23/05/2026
හරිම තැන තීරණය කරන හරිම විදිහ 📍
ඔබත් ඔබේ ව්‍යාපාරයට තැනක් තෝරගන්න කල්පනා කරන ගමන්ද ඉන්නෙ?
“කඩේ දාන්න හොඳම තැන කොහෙද?”
“Office එකට මේ location එක හරිද?”
“Customerලා වැඩියෙන් එන්නේ කොහෙටද?”
“Rent එක අඩු තැනක්ද හොඳ… නැත්නම් visibility තියෙන තැනක්ද?”
බොහෝ දෙනා location එක තෝරන්නේ feeling එකට…
හැබැයි business decisions feelings වලින් විතරක් ගත්තොත් පස්සේ cost එක ගෙවන්න වෙන්නේ තමන්ටමයි.
ඒ නිසා තමයි අද ලෝකයේ business plannersලා, engineersලා, researchersලා භාවිතා කරන Multi Criteria Decision Making (MCDM) theory එක වැදගත් වෙන්නේ.
📌 MCDM කියන්නේ මොකක්ද?
කිව්වොත්…
එකම factor එකක් බලලා decision එකක් ගන්නෙ නැතුව,
criteria කිහිපයක් balance කරලා හොඳම option එක තෝරන ක්‍රමයක්.
උදාහරණයක් විදිහට business location එකක් තෝරනකොට අපි බලනවා:
✅ Customer traffic
✅ Parking facilities
✅ Rent cost
✅ Accessibility
✅ Competition nearby
✅ Security
✅ Future development potential
දැන් ප්‍රශ්නය…
මේ හැමදේම එකම importance එකෙන්ද?
නෑ.
සමහර business වලට customer traffic වැදගත්.
සමහර business වලට parking.
තවත් business එකකට low rent එක survival factor එකක්.
MCDM theory එක කියන්නේ මේ criteria වලට weight දීලා scientifically compare කරලා decision එක ගන්න එක.
🎯 ඒ කියන්නේ…
“මට හිතෙනවා මේක හොඳයි” කියන තැනින්
“data අනුව මේක හොඳම option එක” කියන තැනට යන එක.
ජීවිතේත් ඒ වගේමයි.
අපි job එකක් තෝරනකොට,
relationship එකක් build කරනකොට,
business partner කෙනෙක් තෝරනකොට,
ඒවාත් Multi Criteria Decisions.
Salary එක විතරක් බලලා job එකක් ගත්තොත් peace නැති වෙන්න පුළුවන්.
Love එක විතරක් බලලා relationship එකක් build කළොත් stability නැති වෙන්න පුළුවන්.
හරි decision එක කියන්නේ…
වැදගත් factors balance කරලා ගන්න decision එක.
📖 Decision making කියන්නේ luck එකක් නෙවෙයි.
එක skill එකක්.
ඔබේ ඊළඟ decision එක feeling එකට විතරක් ගන්න එපා…
criteria define කරන්න.
weight කරන්න.
compare කරන්න.
ඊට පස්සේ තීරණය කරන්න.
හරිම තැන තීරණය කරන හරිම විදිහ…
ඒක තමයි smart decision making. 🚀
ඊළග post එකෙන් අපි කථා කරන්නෙ මේක තියරියට අනුව හරියටම කරන්නෙ කොහොමද කියලා...
ඉතිං රැදී ඉන්න අපි එක්කම.....