16/03/2026
ඔබේ දරුවාත් විශ්ව ගම්මානය ජයගන්නට සූදානම් කරවමු !
කුඩා දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සැකසූ තොරතුරු තාක්ෂණය සමඟ Coding, Arduino,AI පුහුණු කරවන එකම පංතිය !!
• ලොව පිළිගත් ආයතන මගින් සිදු කරන අනාගත පුරෝපතනය අනුව ඉදිරියේ ලොව වැඩම ඉල්ලුමක් පවතින රැකියා අවස්ථා පෙළ ගැසීමේ දී විවිධ ක්ෂේත්‍ර අතරින් වැඩිම ඉල්ලුමක් පවතින ක්ෂේත්‍ර වනුයේ AI (Artificial Intelligence) සහ Cyber Security, Big Data වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන් වේ.
• සංවර්ධිත රටවල සෑම පාසලකම මෙන්ම ජාත්‍යන්තර පාසල්වල ද මේ වන විටත් පළමු වසරේ සිටම දරුවන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළත්ව ඉගැන්වීම සිදුකෙරේ.
මෙම පන්තියට ඇතුළත් වන දරුවන්ට :
• මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
පරිගණකයක් ආරක්ෂිතවත් හා ක්‍රමානුකූලව පිළිවෙලට සහ පිරිසිදුව භාවිතා කිරීම
මෙන්ම Keyboard, Mouse ඇතුළු උපකරණ නිවැරදිව තබා ගනිමින් භාවිතා කරන ආකාරයේ සිට මූලික ක්‍රියාකාරකම් සියල්ලම ඉගැන්වෙන බැවින් මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
• Laptop එකක් ඕනමද?
පන්තියට සහභාගී වන සියලුම දරුවන්ට මුල සිටම Laptop පරිගණකයක් පන්තියේදී ලබා දෙන බැවින් පරිගණකයක් තමන් සතුව තිබීම අත්‍යවශ්‍ය නොවේ.
• පොඩි දරුවන්ට දරන්න බැරි තරම් අමාරු දෙයක්ද උගන්වන්නේ ?
දරුවන්ට පාසලේ වැඩ කටයුතුවලට අවහිරයක් නොවන පරිදි පන්තිය පැවැත්වෙන
අතර ඉතා කෙටි කාලයක් තුළින් මූලික පුහුණුවෙන් පසු තර්කානුකූලව සිතීමේ හැකියාව
දියුණු කරමින් අනාගත ලොවට අත්‍යවශ්‍ය වන Coding, Arduino , AI දැනුම ඉතා සරළව
ඉගැන්වීම සිදුකෙරේ.
• ඉගැන්වීම සඳහා සරල ඉංග්‍රීසි භාවිතා කරනමුත් සිංහල මාධ්‍යයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම සිදුකෙරේ.
• පරිගණකයේ භාවිතා කරමින් තමන්ගේ පාසැලේ වැඩකටයුතු පහසු කරගන්නා ආකාරය,මෙන්ම විශේෂිත මෘදුකාංග භාවිතා කරමින් පාසලේ විෂයන් පරිගණක ආශ්‍රයෙන් විනෝදාත්මකව හා සරල ලෙසින් ඉගෙන ගැනීමේ අවස්ථාවද හිමි වේ.
• පළමු කණ්ඩායම මේ වන විටත් ඉතා සාර්ථකව පරිගණක භාවිතයෙන් ඔවුන්ගේම විවිධ නිර්මාණ තනියම සිදුකරන ආකාරය පන්තියේ පැවැත්වෙන දිනෙක පැමිණ පරීක්ෂා කළ හැක.
• පන්තිය මෙහෙයවීම වසර ගණනක් පුරා දූ දරුවන් රාශියකට තොරතුරු තාක්ෂණ දැනුමක් ලබා දුන් පළපුරුදු සහ පරිගණක උපාධිධාරීන් ගුරුවරුන් විසිනි.
• පළමුව මාසය නොමිලේ සහභාගි කරවා ඉගැන්වීම රටාව හා පන්තියේ දරුවා ලබන දැනුම පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
• එක් පන්තියක් සඳහා සිසුන් 15 පමණක් බඳවා ගැනේ