GiMa ගිහාන් මාධව

GiMa ගිහාන් මාධව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GiMa ගිහාන් මාධව, Education Website, Maharagama.

23/09/2025
😂😂
08/08/2023

😂😂

කොච්චර ගනන් ගියත් සල්ලි දීල ගන්න ලෙඩේලෝකයේ අනෙක් රටවල මුඛ පිළිකාව 16 වෙනි තැනට පවතින අතර ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි ද...
27/07/2023

කොච්චර ගනන් ගියත් සල්ලි දීල ගන්න ලෙඩේ

ලෝකයේ අනෙක් රටවල මුඛ පිළිකාව 16 වෙනි තැනට පවතින අතර ශ්‍රී ලංකාවේ කාන්තා සහ පිරිමි දෙපාර්ශවය අතරම මෙය තෙවන ස්ථානයේ පසුවන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

මුඛ පිළිකාව වළක්වාගත හැකි අතරම කල් ඇතිව හඳුනාගැනීම මගින් එය සුව කරගත හැකි බවයි ඇය සඳහන් කරනේ.

ජීවන රටාව නිසි ආකාරව සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යාමෙන් තුනෙන් එකක්ම පිළිකා සෑදීම වළක්වාගත හැකි බව සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ තවත් තුනෙන් එකක් පිළිකා කල් ඇතිව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාරවලට යොමුවී සුවකරගත හැකි බවයි.

ශ්‍රී ලංකාව තුළ හඳුනාගන්නා මුඛ පිළිකා රෝගීන්ගෙන් 70%ක්ම හඳුනාගන්නේ පසු අවදියේදී බව ද වෛද්‍යවරිය ප්‍රකාශ කළා.

පිරිමින් අතර පවතින සියලුම පිළිකාවලින් මුඛය, දිව සහ තොල් ආශ්‍රිත පිළිකා 13%ක් වන අතරම ස්වාසනාලය, ස්වාසනාලිකා සහ පෙනහළු ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් 9%ක් පවතින බවයි වෛද්‍යවරිය සඳහන් කරන්නේ.

මෙම තත්ත්ව දෙකට ප්‍රධානම හේතුව දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන භාවිතය බව ද සඳහන් කළ වෛද්‍යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ මුඛ පිළිකා සඳහා සියලුම වර්ගයේ දුම්කොළ භාවිතය හේතු වන බව ද බුලත් විට සමග භාවිතයට ගන්නා පුවක් ද පිළිකාකාරකයක් වන බවයි.

මීට අමතරව මුඛ පිළිකා සඳහා හේතු වශයෙන් මධ්‍යසාර භාවිතය, හියුමන් පැපිරෝමා නැමති වෛරසය ආසාදනය සහ අඩු පෝෂණය මෙන්ම අයහපත් මුඛ සෞඛ්‍යයද හේතුකාරක වන බවද ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කර සිටියා.

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when GiMa ගිහාන් මාධව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share