26/03/2025
🍂🌱මේ කහ වාරයයි..කාබනිකව කහ වගාකරමු !!!
උද්භිත විදයාත්තමකව Curcuma domestica ලෙස හඳුන්වන කහ බෝගය පිළිකා නාශක ගුණයකින්
යුක්තය. කාබනික කහ සදහා ඉහල ආර්තික වටිනාකමක් ඇති අතර ආහාර
පිසින විට ද,විෂබීජ නාශකයක් හා ආයුර්වේද ඖෂධයක් මෙන්ම
රෙදිපිළි වර්ණ ගැන්වීම සදහාද,රූපලාවණ්‍ය කටයුු සදහාද බහුල භාවිතා කරයි.යුරෝපය ඇතුළු අනෙකුත් බොහෝ බටහිර රටවල් වලින් ලාංකීය කාබනික කහ සදහා ඉතා ඉහල ඉල්ලුමක් ඇත.
🍀ශ්‍රී ලංකාවේ වගාකරන ප්‍රදේශය
කුරුණෑගල,මහනුවර,මාතලේ,ගම්පහ,කොළඹ,කැගල්ල,කළුතර,ගාල්ල,මාතර,බදුල්ල,රත්තනපුර,මොණරාගල,පොලොන්නරැව,අම්පාර
(ජල සම්පාදනය යටතේ වියලි කලාපයේ තෝරාගත්ත ප්‍රදේශ වල හා අතරමැදි කලාෙයේදී වගා කළ හැකිය. ).
🍀කහ ප්‍රභේද
දේශීය කහ, ගන්ටර් ,පූනා,මදුරාසි මන්ජල්
🍀කහ වගාව සදහා සුදුසු දේශගුණික අවශයතා
වාර්ෂික වර්ෂාපතනය - මී.මී 1500 දක්වා
උෂ්ණත්තවය - 20-30 °C
🍀වගාව ආරම්භය
මාර්තු,අප්‍රේල් යන මාස වලදී බීජ අල සිටුවයි
🍀කහ බීජ අල අවශයතාවය
අක්කරයට බීජ අල කි.ග්‍රෑ. 600-800 අතර.(පොල් වගාවක අතුරු භෝගයක් ලෙස නම් 500kg පමණ)
🍀බිම් සැකසිම 🚜
අඩි 1ක් ගැබුරට පස පෙරළා කැට පොඩි කර ,අඩි 5ක් පළලට හා තමන් කැමති දිගකට පාත්ති සකස්කර ගන්න. ඉන්පසුව එම පාත්ති වලට
ඩොලමයිට් ,ERP හා පිලිස්සු දහයියා අගුරු (අක්කරයකට ඩොලමයිට් 200kg හා ERP 50kg) දමා පස සමග හොහොදින් මිශ්‍ර කරන්න.
🍀බීජ කහ සිටුවන පරතරය
පැල අතර පරතරය - අඩි 1
පේළි අතර පරතරය - අඩි 1
එක් පාත්තියකට පේළි 4ක් වනසේ බීජ කහ අල සිටුවා ගත යුුතුය.
🍀කහ සිටුවීම
බීජ සිටුවීමට පෙර ,සාදාගත් එක වලකට කොම්පෝස්ට් /කුකුල් පොහොර පොල්කට්ටක් පමණ ප්‍රමාණයක් (ග්රෑම් 50-100) වන පරිදි දමා පසට කලවම් කරගත යුුතුය.
එක් ස්ථානයක කහ බීජ අල ග්‍රෑම් 50-100 ක් පමණ හා ඇඟිලි අල 2-4ක් වන පරිදි සිටුවිය යුුතුය. අඟල් 1 පමණ වනසේ පස් තට්ටුවකින් සිටුවන ලද කහ අල වසා අතින් තදකර ඒ
මතට වසුන් යොදන්න.
වසුන සදහා දහයියා ,පිදුරු හෝ පොල් අතු භාවිතා කළ හැක, මාස 3ට වරක් වසුන අලුත්ත කරගත යුුතුය.
🍀නඩත්තු කටයුුතු
✔️මාස 3 කට වරක් කාබනික පොහොර එකු කරන්න.පොහොර පේළි අතර විසුරුවා හැර පසට කලවම් කරන්න.
✔️පදුර මුලට පස් එකු කරන්න (වගා කාලය තුළ 4-5 වතාවක්).
✔️වසුන දිරා යන විට නැවතත් යොදන්න.
✔️වගාවේ අවස්ථා කිහිපයකදී සුදුසු කාබනික දියර පොහොරක් භාවිතා කිරීමෙන් තවදුරටත් අස්වැන්න වැඩිකරගත හැකිය.
🍀රෝග හා පලිබෝධ
🐛කද විඳින දළඹුවගේ හානිය
පොළවට ආසන්නව අගල් 3ක් පමණ ඉහලින් කද සිදුරු කර ඇති බව දැකිය හැකිය, එයට තවත්ත අගල් 4ක් පමණ ඉහලින් තවත් සිදුරක්
තිබේ නම් එය පණුවා සලඹයකු වී පිටවී ගිය සිදුරයි.
✅පාලනය
වගාව හොදින් පරික්ෂා කර බලා එහි සිදුරු සහිත කඳන් දැකිය හැකිනම් සිදුරට පහළින් කපා පුළුස්සා දැමිය යුුතුය එමගින් පැතිරීම
පාලනය කළ හැකිය.
🍂කොළ පුල්ලි රෝගය
කහ පත්‍රවල තැනින් තැන සුදුපැහැති ප්‍රදේශ ඇති වී ඒවා දුබුරු පාටට හැරේ .මෙලෙස කහ පත්‍ර මත දුබුරු පුල්ලි දැකිය හැකිය .
🍃අල කුණුවීමේ රෝගය
කදේ පාදස්ථ කාටසට හා රයිසෝමවලට ආසාදනය වන දිලීර රෝගයකි. පත්‍ර දාරය වියළි පසුව පත්‍ර සහ මුළු ශාකයම වියළී ගස
කඩා වැටේ.
✅පාලනය
✔️බීජ අල සිටුීමට පෙර පස ජීවාණුහරණය කිරීම
✔️ කාබනික දිලීරනාශාකයකින් බීජ ප්‍රතිකාර කර සිටුවීම.
🍀අස්වනු නෙළීම
කහ පත්‍ර වියළීගියවිට කහ උපරිම ලෙස මෝරා ඇති අතර අස්වනු එම අවස්ථාවේ දී නෙලාගත හැකිය .මේ සදහා බීජ අල සිටුවා මාස 9ක්
පමණ ගතවේ.
සාමාන්‍ය අස්වනු නෙලන කාලය ජනවාරි-මාර්තු .
කහ අක්කරයක වගාවකින් අමු කහ අල 8000kg–12,000 kg ක් පමණ ලබාගත හැකිය.
🍀ප්‍රධාන නිෂ්පාදන
අමු කහ ,වියලි කහ,වියලි කහ කුඩු ,වියලි කහ පෙති සහ ඔලියෝරෙසීන.
** කාබනික දිලීරනාශක,කාබනික දියර පොහොර සහ අනෙකුත් කාබනික යෙදවුම් පිලිබද තොරතුරු ඉදිරි post තුලින් බලාපොරොත්තුවන්න..
©️ EarthCrop