Coconut Research Institute Sri Lanka

Coconut Research Institute Sri Lanka Coconut Research Institute of Sri Lanka (CRISL) is the world’s first research institute dedicated

හෙට අස්වැන්න රැකගන්න, එල්නිනෝ (El Niño) බලපෑම පොල් වගාවට අවම කරගැනීමට ඔබත් අදම ක්‍රියාත්මක වන්න.
17/06/2026

හෙට අස්වැන්න රැකගන්න, එල්නිනෝ (El Niño) බලපෑම පොල් වගාවට අවම කරගැනීමට ඔබත් අදම ක්‍රියාත්මක වන්න.

තැඹිලි වගාව විධිමත් කර අපනයන ආදායම ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් අපනයන වෙ...
14/06/2026

තැඹිලි වගාව විධිමත් කර අපනයන ආදායම ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක්

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් අපනයන වෙළෙඳපල ඉලක්ක කරගනිමින් තැඹිලි වගාව විධිමත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡාවක් පසුගිය 11 වන දින සවස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අවධානය යොමු වූයේ දැනට විසිරි පවතින තැඹිලි වගාව ක්‍රමවත්, ප්‍රමිතිගත සහ අපනයන-අභිමුඛ කෘෂි ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීමයි. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපල අවශ්‍යතා සඳහා ගැලපෙන නිෂ්පාදන ප්‍රමිතීන් සකස් කිරීම, සැපයුම් දාමය ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ගොඩනැගීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. තවද, මෙම ව්‍යාපෘතිය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ප්‍රජා ශක්ති සභා සක්‍රීයව දායක කරගනිමින්, නිසි අධීක්ෂණ යාන්ත්‍රණයක් යටතේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය සැලසුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

මෙම නව ව්‍යාපෘතිය හරහා තැඹිලි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8 ක ඉලක්කයක් කරා ගෙන යාම අරමුණ කරගෙන ඇති අතර, ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම, කලාපීයකරණය මගින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යෝජනා විය. එමෙන්ම වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය මගින් තැඹිලි වගාව පුනරුත්ථාපනය සහ නව වගාවන් සිදු කිරීමේදී ගොවීන් මෙම වගාව සඳහා ආකර්ෂණය කිරීම, වගාවට සුදුසු පෝෂක ලබාදීම, ජල සැපයුම් පද්ධති ස්ථාපිත කිරීම, පොහොර සහ අනෙකුත් සහනාධාර ලබාදීම වැනි කරුණු පිළිබඳව සහ මෙම ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවකට අනුව ඉලක්කගතව ක්‍රියාත්මක විය යුතු බවත්, ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන් එක්කර ගනිමින්, ග්‍රාමිය දිලිඳු බව තුරන් කරමින්, අඛණ්ඩ අධීක්ෂණ හා ප්‍රගති සමාලෝචන ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බවත්ය.

මෙම සාකච්ඡාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති ඇතුලු නිළධාරින්, පොල් සංවර්ධන අධිකාරියේ නිළධාරින්, පොල් පර්යේෂන ආයතනයේ නිළධාරින් සහභාගී වූහ.

ලෝක පරිසර දින සැමරුම  2026--------------------------------ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන්  පොල් පර්යේෂණ ආයතනයේ හා හලාවත ...
07/06/2026

ලෝක පරිසර දින සැමරුම 2026
--------------------------------
ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් පොල් පර්යේෂණ ආයතනයේ හා හලාවත වැවිලි සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාකාරිත්මක වන කිනියම බීජ පොල් උයනේ ආරක්ෂිත කලාපයේ වන ශාක පැල සිටුවීම 2026-6-5 වන දින සිදු කරන ලදී.

මේ සදහා එක්වූ හලාවත වැවිලි සමාගමේ නිලධාරීන්, කිනියම වත්තේ සේවක මහත්ම මහත්මීන් සහ පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ගෞරවයෙන් සිහිපත් කරමු.

තවද මෙම වැඩසටහන සදහා පැළ ලබාගැනීමට සහය වූ පුත්තලම දිසා වන නිලධාරීතුමා, හලාවත අඩවි වන නිලධාරීතුමා ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විශේෂයෙන් ස්තුතියක් පිරිනමන්නෙමු.

“Inspired by Nature. For Climate. For Our Future.”

2026.06.05 ලෝක පරිසර දිනයඅපගේ පොල් සම්පත හා පරිසරය රැකගැනීමට එක්වෙමු!
06/06/2026

2026.06.05
ලෝක පරිසර දිනය
අපගේ පොල් සම්පත හා පරිසරය රැකගැනීමට එක්වෙමු!

🥥පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන🥥පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත කරුවන්ගේ සහ ඒ...
02/06/2026

🥥පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන🥥

පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත කරුවන්ගේ සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගේ තාක්ෂණික දැනුම, පොල් පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව අවබෝධය වැඩි කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පුහුණු වැඩසටහනට ලියාපදිංචි වීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

🥥070 400 19 28 යන WhatsApp අංකයට පණිවිඩයක් එවීම මගින් ඔබට මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට හැකියාව ඇත.

🌴Kapruka Pdf Download
https://cri.gov.lk/Kapruka-Potha.pdf
🌴Kapruka Video playlist
https://cri.gov.lk/Kapruka-Potha
🌴Facebook පිටුව Like කරන්න .
https://cri.gov.lk/youtube
https://cri.gov.lk/facebookgroup
https://www.facebook.com/crigovlk
https://www.instagram.com/crigovlk
https://www.linkedin.com/company/crigovlk

🌴මෙම අංකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න. Hotline- 1928
පොල් පර්යේෂණ ආයතනය.

2026 වර්ෂය සඳහා පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් වගාවට සහ පොල් ආශ්‍රිත කර්මාන්තයන්හි නිරතවන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ වෙ...
22/05/2026

2026 වර්ෂය සඳහා පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් වගාවට සහ පොල් ආශ්‍රිත කර්මාන්තයන්හි නිරතවන, ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති පුහුණු වැඩසටහන්..

🔵2026 වර්ෂයේ ජුනි මස සිට තාක්ෂණ හුවමාරු අංශය මඟින් සංවිධානය කරනු ලබන වැඩසටහන්

🌴🥥ජුනි 11 (බ්‍රහස්පතින්දා) - පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩසටහන
(ප්‍රධාන කාර්යාලය)

🌴💰ජුනි 27 (සෙනසුරාදා) - පොල් ඉඩම් වලින් අතිරේක ආදායමක් ලබා ගත හැකි
අතුරු බෝග වගාව (මාකඳුර පර්යේෂණ මධ්‍යස්ථානය)

🌴🍾ජූලි 10 (සිකුරාදා) - පොල් වතුර බෝතල්කරණය සහ තැඹිලි අපනයනය පිළිබඳ තාක්ෂණය හඳුන්වාදීම (ප්‍රධාන කාර්යාලය)

🌴🐛ජූලි 25 (සෙනසුරාදා) - පොල් වගාවේ පළිබෝධ හා රෝග පාලනය
(ප්‍රධාන කාර්යාලය)

🌴🌑අගෝස්තු 08 - පොල් වගාවට යොදන ජීව අඟුරු නිෂ්පාදනය කර ගැනීම
(සෙනසුරාදා) (රත්මලාගාර උප පර්යේෂණ මධ්‍යස්ථානය)

🌴📈අගෝස්තු 29 - අඩු ඵලදාවක් සහිත පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම, වල් මර්දනය,
(සෙනසුරාදා) සත්ත්ව පාලනය සහ වාරි ජල සම්පාදනය
(රත්මලාගාර උප පර්යේෂණ මධ්‍යස්ථානය)

🌴📍🗺️සැප්තැම්බර් 05 - පොල් වතු කළමනාකරණය සඳහා GPS තාක්ෂණය
(සෙනසුරාදා) (ප්‍රධාන කාර්යාලය)

🌴⚖️සැප්තැම්බර් 19 - වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා පොල් ඉඩම් කළමනාකරණය සහ
(සෙනසුරාදා) කම්කරු නීති
(ප්‍රධාන කාර්යාලය)

🌴🌱ඔක්තෝබර් 14 - වත්තට අවශ්‍ය පොල් පැළ වත්තේම නිපදවා ගැනීම (අක්කර 20 ට
(බදාදා) වැඩි වතු සඳහා පමණි)
(ප්‍රධාන කාර්යාලය)

🌴♨ඔක්තෝබර් 31 - පොල් ආශ්‍රිත නව නිෂ්පාදන
(සෙනසුරාදා) (ප්‍රධාන කාර්යාලය)

🌴නොවැම්බර් 14 - නැවුම් පොල් තෙල් නිෂ්පාදනය
(සෙනසුරාදා) (ප්‍රධාන කාර්යාලය)

🌴දෙසැම්බර් 05 - නාටාඩි කොකෝ නිෂ්පාදනය
(සෙනසුරාදා) (ප්‍රධාන කාර්යාලය)

🌴070 400 19 28 යන WhatsApp අංකයට පණිවිඩයක් එවීම මගින් ඔබට මෙම වැඩසටහන් වෙනුවෙන් ලියාපදිංචි වීමට හැකියාව ඇත.
🌴Facebook පිටුව Like කරන්න.
🌴Kapruka Pdf Download
https://cri.gov.lk/Kapruka-Potha.pdf
🌴Kapruka Video playlist
https://cri.gov.lk/Kapruka-Potha
🌴Facebook පිටුව Like කරන්න .
https://cri.gov.lk/youtube
https://cri.gov.lk/facebookgroup
https://www.facebook.com/crigovlk
https://www.instagram.com/crigovlk
https://www.linkedin.com/company/crigovlk
🌴මෙම අංකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න. Hotline- 1928
පොල් පර්යේෂණ ආයතනය.

22/05/2026
𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 𝗛𝗲𝗹𝗱 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗖𝗼𝗰𝗼𝗻𝘂𝘁 𝗚𝗿𝗼𝘄𝗲𝗿𝘀' 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗻 𝟮𝟳 𝗔𝗽𝗿𝗶𝗹 𝟮𝟬𝟮𝟲𝚃𝚑𝚎 𝚚𝚞𝚊𝚛𝚝𝚎𝚛𝚕𝚢 𝚍𝚒𝚜𝚌𝚞𝚜𝚜𝚒𝚘𝚗 𝚋𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝙶𝚛𝚘𝚠𝚎...
13/05/2026

𝗗𝗶𝘀𝗰𝘂𝘀𝘀𝗶𝗼𝗻 𝗛𝗲𝗹𝗱 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗖𝗼𝗰𝗼𝗻𝘂𝘁 𝗚𝗿𝗼𝘄𝗲𝗿𝘀' 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗻 𝟮𝟳 𝗔𝗽𝗿𝗶𝗹 𝟮𝟬𝟮𝟲

𝚃𝚑𝚎 𝚚𝚞𝚊𝚛𝚝𝚎𝚛𝚕𝚢 𝚍𝚒𝚜𝚌𝚞𝚜𝚜𝚒𝚘𝚗 𝚋𝚎𝚝𝚠𝚎𝚎𝚗 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝙶𝚛𝚘𝚠𝚎𝚛𝚜' 𝙰𝚜𝚜𝚘𝚌𝚒𝚊𝚝𝚒𝚘𝚗 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝚁𝚎𝚜𝚎𝚊𝚛𝚌𝚑 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 (𝙲𝚁𝙸) 𝚠𝚊𝚜 𝚑𝚎𝚕𝚍 𝚘𝚗 𝟸𝟽 𝙰𝚙𝚛𝚒𝚕 𝟸𝟶𝟸𝟼 𝚊𝚝 𝚝𝚑𝚎 𝙲𝚁𝙸 𝚙𝚛𝚎𝚖𝚒𝚜𝚎𝚜.

𝚃𝚑𝚎 𝚙𝚛𝚒𝚖𝚊𝚛𝚢 𝚘𝚋𝚓𝚎𝚌𝚝𝚒𝚟𝚎𝚜 𝚘𝚏 𝚝𝚑𝚎 𝚖𝚎𝚎𝚝𝚒𝚗𝚐 𝚠𝚎𝚛𝚎 𝚝𝚘 𝚍𝚒𝚜𝚌𝚞𝚜𝚜 𝚙𝚛𝚊𝚌𝚝𝚒𝚌𝚊𝚕 𝚌𝚑𝚊𝚕𝚕𝚎𝚗𝚐𝚎𝚜 𝚏𝚊𝚌𝚎𝚍 𝚋𝚢 𝚐𝚛𝚘𝚠𝚎𝚛𝚜 𝚊𝚗𝚍 𝚏𝚘𝚛𝚖𝚞𝚕𝚊𝚝𝚎 𝚛𝚎𝚖𝚎𝚍𝚒𝚊𝚕 𝚖𝚎𝚊𝚜𝚞𝚛𝚎𝚜, 𝚒𝚍𝚎𝚗𝚝𝚒𝚏𝚢 𝚛𝚎𝚜𝚎𝚊𝚛𝚌𝚑 𝚗𝚎𝚎𝚍𝚜 𝚝𝚘 𝚊𝚍𝚍𝚛𝚎𝚜𝚜 𝚙𝚛𝚎𝚟𝚊𝚒𝚕𝚒𝚗𝚐 𝚒𝚗𝚍𝚞𝚜𝚝𝚛𝚢 𝚒𝚜𝚜𝚞𝚎𝚜, 𝚊𝚗𝚍 𝚞𝚙𝚍𝚊𝚝𝚎 𝙰𝚜𝚜𝚘𝚌𝚒𝚊𝚝𝚒𝚘𝚗 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊𝚕𝚜 𝚘𝚗 𝚝𝚑𝚎 𝚙𝚛𝚘𝚐𝚛𝚎𝚜𝚜 𝚘𝚏 𝚝𝚑𝚎 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎'𝚜 𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐 𝚛𝚎𝚜𝚎𝚊𝚛𝚌𝚑 𝚒𝚗𝚒𝚝𝚒𝚊𝚝𝚒𝚟𝚎𝚜.

𝚂𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝚊𝚝𝚝𝚎𝚗𝚝𝚒𝚘𝚗 𝚠𝚊𝚜 𝚊𝚕𝚜𝚘 𝚐𝚒𝚟𝚎𝚗 𝚝𝚘 𝚌𝚞𝚛𝚛𝚎𝚗𝚝 𝚖𝚊𝚛𝚔𝚎𝚝 𝚒𝚜𝚜𝚞𝚎𝚜 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝚜𝚝𝚛𝚊𝚝𝚎𝚐𝚒𝚌 𝚒𝚗𝚝𝚎𝚛𝚟𝚎𝚗𝚝𝚒𝚘𝚗𝚜 𝚛𝚎𝚚𝚞𝚒𝚛𝚎𝚍 𝚝𝚘 𝚗𝚊𝚟𝚒𝚐𝚊𝚝𝚎 𝚝𝚑𝚎𝚜𝚎 𝚌𝚘𝚗𝚍𝚒𝚝𝚒𝚘𝚗𝚜 𝚎𝚏𝚏𝚎𝚌𝚝𝚒𝚟𝚎𝚕𝚢.

𝚃𝚑𝚎 𝚍𝚒𝚜𝚌𝚞𝚜𝚜𝚒𝚘𝚗 𝚠𝚊𝚜 𝚊𝚝𝚝𝚎𝚗𝚍𝚎𝚍 𝚋𝚢 𝙿𝚛𝚘𝚏. 𝙰𝚓𝚒𝚝𝚑 𝙹𝚊𝚢𝚊𝚠𝚎𝚎𝚛𝚊 (𝙲𝚑𝚊𝚒𝚛𝚖𝚊𝚗 𝚘𝚏 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝚁𝚎𝚜𝚎𝚊𝚛𝚌𝚑 𝙱𝚘𝚊𝚛𝚍), 𝙳𝚛. (𝙼𝚛𝚜.) 𝙽𝚊𝚢𝚊𝚗𝚒𝚎 𝙰𝚛𝚊𝚝𝚌𝚑𝚒𝚐𝚎 (𝙰𝚌𝚝𝚒𝚗𝚐 𝙳𝚒𝚛𝚎𝚌𝚝𝚘𝚛 𝚘𝚏 𝚝𝚑𝚎 𝙲𝚁𝙸), 𝙷𝚎𝚊𝚍𝚜 𝚘𝚏 𝚝𝚑𝚎 𝙲𝚁𝙸 𝚁𝚎𝚜𝚎𝚊𝚛𝚌𝚑 𝙳𝚒𝚟𝚒𝚜𝚒𝚘𝚗𝚜, 𝚊𝚗𝚍 𝚝𝚑𝚎 𝙳𝚎𝚙𝚞𝚝𝚢 𝙶𝚎𝚗𝚎𝚛𝚊𝚕 𝙼𝚊𝚗𝚊𝚐𝚎𝚛 𝚘𝚏 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝙲𝚞𝚕𝚝𝚒𝚟𝚊𝚝𝚒𝚘𝚗 𝙱𝚘𝚊𝚛𝚍. 𝙵𝚞𝚛𝚝𝚑𝚎𝚛𝚖𝚘𝚛𝚎, 𝚊𝚗 𝚎𝚡𝚎𝚌𝚞𝚝𝚒𝚟𝚎 𝚍𝚎𝚕𝚎𝚐𝚊𝚝𝚒𝚘𝚗 𝚛𝚎𝚙𝚛𝚎𝚜𝚎𝚗𝚝𝚒𝚗𝚐 𝚝𝚑𝚎 𝙲𝚘𝚌𝚘𝚗𝚞𝚝 𝙶𝚛𝚘𝚠𝚎𝚛𝚜' 𝙰𝚜𝚜𝚘𝚌𝚒𝚊𝚝𝚒𝚘𝚗 𝚊𝚌𝚝𝚒𝚟𝚎𝚕𝚢 𝚙𝚊𝚛𝚝𝚒𝚌𝚒𝚙𝚊𝚝𝚎𝚍 𝚒𝚗 𝚝𝚑𝚎 𝚙𝚛𝚘𝚌𝚎𝚎𝚍𝚒𝚗𝚐𝚜.

12/05/2026

"පොල් පොහොර මාසය" පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. අක්කර 50 දක්වා පොල් ඉඩම් සඳහා MOP පොහොර ලබාගත හැක. ඔබත් නොපමාව අයදුම් කරන්න. වැඩිදුර විමසීම් - 011 2861331 / 011 2861011 / ක්ෂණික ඇමතුම් - 1916

Address

Bandirippuwa Estate
Lunuwila
61150

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94704001928

Alerts

Be the first to know and let us send you an email when Coconut Research Institute Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Coconut Research Institute Sri Lanka:

Shortcuts

Share