R/Pathberiya Narada Central College

R/Pathberiya Narada Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Pathberiya Narada Central College, School, Pathberiya, Parakaduwa, Kuruwita.

20/11/2025
ර/පත්බේරිය නාරද ම.ම විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කල පී එම්. කරුණාරත්න මහතා 2025.10.27 දින විශ්‍රාම ගියේය.දැනට ව...
20/11/2025

ර/පත්බේරිය නාරද ම.ම විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කල පී එම්. කරුණාරත්න මහතා 2025.10.27 දින විශ්‍රාම ගියේය.දැනට වැඩ බලන විදුහල්පති කේ.ඩී අශෝක තිලකරත්න මහතා.නියෝජ්‍ය විදුහල්පති නන්දන විතානගේ මහතා.සහකාර විදුහල්පති සුගත් ජයසූරිය මහතා ඇතුළු විද්‍යාලයේ ආදරණීය ආචාර්ය මණ්ඩලය , අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා ආදරණීය දූ පුතුන් එක්ව සමුදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර පහත දැක්වෙන්නේ සමරු අවස්ථාවන්ය.ඒ වෙනුවෙන් උදව් උපකාර දැක්වු සැමට නාරද ම.මහා විද්‍යාලයේ ගෞරවණිය ස්තුතිය පිරි නැමේ.

2025.05.22 දින පරකඩුව මංසන්ධියේ දී නාරද ම..විද්‍යාලයේ නව පාසල් නාම පුවරුව නීතිමය කටයුතුවලින් පසුව ආදි ශිෂ්‍යයන් ,පරිත්‍ය...
01/10/2025

2025.05.22 දින පරකඩුව මංසන්ධියේ දී නාරද ම..විද්‍යාලයේ නව පාසල් නාම පුවරුව නීතිමය කටයුතුවලින් පසුව ආදි ශිෂ්‍යයන් ,පරිත්‍යාගශීලී සුබපතන්නන්ගේ අනුග්‍රහයෙන් ඉතා චාම් ආකාරයට නිරාවරණය කරමින් සිසු අයිතියට පත් කරන ලදී.සහකාර විදුහල්පති J.A.සුගත් ජයසූරිය මහතා සුවිශේෂී ⁣ මෙහෙයක් ඉටුකලේය.

01/10/2025
01/10/2025
01/10/2025

අප විද්‍යාලයේ අදි ශිෂ්‍ය කළණ පුතා අපගේ පිරිත් පිංකමට ලොකු සේවයක් කලා.මෙම අලංකාර පිරිත් මණ්ඩපය සකස් කලේ ඔහු ඇතුළු කණ්ඩායම මගින් .මීට අමතරව හේවිසි වාදනය කරීමද ඔහුගේ කණ්ඩායම මගින් ඉටු කලේය.මීට අමතරව ගිහි පිරිත් දේශනය,අෂ්ඨක කීම ඇතුළු කාර්යන්ද කරනු ලබයි

සුවිශේෂි අවස්ථා
01/10/2025

සුවිශේෂි අවස්ථා

2025-09.26 දින නාරද විදු මවට සුවිශේෂී  දිනයක් විය.එනම් ඉතා දීර්ඝ  කාලයකට ⁣පසුව සුවිශේෂී අරමුණු කීපයක් පෙරදැරි කරගෙන සර්ව...
01/10/2025

2025-09.26 දින නාරද විදු මවට සුවිශේෂී දිනයක් විය.එනම් ඉතා දීර්ඝ කාලයකට ⁣පසුව සුවිශේෂී අරමුණු කීපයක් පෙරදැරි කරගෙන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත් වීමයි. එහි අරමුණ ු වූයේ
1 වර්තමාන විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරු,සහකාර විදුහල්පතිවරු ඇතුළු 70 කට අධික ගුරුමව්පියවරුන්ට ආශිර්වාද කිරීම
2.දහසකට ආසන්න පාසල් දූලා පුතාලට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීම
3 පාසල ආරම්භයේ සිට වර්තමානය දක්වා මේ පින් බිම සංවර්ධනය කරමින් දරුවන්ට නැණ ගුණ සම්පත උදාකරවූ සියළුම විදුහල්පතිවරුන්ට, ගුරු මව් පියවරුන්ට ආශිර්වාද කිරීම, මියගිය සියළුම ගුරු මව්වරු, විදුහල්පතිවරු ,දරුවන් දෙමාපියන් ඇතුළු සැම දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීම ඇතුළු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහාය.

සර්ව රාත්‍රීක පිරිත්දේශනාවෙන් පසු දින සග සතු දානය පිරි නැමීමෙන් කාර්ය අවසන් විය.මේ සඳහා දෙමාපියන් විසින් අවශ්‍ය කටයුතු මනාව සපයා දුන් අතර ඒ පිළිබදව විශේෂ යෙන්ම සිහිපත් කල යුතුය.එදින පැමිණීමෙන් සහය දැක්වීමෙන් හා නන් ආකාරයෙන් සහාය දැක්වූ සැමට නාරදීය පාසල් සංවර්ධන කමිටුව ඇතුළු පරිපාලනයේ ප්‍රසාදය පල කරමු.මෙම ආගමික කටයුතු මැවින් ඉටුකරදුන් කුරුවිට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය තොරණකඩ උපතිස්ස ස්වාමින් වහන්සේ,කුරුවිට ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති.නාරද ම.ම. විදද්‍යාලයේ හිටපු විදුහල්පති ගරුතර බෝධිමළුවේ විජිත නායක ස්වාමීන් වහන්සේ ද .කුරුවිට කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය වත්සලා බණ්ඩාර මැතිනියද අප පාසලේ සේවයේ නියුතු පූජ්‍ය ගිලීමලේ සුමංගල ස්වාමීන්වහන්සේ අැතුළු සැමට විශේෂ ස්තුතිය පිරි නැමේ.

Address

Pathberiya, Parakaduwa
Kuruwita
70550

Telephone

+94362258105

Website

Alerts

Be the first to know and let us send you an email when R/Pathberiya Narada Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category