25/05/2020
https://lankaweb.lk/archives/9395
ඇඳිරිනීතිය පිළිගත් ගම්පහ නඩු තීන්දුව ???
On May 25, 2020 0
රන්ජන් රාමනායක නඩුවේදී ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා විසින් මෙතෙක් පැවති හා පවත්නා ඇඳිරිනීතිය අභියෝගයට ලක් කරමින් කරන ලද ප‍්‍රකාශය ගැන නොයෙක් දෙනා මගෙන් අදහස් විමසුවත් පිළිතුරක් නොදී සිටියේ රජයේ නිරෝධායන කාර්යයට මා දෙන පිළිතුර නිසා යම් ආකාරයක හෝ බාධාවක් ඇති වෙතැයි සිතාය. සුමන්තිරන් මහතාද සිටියේ මා සිටි ස්ථාවරයේම නිසා ඔහුද තමන්ගේ ප‍්‍රකාශය සමාජගත වීම වැළැක්වීමට හෝ එහි සැර බාල කිරීමට ක‍්‍රියා කර තිබිණි.
එහෙත් නොබෝ දිනකදී, ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා විසින් පවත්නා ඇඳිරි නීතිය වලංගු බවට ප‍්‍රකාශ කිරීමත් සමග එතෙක් නිහඬව සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පන්නයේ ඩෑල්වලට හදිසියේ තටු පහළ වී කරණම් ගසන්නට පටන් ගෙන ඇත. තමන්ම නීතිඥවරයෙක් ලෙස පෙනී සිටි නඩුවක තමන්ගේ වාසියට තීන්දුවක් ලද කෙනෙක් මෙවැනි ලඳ බොලඳ ප‍්‍රමෝදයකට පත්වීම අපට ගැටලූවක් නොවේ. ගැටලූව පැන නගින්නේ ඒ හරහා ඉලක්කගත පිරිසක් පීඩනයට පත් කිරීමට උත්සාහ දැරීමත් සමගය.ඒ අනුව ගම්පහ මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය හුදෙක් නෛතික නියෝගයක් යන්නට එපිටින් පැන, එය දේශපාලනික කාරණයක් බවට පත් වී ඇත.
ඒ හරහා මාගේ නිරීක්ෂණ මෙසේ කෙටියෙන් සටහන් කරමි.
සුනාමි ව්‍යසනයටත් වඩා බරපතළ සමාජ ව්‍යසනයක් වූ කොරෝනා වසංගතය චීනයෙන් වාර්තා වන විට , එය රට තුලට පැමිනීම වැලැක්වීමට හෝ, රට තුලට පැමිනියහොත් එයට මුහුන දිය යුත්තේ කෙසේද යන්න ගැන පූර්ව සූදානමක් රජය සතුව නොපැවති අතර, එය රට තුලට ඇතුලූ වීම වැලැක්වීමට සෞඛ්‍ය බලධාරින් විසින් දෙන ලද උපදෙස් නොතකා, තමන්ගේ හිතෛෂීන් ලංකාවට ගෙන්වා ගැනීමේ පටු අරමුනින් රජය විසින් ගුවන් තොටුපල ,වරාය ඇතුලූ ප‍්‍රවේශ මාර්ග තව දුරටත් විවෘතව තබන ලදි.
වෛරස ආසාධිත චීන කාන්තාවක රට තුලින් හමු වීමත් සමගවත්, අවම තරමේ නිවාරන කාර්යය විධිමත්ව ආරම්භ නොකරන ලද අතර, ඒ වෙනුවට රටේ සෞඛ්‍ය ඇමතිනිය කලේ දින කිහිපයකින් සුවය ලද රෝගී කාන්තාව මුව ආවරනයක්වත් නොමැතිව සිප වැලඳ ගනිමින් රටටම නරක පූර්වාදර්ශයක් සැපයීම පමනි.
අනෙක් අතට මහ මැතිවරනයක් කට උඩ තියාන, තමංගේ රජතුමාට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අරං දෙන්ඩ දත කට මැදගෙන හිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රමුඛ රාජපක්ෂවාදීන් හා ඔවුන්ගේ මාධ්‍ය මාෆියාව වෛරස ආක‍්‍රමනය බරපතල කාරනයක් නොවන බව සමාජයට වක‍්‍රව අඟවන්නට වූ අතර, ඒ හරහා ඔවුන් නොකියා කීවේ, කොවික් 19 නිසා මැතිවරනය කල් නොදැමිය යුතු බවය.
අනතුරුව ආසාධිතයින් කිහිප දෙනෙකු පුත්තලම ප‍්‍රදේශයෙන් වාර්තා වීමත් සමග 2020-0318 වන දින එකී ප‍්‍රදේශ ආවරනය වන පරිදි ඇඳිරි නීතිය පනවන ලද, අතර , එය ක‍්‍රමිකව වර්ධනය වී ලංකාව පුරාම ඇඳිරි නීතිය පනවන තරමට වැඬේ ලොඬේ විය.
ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කල යුතුව තිබුනේ රට තුල හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කර ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 155 වගන්තිය ප‍්‍රකාරව 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ ඇඳිරි නීතිය පැනවීම සහ, අවම තරමින් රට තුල හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමය.
හදිසි ආපදා තත්වයක් ප‍්‍රකාශයට පත් කලානම් ජනාධිපති ලේකම්ගේ ඉඳං ඉන්න හැත්ත බුරුත්තම පැයෙං පැයට එවන එකකට එකක් නැති චක‍්‍රලේඛ හා මුදල් රෙගුලාසි නොතකා, පීඩාවට පත් ජනතාවට සනිකව සහන සැපයීමේ හැකියාව දිසාපති ගේ පටන් ග‍්‍රාම නිලධාරි දක්වා රජයේ නිලධාරින්ට තිබූ අතර, රජය එය නොතකා හැරියේ ඔවුන් ගැන සත පහක විශ්වාසයක් තැබිය නොහැකිය යන ගතානුගතික මතය නැවතත් සමාජ ගත කරමින්ය.
අනෙක් අතට රට තුල හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවේ.නමුත් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කර, ඒ හරහා මහජන ආරක්ෂක පනතේ 16(1* වගන්තිය ප‍්‍රකාරව අත්‍යවශ්‍යම අවස්ථාවල ඇඳිරි නීතිය පැනවීමට පවා ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ට ඇත්තේ සීමිත බලයකි. මන්ද, 155(4(1ඒ. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති විටක , ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේනම් ඉන් දින 10 ක් ඇතුලත එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කල යුතුවාක් මෙන්ම, ”එවැනි විටක ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීම සම්බන්ධ ප‍්‍රකාශයක් නිකුත් කරන්නේනම් එකී ප‍්‍රකාශනය, එම ප‍්‍රකාශනයෙන් පසුව එලඹෙන දස වන දිනයෙහි පාර්ලිමේන්තුව නැවත කැඳවන දිනයක් ලෙස ක‍්‍රියාත්මක විය යුතුය”.
හදිසි තත්වයක් හෝ හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කර කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ කාර්යය සඳහා රාජ්‍ය පරිපාලන යාන්ත‍්‍රනය මත හෝ ව්‍යවස්ථාදායකයේ සහය ලබා ගන්නවා වෙනුවට රාජපක්ෂවාදීන් ට උරුම ජයග‍්‍රහනය තනිව අයිතිකර ගැනීමේ උන්මාදය නිසා , ජනාධිපතිවරයා මේ වෙලාවේ තමන්ට හුරු පුරුදු මිලටරි ක‍්‍රියාන්විතය දියත් කරනු ලබන අතර, එහි ප‍්‍රමුඛතම බලකාය ලෙස ත‍්‍රිවිධ හමුදාවද, උපදේශක සභාව ලෙස රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමයද ( ඨපද් * නිල නොවන ආකාරයෙන් පත් කර ගනිමින් වැඩ අරඹන අතර, වසංගත තත්වයක් රට තුල ව්‍යාප්ත වෙමින් පවතින විට එය මර්ධනය කිරීමේ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ කාර්ය මන්ඩලය දෙකේ කොලේට දමා, රජයේ නිරෝධායන ක‍්‍රියාවලිය හමුදාපති, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිසියේ බස්නාහිර නීති කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති ( මෙවැනි තනතුරු පොලිස් ආඥා පනතේ මොන වගන්තියක් අනුව ඇති කරන ලද තනතුරුද යන්න වෙනම සොයා බැලිය යුතුය.*, රජයේ වෛද්‍ය සංගමයේ සභාපති ඇතුලූ නඩයක් ඉස්සරහාට දාගෙන , ජනාධිපතිවරයා ගානට අඩව්ව අල්ලං ගිය අතර, රාජපක්ෂවාදීන් ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වූ හමුදා මානසිකත්වය අඩුවක් නැතුවම සමාජ ගත කෙරිනි.
නිරෝධායන ක‍්‍රියාවලියේ මුල් කාලීන අවශ්‍යතාවය වූයේ කෝවීන් 19 හි සමාජ බලපෑම බරපතල ලෙස නොසැලකිය යුතු බවත්, එය මහ මැතිවරනයක් පැවැත්වීම වැනි බරපතල සහ අත්‍යවශ්‍ය කාරනයකට දැඩි බලපෑමක් නොවන බවත් වැනි ලාමක කාරනා වුවද, රට තුල පවත්නා තත්වය ගැන සංවේදී වූ සහ, තමන් සතු බලතල නිවැරදිව ක‍්‍රියාත්මක කිරීමට තරම් ක්ෂේරුකාවක් තිබුනු මැතිවරන කොමසාරිස්වරයා නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරනය දින නියමයක් නොමැතිව කල් දැමීම නිසා, නැවතත් රාජපක්ෂවාදීන් ට වැලේ වැල් නැති විය. අනතුරුව ඔවුන් කලේ මැතිවරන කොමසාරිස්වරයාට ද නිල නොවන මට්ටමින් දේශද්‍රෝහී ලේබල ඇලවීමය.
බොර දියේ මාලූ බාන්නාක් සේ , තමන්ගේ දේශපාලන අජෙන්ඩාව ඉදිරියට පවත්වා ගෙන යාමට අවශ්‍ය ඕනෑම කුප්ප වැඩක් කිරීමට සැදී පැහැදී සිටි රාජපක්ෂවාදීන් ට, සහ එයිට උඩගෙඩි දුන් ජනමාධ්‍යවලට, ව්‍යසනයේ බරපතලකම සහ , එකී ව්‍යසනයට මුවා වී සමාජය මත පතිත කල රාජ්‍ය ත‍්‍රස්තවාදය හේතුවෙන් සමාජය අභ්‍යන් කැකෑරෙමින් තිබුනු පීඩනය , ආර්ථික අර්බුදය, හා ඒ හරහා මතු වූ රාජ්‍ය විරෝධය, නොපෙනුනා නොව , නොපෙනුනා ලෙස සිටියා පමනි.
නිරෝධායන කාර්යයන් සඳහා පලපුරුදු වෘත්තිකයින් යොදවා ගන්නා ලෙස අප කල ඉල්ලීම් විහිලූවට ලක් කල රජයට සහ ඔවුනගේ අන්තේවාසිකයින්ට අගති විරහිතව ගැටලූව ප‍්‍රදර්ශනය වූයේ වැලිසර නාවික හමුදා කඳවුරෙහි සෙබලූන්ට වෛරසය ආසාදනය වී එය නැවත රට පුරා ව්‍යාප්ත වීමත් සමගය.
අප මේ දේවල් හෙලි කරන විට අජිත් රෝහනලා කලේ, කොරෝනා වසංගතය මර්ධනය කරන අයට එරෙහිව කතා කලොත් හිරේ දමනවා වගේ ගොබ්බ තර්ජන පමනි.
හතර අතිංම අනා ගෙන, රී ගෙන, ගූ ගාගෙන වැඬේ වන වුනාට පස්සේ රාජ්‍ය ත‍්‍රස්තවාදය ක‍්‍රියාවේ යොදවමින් 2020-03-18 දින පටං , කිසිම පිලිවෙලක්, හරි හමං පූර්ව දැනුම්දීමක් නැතුව ආතක් පාතක් නැතුව රට වටේ ඇඳිරි නීතිය පනවන්නට රජය කටයුතු කරන්නේ අතීසාරයට අඹුඩ ගසන්නාක් වැනි ලෙසිනි. 13.ඒ හරහා විසි තිස් දහසකට පමන එරෙහිව නඩු පවරා ඇති බව රජය නිවේදනය කරන්නේද හෙන අභිමානයෙන්ය.
මේ ගොඩක් දෙනා ඇඳිරි නීතිය යයි මේ පනවන ලද නීතිය හිතා මතා කඩ කිරීමේ අරමුනින් මහ මගට බැස්සවුන් නොවේ., අනෙක් අතට නීතිය නොදන්නාකම නිදහසට කාරනයක්ද නොවේ.
ඉහත කී තත්වයන් මත ගම්පහ මහෙස්ත‍්‍රාත්වරයාගේ නියෝගය නෛතික සමාලෝචනයකට භාජනය කරමි.
මහේස්ත‍්‍රාත්වරයාගේ මූලික ස්ථාවරය වන්නේ නිරෝධායන ආඥාපනතේ 13 වන වගන්තිය ප‍්‍රකාරව
වසංගත තත්වයක් රට තුල ව්‍යාප්තව පවතින විට එය මර්දනය කිරීමේ දීප ව්‍යාප්ත මට්ටමේ නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බවය. එය නිවැරදිය.
යම් හඳුනාගත් හෝ හඳුනා නොගත් රෝගයක් වසංගත තත්වය ගැසට් පත‍්‍රයක පල කරන දැන්වීමක් මගින් විෂයභාර ඇමතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද දින සිට එකී රෝගය වසංගත රෝගයක් ලෙස පනතේ සියලූ කාර්යයන් සඳහා අදාල කර ගත හැකි බවට මහේස්ත‍්‍රාත්වරයා කර ඇති නිරීක්ෂනය ද නිවැරදිය.
වසංගත රෝගයක් ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා හෝ පනතට අදාල අනෙකුත් කාර්යයන් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පොලිසිය විසින් අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු අතර , නිරෝධායන කාර්යයන් සඳහා අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත දීප ව්‍යාප්තව හෝ යම් නිචිත ප‍්‍රදේශයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා ට බලතල ඇති බවට සහ, එකී කාර්යයේදී තමන් සතු බලතල අභිනියෝජනය කිරීම සඳහා පොලිස්පතිවරයා ට බලය පැවරිය හැකි බවට මහේස්ත‍්‍රාත්වරයා කර ඇති නිරීක්ෂනය ද නිවැරදිය.
කොරෝනා හෙවත් කෝවීන් 19 වෛරසය ආශ‍්‍රිතව බෝ වන රෝගය වසංගත රෝගයක් ලෙස සෞඛ්‍ය ඇමතිවරිය විසින් ගැසට් කරනු ලබන්නේ 2020-03-20 වන දිනය.
නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් මුල් වරට නිරෝධායන ආඥා පනතට අනුව ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කරන්නේ එයිට දින දෙකකට කලින්, එනම් 2020-03-18 වන දිනය.
ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා අදාල නඩුවේදී සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් ස්වකීය බලතල පොලිස්පතිවරයා වෙත අභිනියෝජනය කරමින් යවා ඇතැයි කියන මෙම නඩුවට වැදගත්ම ලේඛනය වන ලිපිය නිකුත් කර ඇත්තේද 2020-03-18 වන දිනය. ඉන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් නොයෙක් ආකාරයට පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කර ඇති අතර , මහේස්ත‍්‍රාත්වරයා ගේ නියෝගයේ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් බලය පවරන ලද කිසිදු ලිපියක් ගැන සඳහනක් නොමැති අතර එය ඔහුගේ නිරීක්ෂනය සඳහා ඉදිරිපත් වූ වගක්වත් සදහන් කොට නැත.
නිරෝධායන ඇඳිරි නීතිය ( ජදරදබඑසබැ ජමරෙැඅ * ලෙස මහේස්ත‍්‍රාත්වරයා භාවිතයේ පහසුව පිනිස යෙදවූවද එවැනි ඇඳිරි නීතියක් නැත.භාවිතයේ පහසුව පිනිස ඔහු නිරෝධායන ආඥා පනතේ 5(1* වගන්තිය සමග කියවෙන සහ දන්ඩ නීති සංග‍්‍රහයේ 264 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරද සංයුක්ත කරන චෝදනාව මෙසේ සංක්ෂිප්තව දැක්වූවා විය හැක. ඒ අනුව පනතට හා නඩුවට අදාල රෝග තත්වය කෝවිඞ් 19 වෛරස ආසාදනය බව මහේස්ත‍්‍රාත්වරයා මෙන්ම සියලූ පාර්ශ්වයන් පිලි ගෙන ඇත.
නමුත් 2020-03-18 දින පොලිස්පතිවරයා වෙත ඇඳිරි නීතිය පනවන ලෙස ඉල්ලා සිටිමින් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් උක්ත ලිපිය යොමු කරන විටත්, ඒ අනුව එදින පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කරන විටත් , කොරෝනා හෙවත් කෝවිඞ් 19 වෛරස ආසාදනය වසංගත රෝගයක් ලෙස විෂයභාර ඇමතිවරිය විසින් ප‍්‍රකාශයට පත් කර නැත.ඇය එය වසංගත රෝග තත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන්නේ ඉන් දින දෙකකට පසුය.
2020-03-18 වන දින වන විට වසංගත රෝග යක් ලෙස ලංකාව තුල සහ නිරෝධායන පනතේ කාර්යයන් සඳහා නම් කර නොතිබූ කෝවිඞ් 19 රෝගය, වසංගත රෝගයක් ලෙස සලකා ඇඳිරි නීතිය පනවන ලෙස ඉල්ලා සිටීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ට බලයක් නොමැති අතර එවැනි බලශුන්‍ය ලිපියක් පදනම් කරගෙන 2020-03-18 දින සිට ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා ට හෝ වැඩ බලන පොලිස්පතිවරයාට බලයක් නැත.
නමුත් මහේස්ත‍්‍රාත්වරයා විසින් සිය නියෝග යේ පැහැදිලිව දක්වා ඇත්තේ 2020-03-18 දරන ලිපියට අනුව එදිනම වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කරන ලද ඇඳිරි නීති නියෝග වලංගු බවය.
මෙහිදී හොඳම විහිලූ වන්නේ ,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගේ උපදෙස් මත නිරෝධායන කාර්යයන් පහසු කිරීම පිනිස වැඩ බලන පොලිස්පතිවරයා ට ඇඳිරි නීතිය පැනවීමට බලතල ඇතත්, ඒ අනුව ඇඳිරි නීතිය පැනවූවත්, ඒ ඇඳිරි නීතිය පැනවීම වැඩබලන පොලිස්පතිවරයා ගේ අත්සනින් යුත් ලිපියකින් පල නොවීම.
අවම තරමින් එම ඇඳිරිනීති පැනවීම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ අත්සනින් යුත් ලිපියක් හරහාවත් ප‍්‍රකාශයට පත් නොවීම.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම මත , වැඩබලන පොලිස්පතිවරයා විසින් ඇඳිරි නීතිය පනවන ලද බව රජයේ කිසිදු මාධ්‍යයක පල නොවීම.
අර දෙදෙනාම පැත්තක ඉද්දී අවම තරමේ ජනාධිපති ලේකම්වරයාවත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාවත් නොවන ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක යනුවෙන් හඳුන්වන විකටයකු විසින් කලින් කලට ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම.
ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා විසින් පෙරේදා ලබා දුන් නියෝගය පිලි ගැනීමට මෙරට කිසිදු අධිකරනයක් බැඳී නොමැති අතර, හෙට හෝ අනිද්දා වෙනත් මහේස්ත‍්‍රාත්වරයකු මීට වෙනස් හා / හෝ මේ නියෝගයට සම්පූර්නයෙන් ප‍්‍රතිවිරුද්ධ නියෝග යක් ලබා දීමේ හැකියාවද ඇති බව දන්නා අජිත් රෝහන පන්නයේ අවරසිකයින් පිරිසක් ඉහතින් දක්වන නියෝගයත් සමඟ පල්වතුරවලකට පැන ප‍්‍රීති ප‍්‍රමෝදයේ ගිලී නොපෙනී යාම.
වසන්තසිරි වටගල – නීතීඥ