Melani Kalayathanaya

Melani Kalayathanaya මෙම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.

1993 වර්ශයේ සැප්තැම්බර් මස 03 දින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05 දෙනෙකුගෙන් ආරම්භ කල අප ආයතන‍යේ මේ වන විට වසර 30 ක කාලයක් තුල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 9000 ක් පමණ ඉගෙනුම ලබා පිටව ගොස් ඇත. දැනට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 ක් පමණ අප ආයතන‍යේ ඉගෙනුම ලබන අතර ඔවුන්ට ප්‍රායෝගික හා ලිඛිත වශයෙන් උඩරට නැටුමට විශිෂ්ඨ සාමාර්ථයක් අ.පො.ස.(සා.පෙළ) සහ අ.පො.ස.(උ.පෙළ) විභාගයට ලබාදීම අපගේ අරමුණ වේ.
අප ආයතන‍ය විසින් මේ වන විට

1999 වර්ෂයේ සිට මේ දක්වා “නෘත්‍යාංගනී“ නමින් ප්‍රසාංග 9 ක් පවත්වා ඇති අතර ඒ කිසිදු ප්‍රසාංගයක් සඳහා කිසිදු ශිෂ්‍ය ශිෂ්‍යාවකගෙන් ඇඳුම් සහ නර්තණ නිර්මාණ සඳහා කිසිදු මුදලක් අයනොකල බව විශේෂයෙන් කිවයුතුය.
එමෙන්ම අප ආයතනයෙන් උඩරට නැටුම් හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් අප රටේ මෙන්ම පිටරටවලද ඉහල තනතුරු දරමින් තම දක්ෂතා පෙන්වමින් සිටීම පිලිබඳව අප ඉතාමත් සතුටු වෙමු.
මෙලනි කලායතනයේ පළමු “පායිම්පත“ පැලන්දවීමේ මංගල්‍යය 2003 වසරේ ශිෂ්‍යාවන් 08 දෙනෙකුටද , දෙවන වරට එනම් 2006 වර්ෂයේදී ශිෂ්‍යාවන් 11 දෙනෙකුටද , තුන්වන වරට 2008 වර්ෂයේදී ශිෂ්‍යාවන් 14 දෙනෙකුටද , සිව්වන වරට 2012 වර්ෂයේදී ශිෂ්‍යාවන් 14 දෙනෙකුටද, පස්වන වරට 2015 වර්ෂයේදී ශිෂ්‍යාවන් 24 දෙනෙකුටද, හයවන වරට 2023 වර්ෂයේදී ශිෂ්‍යාවන් 21 දෙනෙකුටද වශයෙන් පවත්වා ඇත.
සියළු දෙයම මුදල් මත තීරණය වන සමාජයක මුදලට වඩා යහපත් වූ ගතිගුණ වලින් පිරිපුන් දූ දරුවන් පිරිසක් බිහිකල අප ආයතනයේ ඉගෙනුම ලැබූ දරුවන්ගේ දරුවන්ද දැන් අප ආයතනයේ ඉගෙනුම ලබන බව දන්වා සිටින්නේ හදපිරි සතුටිනි........

01/04/2026
🥲🥲🥲🥲
01/04/2026

🥲🥲🥲🥲

19/01/2026

Address

Madiwala
0001

Opening Hours

Monday 15:00 - 19:00
Tuesday 15:00 - 19:00
Wednesday 15:00 - 19:00
Thursday 15:00 - 19:00
Friday 15:00 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 14:30 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Melani Kalayathanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Melani Kalayathanaya:

Shortcuts

Share

Category