Education Helping Center

Education Helping Center Education Helping Center ,Education a non-stop educational campaign covering all districts of srilanka for all students from grade 01 to grade 13.

For your success.. Our commitment is your victory..

ලැබුවා වූ මේ නව ශාක්‍ය වසර ඔබ ඇතුළු ඔබගේ ආදරණීයන් සියළු දෙනාටම සතුට,සෞභාග්‍යය හා නිරෝගීබව හිමි වන සියළු පැතුම් මල්ඵල ගැන...
14/04/2026

ලැබුවා වූ මේ නව ශාක්‍ය වසර ඔබ ඇතුළු ඔබගේ ආදරණීයන් සියළු දෙනාටම සතුට,සෞභාග්‍යය හා නිරෝගීබව හිමි වන සියළු පැතුම් මල්ඵල ගැන්වෙන සිරි සුභ නව වසරක් වේවා !🌞✨❤️🎊

2018 දී ලංකාවෙ සිටි මහාචාර්ය ,ආචාර්‍යය,විද්‍යාඥයින්,හා විද්වතුන් බොහෝමයක්  එක්ව සෑදූ ලංකාවෙ අනාගත ජාතික භෞතික සැලැස්ම තම...
14/12/2025

2018 දී ලංකාවෙ සිටි මහාචාර්ය ,ආචාර්‍යය,විද්‍යාඥයින්,හා විද්වතුන් බොහෝමයක් එක්ව සෑදූ ලංකාවෙ අනාගත ජාතික භෞතික සැලැස්ම තමයි මේ map එකෙන් පෙන්වන්නෙ. මේ රෝස පාටින් පෙන්වන්නෙ මානව ජනාවාස ඇතිවීමට සුදුසුම ආරක්ෂිත ස්ථාන. හොඳට බැලුවොත් පේනව, මධ්‍යම කඳුකරය කියන්නෙ සුදුසු නැති තැනක් කියල මානව ජනාවාස ඇතිවෙන්න..අනාගතයෙ ගෙවල් ඉඩම් ගන්නවනම් හෝ පදිංචි වීමට හිතනවනම් මේ රෝස පාටින් ඇති තැන් ගැන අවධානය යොමු කරන්න පුලුවන්නම් හොදයි..☘️

Like Us | Education Helping Center

ඔබ දන්නවාද?  ලෝක ප්‍රසිද්ධ පීසා හි ඇලවෙන කුළුණ කියන්නේ ඇතුලත් හිස් ගොඩනැගිල්ලක් මිසක් සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන තට්ටු ග...
12/08/2024

ඔබ දන්නවාද?

ලෝක ප්‍රසිද්ධ පීසා හි ඇලවෙන කුළුණ කියන්නේ ඇතුලත් හිස් ගොඩනැගිල්ලක් මිසක් සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන තට්ටු ගොඩනැගිල්ලක් නොවේ.

මෙම ගොඩනගිල්ල ක්‍රි.ව.1173 දී ඉදිකිරීම් ආරම්භ වූ අතර, අත්තිවාරම දමා පසුව ගොඩනැගිල්ලේ තුන්වන මහල ඉදි කල පසු, නිර්මාණකරුවන් හට එහි බෑවුමක් නිරීක්ෂණය වී ඇත.

ටොන් 14500 ක කුළුණක් මීටර් 3 ක් ගැඹුරට පදනම් මත ඉදිකර වැලි සහ මඩ මත ඉදිකරන ලද කුළුණක් ඔබට සිතාගත හැකිද?

බෑවුම සොයාගැනීමෙන් පසු, ඉංජිනේරුවන් විසින් ඉතිරි මහල් (පිටත බිත්ති) ගොඩනඟා ඇති අතර එමඟින් නැඹුරුවන දිශාවට බිමෙහි උස අනෙක් දිශාවේ උසට වඩා වැඩි වී ඇත.

එසේම මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අත්තිවාරම් වලින් වැඩි ප්‍රතිශතයක් පසෙහි ගිලී යාම හේතුවෙන් කුළුණු වල ආනතිය වැඩි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මහල්වල බර වැඩි වී ඇත.

කුළුණ කඩා නොවැටීමට හේතු:

මෙහි ඉදිකිරීම් වසර 199 ක් පැවතුන අතර, මෙලෙස ගොඩ නැගීම දිගුකාලීනව නැවැත්වීම පස සම්පීඩනය වීමට ඉඩ සලසන එක් හේතුවක් වී ඇති අතර එමඟින් mileage අනුපාතය අඩු වී කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටීම නැවතී ඇත.

ඒ වගේම මඩ පස භූමිකම්පා 4කට මුහුණ දීලත් ගොඩනැගිල්ල කඩා නොවැටීමට තවත් උපකාරී වෙලා තියෙනවා.

ඉංජිනේරුවන් මෙම පීසා කුළුණේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ගණනය කර ඇති අතර, ගණනය කිරීම්වලින් නිගමනය කළේ කුළුණ අංශක 5.44 ක බෑවුමකට ළඟා වූ විට ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවයි. කෙසේ වෙතත් කුළුණ 1990 දී අංශක 5.5 කට ඇල වූ නමුත් එයකඩා වැටී නැත.

මෙලෙස දිගින් දිගටම කුළුණ ඇලවීම නිසා එය කඩා වැටීමට ඇති අවධානම දුටු ඉංජිනේරුවන් 1993 හා 2001 වර්ෂ වලදී කල ඉදිකිරීම් හේතුවෙන් එහි ආනතිය අංශක 3.97ක් දක්වා අඩු වී ඇත.

මේ නිසා ගොඩනැගිල්ල ඉදිකර අද වනවිට වසර 600ක් ඉක්ම ගොස් ඇතත් කිසිදු කඩා වැටීමකින් තොරව සංචාරක ආකර්ශනය එකලෙස රදවා තබා ගැනීමට පීසා කුළුණට හැකියාව ලැබිලා තියෙනවා.

Follow Us | Education Helping Center

25/05/2024
එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයට අනුව (United Nations Population Division), ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම උපතේදී ආයු අපේක්ෂාව 195...
24/05/2024

එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයට අනුව (United Nations Population Division), ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම උපතේදී ආයු අපේක්ෂාව 1950 දී පැවති අවුරුදු 46.5 සිට 2022 වසර වන විට 71.7 දක්වා වැඩි වී ඇති අතර 2050 වන විට එය 77.3 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම වර්ධනයේ ඉතාම සාධනීය ප්‍රවනතාවයක් වන්නේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර තිබු ආයු අපේක්‍ෂාවේ පරතර සීග්‍ර ලෙසින් පහත වැටීමයි. විශේෂයන්ම අපි ජිවත වන ආසියා රටවල් යුරෝපය සහ උතුරු ඇමරිකානු රටවල් සමග කරට කර මට්ටමකට පැමිණීම දකින්න පුළුවන් මේ වර්ධනය ඇතුලත.
සෞඛ්‍ය ආරක්ෂණය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය යන ක්ෂේස්ත්‍ර වල ඇතිවී තබෙන ප්‍රගමනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම සඳහා ගෝලීයව සිදුවන ක්‍රියාදාමයන් ආයු අපේක්‍ෂාවේ මෙම ප්‍රගමනයට ප්‍රධානම සාධක වෙනවා.
කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය තුලම ලිංගික සරු භාවයේ (fertility) අඩු ප්‍රවනතාවය සහ කුඩා පවුල් කෙරෙහි වැඩි නැඹුරුවක් ගෝලීයව දක්නට ලැබීම තුල මෙම ඉහල ආයු අපේක්‍ෂාව විසින් අනාගත ලෝකයේ වැඩිහිටි ජනගහන සීග්‍ර වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. මෙය සමාජයීය මෙන්ම ආර්ථිකමය වශයෙන්ද ඉතාම සංවේදී සහ ප්‍රබල කාරණයක්.
බොහෝ රටවල් වල සිදුවන විශ්‍රාම යන වයස ඉහල නැංවීම මෙම ඉහල යන වැඩිහිටි ජනගහණය රටේ ආර්ථික සංවර්ධනයට සක්‍රියව දායක කර ගැනීමට ගන්නා එක උපාය මාර්ගයක්. මිට අමතරව, තොරතුරු තාක්‍ෂණයේ වත්මන් දියුණුව, හරිත ආර්ථිකයේ ආගමනය, සීග්‍රයෙන් පැතිර යන ගිග් ආර්ථික (gig economy) රැල්ල සඵල ලෙසින් භාවිතා කරීමට නිසි සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම තුලින් අපට මෙම අත්දැකීම් බහුල වැඩිහිටි ජනගහණය (ආනාගත දවසකදී ඔබත් මාත් ඇතුලත්වන) ඵලදායි ලෙසින් රටේ ආර්ථික ප්‍රගමනයට දායක කර ගැනීමට හැකි වේවි.

සියලු සිත් සතන් සනසාලන උතුම් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....Have a great and auspicious Vesak feast that comforts all h...
23/05/2024

සියලු සිත් සතන් සනසාලන උතුම් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා....

Have a great and auspicious Vesak feast that comforts all hearts....

*🌞ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගිමත් දිනෙන් දින දියුණුවට පත් වන සියලු යහපත් බලාපොරොත්තු සපල වන සුබ ම...
13/04/2024

*🌞ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගිමත් දිනෙන් දින දියුණුවට පත් වන සියලු යහපත් බලාපොරොත්තු සපල වන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!*🥳🎊🎉

Education Helping Center Digital  අවුරුදු කුමරා සහ කුමරිය 𝟐𝟎𝟐𝟒 Education Helping Center | EHC විසින් 2024 වසරේ EHC අවුරු...
11/04/2024

Education Helping Center Digital අවුරුදු කුමරා සහ කුමරිය 𝟐𝟎𝟐𝟒

Education Helping Center | EHC විසින් 2024 වසරේ EHC අවුරුදු කුමරා සහ කුමරිය තේරීමට සූදානම්. ඔබත් මනා රූසපුවකින් හෙබි තරුණයෙක් හෝ තරුණියක් නම් ඔබට පුළුවන් EHC අවුරුදු කුමරා සහ කුමරිය 2024 ලෙස අභිෂේක ලබන්න. කරුණාකර පහත සඳහන් විස්තරය කියවා ඒ අනුව මෙම තරඟාවලියට අයදුම් කරන්න.

ඇතුලත් වීමේ සුදුසුකම:
මෙම තරඟය සඳහා සහභාගී විය හැක්කේ EHC ආයතනයේ ලියාපදිංචි වූ සියලුම සිසු දරුවන්ට,
තවමත් ලියාපදිංචි නොවූ අයෙක්නම් පහත ලින්ක් එකෙන් ලියාපදිංචි විය හැක.
https://bit.ly/3LXsfMb

සහභාගී වන්නේ කෙසේද?
මෑතකදී ගත් ඔබේ ලස්සනම ඡායාරුපයක් 072 77 363 88 වෙත WhatsApp කරන්න. ඒ සමඟම ඔබේ නම, ලිපිනය, ශ්‍රේණිය, පාසල, උපන් දිනය සහ ඔබ සිටින දිස්ත්‍රික්කය එවිය යුතුය.

ජයග්‍රාහකයින් තෝරාගන්නේ කෙසේද?
අප්‍රේල් මස 15 වනදා සවස 06.00 වන තෙක් අයදුම් කරන සියල්ලන්ගේම ඡායාරුප අප්‍රේල් මස 16 වැනිදා Education Helping Center Facebook පිටුවේ Upload කරන අතර එහිදී අයදුම්කරුවන්ට අප්‍රේල් මස 21 දහවල් 12.00 වනතුරු තමන්ගේ ඡායාරූපයට Likes ලබා ගත හැකිය. අප්‍රේල් මස 21 දහවල් 12.00 වනවිට වැඩිම Likes ලබා ගත් ශිෂ්‍යයන් Education Helping Center අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලබනු ඇත.

තරඟ කොන්දේසි:
ඔබට කැමති ලෙසකින් ඔබේ ඡායාරූපයට Likes ලබා ගත හැකිය, නමුත් ඔබේ ඡායාරුපයට Likes කරන සියලුම දෙනා අපගේ Education Helping Center Facebook පිටුවද Like කර තිබිය යුතුය. එහිදී Education Helping Center පිටුව Like කරන ලද වැඩිම Likes ගත් ඡායාරුප හිමි ශිෂ්‍යයන් දෙදෙනා තෝරගන්නවා ඇත.

ත්‍යාග සහ විනිශ්චය:
තරඟ කොන්දේසි අනුව ජයග්‍රාහකයින් Education Helping Center කළමනාකාරිත්වයෙන් තෝරාගනු ලබන අතර ජයග්‍රාහකයින් හට වටිනා ත්‍යාග සහ දීමනාවන් හිමිවේ.

තරඟයට ඇතුලත් වීම දැන් ඉඳන්ම ක්‍රියාත්මකයි. එහෙනම් ඉක්මන් කරන්න, දැන්ම ඔබේ සුන්දරතම ඡායාරුපය අප වෙත එවන්න, සුදානමින් ඉන්න අපි ඔබේ සුන්දරත්වය Education Helping Center Digital අවුරුදු කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ගන්වන්නට සිටිමු.

2024 DIgITAL අවුරුදු කුමරා සහ කුමරියඔබත් අවු.11ත් අවු.18 ත් අතර කුමාරයෙක් හෝ කුමාරියක්ද?සූදානමින් සිටින්න, මේ ඔබේ වාරයයි...
31/03/2024

2024 DIgITAL අවුරුදු කුමරා සහ කුමරිය

ඔබත් අවු.11ත් අවු.18 ත් අතර කුමාරයෙක් හෝ කුමාරියක්ද?

සූදානමින් සිටින්න, මේ ඔබේ වාරයයි..

#2024

Like us our page for more details, https://www.facebook.com/profile.php?id=100063459517893&mibextid=ZbWKwL

2024 DIgITAL අවුරුදු කුමරා සහ කුමරියComing soon...Stay tuned for more updates.     #2024
31/03/2024

2024 DIgITAL අවුරුදු කුමරා සහ කුමරිය

Coming soon...
Stay tuned for more updates.

#2024

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Education Helping Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Education Helping Center:

Shortcuts

Share

Category