18/11/2025
2028 වන තුරු Apple Watch අලුත් Design එකක් නොඑනු ඇති බව වාර්තා වෙයි
Instant Digital නමැති leaker කෙනෙකුට අනුව, Apple සමාගම 2028 වසර වනතුරු Apple Watch සඳහා ප්‍රධාන redesign එකක් හඳුන්වා දීමට කටයුතු කරන්නේ නැහැ. ඒ අනුව 2026 දී නිකුත් වන watch lineup එක පවා දැනට පවතින මාදිලිවලට සමාන වනු ඇතැයි පැවසෙනවා.
මීට පෙර DigiTimes වාර්තා කර තිබුණේ 2026 දී එන නව model එකක blood glucose monitoring වැනි අලුත් sensors නිසා එහි පෙනුමේ “සැලකිය යුතු” වෙනසක් සිදුවනු ඇති බවයි. නමුත් මෙම නවතම තොරතුර ඊට පටහැනියි. Bloomberg හි Mark Gurman මීට පෙර සිහින් case එකක් සහ magnetic band system එකක් ගැන සඳහන් කළත්, Series 10 හිදී case එක සිහින් වුවද magnetic band එකක් හඳුන්වා දුන්නේ නැහැ.
2026 මාදිලියට under-screen Touch ID තාක්ෂණය එක්විය හැකි බවටද තොරතුරු ඇතත්, එය watch එකේ බාහිර පෙනුමට බලපෑමක් නොකරනු ඇත. මෙම තොරතුරු ලබාදුන් Instant Digital ගේ track record එක mixed එකක් නිසා මෙම අනාවැකිය 100%ක් නිවැරදි යැයි කිව නොහැකියි.