English class

English class

Share

English is very easy � English is fantastic subject,rich and musical language...�

01/02/2026

Essay for kids

01/02/2026

දරුවො කියන්නේ දෙමාපියන්ගේ කැඩපත ❤️

ඒ පින්තුරේ
ඒ ආදරේ
එයාගේ අම්මා තාත්තා එයාට දීපු ලස්සනම තෑග්ග❤️

දරුවො කියන්නේ මේ ලොකේ දකින්නපුලුවන් සුන්දරම රූපය

එතනිනුත් ලස්සනම සහකම්පනය දැනුන දරුවො ❤️

හරියටම කීවොත් අම්මෙක් හදපු ලස්සන කොලු පැටියෙක් ඉන්නවානේ මෙතන ❤️😘












පින්තුරේ කොළඹ අපි Facebook පිටුවෙන්🙏

14/01/2026

ගැහැණු ළමයි , හොඳට ඉගන ගන්න ඕනෙ!________✨🌈

ඒක විභාග පාස් කිරීමම නෙමෙයි වෙන්න පුළුවන් ,තමන් කැමති තමන් දක්ෂ මොනම අංශෙකින් හරි ඉහළටම ඉගන ගන්න ඕනෙ !

✨🌈මොන දේ නැති උනත් තමන්ට රස්සාවක් කරන්න තරම් හොඳ skill එකක් තියෙන්න ඕනෙ .

✨🌈ගැහැණු ලමයෙක් විදිහට ආස දෙයක් ගන්න , ආස දෙයක් කන්න ,ආස තැනක යන්න තමන් අතේ මුදල් තියෙන්න ඕනෙ

✨🌈ප්‍රේම සම්බන්ධයක් අතුලේ නිදහසේ උපරිමය ස්පර්ශ කරන්න නම් ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙ .

✨🌈විවාහයක් ඇතුලෙ ස්වාධින වෙන්න නම් ගැහැණිය ආර්ථිකව නිදහස් වෙන්න ඕනෙ

✨🌈තමන්ගෙ අම්මට තාත්තට නිදහසේ සලකන්න නම් තමන්ම උපයන්න ඕනෙ .

✨🌈තමන්ගෙ අම්මා මෙහෙම කෙනෙක් ,තමන්ගෙ දුව මෙහෙම කෙනෙක් ,තමන්ගෙ වයිෆ් මෙහෙම කෙනෙක් කියල ඔයාගෙ ආදර්නීයන්ට ලෝකෙ ඉස්සරහ ආඩම්බරෙන් කියන්න පුළුවන් තරම් උගත්කමක් තියෙන්න ඕනෙ ,

✨🌈ලෝකය ඉස්සරහ පෞරුශ්වත්ව ඉන්න නම් සමාජ වටිනාකමක් තියෙන්න ඕනෙ .

✨🌈ජීවිතේ මැද හරියෙදි මොනවහරි ප්‍රශ්න ආවොත් ඒවට මුහුණදෙන්න ආදායම් මාර්ගයක් වගේම දැනුමක් බුද්ධියක් තියෙන්න ඕනෙ .

✨🌈වික්ටිම් කෙනෙක් නොවී අවශ්‍ය තැනදී තමන් වෙනුවෙන් හයියට තීරණ ගන්න නම් බුද්ධිමත් සමාජ කවයක් වගේම යහපත් සම්බන්ධතා ජාලයක් තියෙන්න ඕනෙ .

✨🌈දරුවො වෙනුවෙන් ,සැමියා වෙනුවෙන් පවුල වෙනුවෙන් අවශ්‍ය තැනදී හයියක් වෙන්න ගැහැනියෙක් ආර්ථිකව වගේම උගත්කමෙන් සන්නද්ධ වෙන්න ඕනෙ .

උගත් ගැහැණියෙක් සහ නූගත් ගැහැණියෙක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා
ආදරේ කරන විදිහ ,ජීවිතේ දකින විදිහ , කථා කරන විදිහ ,හැසිරෙන විදිහ ,ප්‍රශ්න වලට මුහුණ දෙනවිදිහ

මේ හැමදේම වෙනස් !!

උගත්කම කියන්නෙ රස්සාවක් ආදායම් මාර්ගයක් විතරක්ම නෙමෙයි ,අධ්‍යාපනය ඔයාට් තව හුඟක් දේවල් දෙනවා ,ඔයාව ලස්සන කරනවා ,පරිස්සම් කරනවා ,ඔයාට වටිනකම් දෙනවා .

ඉතින් ;

ඔයාට ඉන්නෙ දුවෙක් නම් ඒ දුවට උගන්නන්න ,හොඳට උගන්නන්න ,ඉහළටම උගන්නන්න ..

ඔයා දුවෙක් නම් , පුළුවන්තරම් ඉගන ගන්න ....

දවසක ඒ උගත්කම ඔයාව ආරක්ෂා කරනවම තමයි !!

ආයෙත් කියනවා ,
ගැහැණු ළමයි හොඳට ඉගන ගන්න ඕනෙ!

උපුටා ගැනීමකි_____❤️✨

24/10/2025

දරුවෙක්ට #ඉගෙනගන්න උදව් කරා කියන්නේ,
අපි පරම්පරා 3ක් ගොඩ යනවා.....

(01) කොල්ලා හෝ කෙල්ල ඌගෙ ලයිෆ් එක ගොඩ දා ගනියි.

(02) ඒකා හොදට ඉගෙන ගෙන අම්මාට තාත්තාට සලකයි.

(03) අම්මෙක් තාත්තෙක් වෙච්ච කාලෙක දරුවන්ටත් සලකයි.

(මේවා කරන්න ඉගෙන ගන්නම ඕනෙත් නෑ. ඒත් ඉගෙන ගත්තාම මේවා කරන්න ලේසියි.

අත්දැකීමෙන් කියන්නේ

23/10/2025

ඉගෙනීම තරම් ජීවිත උඩු යටිකුරු කරන්න පුලුවන් බර අවියක් තවත් නෑ....

ඉගෙන ගන්න.. 🎉️

27/04/2022

🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝හැමෝටම දෙයක් කියන්නම්, මේ අරගලයේ හිනාවෙන්න දෙයක් නෑ, විහිලුවට ගන්න දෙයක් නෑ, එක මනුස්සයෙක් අරගලේ වෙනුවෙන් දවස් ගානක් නිදි නැතුව මහන්සි වෙලා heart attack එකකින් මැරුණා, උඹලට දැනුනද.

කොල්ලෝ දෙන්නෙක් වෙඩි තියලා මැරුණා, තව ICU එකේ පන අදිනවා. මැරුණේ නෑ මැරුවා. උඹලට දැනුනද.

අද උද්ධමනය 119% උඹලට දැනෙනවද අහන්න කලින් කී දෙනෙක් මේකේ තේරුම දන්නවද?

උඹලගේ පඩිය 50000ක් වෙද්දි පාන් ගෙඩිය 5000ක් වෙන දවස එනව අවුරුද්දක් යන්න කලින්, උඹේ පඩියෙන් පාන් ගෙඩි 10නම් ගන්න පුළුවන් එදාට මිනිස්සු කන්න නැතුව මැරෙනවා.

උඹලට මේ දවස් වල තෙල් එනවා, එන්නෙ කොහොමද හිතුවද, පෝලිම විතරද දැක්කේ, දාස් ගාණක් දිවි පුදලා රැකගත්ත උතුරේ දූපත් ටික ඉන්දියාවට දීලා ඒකෙන් අපි තෙල් ගේනවා, ආතල් නේද?

මේ රටේ භූගත ජලය විකුණන්න සැලසුම් හදලා ඉවරයි, භූ ගත ජලය ටොන් ගණන් සෞදියට පටවපුවම මතු පිට පොලවේ ජල ස්ථරය පහලට කිඳා බහිනවා, මතු පිට වේලෙනවා, කාන්තාරයක් වෙනවා, කන්න නැති වෙනවා, උඹලට දැනුන් නෑ නේද ,

උඹලා තවම හිතන්නේ පිස්සො ටිකක් පිස්සුවට අරගල කරනව කියලද, නෑ බං, ඒ හැම දේම තේරෙන, තමන්ට ජීවත් වෙන්න හැමදේම තියෙන උන් ටිකක් උඹලා වෙනුවෙන් සටන් කරනවා.

ඇහැරියන් දැන්වත්, කානිවල් එකක් නෑ, ඒ ශ්‍රී ලංකාවේ මල බෙර සද්දේ ඇහෙන්නේ, ඒ ඇහෙන්නේ කපුටු කාක් කාක් නෙවෙයි, ඒ ඇහෙන්නේ මල ගෙදර අන්තිම හොරණෑ සද්දේ.

අපි මේ රටේ හුස්ම බං
අපි ශ්‍රී ලංකාව
තේරුම් ගනින්
ඇහැරියන්

ඇඟිල්ල දික් කරන කරන පැත්තට ඉබාගාතේ දුවන් නැතුව අපි මේ කරන කැපවීම මොකක්ද තේරුම් ගනින්

අපි නිර්පාක්ෂික අරගලකරුවෝ
මේ අපේ අම්මා
මේ අපේ රට
අපිට වෙන රටක් නෑ

Copied 🙏🙏🙏

27/09/2021

ජීවිතේ..😢

අවුරුදු 13 දී සිකරට් එක අතටගත්තේ
කටින් දුම ටිකක් ඇදලා එලියට දාන්න තියෙන ආසාවට,
ඒත් හරියට අල්ලන්නවත් දන්නෑ..🖤🥀

කොහොමහරි ගේමක් ගහලා
සල්ලි ටිකක් එහෙම් මෙහෙම් හොයාගෙන
අස්සකට ගිහින් ගහන කොටතමයි,
"අඩෝ ඔහොම නෙමෙයී පපුවට ඇදලා ටිකක් වෙලා තියාගෙන😞🍃
ඇරලා දාපන්" කියලා
එකෙක් කියනවා ඇහුනේ💔

එහෙම මුලින්ම ගහපු දවසේ
දැනුනු ෆීලීන් එක
හොදටම කැහැලා කදුලුත් පැනලා
අමුතු වැදිල්ලක් වැදුනෙ කියලා දැනුනා..😖🖤

ඒ ආසාවට
සතියට සිකරට් එකෙන් දෙකෙන් පටන් අරගෙන,
මටත් නොදැනීම සතියට හය හත ගහන්න ගත්තා..

ටික කාලයක් යනකොට
සුදු පාට කොලේ ඔතපු අමුතු දිග බඩුවක්
මගෙ ජීවිතේම නාස්ති කලා..🥀😖😢
ලස්සනට ගානට ඔතලා
දෙතුන් පාර අදිනකොට
දැනුනු ෆීලින් එක
බැන්නත් හිනායනවා
අමුතු දේවල් හිතෙනවා
අමුතු ලෝකෙක ඉන්නවා වගෙ දැනෙනවා..🥀🍁

ඔහොම අවුරුද්දක් විතර ගහන් යනකොට
දැන් වදින්න ගන්නෙ උදේ ගහන පැට්ටා විතරයි..
ඒකත් පැයක් වගෙ බඩු තියෙන්නෙ..
කලින් වගෙ පැය දෙකක් තුනක් තියෙන්නෙ නෑ..😔
ඒපාර අවුරුදු 17 දී
ටැබා දාන්න සෙට් උනා..
ටැබා පාරක් දාලා ජොයින්ට් එකක් ගැහුවම
අම්මොහ්හ් ෆීලීන් එක පිස්සු වගේ😖
ඒක මහ කාලකන්නි හැඟීමක්..

ජොයින්ට ගහලා සිකරට් එකක් නැතුවම බැරිවුනා..
අතේ සල්ලි නැති කමට
බීඩී ගහන්න ගත්තා..උගුර කට පපුව පිච්චිලා යන්න ගත්තා.🙂
ඔහේ දන්නෙවත් නැතුව
දවසට බිඩී මිටියක් දෙකක් ඉවර වුනා..

ටැබා පෙති තුන හතරක් දාලා ඒකත් ජොයින්ට වගෙ එපාවුනාම
කාඩ් තුන හතර දාන්න ගත්තා..🥀💊💉

ඔහොම ඉන්නකොට තමයි පුතේ..
ජීවිතේ ලොකුම පාපේ කරගත්තේ..
තැටියයි බටෙයි අතට ගත්තා..
ඒකත් ඇදලා
ටැබ පාරක් දාලා ජොයින්ට ගැහුවම
දැනෙන ෆීලීන් එක ඒ ආතල් එක..
ඒකට ඇබ්බැහිවෙනවා බන්
මොන දේ කලත් නවත්තගන්න බැරිවෙන්න ගත්තා..💉😖

අන්තිමට දවසට 4000,5000 ඕන වෙන්න ගත්තා..
ජොබ් එකකුත් නෑ
සල්ලිත් නෑ
ගෙදර ඉන්න රත්තරන් අම්මගෙ කරේ තියෙන මාලෙ පවා ගලවගන්න හිතෙන තැනට පත්වෙනවා බන්..
ඒක ගහන්න ගත්තම..😔🥀

අන්තිමට ගෙදරටම වදයක් වෙනවා..
ගෙදරින් කොච්චර බෙහෙත් අරන් දුන්නත් හරියන්නෑ..
සික් එක කඩාගන්න අන්තිමට ගෙදර අය වෙනුවෙන් හැදෙන්න ගන්නවා..🖤🌹

මචං
අපි සැප කියලා ආතල් පස්සෙ ගියාට වැඩක් නෑ
කරලා තියෙන්නෙ කරුමයක් පස්සෙ ගියපු එක
කියලා තේරෙනකොට..
ගොඩක් කල් යනවා බං..❤️😢😔

Copied
සාපයක් 🤮🤢

25/04/2021

ඊයේ උදේ මම මහරගම පිලිකා රෝහල අසල බස් නැවතුම් පොල ගාව තිබෙන තැඹිලි වෙලෙන්දෙකුගෙන් තැඹිලි ගෙඩියක් අරන් බිව්වා ගාන රු 80යි..
අවුරුදු 25 ක 26 ක තරුණයෙක් ඇවිත් තැඹිලි ගෙඩියක් ඉල්ලුවා එයා ගාව තිබුණේ විස්සෙ කොල දෙකක් විතරයි..
මුදලාලි කිව්වා 40ට දෙන්න බෑ. අපි ගන්නෙම 50,60 කියලා. ඒ කොල්ලා කිව්වා එක ගෙඩියක් දෙන්න පස්සේ ආවම දෙන්නම් කියලා.

මුදලාලිගේ නෝනා වෙන්න ඕනා එයා බැන්නා ඔයාලාට අරක්කු බොන්න සල්ලි තියෙනවා වෙරි බහින්න තැඹිලි බොන්න සල්ලි නෑ හදපු අම්මලා තාත්තලාටත් පව් ඕවා කියලා. ඒ කොල්ලා කමක් නෑ එහෙනම් කියලා ගියා.

ආයෙත් හවස 1.50ට ට විතර එයාව මම දැක්කා බස් හෝල්ට් එකේ වාඩි වෙලා ඉන්නවා එන එක බස් එක්කටවත් නැග්ගේ නෑ. ගොඩක් වෙලා බලන් ඉදලා මම ගිහින් ඇහුවා තැඹිලි ගෙඩියක් අරන් දෙන්නද කියලා. එයා කිව්වේ ජා ඇල ට යන්න රු 42 ක් ඕනා මන් ගාව තිබ්බ සල්ලි වලින් අම්මට තැඹිලි ගෙඩියක් අරන් දුන්නා ඩොක්ට කිව්වා පිලිකාව මර්දනය කරන්න දෙන බෙහෙත සැර නිසා ඇඟ නිමෙන්න දවසට තැඹිලි ගෙඩියක්වත් අම්මට දෙන්න කියලා. මට කිරි පෙව්ව අම්මට තැඹිලි ගෙඩියක් අරන් දෙන්න මා ගාව සල්ලි නෑ . රු 40 ක් මදි නිසා ID එක තියලයි තැඹිලි ගෙඩියක් අරන් අම්මට පෙව්වේ
එකෙත් බිව්වෙ එක උගුරයි මම පයින්ම ජා ඇලට යනවා කියලා.. කතාවේ ඉතුරු ටික දිග වැඩි.

ඔයාලට වෙලාවක් තියෙනවා නම් තැඹිලි වතුර, කොමඩු, ගස් ලබු ටිකක් අරන් යන්න නාඳුනන අම්මා තාත්තා සහෝදරයියක් වෙනුවෙන් මහරගම පිලිකා රෝහලට 0112850253 මේ දුරකතන අංකය ඔයාලට උදව් කරයි..ගොඩක් පින් සිද්ධ වෙයි🙏

උපුටාගැනීමක්

22/04/2021

කන්න ආස කෑම ජාති ලගින් යද්දි
පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා
ඒ දිහා බල බල කෙල ගිල ගිල
යන කාලයක් තියෙන්නැති
තාම තියෙනවා ඇති......

Three wheel එකක යන්න තරම්
කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත්
රෑ තිස්සෙදිත් එහෙම නොයා
ඒ 100,200 හෙට බස් එකේ යන්න
ඉතුරැ කරපු කාලයක් තියෙන් ඇති
තාම තියෙනවත් ඇති......

සතෙන් සතේ පොතේ ඉතුරැ වෙද්දි
ඒ සතේට කෝටි ගානක හීන ඔයා
දකින්නැති තාමත් දකිනවා ඇති
Wedding එකක් ආවම අලුත් ඇදුමක්
ලස්සනටම ඇදලා යන්න
හිත බල කරද්දි යාළුවෙක්ගෙන්
ඉල්ලන් ඇදන් ගිය වෙලාවල්
හරි කලින් ඇදපු පරණ
එකක් ඔහේ ඇදන් ගියපු
වෙලාවල් හරි අනන්තවත්
ඔයාට තියෙන්නැති
තාමත් තියෙනවා ඇති.....

ලස්සනම සපත්තු,
branded ඇදුම් දකිද්දි ඔයා
ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,
ගෙදරට බඩු,නංගිලට පොත්
අරන් ගිය කෙනෙක් වෙන්නැති
තාමත් කරනවා ඇති......
ජීවිතේ ඔයාගෙ හීන
පපුව ඇතුලෙම අගුළු දාලා
ඔයා අනිත් අය වෙනුවෙන්
හීන දකින කෙනෙක් වෙන්නැති.....

දැන් ඔයාට ඔයාගෙ හීන මතකවත්
නැතුවැති ඉතින් ජීවිතේ අමාරැ ඇති.....

සමහරැ 20,21 න් luxury life
ගෙවද්දි අවුරැදු 25 ත් පැනලා
තාම ඔයාට ඔයාගෙ හීන
වලට යන්න බැරිවෙන්නැති....
ඒකට කමන් නැ......
දන්නවද ජීවිතේ හරියන්නෝන
කෝටිපති පුතාලට නෙවෙයි..
උන්ට BMW එකක් ගේන්න
හිතුනොත් උන් හෙට ඒක ගේනවා...

ඉතින් ජීවිතේ ගොඩයන්නෝන
රැ 100 ගානෙ එකතු කරල
ජීවිතේ දිනන්න හදන උබට
හීන දකින උබට......
ඉතින් අත අරින්නෙපා
ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න
මහ ලොකු කාලයක් යන්නැ.....

අපි හිතන්නත් කලින්
අපි දවසක දිනනවා...... 🌸🖤


👇👇👇copied...
සෙනෙහස - Senehasa 💚🌿

06/04/2021

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.

1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.

2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.

3 වසර පහක plan එකක් හදාගන්න.

4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.

5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.

6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.

7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.

8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..

9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.

10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.

11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.

12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.

13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.

14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..

15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.

16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.

17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)

18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.

19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.

20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න.

Copied

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kurunegala

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00