15/01/2023
Maliyadeva College
Established in 1888, Maliyadeva College is a prestigous Buddhist school in Sri Lanka! Today the school accommodates nearly 5000 students.
Maliyadeva College, Kurunegala, is a government school established in 1888, by the Buddhist Theosophical Society led by Colonel Henry Steel Olcott. It is one of Sri Lanka's oldest schools and considered by many to be a leading Buddhist school in Sri Lanka.It is a National School and controlled by the Central government. The term "Devans" (Sinhala:ඩේවන්ස්) is being used to call the former/present pupils of Maliyadeva College.
15/01/2023
30/09/2022
සකල ශිල්ප සත අධිපති දේවී
නිමල රුවින් පිරිපුන් රස කාමී
පතල කලා රැජිනිය රසිකාවී
නමාමි මලිදෙව් මෑණි නමාමි
එකුත් සිය තිස් හතර වසක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන මලියදේව මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට කැපවූ උතුම් මලියදේව මෑණියනි 134 වන ජන්ම දිනය වෙනුවෙන් ඔබගේම තුරුලේ හැදී වැඩුණු මලිදෙව් පුත්‍රයින්ගේ හෘදයාංගම ආචාරයයි මේ.🙏🙏🙏
❤️🇷🇴❤️🇷🇴❤️
College #
#
💪❤️🇷🇴❤️
මලිදෙව් පුත්‍ර කාවින්දගේ සටහනක්..
30/09/2022
134𝙩𝙝 𝘼𝙉𝙉𝙄𝙑𝙀𝙍𝙎𝘼𝙍𝙔 𝙊𝙁 𝙈𝙊𝙏𝙃𝙀𝙍 𝙈𝘼𝙇𝙄𝙔𝘼𝘿𝙀𝙑𝘼🇹🇩❤️✨
06/09/2022
Best wishes for our great Devan ❤️
18/01/2021
ඉස්කෝලේ ගිය පොඩි හාමුදුරුවෝ..... මඩවල සීලවිමල හිමි
මලියදෙව ඉතිහාසය හා සබැඳි සුවිශේෂ සිදුවීම් බොහොමයකි. 1960 දශකයේ මුල් භාගයේ මලිදෙව් මව් තුරුලේ අකුරු කළ දැනට තම 70 හැවිරිදි විය අසල දිවි ගෙවන ආදී සිසු කැලට මෙම සිසුවා ගැන මතකයක් ඇතුවාට සැක නැත.
දැනට 73 හැවිරිදි, ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනික සහ ශාසනික සේවයේ යෙදෙන පූජ්‍ය මඩවල සීලවිමල නායක හාමුදුරුවෝ, පූජ්‍ය හෙන්ඩියගල නායක හාමුදුරුවන්ගේ ගෝල හිමිනමකි. 1958 සිට 1967 කාලය තුල 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා අප පාසලේ අධ්‍යාපනය ලද සුවිශේෂී සිසුවෙකි. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය පාසලක, රජයේ පාසලක ගිහි සිසුන් සමග එකම පන්තියේ එකට සිටිමින් අධ්‍යාපනය ලද සාමනේර හිමිනමකි. සීලරතන හිමියන්ගේ ඉල්ලීම මත ඊ.ඒ.පේරුසිංහ යුගයේ දී මලියදෙවයට බාරගත් සිසුවෙකි.
1960 මුල්භාගයේදී ප්‍රාථමික පංතිවල උගැනුම ලබද්දී සතිපතා පැවති උදැසන රැස්වීමේ දී අප පංචශීලයේ පිහිටවූ පොඩි හාමුදුරුවෝ උන් වහන්සේය. දික්වෙල පියනන්ද හිමියන් ඇසුරේ භික්ෂූන් සඳහා අවැසි ධර්මය සහ පැවිදි වතාවත් ප්‍රගුණ කළ සීලවිමල සාමනේර හිමි පාසලේදී අනෙක් සිසුන් සමග ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්රීිසි, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය ආදි සාමාන්‍ය විෂයය ධාරාව හැදෑරිය. තම පන්තියේ ගිහි සගයන් මලල ක්‍රීඩා වල යෙදෙද්දී අවාසයේ ජනේලය තුලින් දැකබලාගෙන ඔවුනට සහය දැක්වූ පැවිදි සිසුවා පාසලේ ආගමික සහ සාහිත්‍ය කටයුතුවලදී ඔවුන් හා උරෙන් උර ගැටෙමින් පෙරමුණේම රැඳි සිටියේය. 1965 ‘මලියදෙව’ පාසල් සඟරාවේ සංස්කාරක වරුන් වූයේ එන්.ආර්.ජයතිලක සහ සීලවිමල හිමියන්ය. 1967 දී මඩවල සීලවිමල හිමි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට ඇතුලත් වන්නේ සාමාන්‍ය පාසලක උගෙන සරසවියට පිවිසි පළමු පැවිදි සිසුවා ලෙසය. 1968 දී උන්වහන්සේ උපසම්පදාව ලැබිය.
‘බෞද්ධ දර්ශනය’ ප්‍රධාන විෂයය ලෙස සරසවි අධ්යාවපනය ලබා, පසුව 1971 දී මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේ අදුරු මඩුල්ලට සම්බන්ධව මඩිහේ පඥ්ඥාසීහ හිමි ඇසුරේ කටයුතු කිරීමේ භාග්‍යය ලබන මඩවල සීලවිමල හිමියන් ත්‍රිපිටකය ඉංග්රීසසියට පෙරළීමේ කටයුත්තේදී ද ක්‍රියාකාරීව සහභාගී විය. 1972 දී ‘විජයවර්ධන භාරය’ මගින් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් මත ශාස්ත්‍රපති උපාධිය සඳහා යලිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වන්නේ ඉංගිරිසියෙන් බෞද්ධ දර්ශනය බටහිර විද්වත් සමාජය කරා ගෙනයාමේ අරමුණ පෙරදැරි කරගෙනය. 1976 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ Berkeley හි Graduate Theological Union හි Institute of Buddhist Studies අංශයේ ආචාර්ය වරයෙකු ලෙස සම්බන්ධ වී දික්වෙල පියනන්ද හිමියන් සමග එක්ව උතුරු අමෙරිකාවේ ථෙරවාද දහම් සේවයේ නිරතවීම ඇරඹීය.
එදා මෙදා තුර උන්වහන්සේ අතින් සිදුවූ, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විවිධ පළාත්වල ථෙරවාද බුදු දහම ප්‍රචලිත කිරීම සහ සැදැහැවත් පිරිස් සමග එක්ව පන්සල් ආරම්භ කිරීම පිළිබඳව සිදුවීම් සහ උන්වහන්සේ ගේ ජගත් ආගමික සේවාව තවත් දිගු ලිපියකින් විස්තර කළ යුතු වෙනම කතාවකි.
මෙම සටහනේ මූලික අරමුණ මලියදෙවය හා සබැඳි වැඩි දෙනෙක් නොදන්නා ඒ ඉතිහාස කතාව ගැන මතු පරපුර වෙනුවෙන් සටහක් තැබීම පමණකි.
26/10/2020
1966 February 4, Independence Day Cultural Pageant with MBV girls. 'Panduwasdev Raja Saba' ... Anuruddha Puswella, Karunarathna Hangawaththa, R Wijethilaka and ...............
26/10/2020
Orchestra 1974
09/04/2019
Tissa House under 16 cricket team 1956
02/03/2019
Royal v Maliyadeva
Live from 3.40. p.m. onwards today...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Negombo Road
Kurunegala
60000