

Chooty Teacher • චූටි ටිචර් ගුරු සේවයට ආසා කරන,ගුරු සේවයට එන්න ඉන්න,ගුරු සේවයේ ඉන්න,ගුරු සේවයේ හිටපු හැමෝටම මෙම සමුහය විවෘතයි.

විද්‍යාපීඨ සම්මුඛ පරික්ෂණ අප්‍රේල් 21 වන දා සිට පැවැත්වේ.
18/04/2026

විද්‍යාපීඨ සම්මුඛ පරික්ෂණ අප්‍රේල් 21 වන දා සිට පැවැත්වේ.

17/04/2026

පාසල් අලුත් අවුරුදු උත්සව -2026
Kumbaloluwa Junior School - KKV

unit
Request: 2026.04.10

විද්‍යාපීඨ වල ඇති හොල්මන් Room - Room No-18 ඔයාලාගේ ? fansNational Institute of Education - Sri LankaPasdunrata National...
17/04/2026

විද්‍යාපීඨ වල ඇති හොල්මන් Room -
Room No-18 ඔයාලාගේ ?
fansNational Institute of Education - Sri LankaPasdunrata National College Of EducationSirasa TVAda Derana Sinhala

ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්..විද්‍යාපීඨ ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහළට - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය        ...
26/02/2026

ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්..විද්‍යාපීඨ ඩිප්ලෝමාව උපාධියක් දක්වා ඉහළට - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

01.30 ට ගෙදර යන ටීචර් ..      රැකියාවක් යනු මුදල් ඉපයීම ප්‍රධාන අරමුණක් කොටගෙන මිනිසුන් විසින් තෝරාගන්නා මාධ්‍යයකි. තම ක...
27/01/2026

01.30 ට ගෙදර යන ටීචර් ..

රැකියාවක් යනු මුදල් ඉපයීම ප්‍රධාන අරමුණක් කොටගෙන මිනිසුන් විසින් තෝරාගන්නා මාධ්‍යයකි. තම කැමැත්ත, දක්ෂතා, සුදුසුකම් හා පළපුරුද්ද මත බොහෝ විට තමා කරන රැකියාව තීරණය වේ .ලොව උසස් රැකියා ,පහත් රැකියා ,උතුම් රැකියා ලෙස මිනිසුන් විවිධ වර්ගීකරණයන් ගෙනහැර දැක්වුවද, නීත්‍යානුකූල රැකියාවක නිරත වන සියලුම දෙනා රටකට සමාජයකට සපයන්නේ සේවයකි.

මේ අතරින් ගුරු වෘත්තිය පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ වැරදි ආකල්පයකි. සවස් වරුව ගෙදර සිටින , සති අන්තයේ ගෙදර සිටින ,අවුරුද්දට මාස තුනක් නිවාඩු ලැබෙන ,අරුම පුදුම ලෙහෙසි රැකියාවක් ලෙස සමහරු එය සලකති . නමුත් යථාර්ථය ඊට හාත්පසින්ම වෙනස් එකකි .මන්දයත් ගුරුවරුන් තම සිසුන් ව පන්ති කාමරයේ ,විද්‍යාගාරයේ ,සංගීත කාමරයේ, පාසැල් පිට්ටනියේ පමණක් නොව හදවතේ ද තබාගෙන රැකියාව කරන බැවිනි.

රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා සියලු පාසල් පවත්වන කාලය වන්නේ පැය හයකි. විවේක කාලයක් ඇතුළුව කාලපරිච්ඡේද අටක් හෝ නවයක් ( පාසල අනුව ) , ද්විතීක අංශය සඳහා වෙන්ව ඇති අතර ,ප්‍රාථමික අංශයේ වේලාවන් ශ්‍රේණියෙන් ශ්‍රේණියට වෙනස් වේ .උදෑසන පාසලට ඇතුළු වීමේ සිට සවස පාසලෙන් පිටවන තෙක්ම දරුවන්ගේ වගකීම පැවරී ඇත්තේ ගුරුවරුන්ට ය .එය විෂය නිර්දේශය සම්පූර්ණ කර දරුවන් විභාග සඳහා සූදානම් කිරීමෙන් අවසන් නොවේ.

බොහෝ රජයේ පාසල් වල එක් පන්තියක සිසුහු 50 කට ආසන්න ප්‍රමාණයක් සිටිති.එමෙන්ම සහය ගුරුවරු ( assistant teachers) නොමැත. පෞද්ගලික පාසල් වල ප්‍රාථමික අංශය සඳහා සහාය ගුරුවරු සිටින නමුදු ද්විතීක අංශ වල දී මේ තත්ත්වය ඉහත හා සමාන වේ .බහුතරයක් ගුරුවරු සතියක කාලච්ඡේද හතළිහෙන් (8*5) 35 ක් හෝ ඊට වැඩි ගණනක් ඉගැන්වීමේ නිරත වෙති. සතියකට කාලච්ඡේද 35ක් වැඩකරන ගුරුවරයෙකු දළ වශයෙන් දිනකට කාලච්ඡේද හතක් ඉගැන්වීම් කටයුතුවල නිරත වෙයි. එපමණක් නොවේ ; ළමුන් 45ක් දළවශයෙන් පන්තියක සිටින්නේ යැයි උපකල්පනය කළහොත්, පන්ති පහකට උගන්වන ගුරුවරයකු පොත් 225ක් සතියකට ලකුණු කළ යුතුය. ‍ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ට ද්වීතික අංශයේ ගුරුවරුන් තරමටවත් විවේකයක් නොමැත. ඔවුන් දිනපතා පොත් ලකුණු කළ යුතුය. විවේක කාලයේ දී ද දරුවන් සමග පන්ති කාමරයේ රැඳී සිටිය යුතුය.

✅විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම.
✅පොත් ලකුණු කිරීම.
✅පාඩම් අවසානයේ පරීක්ෂණ පැවැත්වීම.
✅මාසික පරීක්ෂණ පැවැත්වීම.
✅වාර විභාග සඳහා සිසුන් සූදානම් කිරීම. (පුනරීක්ෂණ )
✅වාර විභාග පැවැත්වීම.
✅ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම.
✅ප්‍රගති වාර්තා ලකුණු කිරීම.
✅දෙමාපිය රැස්වීම් වලට සහභාගි වීම

ආදිය අධ්‍යයනය කටයුතු සම්බන්ධව ගුරුවරුන් හට පැවරී ඇති ප්‍රධාන කර්තව්‍යයන් වේ. වාර විභාගයක් අවසානයේ එකතු වන උත්තර පත්‍ර සිය ගණනක් එකින් එක පරික්ෂා කිරීමට පාසල් කාලය යොදාගත නොහැකි අතර එය කිසිසේත්ම ප්‍රමාණවත් ද නොවේ. ඒ සියල්ල නිවසට රැගෙන ගොස් හෝ පාසලේ රැඳී සිට ලකුණු කළ යුතුය.

පාසල් නිවාඩු කාලය මාස තුනක් යැයි සියලු දෙනා සිතා සිටියද මාසයක නිවාඩුවක් ලැබෙන්නේ අගෝස්තු මාසයේ දී සහ දෙසැම්බර් මාස වල දී පමණි. අප්‍රියෙල් මාසයේ ලැබෙන්නේ සති දෙකක වැනි කෙටි නිවාඩු කාලයකි. එම නිවාඩු කාල වලදීද අ.පො.ස. සාමාන්‍ය පෙළ ( දෙසැම්බර් ) සහ උසස් පෙළ ( අගෝස්තු ) විභාග කටයුතු සඳහා ද, උත්තර පත්‍ර පරික්ෂා කිරීම සඳහා ද බොහෝ ගුරුවරු සහභාගී වෙති. එලෙස විභාග කටයුතු සඳහා සහභාගි වන ගුරුවරුන්ගේ අඩුව පිරවීමට පාසලේ රැඳී සිටින ගුරුවරු යොදා ගැනේ. එමෙන්ම බොහෝ පාසල්වල 10, 11 ශ්‍රේණි වල ගුරුවරුන් හට නිවාඩු කාලවල දී අමතර පන්ති පැවැත්වීම අනිවාර්ය වේ. ඒ අනුව බලන කල නිවාඩුව නිවාඩුවක් නොවන නිවාඩුවකි.

✅පාඩම් සැලසුම් කිරීම.
✅වාර සටහන් සහ දින සටහන් ලිවීම.
ගුරුවරයකු සතු තවත් කාර්යභාරයකි .පෙළපොත දිගහැර පාඩම කියවා අභ්‍යාස කරන ගුරුවරුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර, තාක්ෂණය , ක්‍රියාකාරකම් සහ විවිධ ඉගැන්වීම් ක්‍රමවේද භාවිතා කරන ගුරු ප්‍රතිශතය ඉහළ යමින් පවතියි. මේ සඳහා පෙර සූදානම් වී අවශ්‍ය දත්ත සහ මෙවලම් සූදානම් කර ගැනීම ද ගුරුවරයා අතින් ඉටු වන තවත් කාර්යයකි.

මිනිත්තු 5ක් පන්තියට යාමට ප්‍රමාද වීමේ දී සිදු වූ සිසු ගැටුමකදී අංශ ප්‍රධානියා හෝ වෙනත් වගකිවයුත්තකු අසනුයේ “ කවුද ඔයාලගේ ටීචර්?”යනුවෙනි. නඩු අසා තීන්දු දී ද හමාරය. වරද සිසුන්ගේ ස්වයං පාලනයේ නොව ප්‍රමාද වූ ගුරුවරයා ගේ ය. එවැනි නඩු හබ විසඳීම ද ගුරුවරයකුගේ දින චරියාවේ අනිවාර්ය අංගයකි.

අධ්‍යයන කටයුතු හා සම්බන්ධ වගකීම් වලට අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම් රැසකට ද ගුරුවරුන්ගේ දායකත්වය හිමිවේ.
✅ පාසල් ක්‍රීඩා උත්සවය ඇතුළු අනෙකුත් උත්සව.
✅ වාර්ෂික චාරිකා පාසල් සමිති සහ සංගම්.
✅ ශිෂ්‍ය නායකයන් පත් කිරීම.
✅ සිසුන්ගේ විනය සම්බන්ධ කටයුතු.
✅ භාෂා දින තරඟ ප්‍රාසාංගික කලා තරග සහ අනෙකුත් විෂයයන් සම්බන්ධ තරග.
✅ අධ්‍යාපනික වැඩමුළු.

ඉහත සඳහන් කළ බොහෝ දේ පාසල් කාලය තුළ සම්පූර්ණ කිරීම කොහෙත්ම කළ නොහැක්කක් බව ඕනෑම අයෙකුට වටහා ගත හැකිය.මේ සඳහා ගුරුවරුන් වැය කරන්නේ තම පෞද්ගලික කාලය සහ ශ්‍රමය යි .සමහර විටෙක පෞද්ගලික ධනයද වියදම් වන අවස්ථා නැතුවාම නොවේ .නමුත් ඔවුන්ට

❌ අමතර ගෙවීම් නොමැත.
❌විශේෂ දීමනා නොමැත.
❌ බෝනස් නොමැත.

ලැබෙන්නේ මාසික වැටුප පමණකි. සමහර පෞද්ගලික පාසල් වල වර්ෂ අවසානයේදී, වැටුපට අමතරව දීමනාවක් ගුරුවරුන්ට ලැබෙන මුත් එය සෑම පෞද්ගලික පාසලකටම අදාල නොවේ.

වාරයක් අවසානයේ මෙලෙස වගකීම් වලින් හෙම්බත් වන ගුරුවරයෙකුට , නිවාඩු කාලයක් අවශ්‍ය නොවේ යැයි කිසිවෙක් සිතන්නේ නම් එය හැඟීම් විරහිත සිතුවිල්ලකි . මන්දයත් කායික මෙන්ම මානසික ශ්‍රමය ද එකසේ යෙදිය යුතු ගුරු වෘත්තිය යනු වෙහෙසකර රැකියාවක් වන බැවිනි.

අප රටේ සියලුම ගුරුවරු මෙලෙස තම රාජකාරිය අකුරටම ඉටු කරන්නේ යැයි මම නොකියමි.ගුරුවරයා යන නමින් ආමන්ත්‍රණයක් ලැබීමට පවා නුසුදුසු පිරිසක්ද මේ අතර සිටින බව සැබෑවකි.නමුත් එය එසේ වන්නේ ,ඒ ඒ මිනිස්සුන්ගේ පෞද්ගලික ගතිගුණ නිසා මිස ගුරුවෘත්තියේ වරදක් නිසා නොවේ. එවන් මිනිසුන් මෙලොව ඇති සෑම වෘත්තියකින් ම සොයාගත හැකිය. එම නිසා විනිශ්චය දෙවියන්ට බාර කොට යථාර්ථය පමණක් ඔබ හමුවේ තැබුවෙමි.

වැඩ වැඩි වන තරමට අඩුවන්නේ ගුරුවරයකුගේ ඵලදායිතාවයි. එහි අහිතකර බලපෑම අවසානයේ අත් වන්නේ අනාගත පරපුරටයි. ප්‍රායෝගිකව දරාගත හැකි වැඩ ප්‍රමාණයක් පැවරීමෙන්, ගුරුවරයකුට නිදහස් මනසින් ඉගැන්වීමේ නිරත වීමට හැකි වනවා මෙන් ම ,අලුත් දේ අත්හදා බැලීමට ඇති ඉඩකඩ ද වැඩි වේ . සරලවම කිවහොත් ප්‍රීතිමත් ශිෂ්‍යයකු බිහිවන්නේ ප්‍රීතිමත් ගුරුවරු සිටියහොත් පමණි.

“ගුරුවරුද මනුෂ්‍යයෝය “ තේරුම් ගැනීම සහ අවබෝධය ඔබට භාර කරමි. 🙏

ගුරු සිත _ Guru Sitha
උපුටා ගැනීමකි

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශ...
02/01/2026

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය අද (1) රාත්‍රියේ මේ බව පැවසීය.

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය හෙට (2) දින නිකුත් කරන බවද සඳහන්.

ඒ අනුව,

- 2026 වසර තුළ 5 -13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙ.ව 7.30 - ප.ව 1.30 ලෙස නොවෙනස්ව පවතියි.

- රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් 2026 වර්ෂයේ පළමු වාරය සඳහා ජනවාරි 5 දින ආරම්භවීමට නියමිතය.

- 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දිනකට කාලච්ඡේද සංඛ්‍යාව 7කි.

- එක් කාලච්ඡේදයක් සඳහා මිනිත්තු 45ක් වෙන් කෙරේ.

- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා 2026 වසරේදී ක්‍රියාත්මක වේ.

- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ 6 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු විධිමත් ලෙස, 2026 ජනවාරි 21 වනදා ආරම්භවීමට නියමිතය.

- 1 ශ්‍රේණිය සඳහා දරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලිය 2026 ජනවාරි 5 වනදා ආරම්භ වන අතර, විධිමත් ලෙස අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ 2026 ජනවාරි 29 වනදාය.

- 1 ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් පොත් සහ 6 ශ්‍රේණියට අදාළ ඉගෙනුම් මොඩියුල එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භවීමට පෙර සිසුන්ට ලබාදී අවසන් කිරීමට කටයුතු සළසා ඇත.

- අනෙකුත් ශ්‍රේණි සඳහා අවශ්‍ය පෙළ පොත් මේ වනවිට බෙදා අවසන් කර ඇත.

- 2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස 2026 ජනවාරි 12 සිට 20 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

2025.12.23 - update නැවත පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ  මාධ්‍ය නිවේදනය. නිවාඩු දින : 12/23 සිට 01/04 දක්වා නැ...
23/12/2025

2025.12.23 - update
නැවත පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනය.

නිවාඩු දින : 12/23 සිට 01/04 දක්වා
නැවත පාසල් ආරම්භය : 2026.01.05

රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන්, බලපෑමට ලක් වූ පාසල් නැවත විවෘත කිරීම සඳහා නිශ්චිත දිනය අද (08) තීරණය කරන බව අධ්‍...
09/12/2025

රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන්, බලපෑමට ලක් වූ පාසල් නැවත විවෘත කිරීම සඳහා නිශ්චිත දිනය අද (08) තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසයි.

අද අධ්‍යාපන අමාත්‍යාංශයේ (MOE) පැවැත්වෙන රැස්වීමේදී මෙම තීරණය ගන්නා බවයි ඔහු සදහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන්, ඔහු තවදුරටත් දැනුම් දුන්නේ රටේ පාසල් 500 කට වැඩි ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇති අතර පාසල් සිසුන් 100,000 කට වැඩි පිරිසක් බලපෑමට ලක්ව ඇති බවයි.

නායයෑම් හේතුවෙන් මියගිය පාසල් සිසුන් සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යාලේඛන තවමත් ලැබී නොමැති බවත්, බොහෝ සිසුන්ගේ සියලුම පාසල් පොත්, බෑග් සහ සපත්තු හානි වී ඇති බවත් බදුලෙයි, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර සහ අනෙකුත් ප්‍රදේශවල හානියට පත් සියලුම පාසල් මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින බවත් ඔහු පවසයි.

එමෙන්ම ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල පාසල් සිසුන්ගේ මානසික සුභසාධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවද සදහන් වේ.

කෙසේ නමුත් යුනිසෙෆ් සංවිධානය පවසා ඇත්තේ ටිට්වා සුළි කුණාටුවෙන් රටේ පාසල් දරුවන් 275,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ...
03/12/2025

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

New update (2025.12.02)දිවයිනේ සියලු පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණයක්..
02/12/2025

New update (2025.12.02)
දිවයිනේ සියලු පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණයක්..

Address

Maharagama

Alerts

Be the first to know and let us send you an email when Chooty Teacher • චූටි ටිචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chooty Teacher • චූටි ටිචර්:

Shortcuts

Share