09/01/2022
🔺 2018 / 2019 (new,old ) a/l exam කරපු ගොඩක් දෙනෙක් බලන් nursing gazette එක ආවා. ඒ එක්කම ගොඩක් දෙනෙක් nursing ගැන ප්‍රශ්න ගොඩක් තියනව කියල අපි දැක්ක group එකෙ තිබුන posts වලින්.ඒ අය හැමෝටමත් nursing ගැන උනන්දුවක් තියන ඕනම කෙනෙක්ටත් මේ විස්තර වැදගත් වෙයි.
• Nursing select වෙන්න ඕන qualifications මොනවද?
O/l වලට අවම C passes 6ක් එක්ක පාස් වෙලා තියෙන,
English,sinhala/tamil,maths,science දෙවරකට නොවැඩි වාර ගනනකදි අවම C පාස් එකක් තියන,
A/ls වලට maths,bio,agri subjects වලින් අවම s 3ක් තියෙන,
උස 147.3cm (4'10ft) තියන,අවිවාහක,අවුරුදු 18-28ත් අතර අයට apply කරන්න පුළුවන්.
• Apply කරන අවුරුද්දෙ ඉස්සරල කිව්ව O/L Subjects වලට s තිබිල,ඊලග අවුරුද්දෙ c එකක් ගන්නම් කියල apply කරන්න බැරිද?
Apply කරන්න පුළුවන්.ඒත් select වෙන්නෙ නැහැ.
• Nursing යන්න A/L shy එක බලපානවද?
නැහැ. වයස අනුව apply කරන්න පුළුවන්.
• Campus ඉන්න අයට/Register වෙලා ඉන්න් අයට Apply කරන්න බැරිද?
බැහැ. මේ අවුරුද්දෙ ඉදන් ඒක ක්‍රියාත්මක වෙන්නෙ.
• Nursing Gazette කරල ගන්න එකෙයි Campus එකෙ Nursing අතර වෙනස මොකක්ද?
Gazette කරල ගන්න Nursing වලදි අවසානෙට දෙන්නෙ එකක්, Campus එකෙ Nursing වලදි දෙන්නෙ එකක්.
• Nursing Diploma එක Degree එකකට Upgrade කරගන්නෙ කොහොමද?
Open University එකෙන්, ඒවගෙම ගොඩක් Private Campus තියනව.
• Gazette කරල ගන්න Nursing වලට Girlsල Boysල දෙගොල්ලොම ගන්නවද?
ඔව්, ඒත් වැඩිපුර ගන්නෙ Girlsල, Boysල බොහොම අඩු ප්‍රමාණයක් ගන්නෙ.
• කොච්චර කාලයක්ද course එක?
අවුරුදු 3ක්
• මොන පදනමින්ද select වෙන්නෙ?
z එකේ පිලිවෙලට. ඒක දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනව.උදාහරණයක් විදියට කොළඹින් z එක +0.05 කෙනෙක් select නොවී, මඩකලපුවෙන් -0.05 කෙනෙක් select වෙන්න පුළුවන්. කලින් අවුරුදු වල z table එක බලල අදහසක් ගන්න පුළුවන්. ඒක Group එකෙ දාලා තියනව.
• Nursing තේරෙන්න නම් Boy කෙනෙක්ට මොනවද තියෙන්න ඕන qualifications?
ගැසට් එකෙ අහන Main Qualificationsම තමයි. පොඩි ප්‍රමාණයක් ගන්න නිසා, z එක අනුව Select වෙන්නෙ. ඒහන්ද හොඳ z එකක් තිබුනොත් Boysලත් අව්ලක් නැතිව සිලෙක්ට් වෙනව.
• උගන්නන්නෙ English Mediumද?
ඔව්..
• Nursing Diploma එකෙන් පස්සෙ Job එක Sureද?
Final Exam පාස් වුනොත් අනිවාර්යයෙන් Job එක හම්බවෙනව. Fail උනොත් රිපිට් එක්සෑම් එකක් කරන්න වෙනව.
• මුලින්ම job එක හම්බවෙන්නෙ දුරකටද?
ඒක ඔයාගෙ Final Results අනුව තීරණය වෙන්නෙ. Merit ලිස්ට් එකට අනුව Hospitals හම්බෙන්නෙ. මුල් Rank වල අයට තමන් කැමති Hospitals හම්බෙනව. (හැම වෙලේම නෙවෙ,vacancy අනුව)
• salary එකක් හම්බෙනවද?
නැ. ඒත් දීමනාවක් දෙනව.
• ඉගන ගන්නවට සල්ලි දෙන්නෙ ඇයි? වෙන තැන් වල නෑනෙ.
මෙ දීමනාව දෙන්නෙ විශේෂයෙන් ඉගනීමට ඕන දේවල් ගන්න, Hospital එකක Clinicaly Practice කරන නිසා ලෙඩ රෝග හැදෙන්න තියන ඉඩ වැඩි නිසා හොඳ ආහාර වේලක් ගන්න, ඒවගෙම Hospital එකෙදි අපෙන් Patientsලට සේවයක් වෙන නිසා 😍
• ලේ දැක්කම බය වෙන,කලන්තෙ හැදෙන අයට Nursing කරන්න බැරිද?
පුළුවන්.ඒ ගැන නොහිතා apply කරන්න.
• Apply කරන්නෙ කොහොමද?
http://www.recruit.health.gov.lk/ මෙන්න ලින්ක් එක.
Apply කරන විදිය සහ Gazzete ටික මෙතනින් බලාගන්න පුලුවන් 👉
https://t.me/sciencepanthiya/3647
All the best, may your wonderful dream come true 🤩🤩
සටහන කාවින්දි පබසරා
ඉදිරිපත් කිරීම Science Panthiya