PsychoLogics

PsychoLogics

Share

Here I will post info on Psychology and Counselling.

28/09/2023

Self harm එකක් කියන්නේ මොකක්ද?

තමන් විසින්ම තමන්ට හානියක් කරගැනීමට තමා සරලවම කීවොත් self harm එකක් කියන්නේ..
ඉතින් self harm එකක් කරගන්නනම් පින්තූරේ වගේ අත කපාගන්නම ඕනිද?
නැහැ..ඒත් ගොඩක් අය හිතන් ඉන්නේ ඒම.
ඇත්‍තටම ක්‍රම 5ක් තියෙනවා තමන්වත් නොදැන self harm කරගන්න පුලුවන් විදි..බලන්න මේක කියවන ඔයාත් එහෙම කරනවාද කියලා.😊

1.An Empty Stomach
හොදටම බඩගින්නේ ඉද්දීත් තමන්ගේ බඩ කෑම ඉල්ලලා කෑගහද්දිත් නොකා සිටීම

2.A Risky Embrace
තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයකට දුකකට තරහකට පිලිතුර unprotected sex,frequent sexවලින් සෙවීම.

3.A prescription bottle
Intentional drug overdose හෙවත් හිතාමතාම බෙහෙත් අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිතා කිරීම

4.One Glass Too Many
එක වීදුරුවකින් පටන් ගෙන අසීමිතව alocholවලට ඇබ්බැහි වීම

5.A 1000 Miles/Hour
හිතේ තරහට,දුකට,වේදනාවට තමන්ගේ වාහනයේ වේගයෙන් පිලිතුරු සෙවීම

මේ ක්‍රම 5 තමන්ට self harm කරගන්න හොදම ක්‍රම 5ක්.
තමන්ගේ විතරක් නෙවේ තමන්ගේ සමීපතමයන් වගේම පලමු වරට හමුවෙන පුද්ගලයන්ගේ වුනත් ජීවිතේ උදුරලා ගන්න පුලුවන් ක්‍රම 5ක්.
ලොකුවට විස්තර කරේ නෑ..විස්තර කිරීමක් ඕනිනම් අදාල අංකය දාන්න..පැහැදිලි Respond දෙන්නම්..

-KasunT

01/09/2023

ඊලගට post කරන්න ඕනි video or post එක ගැන අදහසක් කියාගෙන යන්න.

01/09/2023

අපි කිසිම කෙනෙක් හැම වෙලේම ආදරණීය මිනිස්සු විදියට ජීවත් වෙන්නෙ නෑ. ජීවිතේ එන එක එක ප්‍රශ්න එක්ක, හැල හැප්පීම් එක්ක, ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට,අපේ සිතුවිලි වල පාලනය අපේ අතින් ගිලිහෙන අවස්ථා ඕනෙ තරම් එනවා.

සමහර වෙලාවට අපි,
අනවශ්‍ය විදියට කේන්ති ගන්නවා.
එක්කො, අනවශ්‍ය විදියට නිහඬ වෙනවා.
හීනෙකින්වත් කියන්න හිතන්නෙ නැති නපුරු වචන වලින් මිනිස්සුන්ට දමලා ගහන වෙලාවල් එනවා.

අපි කවුරුත් ප(ර්)ෆෙක්ට් නොවෙන නිසා, අපි ඇතුළෙ ඉන්න නපුරු මනුස්සයා එළියට පනින ඒ වගේ අවස්ථා ජීවත් වෙද්දි අපිට උදා වෙනවා.

නපුරු සහ බිඳුණු මිනිස්සු වෙනුවෙන් කාලය නාස්ති කරන්න හුඟක් අය කැමති නැති නිසා, එහෙම වෙලාවල් වලදි අපිට, අපේ වටේ ඉන්න සමහර මිනිස්සු අහිමි වෙනවා. එයාලා අපිව දාලා යනවා.

ඒත් සමහර මිනිස්සු, අපි ආදරණීය නොවෙන වෙලාවල් වලදි පවා අපි එක්කම ඉන්න තීරණය කරනවා. දුක, කේන්තිය, සතුට කියන මොන මූඩ් එකකදි වුණත්, අපිට එක වගේ ආදරේ කරන්න උත්සාහ කරනවා. එහෙම ඉන්න ගමන්, එයාලම අපිව කූල් ඩවුන් කරන්න ට්‍රයි කරනවා.

සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්ට ආදරේ කරන්න ලේසි වුණාට, කේන්තියෙන් හෝ කළකිරීමෙන් ඉන්න, ෆ්‍රස්ට්‍රේටඩ් මනුස්සයෙක්ට ආදරේ කිරීම ලේසි නැහැ..!

ඒ නිසා,
ඔයාගෙ නරකම සහ නපුරුම තත්පර බෙදා ගත්ත, ඒ හැමතැනදිම ඔයාව දරා ගත්ත, ඔයාට නැවත ආදරණීය මනුස්සයෙක් වෙන්න උදව් කරපු මිනිස්සුන්ව, ඔයාගෙ ජීවිතේ ඇතුළෙදි හැමදාම ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න..!! ❤️

09/04/2023
27/03/2023

ලංකාවේ ගොඩක් අය දන්නැති වචනයක් තමා toxic relationships කියන එක..

ගොඩක් අය හිතන්නේ ඒ අය ඉන්න toxic relationship එක මාරම නෝමල්..මෙහෙම තමා ඕනිම සම්බන්ධයක් කියලා..ඒත් toxic relationships කියන එක ඊට වඩා ගොඩක් එහා ගියපු දෙයක්..

තමන්ට තමන් ලෙස ඉන්න බැරි,තමන්ගේ සැබෑ ස්වභාවය හංගගෙන ඉන්න වෙන,පාලනය වී ඉන්න වෙන,නිදහස නැති වීම toxic relationship එකක මතුපිටින්ම පේන්න තියෙන දේවල්..
සමහර ඇහුවාම කියනවා නෑ මන් ආසයි එහෙම පාලනය වෙලා ඉන්න කියන එක..මන් ආදරෙයි අනේ එයාට එයා කියන විදිහට හිටියාම එයාත් සතුටින්..ඒ නිසාම මාත් සතුටින්..මේ කතාව කොච්චර ඇහිලා ඇත්ද මටම..😑
Toxic කියන්නේ අන්න එතනට..තමන් දන්නෙත් නෑ තමන්ව තමන්ට නැති වෙනවා කියලා..හැමදේකටම බැනගන්න එකෙන් තමන්ගේ inner peace නැති වෙනවා කියලා දන්නෑ..හේතුවක් නැතුව තමන්ට ඇඩෙද්දී මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරි වෙනවා..Anger issues හැදෙද්දී ඇයි කියලා හිතාගන්න බැරුව අසරනම වෙනවා.තමන්ගේ entire self එකම වෙන කෙනෙක් බවට පත්වෙනකන් ඇතුලෙන් විනාස කරන්න පුලුවන් දෙයක් toxic relationships කියන්නේ..

මේ කීවේ ආදරවන්තයන් ගැන විතරක් නෙවේ..අම්මා තාත්තා යාලුවෝ ඇතුලු ඕනිම සම්බන්ධයකට මේක වලංගුයි..

මේ ගැන තවත් දැනගන්න ඕනිනම් drop me a text.😊✌️

27/03/2023

ඉතින් ඒ බලපු කේන්දර , හදහන් ,සුබ නැකැත් වැරදුනාවත්ද???

ඕනිම සම්බන්ධයක වටින්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසය පමණි.

අනිත් කෙනාව තේරෙන්නේ නැත්තන්?
අහන් ඉන්න පුරුදු වෙන්න.තේරුම් ගන්න උත්සාහ කරන්න.Effort එකක් ඇති තැන කරන්න බැරි දෙයක් නැහැ..🤗

"විශ්වාසය කියන්නේ පිරිමි ළමයා වෙන ගෑනු ලමයි එක්ක කතා නොකර හා ගැහැණු ලමයා වෙන පිරිමි ලමයි එක්ක කතා නොකර ඉන්න එක නේද?"
ඔබ අසාවි..
කොහොමත් නැහැ..මුළු ලෝකයත් එක්කම ගැටුණත් choice එකෙන් අනෙක් කෙනාව සෑමවිටම තෝරාගැනීමයි විශ්වාසය රැකීම කියන්නේ..
"තමන්ගේ ජීවිතේ වෙන හැමදේම කියන්න ඕනි නේද විශ්වාසය රකින්න???"
එහෙම වුනොත් කොහෙන්ද දෙන්නාට දෙන්නාගේ private life එකක්..ගහයි වැලයි වගේ එතිලා ගෙවන සම්බන්ධවලින් අවසානේට මොකක්ද වෙන්නේ කියන එක කලින් කතා කරලා ඇති මම..

ඉතින් මේ සරල දේවල් ටික කරන්න පුලුවන්නම් හොදටම ඇති ඔබේම Perfect relationship එකක් හදාගන්න..😊

KasunT

27/03/2023

Welcome to PsychoLogics
Here I will post my writings and ideas related to Psychology,Relationships,Mental health,..etc.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kurunegala
60344