Dream way to KOREA - කොරියා යන සිහිනට

Dream way to KOREA -  කොරියා යන සිහිනට Dream way to Korea

යන්න කලින් දැනගෙන ඉන්නෙක හැමෝටම වැදගත් වෙයි...1. විදේශිය ශ්‍රමිකයින් සඳහා වු රැකියා බලපත්‍ර ක්‍රමය හැදින්වීමමෙම ක්‍රමය ත...
27/12/2021

යන්න කලින් දැනගෙන ඉන්නෙක හැමෝටම වැදගත් වෙයි...
1. විදේශිය ශ්‍රමිකයින් සඳහා වු රැකියා බලපත්‍ර ක්‍රමය හැදින්වීම
මෙම ක්‍රමය තුළින්, තම රටින් ශ්‍රමිකයින් සොයාගැනීමට අපොහොසත් වූ සේවායෝජකයින්ට නීත්‍යානුකූලව විදේශික ශ්‍රමිකයින් බඳවාගැනීමට හැකියාව ලැබේ. මෙම‍ ක්‍රමය දකුණු කොරියානු රජය විසින් තම රටෙහි සිටින විදේශික ශ්‍රමිකයින් සංවිධානාත්මකව පරිපාලනය කිරීමට ද යොදා ගනියි.
දකුණු කොරියානු රජය මෙම‍ ක්‍රමවේදය 2004 අගෝස්තු මස 17 වන දින රටවල් 6 ක් සමඟ ආරම්භ කරන ලද අතර මෙයට වියට්නාමය, පිලිපීනය, ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අයත් වේ.
1994 සිට පැවත ආ කාර්මික අභ්‍යාසලාභී ක්‍රමය වඩා වියදම් අධික ක්‍රමයක් වූ අතර එම ක්‍රමය හරහා විදේශික ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට මාස 2 කට වඩා ගත විය. මෙම‍ ක්‍රමය නිර්මාණය කරන ලද්දේ විදේශිකයින්ට පුහුණු අවස්ථා සැළසීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ තාක්ෂණය සහ නිපුණතාවය හුවමාරු කරගෙන ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමයි.
මෙම කාර්මික අභ්‍යාසලාභීන් මුලින්ම විදෙස් ආයෝජන ව්‍යාපාර සහ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට හඳුන්වාදෙන ලදි. මෙම ක්‍රමය 01/01/2007 දින සිට අවලංගු කරන ලද අතර දැනට ක්‍රියාත්මක වන EPS ක්‍රමය කොරියාවට රටවල් 15 කින් විදේශීය ශ්‍රමිකයින් ගෙන්වයි.
2004 වසරේ අගෝස්තු මස අවසානය වෙද්දී වියට්නාමය, පිලිපීනය, ඉන්දුනීසියාව, මොන්ගෝලියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් දකුණු කොරියානු රජය සමඟ ශ්‍රමිකයන් කොරියාවට සැපයීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කරන ලදි. කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවාවන් විසින් රට පුරා විහිදුනු පරිගණක ජාලයක් තුළින් මෙම විදේශීය ශ්‍රමිකයින්ගේ කළමණාකරනය සිදුකරයි.
වෙබ් අඩවිය: www.eps.go.kr

2. මෙම‍ EPS ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන ඒජන්සිය
විදේශ රැකියා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය
234, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
දුරකථන : +94 11 2864101-105
ෆැක්ස් : +94 112864141
වෙබ් අඩවිය : www.slbfe.lk

3. EPS ක්‍රමයේ ප්‍රධාන අරමුණු
• කාර්යක්ෂම සේවාදායක කළමණාකරන ක්‍රමයක් නිර්මාණය කිරීම
• දේශිය ශ්‍රමිකයින් ට සමාන වු වාතාවරණයන් සහ මානව අයිතිවාසිකම් භාවිතා කිරීම
• අනුවණකම් වැළැක්වීමට රජය විසින්ම ශ්‍රමිකයන් තෝරා බදවා ගැනීම

4. EPS ක්‍රමය යටතේ අනුමැතිය ඇති රැකියා වර්ග
මෙම ක්‍රමය යටතේ අනුමැතිය ලැබෙන්නේ පහත සඳහන් කර්මාන්ත වල යෙදෙන විදේශ ශ්‍රමිකයන්ට පමණි.
• නිෂ්පාදන කර්මාන්තය
• ඉඳිකිරීමේ කර්මාන්තය
• කෘෂිකාර්මික සත්ව පාලනය - ගොවිතැන් කිරීම් / සත්ව පාලනය
• ධීවර කර්මාන්තය - වෙරළාශ්‍රිත මසුන් ඇල්ලීම, ඈත වෙරළ මසුන් ඇල්ලීම, සුරතල් මසුන් ඇතිකිරීම
• විවිධ සේවා - ශීතකරණ වල ගුදම් කිරීම, අවන්හල්, ව්‍යාපාර උපකාරක සේවා, සමාජ සුභසාධනය, පල්දෝරු හැරීම, මෝටර් රථ අළුත්වැඩියාව, හෙද සේවා, ගෘහ සේවක ආදිය

05. විදේශ ශ්‍රමිකයන්ගේ ‍නීතිමය තත්වය
EPS ක්‍රමය යටතේ කොරියාවේ රැකියාවේ යෙදෙන විදේශිකයින් එම රටෙහි පවතින කම්කරු නීති අනුව ක්‍රියාකිරීම අනිවාර්ය්‍ය වේ. කම්කරු ප්‍රමිතීන්, අවම වැටුප්, කාර්මික සෞඛ්‍යාරක්ෂාව ආදි පණත් මෙයට අයත් වේ. ගෘහ සේවක සේවිකාවන් මෙම නීති වලට යටත් වන්නේ නැත.
මීට අමතරව විදේශීය ශ්‍රමිකයින් රැකියාවක සියළු ප්‍රතිලාභ සහ රක්ෂණ ක්‍රම (රැකියා රක්ෂණය, ශ්‍රමිකයින්ගේ වන්දි ලබාදීමේ පණත, සෞඛ්‍ය රක්ෂණය ආදී) වලට හිමිකම් කියන අතර ඔවුන්ට ජාතික විශ්‍රාම වැටුප් අරමුදල සඳහා ද එකතු විය හැක.
විදේශීය ශ්‍රමිකයෙකු හට කිසිම අයුරකින් වෙනස්කමක් දැක්විය නොහැකි වන අතර එවන් තත්වයකදී කම්කරු‍ ‍අමාත්‍යාංශයෙන් සහය ලබාගත හැක.
විදේශීය ශ්‍රමිකයෙකු හට වසර 5 ක රැකියා කාලයක් හිමි වන අතර මෙ‍ම කාලය තුළ කිසිඳු පවුලේ සාමාජිකයකුට ඔහු / ඇය සමඟ සිටිය නොහැක. විදේශීය ශ්‍රමිකයා වසර 5 ක රැකියා කාලය අවසන් කර යළිත් සිය රට බලා පැමිණිය යුතුය. මෑතකදී කරනු ලැබූ කම්කරු නීති සංශෝධනයත් සම‍ග විදේශිය ශ්‍රමිකයින්ට වසර 5 එක දිගට සේවය කළ හැකි අතර මීට පෙර තිබූ වසර 3ක් අවසානයේ අනිවාර්යයෙන් තම රටට පැමිණ මාසයකින් පසු නැවත ඇතුල්වීමේ ක්‍රමය අහෝසි විය. මෙමගින් නීති විරෝධී ලෙස සිටින විදේශිය ශ්‍රමිකයින් අවම කර ගැනීම අපේක්ෂා කෙරේ.

05.01 අවම වැටුප් ක්‍රමය:
මෙ‍මඟින් අදහස් කරන්නේ ශ්‍රමිකයන්ගේ අවම ජීවන මට්ටම සැළසීමට සේවායෝජකයින් වශයෙන් විසින් ගෙවිය යුතු අවම වැටුපයි. 2010 දෙසැම්බර් සිට එම මුදල වනුයේ පැයකට කොරියානු වොන්ග් 4,110/= සහ මසකට කොරියානු වොන්ග් 928,860/= කි.
05.02 වැඩකරන කාලය:
ශ්‍රමිකයන්ගේ වැඩකරන කාලය කම්කරු සම්මත පණත මඟින් දැක්වෙනුයේ දවසකට පැය 8 ක් සහ සතියකට පැය 44 ක් ලෙසත් ය. මෙම‍ නීතිය සේවකයන් 5 ක් හෝ වැඩි ප්‍රමාණයක් සේවය කරන රැකියා ස්ථානවලට බලපායි.
05.03 විවේක කාලය
පැය 4 ක කාලයක් රැකියාවේ නිරත ව සිටින්නේ නම්, මිනිත්තු 30 ක් හෝ ඊට වැඩි කාලයක විවේක කාලයක් ලබාදිය යුතු අතර, පැය 8 ක කාලයක් රැකියාවේ නිරත ව සිටින්නේ නම්, පැයක් හෝ ඊට වැඩි කාලයක විවේක කාලයක් ලබාදිය යුතු වේ.
05.04 අතිකාල සේවා සීමාවන්
අතිකාල සේවා කාලයන් පිළිබඳව ගිවිසුමක් තිබිය යුතු අතර පිරිමින් සඳහා සතියකට පැය 12 ක් සහ කාන්තාවන් සඳහා පැය
6 ක කාලයක් දක්වා වෙන්කර තිබේ. අතිකාල සේවා අතිකාල දීමනා සහ සාමාන්‍ය වැටුපෙන් 50% ක දීමනාවක් ගෙවනු ලැබේ. කෘෂිකාර්මික, සත්ව පාලන හෝ ධීවර කර්මාන්තවල යෙදෙන්නන්ට මෙම නීතිය බලනොපායි.
05.05 නිවාඩු:
සතියකට නියමිත පැය ප්‍රමාණයක් රැකියාවේ නිරත වෙන්නාවූ සේවකයකුට වැටුප් සහිත ව දවසක නිවාඩුවක් ලබාදීම සිදුකල යුතුය. වසරකට 80% ක හෝ ඊට වැඩි ප්‍රමාණයක රැකියාවට පැමිණීමක් පෙන්නුම් කරන සේවකයකුට වැටුප් සහිත ව දවස් 15 ක නිවාඩුවක් ලබාදීම සිදුකල යුතු අතර වසර 2 ක ට වැඩිපුර නිවාඩු දවසක් ලැබේ.
05.06 ඔසප් නිවාඩු:
කාන්තා සේවකයින්ගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා මසකට එක් දිනයක් ඔසප් නිවාඩු ලෙස හිමි විය යුතුය.

06. විදේශ ශ්‍රමිකයන්ට රක්ෂණ ක්‍රම
EPS ක්‍රමය යටතේ රක්ෂණ ක්‍රම 4ක් අයත්වේ.
01. පිටත්වීම සහතික කිරීමේ රක්ෂණය: මෙම රක්ෂණ ආවරණය සේවායෝජකයින් ලබාගතයුත්තේ විදේශික සේවකයා වෙනුවෙනි. ඒ වසරක සේවා කාලය අවසන් කර රැකියාවෙන් ඉවත්වී යන විට ඔහුට / ඇයට පාරිතෝෂික මුදල ගෙවීමටය.
02. වගකීම් රක්ෂණය: මෙම රක්ෂණ ආවරණය සේවායෝජකයින් ලබාගතයුත්තේ විදේශික සේවකයාගේ වැටුප් ප්‍රමාද නොවී ලබාගැනීම වෙනුවෙනි.
03. ආපසු පැමිණීමේ ගාස්තු රක්ෂණය: විදේශීය ශ්‍රමිකයා ආපසු පැමිණීමේ ගාස්තු ආවරණය කරගැනීම සඳහා මෙම රක්ෂණය ලබාගත යුතුය.
04. හදිසි අනතුරු රක්ෂණය: විදේශීය ශ්‍රමිකයා මෙම රක්ෂණ ක්‍රමය ලබාගත යුත්තේ හදිසි අනතුරකදී, රෝගාතුර වීමකදී, ආබාධිතවීමකදී හෝ මරණයක දී ආවරණය වීමටය.

07. උපදේශණා සහ මැසිවිලි පිළබඳව ක්‍රියාකිරීම
විදේශීය ශ්‍රමිකයෙක් කොරියාවේ රැකියාවේ යෙදී සිටින අතරතුර යම් ගැටළුවකට හෝ අසාධාරණයකට මුහුණ දීමට සිදුවුවහොත් ඔහුට / ඇයට ඔම්බුඩ්ස්මන් ආයතනයක පිහිට පැතිය හැක.
07.01 කලාපීය කම්කරු කාර්ය්‍යාලයේ කම්කරු අධීක්ෂණ අංශය:
- වැටුප් නොගෙවීම, විශ්‍රාම ගෙවීම් සහ අනෙකුත් කම්කරු ගැටළු
- රැකියා ස්ථානයේ ස්වාමිවරුන් විසින් සිදුකරන ලද හිංසාකාරී ක්‍රියා පිළිබඳව
- වැඩකරන කාලය, අනිවාර්ය සේවා ආදිය
07.02 කලාපීය කම්කරු කාර්ය්‍යාලයේ කාර්මික ආරක්ෂාව පිළිබඳ අංශය:
- රැකියා ස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත භාවය
07.03 රැකියා සේවා මධ්‍යස්ථානය:‍
- වෙනස්වන රැකියා ස්ථාන කළමණාකරනය සහ විදේශ ශ්‍රමිකයින් තැරැව්කරණය
- රැකියාව සඳහා වාර්තාකිරීම, වෙන් වී යාම සහ පිටත් වීම
- විවධ සහතික කිරීමේ ලියකියවිලි නිකුත් කිරීම
07.04 භාෂා පිළිබඳ සහය - කම්කරු ‍අමාත්‍යාංශයේ උපදේශක මධ්‍යස්ථානය:‍
- භාෂා පිළිබඳ සහය, පොදු උපදේශ සහ ගැටළු නිරාකරණය
07.05 කම්කරු කොම්ෂන් සභාව:
- අසාධාරණ ලෙස රැකියාවෙන් පහ කිරීම ඇතුළු සේවායෝජකයින් විසින සිදු කරන්නාවු අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම්

08. විදේශික ශ්‍රමිකයින්ට ආගමන පාලනය පිළීබඳ තොරතුරු
- ක්‍රියාකාරකම් වල යෙදීම: විදේශික ශ්‍රමිකයින්ට රැකියාවට අමතරව කිසිඳු පෞද්ගලික ව්‍යාපාරයක්, භාෂා ඉගැන්වීම ආදී කිසිම ක්‍රියාකාරකමක යෙදිය නොහැක
- සේවායෝජකයා වෙනස් කිරීම: වලංගු හේතුවක් මත රැකියා ස්ථානයේ වෙනස්කමක් සිදුකළ හැක්කේ රැකියා සේවා මධ්‍යස්ථානය වෙත අයඳුම්කර අදාල බලපත්‍රය ලබාගැනීමෙන් අනතුරුවය
- සේවාකාලය දීර්ඝ කරගැනීම: විදේශික ශ්‍රමිකයින්ට තම සේවාකාලය දීර්ඝ කරගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ආගමන කාර්යාලයෙන් අනුමැතිය ලබාගත යුතුය
- විදේශික ශ්‍රමිකයින්ව ලියාපදිංචි කිරීම: විදේශික ශ්‍රමිකයින්ව ලියාපදිංචි කිරීම ආගමන කාර්යාලයෙන් ඇතුල් වී දින 90 කට කලින් සිදුකළ යුතුය
- පදිංචි ස්ථානය වෙනස්කිරීම: මෙය සිදුකළ යුත්තේ පදිංචි ස්ථානය අයත් වන ආගමන කාර්යාලයට දින 14 කට කලින් වාර්තා කළ යුතුය
- අනිවාර්ය පිටත්කර යැවීම: විදේශික ශ්‍රමිකයින්ව අනිවාර්යෙන් පිටත්කර යැවීම පහත අවස්ථාවලදී සිදුකළ යුතුය
• ඔහුට / ඇයට වලංගු වීසා බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම්
• සාවද්‍ය අයුරින් කොරියාවට ඇතුල් වී ඇත්නම්
• එහි සිටින කාලය ඇතුළත සිදුනොකළ යුතුදේ කර ඇත්නම්
• කොරියානු ආගමන නීති කඩ කර ඇත්නම් හෝ සිරගෙදර සිට නිදහස්වී ඇත්නම්
- පහත අවස්ථාවලදී පුද්ගලයින් රට තුළට ඇතුල් කරනු නොලැබේ:
• බෝවන රෝගයක් වැළඳී ඇත්නම්, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත්නම් හෝ මහජන සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්
• නීති විරෝධී අවි ආයුධ, තුවක්කු, කඩු හෝ පුපුරන ද්‍රව්‍ය සහිත ඇතුල් වීමට උත්සාහ දරයි නම්
• මහජන ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්
• මානසික ආබාධයක් ඇත්නම් හෝ අනිවා‍ර්ය පිටත් කරයැවීමේ නියෝගය නිකුත් කර වසර 5 ක් ඉකුත් වී නැත්නම්

09. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
මිනිස් බලය ආශ්‍රිතව නීති විරෝධි කටයුතු සිදු නොවීමට කොරියානු රජය විසින් ශ්‍රම සපයන රටවල් සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුකෙරේ. මේ අනුව ශ්‍රී ලංකා රජය දකුණු කොරියාව සමඟ 2004 ජූනි මස අවබෝධතා ගිවිසුම අත්සන් කර එය ඉන්පසුව අළුත් කරන ලදි.

10. අයඳුම්කරුවන් තෝරාගැනීමට සුදුසුකම්
කොරියාවේ රැකියාවක සේවය කිරීමට කොරියානු රජය විසින් නිර්ණය කර ඇති, අයඳුම්කරුවන්ට තිබිය යුතු සුදුසුකම්
• අයඳුම්කරු ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය
• වයස අවුරුදු 18-39 ත් විය යුතුය
• හොඳ ශරීර සෞඛ්‍යයක් තිබිය යුතුය (වෛද්‍ය වාර්තාවක් අවශ්‍ය වේ)
• කිසිඳු සාපරාධී ක්‍රියාවකට සම්බන්ධ නොවිය යුතුය (පොලිස් වාර්තාවක් අවශ්‍ය වේ)
• කොරියාවට ඇතුළුවීම හෝ පිටවීමට කිසිඳු තහංචියක් නොතිබීම
• ද්වීතියික අධ්‍යාපනය
• උස පිරිමින් සඳහා 5´2˝ සහ කාන්තාවන් සඳහා 4´8˝
• බර පිරිමින් සඳහා 50 kg සහ කාන්තාවන් සඳහා 40 kg

11. තෝරාගැනීමේ ක්‍රමවේදය
• සියළු අයඳුම්කරුවන් කොරියානු කම්කරු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් මෙහෙයවනු ලබන කොරියානු භාෂා ප්‍රවණතා විභාගය (EPS-TOPIK) සමත් විය යුතුය
• TOPIK විභාගය පිළිබඳව ජනමාධ්‍ය තුළින් ප්‍රචාරය කර විභාගයට ඇතුල්කිරීම සිදුකිරීම
• විභාගය සමත්වූවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයට අයඳුම්කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් සුදුස්සන් තෝරාගැනීම
• වෛද්‍ය වාර්තා ලබාගැනීම
• පොලිස් වාර්තා ලබාගැනීම
• අවසන් තෝරාගැනීම
• තෝරාගන්නා ලද අයඳුම්කරුවන්ව අන්තර්ජාලය ඔස්සේ කොරියාව සමඟ ලියාපදිංචි කිරීම
• කොරියානු සේවායෝජකයින් මොවුන්ව තෝරා රැකියා ගිවිසුම් අන්තර්ජාලය ඔස්සේ එවනු ලබන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය අයඳුම්කරුවන්ට මේ පිළබඳව දන්වා ඔවුන්ගේ කැමැත්ත ලබාගනියි.
• විදේශගතවීමට පෙර නේවාසික පුහුණුවක් ලබාදීම
• අවසන් අවවාද කිහිපයකට පසු ඔවුන්ව කොරියාවේ රැකියාවට පිටත් කර යැවීම

12. විදේශගතවීමට පෙර පුහුණුව
12.01 - ගිවිසුම් ලැබී ඇති රැකියාලාභීන්ට:
EPS ක්‍රමය තුළින් රැකියාවක් සඳහා කොරියාවට යන සියළුදෙනා මෙම පෙර පුහුණුව සම්පූර්ණ කළ යුතුය. මෙමඟින් කොරියානු භාෂාව, සංස්කෘතිය, සෞඛ්‍යාරක්ෂාව සහ තෝරාගත් ක්ෂේත්‍රයට අදාල දේ ගැනද උගන්වනු ලබන අතර කායික පුහුණුවද සිදු කෙරේ.
12.02 - රැකියා අපේක්ෂකයින්ට කොරියානු භාෂා ප්‍රවණතා විභාගය (TOPIK) :
කොරියාවේ රැකියා අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් කොරියානු භාෂාව ඉගැන්වීමට කටයුතු කරයි. අභ්‍යාසලාභීන්ට අවශ්‍ය කොරියානු පොත් පත්, කැසට් පට, ආදර්ශ ප්‍රශ්ණ සහ පිළිතුරු පත්‍ර ආදි සියළු දේද සපයනු ලැබේ. එක් පුහුණු වැඩසටහනක් දින 12 ක් තිස්සේ පැය 100 ක ඉගැන්වීමේ කාලයක් තුළ පැවැත්වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් කොරියානු භාෂාව ඉගැන්වීමට ගුරුවරුන් 32 දෙනෙකුගේ සේවය ලබාගෙන ඇති අතර ඔවුන්ගේ ඉගැන්වීම වර්ධනය කරගැනීමට අවශ්‍ය සියළු පහසුකම් සපයනු ලැබේ.

13. KOICA සහයෝගය
කොරියාවේ රැකියා කිරීමට බලාපොරොත්තු වන්නවුන් හට එම භාෂාව ඉගැන්වීම කොරියානු ජාත්‍යාන්තර සහයෝගිතා කාර්යාංශයේ (KOICA) ස්වේච්ඡා ගුරුවරුන් මඟින් සිදුකරයි. දැනට එවන් ස්වේච්ඡා ගුරුවරුන් 8 දෙනෙකු KOICA විසින් සපයා ඇත. කොරියාවේ නිල විෂය නිර්දේශයට අනුව පාඨමාලා ඒකක සහ අත්පොත් සකස් කිරීම මොවුන් විසින් සිදුකරනු ලැබේ.

14. කොරියානු භාෂා ප්‍රවණතාවය
2005 අගෝස්තු 31 වන දාට පසු ව අයඳුම්පත්‍ර යොමුකරන සියළු දෙනා කොරියානු භාෂා ප්‍රවණතාව පිළිබඳව විභාගය සමත්වීම අනිවාර්ය කර ඇත. මේ දක්වා 2005, 2006, 2007,2008 , 2010, 2011 සහ 2012 යන වසර වලදී මෙවන් විභාග 9 ක් දැනටමත් පවත්වා ඇත.

10th Place ❤❤👍
27/12/2021

10th Place ❤❤👍

12/12/2021
ලෝකයේ දියුණුතම රටක නවීන තාක්ෂනය සමගින් රැකියාවන් කර ඔබේ ආර්ථිකය පහසුවෙන් ස්ථාවර කරගැනීමට පහසුම මාර්ගය세계에서 가장 선진국에서 최신 기술...
09/12/2021

ලෝකයේ දියුණුතම රටක නවීන තාක්ෂනය සමගින් රැකියාවන් කර ඔබේ ආර්ථිකය පහසුවෙන් ස්ථාවර කරගැනීමට පහසුම මාර්ගය

세계에서 가장 선진국에서 최신 기술로 일자리를 얻고 경제를 안정시키는 가장 쉬운 방법

한국의 주요 상업 도시දකුණු කොරියාවේ ප්‍රධාන වාණිජ නගර
09/12/2021

한국의 주요 상업 도시
දකුණු කොරියාවේ ප්‍රධාන වාණිජ නගර

ඔබගේ කොරියානු සිහිනය අඩු වියදමකින් සැබෑ කර දෙන්න අපි සුදානම්.. ඔබගේ හැකියාව සහ උනන්දුව මත නිසි කාල කළමනාකරණයකින් ඉතා ඉක්...
09/12/2021

ඔබගේ කොරියානු සිහිනය අඩු වියදමකින් සැබෑ කර දෙන්න අපි සුදානම්..

ඔබගේ හැකියාව සහ උනන්දුව මත නිසි කාල කළමනාකරණයකින් ඉතා ඉක්මනින් කොරියානු විභාග සඳහා ඔබව සුදානම් කරවීම අපගේ උත්සාහයයි

දැනට අවම වශයෙන් මාස 8කට වඩා ගන්නා උපකාරක පන්තිය ඔබට හැකියාව ඇති නම් මාස 2කින් ආවරණය කිරීමට සුදුසු අධ්‍යන කට්ටලයක් ඔබ වෙනුවෙන් අප සුදානම් කර ඇත.

ඔබට නිසි පරිදි අවබෝධ වන තුරු නැවත නැවත බලමින් පාඩම් හොදින් අධ්‍යනය කල විට ඔබ කොරියාවේදී කිසිදු විටක භාෂා ගැටලුවකට ලක් නොවනු ඇත

දිගටම අප සමග රැදී සිටින්න

❤️ 여러분의 코리안 드림을 저렴한 비용으로 실현할 준비가 되어 있습니다.
능력과 관심에 따른 적절한 시간 관리로 빠른 시일 내에 한국어 시험을 준비하는 것이 목표입니다.
현재 최소 8개월이 소요되는 과외 수업을 감당할 수 있는 경우 2개월 동안 다룰 수 있는 적합한 학습 세트를 준비했습니다.
당신이 그것을 제대로 이해할 때까지 수업을 반복해서 공부하면 한국에서 언어 문제가 없을 것입니다.
계속 지켜봐 주세요 ❤️

Address

81, Piliyandala Road
Maharagama
10240

Website

Alerts

Be the first to know and let us send you an email when Dream way to KOREA - කොරියා යන සිහිනට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share