Media Art Academy

Media Art Academy The only media academy registered under TVEC to produce fully equipped media professionals to the n

26/01/2025
තාවකාලික රැකියා අවස්ථාවක්...විස්තර සඳහා පහත අංකයට WhatsApp කරන්න.076 841 6077
19/01/2025

තාවකාලික රැකියා අවස්ථාවක්...
විස්තර සඳහා පහත අංකයට WhatsApp කරන්න.
076 841 6077

ඇඹිලිපිටියට,හොඳම අවස්ථාවක්...කොළඹ දී වත් නොලැබෙන මුදලකට...ප්‍රවීණ මාධ්‍යවේදීන් මෙහෙයවන හඬකැවීම් සහ නිවේදන පාඨමාලාව...දැන...
03/12/2023

ඇඹිලිපිටියට,හොඳම අවස්ථාවක්...
කොළඹ දී වත් නොලැබෙන මුදලකට...
ප්‍රවීණ මාධ්‍යවේදීන් මෙහෙයවන හඬකැවීම් සහ නිවේදන පාඨමාලාව...
දැන් ඇඹිලිපිටියේ දීම.
අමතන්න
0779565573

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ, සියලුම ප්‍රතිඵල ලැබූ සියලු දරුවන්ට, අපගේ හද පිරි සුභ පැතුම්...!ඔබ සියලු ද...
01/12/2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ, සියලුම ප්‍රතිඵල ලැබූ සියලු දරුවන්ට, අපගේ හද පිරි සුභ පැතුම්...!
ඔබ සියලු දෙනාගේ ඉදිරි අනාගතය, යහපත් වේවා...!

03/10/2023

රාජාලියෙකු ඇල්ලීමට එඩිතර වන එකම පක්ෂියා වන්නේ කපුටාය...
කපුටා රාජාලිගේ පිටේ හිඳගෙන බෙල්ල සපා කයි...

රාජාලියා කලබල නොවන අතර ප්‍රතිචාර නොදක්වයි,
කපුටා සමඟ සටන් නොකරයි,
කපුටා සඳහා කාලය හෝ ශක්තිය වැය නොකරයි.....

රාජාලියා පියාපත් විවෘත කර අහසේ ඉහළට නැඟීමට පටන් ගනී, ඉහලට පියාසර කරන තරමටම කපුටට හුස්ම ගැනීමට අපහසු වන අතර ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා ඇද වැටේ.....

රාජාලියාගෙන් ඉගෙන ගෙන කපුටන්ට එරෙහිව සටන් නොකරන්න....

ඔබ ව්‍යාපාරයක් කරනවිට, රැකියා ස්ථානයේ මෙන්ම සමාජයේත් මෙවැනි කපුටන් මුණ ගැසෙනු ඇත....

එවිට උන් හා සටනට යනවට වඩා වැදගත් වන්නේ තම සුදුසුකම්, පළපුරුද්ද, නිර්මාණශිලිත්වය වැඩි දියුණු කර ගැනීම හරහා කපුටන්ට ළගා විය නොහැකි මට්ටමකට පැමිණීමයි....

ජය ❤❤
Jordan M Fernandes

03/10/2023
03/10/2023

මේ ඔබ දකින්නේ මිනිසාටවත් පරිසරයටවත් කිසිම ප්‍රයෝජනයක් නැති හොන්ඩුරාස් රාජ්‍යයේ චොලුටෙකා (Choluteca) කළාපයෙහි පිහිටි "Choluteca" පාලමයි...

මුළින්ම 1930 වසරේදී ඉදිකරන ලද මෙම පාලම 1996 වසරේදී නැවත ප්‍රතිසංස්කරණය කර ගොඩනඟන ලදී... පාලම එහි තවමත් පැවතුනද, පසුව ඇතිවූ දරුණු කුණාටුවක් නිසා පාළම යටින් ගැලූ ගඟේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස්වී, පැරණි ගඟ නව මාවතක් රැගෙන ගලායන අතර දැන් මෙම පාලම මෙසේ මිනිසාටත් ගඟටත් ප්‍රයෝජනයක් නොමැතිව හුදකලාවී පසෙකින් තිබේ...

- ධම්මික සමරතුංග -
...

03/10/2023

#ජංගම #දුරකතන #හදන #මාරක #ලෙඩ
===============================
රෑ කාලේ ෆෝන් භාවිත කිරීමේදී ගොඩක් දෙනා හිතන්නේ ඒවායේ ඇති විකිරණ සහිත ස්වාභාවය පමණක් අපට අනතුරුදායකයි කියලයි. නමුත් ඔවුන් වැරදියි. ඊටත් වඩා අනතුරුදායක වන්නේ ජංගම දුරකතනවල තිරයෙන් පිටවන Blue Light නැතිනම් නිල් ආලෝකයයි. රෑ කාලේ ලැබෙන මේ නිල් ආලෝකය නිසා අපේ නින්ද අවුල් වෙනවා. එයින් මාරක ලෙඩ රැසක්ම හදන්න හේතු වෙනවා.

මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ. නින්ද විශ්‍රාමය ලබා දෙන්නේ. මෙලටොනික්වලට අහිතකර මෙම නිල් ආලෝකය මගින් මිනිස් සිරුරට වෙන හානිය ගැන දැන් අපි වෙන වෙනම සලකා බලමු.

ඇසට බරපතළ හානි:-

රාත්‍රී කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභි ගතකරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සියින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රූප බොද වී පෙන්න ගන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මණින්ම ඇසේ සුද මතු වීමේ අවදානමකුත් ඇති වෙනවා.

නින්ද නොයාමේ ගැටලු:-

මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්තබවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරි වෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇති වන අනෙකුත් හානි තමා මේ.

හදවත් රෝග
ප්‍රතිචාර දැක්වීමේ පමාව
කෙටි අමතකවීම්
මානසික ආතතිය
සම ඉක්මණින් වයසට යාම
ශරීර බර වැඩි වීම
පිළිකා ඇති වීමේ අවදානමක්

රාත්‍රී කාලයේ නින්දට යාමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇති වෙන වෙනත් සෞඛ්‍ය හානියක් තමයි අපිව පිළිකා ඇති වීමේ අවදානමට ගොදුරු වීම. නිල් ආලෝකය නිසා සිරුර තුළ නිපදවීම සීමා කෙරෙන මෙලටෝනින් හොමෝර්නය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හොඳ හැකියාවක් තියෙනවා. එය අහිමි වීමෙන් අපිව නිබදවම පිළිකාවලට ගොදුරු වීමේ හානිය වැඩියි.
ඔබ දැනගත යුතු තවත් තියනවා. මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි. පරිගණක තිර හා රූපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා.

ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කර ගන්න නම්, මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීම තමයි.

උපුටාගැනිමකී..

උසස් පෙළ කඩයිම ජයගන්න අසීරු වුණාද...?දුක් වෙන්න එපා.ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන Tool එක ඔයා ළඟම තියෙනවා.සීඝ්‍රයෙන් ...
09/09/2023

උසස් පෙළ කඩයිම ජයගන්න අසීරු වුණාද...?
දුක් වෙන්න එපා.
ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන Tool එක ඔයා ළඟම තියෙනවා.
සීඝ්‍රයෙන් ඉහළ යන මාධ්‍ය ක්ෂේත්‍රයේ වටිනාකම ඔබ සතු කරගන්න.

නිවේදනය
හඬකැවීම්
වෙළඳ දැන්වීම්
පසුබිම් කථනය

මේ සියල්ල හොඳින් පුහුණු වී, ක්ෂේත්‍රයේ ඉහළට යන අයුරුත් නිසි ලෙස ඉගෙන ගන්න.
ක්ෂේත්‍රයේ ඉහළම ජ්‍යේෂ්ඨයින්ගෙන් ඉගෙන ගන්න.
ඔබත් අදම ලියාපදිංචි වන්න
077 956 5573

Address

11/1, Nallawatta Road
Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Media Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category