07/05/2020
Old stories (shared by Buddhika Ellepola )
මගෙ ජීවිතේ කල්ලා සර් මට අකුරක්වත් උගන්නලා නෑ ඒත් මම වැඩියෙන්ම ආදරේ කරපු සර් කෙනෙක්.ඒ වගේම සර්රුයි අපෙයි රසකතා ගොඩයි දැන් ලියන්නෙ පලවෙනි එක.
මේක උනේ senior prefect interview එකේ.පලවෙනි දවසෙ කල්ලා සර් නිවාඩු. Interview බෝඩ් එකෙ ලොක්කා කෝනාර සර් එදා උදේ අලුතෙන් ආව ලමයෙක් ගෙනාව කෑම එකක් ගුරු මේසෙ තියන් කාලා වටේ හිටපු එවුන් දඩස් ගාලා හොල්මනක් දැක්කා වගෙ පුටුවල ඉඳ ගත්තා මම හිටියෙ ගුරු පුටුව ගාව නිසා මට ඉඳගන්න බැරි උනා පස්ස හැරිලා බලද්දි කෝනාර සර්. මගෙ කන එහෙම අතගාලා ඉතිරි බත් ටිකත් එක්ක කැන්ටිමට ඇරියා කාලා වර කියලා.
මාර upset එක එදාම 12 ඉඳන් 1.30 වෙනකන් interview ලොක්කත් කෝනාර සර් අපේ කල්ලා සරුත් එදා නිවාඩු. කොල්ලගෙ වෙලාවට ඊලඟට ඉද්දිම 1.30ට බෙල් කරා interview ඉවරයි. දෙවෙනි දවසෙ ලොක්කා අපේ කල්ලා සර් මගෙ file එක බලන ගමන් හිනාවත් නොවී full සිරාපිට මගෙන් අහපු ප්‍රශ්න ටික.
කල්ලා සර්: ඇල්ලෙපොල තමුසෙ කොහෙ ඉඳලද එන්නෙ.
මම: සර් වැව රවුමේ ඉඳලා
කල්ලා සර්: එහෙනම් තමුසෙ කලින් එනවා ඇති නේද?
මම: ඔව් සර්
කල්ලා සර්: තමුසෙ කලින් යනවත් ඇති නේද?
මම: ඔව් සර් නෑ නෑ සර්
මුලු interview බෝඩ් එකම ස්වර්නා මැඩම් කෝනාර සර් ඔක්කොම හිනා වෙනවා ඒත් කල්ලා සර් full සිරා. මම හිතුවා මම ඉවරයි කියලා. ඒත් කල්ලා සර් මාව ගොඩ දාලා. ආදරෙයි කල්ලා සර් හැමදාම. ඔබට නිවන් සුව.
(Please share your stories of our beloved Chandrasena sir, so that we all can remind ourselves how much of a colorful human being & a good teacher he was
- Buddhika MH)