09/02/2024
" උපුටා ගැනීමකි "
🇯🇵ජපන් පෙළ පොතකට ශ්‍රී ලංකා නාමය ගෙන ගිය විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයා ❤❤🇱🇰
මුළු ලෝකයකට ආදර්ශයක් ලබා දුන් මේ කතාවේ කතා නායකයා 1936 මැයි 21 උපත ලැබු රණතුංග කෝරලගේ ජයසේකර කරුණානන්ද නොහොත් කවුරුත් දන්නා නමින් ඔහු රණතුංග කරුණානන්ද මහතායි.
1964 දි ජපානයේ තෝකියෝ නගරයේදි පැවති ග්‍රීස්ම සෘතු ඔලිම්පික් තරඟාවලියේ මීටර් 10000 ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කලේ කරුණානන්දයි. සුළු අසනීප තත්වයක් තිබුනද ඒ ගැනද නොසිතා ඔහු තරඟය සඳහා ඉදිරිපත් විය. ලෝකයේ බලවත් රටවල ප්‍රභල ක්‍රීඩකයන් සමඟ ඔහුට තරඟකිරීමට සිදු විය. තරඟය ආරම්භ කෙරුනි, එකපොකුරට හැමෝම දුවනවා. ටික වෙලාවකින් කරට කර හිටපු තරඟකරුවන් ටිකෙන් ටික ඈත් වෙන්න ගත්තා. වට 10ක් අවසන් වන විට කරුණානන්ද අන්තිමයා. ඔහු 20 වන වටය ආරම්භ කරන විටත් අමෙරිකාවේ බිලි මිල්ස් තරඟය ජයගෙන අවසන්. දෙවන හා තුන්වන ස්ථාන තෝරගත්තත් අපේ කරුණානන්ද විතරක් තවමත් තරඟ බිමේ.
තරඟය ඉවර කරන්න කරුණානන්දට තව වට හතරක් තියෙනවා. පළවන,දෙවන හා තුන්වන ස්ථාන තෝරා අවසන් නිසා සියළුම ක්‍රීඩකයන් තරඟය අත්හැරියත් කරුණානන්ද උපරීම ජවයෙන් දුවනවා. මුල් වටයේදි ප්‍රේක්ෂකයන්ගෙන් හූ හඬ, උසුළු විසුළු ඇහුනත් ඒවා ගනන් නොගෙන ඔහු දුවනවා. දෙවන වටයේදි මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬ උනා. තුන්වන වටය ආරම්භ උනා මුළු ප්‍රේක්ෂකාගාරයේ ප්‍රේක්ෂකයන් ඔහු වෙනුවෙන් නැගි සිටිනවා, අත්පුඩි ගසමින් ඔහුව දිරිමත් කලා. අවසන් වටයේදි 60000ක් වූ ප්‍රේක්ෂකයන් අසුන්වලින් නැගිට "කමෝන් සිලෝන් කමෝන් සිලෝන්" යැයි කරුට ප්‍රීති ඝෝෂා නැඟුවා. තරඟය අවසන් වෙනවා.
තරඟයේ පළවෙනියා වූ බිලි මිල්ස් මෙහෙම කියනවා " මේ රන් පදක්කම අයිති මට නෙවෙයි කරුණානන්දටයි"
අදටත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ඨතම පරාජිතයාගේ ගෞරවය හිමි වී තිබෙන්නේ කරුණානන්දට.
කරුණානන්දයන් ආදර්ශයට ගනිමින් ජපානයේ 5 වසර පෙල පොතට මෙම කතාව ඇතුලත් කරනවා. දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ ජපානයට කරු හොඳ ආදර්ශයක් මේ තුලින් ලබාදෙනවා.
1974 දෙසැම්බර් 15 වන දින ඔහු අවාසනාවන්ත ලෙස දියේ ගිලිමෙන් සඳහටම අපෙන් සමුගන්නවා 😪😪😪 .
මා මේ තුළින් කියන්න උත්සාහ කරන්නේ ගොඩක් අය ජපන් යන්න ආසයි. ඒත් භාෂාව අත්‍යාවශ්‍ය නිසා ජපන් ඉගෙනගන්න වෙනවා. නමුත් බොහෝ අය මේ භාෂාව අමාරු නිසා අතරමඟදි නවත්වනවා. සමහරු N5 විභාගය අසමත් වන නිසාත් නැවත උත්සාහ නොකර නිසාත් ජපන් යන එක අත්හැර දමනවා.
ඔබේ ඉලක්කය ජපානයට යෑම නම් ඔබ අසමත් යැයි හිතෙන සෑම අවස්ථාවක කරුණානන්ද මහතාගේ කතාව ආදර්ශයට ගන්න. විශිෂ්ඨ පරාජයක් තුළ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයන් ඇත.
ありがとうございます。