03/03/2015
Today @ ICT period
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Giri/Pahala Pothuwewa K.V, School, Kurunegala.
දැක්ම :
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්
මෙහෙවර ප්‍රකාශය :
ප්‍රියජනක ඉගෙනුම් අවස්ථා තුලින් ගුණ නැණ බලයෙන් සපිරි අභිමානවත් විනයගරුක දරුවෙක් බිහි කිරීම සඳහා ඇපකැප වී ක්‍රියාත්මක වීම අපගේ මෙහෙවරයයි
03/03/2015
Today @ ICT period
22/01/2015
පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු සහ නව සෙල්ලම් මිදුල.
22/11/2014
07/10/2014
ගිරි/ පහළ පොතුවැව ක.වි ඉහළ ලකුණු ලබා ගත් පුංචි නංගිලා මල්ලිලාට උණුසුම් සුබ පැතුම්.....!!!!
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත, පොතුවැව ගම්මානයේ පිහිටා ඇති මෙම පාසල දැඩි දුෂ්කරතා මධ්‍යයේ ක්‍රියාත්මක වන කණිෂ්ඨ විද්‍යාලයකි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවන් මින් දැක්වේ. වම්පස සිට
H.M ෂෙහාන් සඳරුවන් - 139
W.M.S කවිඳු දිසානායක - 127
B.K.M මධුමාලි විජේනායක -110
W.M ප්‍රවීන් අරුනෝද්‍ය - 108
H.P.D.H සංජානා නෙත්මිනි - 104
පංතිභාර ගුරුතුමිය - H.P දයාවතී මිය.
ගුරුවරයාට තත්ත්වයක් ලබා දිය යුතුය
ලෝක ගුරු දිනය ඔක්‌තෝබර් 06 වන දිනට යෙදී තිබිණි. ලෝකයේ රටවල් සීයක් පමණ එදින ගුරු දිනය සමරනු ලැබීය. මෙවර ලෝක ගුරු දිනයේ ප්‍රධාන තේමාව 'ගුරුවරයාට තත්ත්වයක් ලබාදිය යුතුය' යන්නයි.
1994 - ඔක්‌තෝබර් මස 06 වැනි දින සිට ජාත්‍යන්තර ගුරු දිනය වාර්ෂිකව සමරනු ලැබේ. ලෝක ගුරු දිනයක් පිහිටුවන ලෙසට විවිධ රටවල වෘත්තික සංගම් විසින් කරන ලද බලපෑම් හේතු විය. සියලු බලපෑම් හමුවේ යුනෙස්‌කෝ සංවිධානය හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධව ජාත්‍යන්තර ගුරු දිනය ප්‍රකාශයට පත්කරන ලදි. 1966 සිට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ගුරු දිනයක් නම් කරන ලෙසට විවිධ බලපෑම් එල්ල විය.
මානව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවා ගුරුවරයාය. හෙටට ගැලපෙන මිනිසා පිළිබඳව සිතා බලා අද දිනට ඔහුට අවශ්‍ය දැනුම, ආකල්ප කුසලතා ලබා දෙන්නේ වෛද්‍යවරයා විසිනි. සෑම සාර්ථක පුද්ගලයකු පසුපසම හොඳ ගුරුවරයකු සිටී. ජාතියට දැනුම ලබා දෙන්නේ ගුරුවරයා විසිනි. එවැනි ගුරුවරයාට සැලකීම සඳහා, ඔහු කරන සේවය ඇගයීම සඳහා, කෘතගුණතාවය පල කිරීම සඳහා ගුරුවරයා වෙනුවෙන් දිනයක් නම් කර තිබීම අගේ කළ යුතුය.
ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය අදට යෙදී තිබේ. එනම් 2012.10.09 දින. අද දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුරු දින උත්සවය ජාතික අධ්‍යාපන ආයතනයට අයත් මීපේ නායකත්ව සංවර්ධන මධ්‍යස්‌ථානයේදී පැවැත්වේ. මෙදින "ගුරු ප්‍රතිභා ප්‍රභා" නමින් ගුරුවරුන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් ද පැවැත්වේ. එමෙන්ම මෙරට හා දකුණු ආසියාවේ අනෙකුත් රටවල සේවය කරනු ලබන ගුරුවරුන්ගේද ප්‍රයෝජනය සඳහා යුනෙස්‌කෝ ආයතනය හා ජාතික අධ්‍යාපන ආයතනය එක්‌ව 2 වර්ගයේ පුහුණු ආයතනයක් "දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්‌ථානය" නමින් මීපේ පරිශ්‍රයේ පිහිටුවනු ලබයි. ඒ සඳහා මුල්ගල් තැබීමද එම මධ්‍යස්‌ථානයේ පරිගණක විද්‍යාගාරය විවෘත කිරීම ද ජනාධිපතිතුමා විසින් සිදු කිරීමට නියමිතය. එය මෙරට පමණක් නොව දකුණු ආසියාවේම ගුරුවරුන්ගේ තත්aත්වය නගාසිටුවීමට මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.
ගුරුවරයාගේ තත්ත්වය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරයන් කවරේද?
1994 ඔක්‌තෝබර් මස 06 වැනි දින ශ්‍රී ලංකාවේ ගුරු සේවය පිහිටුවන ලදි. ගුරුවරයාගෙන් ශිෂ්‍ය පරපුරට සිදුවන සේවය සැලකිල්ලට ගෙන ගුරුවරයාගේ තත්ත්වය නගාසිටුවීම සඳහා ගුරු සේවය ස්‌ථාපිත කිරීම අගේ කළ යුතුය. ගුරුවරයාට ගෙවනු ලැබුවේ කම්කරුවන්ටත් වඩා අඩු වැටුපකි. එවැනි තත්ත්වයකදී වැටුප් වැඩිකොට ගුරුවරයා ඔසවා තැබීම සඳහා ඔවුනට අනන්‍ය වූ සේවාවක් පිහිටුවීම කාලෝචිත පියවරකි.
ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටුවීම නිසා සේවාවට සම්බන්ධ සේවා කොන්දේසි හා පිළිවෙත් නීති ගත කිරීම හේතුවෙන් ගුරුවරුන්ට ස්‌වකීය සේවය වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායීව ඉටු කිරීම යම් පිටිවහලක් විය. තවද වැටුප් වැඩි කිරීම හා විවිධ ගුරු වර්ග ඒකාබද්ධ කොට ගුරු සේවයේ පංති කීපයක් (ෂල ෂෂ-ෂල ෂෂ-ෂෂල ෂෂෂ-ෂල ෂෂෂ-ෂෂ) පිහිටුවීම නිසා ගුරු සේවයේ තිබූ සංකීර්ණතාවය ලිහිල් කරගත හැකි විය. ගුරු සේවයට වඩා හොඳ නෛතික බවක් ලබාදීමට පියවර ගනු ලැබීය. එහෙත්a ක්‍රියාත්මක කාලයේදී ඉහත කරුණු පිළිබඳ ගැටලු සහගත අවස්‌ථා පැනනැඟී ඇත.
ව්‍යවස්‌ථාවේ කුමක් සඳහන් වුවත් බඳවා ගැනීම, උසස් කිරීම, වැටුප් ගෙවීම, ගුරුමාරු ප්‍රතිපත්තිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම, ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්‍ෂම කටයුතු නිසා ගුරු සේවය පිහිටුවීමේ අපේක්‍ෂිත පරමාර්ථ එනයින්ම ඉටු නොවීම දැකිය හැකිය. ගුරු සේවය පිහිට වූ පමණින් ගුරුවරු වීමේ සියලු දොaෂවලට ප්‍රතිකාර ලැබී නැත. ගුරු සේවයේ වැටුප වැඩිකිරීම ට අමතරව ගුරුවරයා වෙනුවෙන් කළ යුතු කාර්යය අති විශාලය.
ගුරු සේවය වෘත්තියක් බවට පත් කිරීම
මෙරට ක්‍රියාත්මක බොහෝ සේවාවන් සේවාවක් මිස වෘත්තීයක් නොවේ. වෘත්තිකයකු සමාජයේ කැපී පෙනෙන අයෙකි. උදා( වෛද්‍ය වෘත්තිකයන්, නීතිඥ වෘත්තිකයන්, ඉංජිනේරු වෘත්තිකයන් ආදිය ගත හැකිය. එහෙත් විදුහල්පති සේවාව හෝ ගුරු සේවය වෘත්තික මට්‌ටමට තවම පිළිගෙන නැත. ගුරුවරයා ද එදිනෙදා සුළු රැකියාවක නිරත වන ජීවනෝපාය සරිකර ගැනීම සඳහා ළමුන් බලා ගන්නා අයකුසේa සැලකීම අවධානයට යොමු විය යුතු කරුණකි. ශ්‍රී ලංකා ගුරු සේවය 1994 ආරම්භ කළ ද ගුරුවරයාට වෘත්තිකයකු වීම අවශ්‍ය පදනම වැටී නොමැත. ගුරු සේවය පිහිටුවා වසර 18 ක් පමණ ගෙවී ගියද ගුරු සංඛ්‍යාව 225000 දක්‌වා ඉහළ ගියද, ශිෂ්‍ය සංඛ්‍යාව 39 ලක්‍ෂයක් දක්‌වා ඉහළ ගියත්, ගුරු සංගම් රාශියක් බිහිවී ඇතත්, වැටුප් හා සේවා තත්ත්වයන් පිළිබඳව විවිධ ගැටලු පැනනැඟුනත්, ගුරුවරයාට වෘත්තිකභාවයක් ලබා දීම කිසිවකු හෝ කිසිම ගුරු සංගමයක් හෝ කටයුතු නොකිsරීම, බලපෑම් නොකිරීම කනගාටුවට කරුණකි.
ගුරුවරයාගේ කාර්යභාරය කුමක්‌ද?
ගුරුවරයාගේ කාර්යභාරය දරුවා යහමගට යොමු කිරීමයි. හරි වැරැද්ද කියා දීමයි. ඩෙලෝ කොමිසම් සභා වාර්තාවට අනුව ගරු කාර්යභාරය වනුයේ ෂ ළමයාට දැන ගැනීම සඳහා ඉගැන්වීමයි. ෂෂ ළමයාට යමක් කිරීමට අවශ්‍ය ශක්‌තිය ලබාදීමයි. ෂෂෂග සහජීවනයෙන් ජීවත් වීමට කියා දීමයි. ෂඪග යහපත් දිවි පැවැත්මක් ගෙන යැම සඳහා ඉගැන්වීමයි. මේ අනුව ගුරුවරයාට සුවිශේෂී වගකීමක් පැවරේ. සමාජ ක්‍රමය වෙනස් කරමින් දේශපාලන මතිමතාන්තරවල එළඹ නොගෙන සමාජ ක්‍රමය පරිවර්තනය කරන විපර්යාස කාරකයන් ලෙසට ක්‍රියා කළ යුත්තේ ගුරුවරයා ය.
වෘත්තික භාවය හා ගුරුවරයා
වෘත්තිකභාවයද තරමක් සංකීර්ණ සංකල්පයකි. ශුද්ධ වෘත්තික භාවයක් සොයා ගැනීම උගහටය. එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල ගුරුවරයා යනු වෘත්තිකයකු, ගුරුවරයාට වෘත්තික භාවය ලබාදී ඇත. එවැනි රටවල ගුරුවරයාට සමාජයේ තත්ත්වයක් තිබේ. ඉහළ පිළිගැනීමක් ලබාදී ඇත.
ලංකාවේ වෘත්තිකයන් කිහිපදෙනකු සිටින නිසා ගුරුවරයාට එතරම් පිළිගැනීමක් නොමැත. එසේ හෙයින් 2012 ප්‍රධාන තේමාව පරිදි ගුරුවරයාට පිළිගැනීමක්, තත්ත්වයක් ලබාදිය යුතුය.
වෘත්තිකයන් වීම සඳහා පහත සුදුසුකම්වත් සපුරාලිය යුතුය.
ෂග ගුරු වෘත්තියට ඇතුළත්වීම සඳහා අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.
ෂෂග වෘත්තියට බඳවා ගනු ලැබූ පසුව බලපත්‍රයක් ලබාගත යුතුය.
ෂෂෂග වෘත්තිකයන් ආචාරධර්ම පද්ධතයකින් පාලනයවීම.
ෂඪග වෘත්තීය සංගම් වෙනුවට වෘත්තික සංගම් ගොඩනගා ගැනීම හා ඒ තුළ වෘත්තිකයන් ඒකරාශි වීම (ඡරදෙessසදබ්ක Assදජස්‌එසදබ)
ඪග වෘත්තිකයන් සඳහා ම භාවිත නිල ඇඳුමක් පැවතීම.
අඩුම තරමින් ගුරුවරුන්ට වෘත්තිකභාවය ලබාදීම සඳහා ඉහත අවශ්‍යතා සපුරාලීමට ක්‍රියා කළ යුතුය. මේ සඳහා රජයේ පාර්ශ්වයෙන් කළ හැකි කාර්යභාරය මෙසේය.
1. බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත අය පමණක් බඳවා ගත යුතුය. දේශපාලන පළිගැනීම්වලට සහන ලබාදීම, ගුරු සහයකයන් බඳවා ගැනීම, ස්‌වෙච්ඡා ගුරුවරුන් ස්‌ථිර කිරීම වැනි ක්‍රම තුළින් විවිධ අය ගුරු වෘත්තීයට බඳවා ගැනීම නතර කොට අධ්‍යාපන විද්‍යා පීඨවලින් හා විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගන්නා අය පමණක් ගුරු සේවයට බඳවා ගත යුතුය.
2. සෑම ගුරුවරයකුම සේවයට බඳවා ගත් පසුව ඔහුට හෝ ඇයට බලපත්‍රයක් ලබාදිය හැකිය. ඒ සඳහා කිසියම් අධිකාරියක් ස්‌ථාපනය කළ යුතුය. එය වෛද්‍ය සභාව හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (ඊAR Assදජස්‌එසදබ) වැනි මණ්‌ඩලයක් විය යුතු වුවත් ගුරුවරුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අනුව බලපත්‍රය නිකුත් කළ යුතුය. දැනට සිටින හා ඉදිරියට බඳවා ගන්නා සෑම ගුරුවරයකුටම ඔහුගේ සුදුසුකම් අනුව බලපත්‍රය ලබා දිය යුතුය.
සසසග ගුරුවරුන්ට ගැළපෙන ආචාරධර්ම පද්ධතියක් තිබිය යුතුය. දැනටද ගුරුවරුන් සඳහා ආචාරධර්ම ඇතත් එය ශක්‌තිමත් නොමැත. අඩුම තරමින් වෛද්‍යවරු නීතිඥයන්ට අපි ආචාරධර්ම වැනි ක්‍රියාත්මක කළහැකි ආචාරධර්ම පද්ධතියක් පැනවිය හැකි අතර ආචාරධර්ම කඩ කරන අය විවිධ සීමාවන්ට යටත් කළ යුතුය. ඒ සඳහා සුවිශේෂී ආචාරධර්ම පැනවිය යුතුය.
සඩග සිසුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් අහිමි කරන ගුරුවරුන්ගේ වෘත්තීය සමිති වෙනුවට ගුරුවරුන්ගේ වෘත්තිකභාවය දියුණු කරන වෘත්තික සංවිධාන ගොඩනගාගෙන රටේ දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීමට රජය ක්‍රියා කළ යුතුය.
ඩග නීතිඥයන්ට, අධිකරණ කටයුතුවලට සහභාගි වන විට සැරසිය යුතු නිල ඇඳුමක් තිබේ. එය සෑම නීතිඥයකුම එම අධිකරණයට උචිත ලෙසට ඇඳිය යුතුය. එමෙන්ම ගුරුවරුන්ට ද නිල ඇඳුමක් ඇති කළ යුතුය. බොහෝ විට ජනප්‍රිය විදුහල්වල විදුහල්පතිවරුන් සුදු කලිසම, සුදු අත්දිග කමිසය, පාසලේ කරපටිය හා සුදු කෝටි එකකින් සැරසී සිටිති. ඒ ආකාරයට ගුරුවරුන්ට උචිත නිල ඇඳුමක් ලබා දිය යුතුය. පාසල් දරුවන්ට මෙන් වෛද්‍යවරුන්ට ද උචිත නිල ඇඳුමක් ලබාදීම මේ සඳහා සුදුසු ක්‍රමයකි. එසේ වූ විට ගුරුවරුන් තුළ ද ගෞරවනීය හැඟීමක් ඇති වේ.
ඉහත යෝජිත කරුණු පිළිබඳව දැනට සාකච්ඡාවට බඳුන් වී පවතින අධ්‍යාපන පනත් කෙටුම්පතේ ගැඹුරින් සාකච්ඡා වී ඇත. අධ්‍යාපන අධීක්‍ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ මහතා පාර්ලිමේන්තු තේරීම් සභාවට ඉදිරිපත් කළ කෙටුම්පතේ ද මේ ගැන සඳහන් වී ඇති අතර ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතාගේ වාර්තාවේ විශේෂයෙන් සඳහන් වී ඇත.
ප්‍රතිපත්ති සම්පාදකයන් සැලකිය යුතු කරුණු
මෙවර ගුරු දිනයේ ප්‍රධාන තේමාව තත්ත්වයක් ලබාදිය යුතු ගුරුවරයා ය. ඒ අනුව ගුරුවරයාට තත්ත්වයක් ලබාදිය හැක්‌කේ කෙසේද යන්න පිළිබඳව ඉහත සඳහන් කර ඇත.
විශේෂයෙන්ම ගුරුවරයා ගුරු අධ්‍යාපනය ලබා ගත යුතුය. වෘත්තීය විශිෂ්ටත්වය තහවුරු කෙරෙන අයුරින් හා මහජනයාගේ ගෞරවය ගුරුවරයාට ලැබෙන ලෙසට කටයුතු පිළියෙල විය යුතුය. බොහෝවිට වෘත්තික භාවය අදාළ ගුරුවරු විසින්ම ලබා ගත යුතුය. ඊට ගැළපෙන ලෙසට පහසුකම් පුළුල් කළ යුතුය.
විශේෂයෙන් ප්‍රමිතියෙන් යුතු ගුරුවරයකු තැනීම අද දවසේ අපගේ කාර්යභාරය විය යුතුය.
මේ අනුව 2012 වර්ෂයේ සිට හෝ ගුරුවරයාට පිළිගැනීමක් ලබාදීම සඳහා රජය කටයුතු කරන්නේ නම් එය ගුරුවරයාට මහත් අස්‌වැසිල්ලට හේතුවනු ඇත.
එවැනි පිළිගැනීමක් ලබාදුන හොත්aa අපට පහත සඳහන් නිපුණතාවලින් හෙබි ගුරුවරයකු බිහි කර ගත හැකිය.
එවැනි ගුරුවරයකුගෙන් දරුවන් ලබාගත යුතු පහත සඳහන් නිපුණතා ඔවුනට සාක්‍ෂාත් කර ගැනීමට හැකි වනු ඇත.
අධ්‍යාපනයෙන් ලබාදීමට අපේක්‍ෂිත නිපුණතා(-
සග සන්නිවේදන නිපුණතාවය
සසග පරිසරයට අදාළ නිපුණතාවය
සසසගආචාරධර්මවලට හා ආගමට අදාළ නිපුණතාවය
සඩග ක්‍රීඩාව හා විවේකය පිළිබඳ නිපුණතාවය
ඩග ඉගෙනීම් ඉගෙනීම පිළිබඳ නිපුණතාව
ඩසග පෞරුෂත්වය සංවර්ධනයට අදාළ නිපුණතාවය
ඩසසග වැඩ ලෝකයට සූදානම් වීම.
ඉහත නිපුණතාවය ලබා දීමට නම් ගුරුවරයාද පහත සඳහන් නිපුණතාවයන් සාක්‍ෂාත් කර ගත් අයකු විය යුතුය.
ගුරුවරයා සතු විය යුතු නිපුණතා
සග ඉගැන්වීමට අපේක්‍ෂිත විෂය පිළිබඳ දැනුම
සසග විශ්ලේෂණ කුසලතාවය
සසසග ඉගැන්වීමේ කුසලතාව
සඩග කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව.
ඩග ඇගයීමේ දක්‍ෂතාවය
ඩසග සිසුන් හසුරුවා ගැනීමේ හැකියාව
ඩසසග සාධාරණ බව
ඩසසසග මනා සන්නිවේදනය
සංග දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධනය කිරීමේ හැකියාව
ංග මෙහෙයවීම හා උපදේශ හැකියාව
ංසග සුසාධ්‍යකරුවකු ලෙස ක්‍රියාකිරීම.
ඉහත නිපුණතාවලින් යුතු ගුරුවරු සිටී නම් ඔවුන්ගෙන් අපේක්‍ෂිත කාර්යයන් කරවාගැනීම ඉතා පහසුය. එවැනි ගුරුවරයකුට සිසු දරුවන් මෙන්ම සමාජයේ සෑම අයෙකු ම ගරු කරනු ඇත. එවැනි නිපුණතාවලින් යුතු ගුරුවරයකුගේ තත්ත්වයට හා වෘත්තිකභාවයෙන් යුතු වෘත්තිකයකු බවට ගුරුවරයා පත් කිරීමට අධ්‍යාපන බලධාරීන් මෙන්ම වගකිවයුතු සෑම කෙනෙක්‌ම උත්සාහ කළ යුතුය. එසේ කළහොත් ප්‍රායෝගික වශයෙන් ගුරුවරයා ඔසවා තැබිය හැකි වෙනවා මෙන්ම ගුරුවරයාගෙන් අපේක්‍ෂිත සේවයද වඩාත් හොඳින් ඉටු කර ගත හැකිය. 2012 ගුරු දිනයේ තේමාව යථාර්ථයක් වන දිනය සැබෑ ගුරු දිනයයි.
- නීතිඥ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ
ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි
පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා මෙහෙකාර සේවයෙන්” මුදවා ගැනීමයි. ඒ දිනය පිළිබඳ පුංචි ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ලෝක ළමා දිනය සැමරූ පළමුවෙනිදා වගේම පළමු ලෝක යුද්ධයද අපට අමතක කරන්න බැහැ. 1914 දී ඇරඹුණු ලෝක යුද්ධය 1918 දී අවසන් වුණේ ලෝකයටම මහත් විනාශයක් සිදුකරමින්ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුණා. මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අබාධිත වුණා. මෙයින් විශාලම හානිය වූයේ කුඩා දරුවන්ටයි.
දරුවන්ට වූ හානිය සලකා 1923 දී “එග්ලන්ටයින් ජෙබි” මහත්මිය සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයෙන් වගන්ති 5 න් යුතු ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහි වුණා. 1924 වසරේදී මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කි‍්‍රයාත්මක ප‍්‍රකාශයක් ආකාරයට පිළිගත්තා. මෙහි මූලිකම අරමුණ වූයේ ළමයින්ට රැකවරණය හා විශේෂ සැලකිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවයයි.නමුත් ලෝක යුද්ධය අවසාන වූයේ නැත. 1939 නැවත ලෝක යුද්ධය ආරම්භ වී එයින් දරුවන්ට විශාල හානියක් සිදු වුණා. ඉන්පසු නැවතත් 1945 වන විට නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අළුතින් බිහිවුණා. 1959 දී මෙම සංවිධානය විසින් වගන්ති 10 න් සෑදී තිබූ ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවන ප‍්‍රකාශය පිළිගනු ලැබුවා. 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කරන්න අවශ්‍ය කටයුතු යෙදුනා. එක්සත් ජාතින්ගේ මංඩලය එය පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර නීතියක් ලෙස බලගැන්වූයේ 1990 දෙසැම්බර් 20 දාය. මේ සඳහා 1991 ජූලි 12 වනදා ලංකාවත් අත්සන් තැබුවා. ඒ තමයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වූ ආකාරය.වර්ෂයක් පාසා මෙම දිනය අපේ රටේද සැමරුවත් ළමා මෙහෙකාර සේවය අපරටේ ද දක්නට ලැබෙනවා. පුංචි ළමයින්ගේ ප‍්‍රධාන අයිතිවාසිකම් වන අධ්‍යාපනය මේ හේතුව නිසා ඔවුන්ට අහිමි වි තිබෙනවා. දියුණ‍්‍ර රටවල දරුවන්ගෙන් සියයට 98 - සියයට 99 ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරනවා.
නමුත් අපේ රටේ මේ අයිතිවාසිකම් හිමිව ඇත්තේ සියයට 12 වැනි සංඛ්‍යාවකටයි. මෙයට හේතුව වී ඇත්තේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීමයි. එයට හේතුව නම් දෙමව්පියන්ගේ රැකවරණය දරුවන්ට නොලැබී යාමත් පවතින ආර්ථික අපහසුතාවයත්ය. මෙම තත්ත්වය මඟහරවා ගන්න පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් රැසක් ඉටු කරන්න පුළුවන්. ඔබේ නිවසේත් එවැනි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇත්නම් ඒ බව ඔබේ දෙමාපියන්ට පහදා දෙන්න. එමෙන්ම ඔබට හැකි පමණින් දිළිඳු හිත මිතුරන් සඳහා උදව් උපකාර කරන්න. එසේ වෙනවිට ළමයින්ගේ ලෝකය සුන්දර වේවි. සෑම කෙනෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවේවි. ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොවී හැමදාමත් සුන්දර වේවි.
01/08/2014
දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ
හායි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ.......................
දෙවනි වාරෙත් අදින් ඉවරයි. ආයෙත් යාලුවො, ගුරුවරු, ඉස්කෝලෙ දකින්න වෙන්නේ සැප්තැම්බර් 01 ඉඳලා තමා. හැබැයි නිවාඩු දුන්නේ නිවාඩුවෙම ඉන්න නෙමේ............................................. වැඩත් කරන්න ඕනා.... ඉස්කෝලෙ වැඩ, ගෙදර වැඩ පාඩම් වැඩ වගේ දේවලුත් කරන්න ඕනා. හැබැයි වෙනදා වගේ පණ යනකම් මේව කරන්න ඕන නෑ. මොකද මේක නිවාඩු කාලෙ.............. හැමෝටම සුබ පතනව ඵලදායී ලෙස මේ නිවාඩු මාසය ගත කරන්න කියලා.
තෙරුවන් සරණයි!
18/07/2014
14/07/2014
2014-07-10 දින අප පාසල මගින් සංවිධානය කරන ලද චාරිකාව
08/07/2014
අපේ පුංචි ඉස්කෝලෙ පරිගණක විද්‍යාගාරය විවෘත කල වගයි....................
07/07/2014
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |