10/03/2020
An interview with Mr. A.M.Y.H. Adikari, one of the senior prefects from our our batch.
සරසවිය සිසුන්ගේ අධ්‍යාපනික දක්ෂතා ඔප්නංවනවා මෙන්ම ක්‍රීඩාවේද දක්ෂයන් විශිෂ්ඨයන් බවට පත් කරන වේදිකාවක් යැයි පැවසුවහොත් මා නිවැරදිය. එලෙස අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවේද දස්කම් පෑ සුවිශේෂී චරිතයක් තමයි අද අපිත් එක්ක එකතුවෙලා ඉන්නෙ. ඔහු නමින් යසස් අදිකාරි.
ඔබ ගැන පුංචි හැදින්වීමක් කලොත්?
මම යසස් අදිකාරි. මගේ පාසල කුරුණෑගල මලියදේව විද්‍යාලය. උසස් පෙළ කරේ ගණිත අංශයෙන්. ඊටපස්සෙ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයයේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී පාඨමාලාව හදාරන්න අවස්ථාව හම්බුනා.
මල්ලි කෙනෙක් ඉන්නවා. අම්මා අපි පොඩි කාලෙදිම නැති උනා. අප්පච්චි ගිය අවුරුද්දේ හදිසියේ අපි අතරින් වෙන් වෙලා ගියා. ඒ දෙන්නගෙම ගුරු වෘත්තීය රැකියාව උනේ.
ඔබ ජීවිතයේ අභියෝග දුෂ්කරතා බොහොමයකට මුහුණදීපු කෙනෙක්.කොහොමද විශ්ව විද්‍යාලයේ වැඩකටයුතු සමබරව කලේ?
ලොකුම අමාරුව තිබ්බේ හැමදේම බැලන්ස් කරගෙන කරන එක. මලල ක්‍රීඩා, Cricket, මාධ්‍ය , ඡායාරූප ශිල්පය, සංගීතය කියන්නේ එකකට එකක් වෙනස් දේවල්. ඒත් ලේසි දේවල් කරන එක කොහොමත් කරන්න පුළුවන් හැබැයි අමාරු දේවල් හරියට කරන එකෙන් තමා අපිට අපිව මැනගන්න පුළුවන් කියලා හිතුව නිසා ඒ හැමදේම අමාරුවෙන්හරි කරා. අනික කාවවත් පරද්දන්න තරගයක් තිබ්බේ නෑ. මං මට පුළුවන් උපරිමය ඒ කරන වෙලාවේ කරා. එතකොට දින්නත් පැරදුනත් සතුටුයි අනික ඒක දරාගන්න හරි ලේසියි. අප්පච්චිගෙන් සහ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කරන නොකරන සහෝදර සහෝදරියන්ගෙන් ලැබුන උදව්, ඒ වගේම ක්‍රීඩාව කරගෙන යන්න ගුරුහරුකම් දුන්න, උදව් කරපු ක්‍රීඩා උපදේශකතුමන්ලා ද මේ ජයග්‍රහණ පස්සේ හිටියා.
ඔබ ක්‍රීඩාවෙන් ලබපු ජයග්‍රහණ ගැන මතක් කලොත්?
ඔව්. මට 2016 වර්ෂයේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල වර්ණ රාත්‍රියේ "වසරේ හොදම ක්‍රීඩකයා" සම්මානය දිනන්න පුළුවන් උනා. 2016 Sri Lanka Universities Sports Association (SLUSA) වර්ණ, මලල ක්‍රීඩා වලින් දිනන්න පුළුවන් උනා. 2016,2017,2018 අවුරුදු තුනේදිම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය වර්ණ දිනාගන්න පුළුවන් උනා.
විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ (2016) දුර පැනීම ඉසව්වෙන් වාර්තාවක් තියන්න පුළුවන් උනා(මේ වෙද්දි ඒක ආයෙත් අලුත් වෙලා තියෙන්නේ දේශාන් කවිදු මල්ලි අතින්) . Sri Lanka University Games(SLUG) වල තුන් පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනන්න පුළුවන් උනා. ඒ වගේම කැම්පස් එකේ Cricket කණ්ඩායමට සෙල්ලම් කරපු නිසා ඒ අවුරුද්දේ අපිට ලෝකඩ පදක්කම දිනන්න පුළුවන් උනා.
2017 විශ්වවිද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමේ උප නායක විදියට හිටියා. ඒ වගේම 2016,2017 ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරා. 110m කඩුලු මතින් දිවීම ඉසව්වෙන් රජරට විශ්වවිද්‍යාලයීය වාර්තාව අලුත් කරන්න පුළුවන් උනා. රජරට විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ තරගාවලියේදිත් , අන්තර් පීඨ නවකයන්ගේ තරගාවලියේදීත් සියළු ඉසව් වලින් පළමු ස්ථාන ලබාගෙන ඒ තරගාවලි දෙකේම හොදම මලල ක්‍රීඩකයා වෙන්න හම්බුනා.
2018 මලල ක්‍රීඩා කණ්ඩායම් නායක වෙන්න පුළුවන් උනා. රජරට විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා සංගමයේ උප සභාපති තනතුර හම්බුනා.
ඒ වසරෙම අන්තර් විශ්වවිද්‍යාල තරගාවලියේදී තුන් පිම්ම ඉසව්වෙන් තුන් වන ස්ථානය දිනන්න පූළුවන් උනා.
ඔබ පාසල් කාලයේ ඉදන්මද ක්‍රීඩාකටයුතු වලට යොමු වුනේ?
ඔව්. පාසල් කාලේ මලියදේව විද්‍යාලය නියෝජනය කරමින් මලල ක්‍රීඩා, Cricket, අපරදිග සංගීතය, යන දේවල් වලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලබාගෙන තියනවා. ඒ වගේම මාධ්‍ය ඒකකයේත් සාමාජිකයෙක් වෙලා හිටියා.
ඔබ විශ්වවිද්‍යාලයේ අලුත් සංගමයක් ආරම්භ කරපු කෙනෙක්.ඒ ගැන මතක් කලොත්?
රජරට විශ්වවිද්‍යාලට මාධ්‍ය ඒකකයක අඩුවක් තිබ්බා. ඉතින් එහෙම දෙයක් පටන් ගමු කියන අදහස 2017 ARICT සභාපති චමෝද් අයියා එක්ක කතා කරලා FasFocus Media කියලා Applied සහ Technology Faculty එකේ ඔක්කොම 15 දෙනෙක් එක්ක පටන් ගත්තා. සාමජිකයන් ගාන වැඩි උනා වගේම අද වෙනකොට Facebook likes 10000ක් සහ twitter, Instagram, youtube ඇතුලු Social Media වලට ව්‍යාප්ත වෙලා තියනවා InFocus Media කියන අලුත් නමත් එක්ක.
මාධ්‍ය ඒකකයේ Co-Founder (සම නිර්මාතෲ) කෙනෙක් වගේම 2018 වර්ෂයේ සභාපති , 2017 වර්ෂයේ Senior Photographer කෙනෙක් විදියට වැඩ කරලා තියනවා. ඒ වගේම
රජරට විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයකු වන උඩුරාවණ මහතා එක්ක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සංහිද වැඩසටහනට සහභාගි වෙලා තියනවා මාධ්‍ය සාකච්ඡාවකට රජරට විශ්වවිද්‍යාලයේ 14/15 කණ්ඩායම නියෝජනය විදියට.
ඔබ සංගීතයටත් අලුම් කරන කෙනෙක්?
All Island Inter-School Wester music and Dance competition හි තරගයේ ප්‍රථම ස්ථානය දිනුව මලියදෙව සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් සහා Zonal singing competition වල ජයග්‍රහණ දිනාගෙන තියනවා. ඒ වගේම මම Institute of Western Music and Speech (IWMS) Theory of Music examinations senior certificate level වෙනකම් කරලා තියනවා.
ඔබ දැන් කොහෙද රැකියාව කරන්නෙ?
Hitachi Digital Payment Solutions Ltd. ආයතනයේ Software Engineering Internship එකක් Complete කරන්න මට වාසනාව හම්බුනා දැන් Orel IT pvt ltd. හි රැකියාව කරගෙන යනවා.
ඉතින් බොහොම ස්තූතියි ඔබේ දැනුම අත්දැකීම් බෙදාගන්න අපිත් එක්ක එකතු වුනාට .ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්ථකවේවා කියල හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා.
Share කරන්න.Page එකටත් Like කරන්න.
15/06/2019
18/02/2019
11/06/2018
08/06/2018
01/06/2018
20/05/2018
16/03/2017
17/01/2017
17/07/2016
05/07/2016