මැද පිටුව - Meda Pituwa

මැද පිටුව - Meda Pituwa දැනුම එකතු කිරීම යනු ජීවිතය දිනීමකි.

01/12/2025
ඇත්තටම වචන නෑ අයියේ 🥺ඔයා පටන් ගත්ත වැඩෙට අද මේ වෙනකොට ගොඩක් අය එකතු වෙලා ඒ හැමදෙම මුල් පුරුක ඔයා ඇත්තටම දුක දන්න මනුස්සය...
01/12/2025

ඇත්තටම වචන නෑ අයියේ 🥺
ඔයා පටන් ගත්ත වැඩෙට අද මේ වෙනකොට ගොඩක් අය එකතු වෙලා ඒ හැමදෙම මුල් පුරුක ඔයා ඇත්තටම දුක දන්න මනුස්සයෙක් 🤍🙏🏻
ඒ වගේම ඔයා වටෙ එකතු උන හැමොටම ගොඩක් පිං 🙇🏼‍♀️🙏🏻” respect 🇱🇰💪🏻🙏🏻”

නරි රැළකගේ ජීවිතය ගලවා ගත යුතු නිසා,දිවිගලවා ගැනීමට තිබූ අවස්‍ථාව මග හැර,මේ රුදුරු ව්‍යසනය මැද මානව දයාවේ උපරිමයත්,වෘත්ත...
30/11/2025

නරි රැළකගේ ජීවිතය ගලවා ගත යුතු නිසා,දිවිගලවා ගැනීමට තිබූ අවස්‍ථාව මග හැර,
මේ රුදුරු ව්‍යසනය මැද මානව දයාවේ උපරිමයත්,වෘත්තීයභාවයේ විශිෂ්ටත්වයත් විද්‍යමාන කල ගඟන විරුවාණෙනි ඔබට උතුම් නිවන් සුව..!!
ජාතියේ ම උත්තමාචාරය 🙏🙏

🚨 ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද? 📄මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙ...
30/11/2025

🚨 ගංවතුරෙන් හානි වූ ඔබේ වටිනා ලියකියවිලි සහ ගිණුම් නැවත ලබා ගන්නේ කොහොමද? 📄

මේ දවස්වල පවතින ගංවතුර තත්ත්වය නිසා බොහෝ දෙනෙක් ලොකු පීඩනයකින් ඉන්නේ. 😥 ජීවිත ආරක්ෂා කරගන්න කලබලෙන් දුවද්දී, අපේ වටිනාම ලියකියවිලි (උප්පැන්න, ඔප්පු, බැංකු පොත් වගේ දේවල්) වතුරට යට වෙලා හෝ නැති වෙලා වෙන්න පුළුවන්. 🌊 ඒ ගැන හිතලා දැන් කලබල වෙන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්. 💪 ඒ සඳහා කරන්න ඕන මූලික දේවල් ටිකක් පහලින් දානවා.

පළවෙනි දේ තමයි, තෙමුණු ලියකියවිලි හමුවුණා නම්, ඒවා කවදාවත් තද අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න යන්න එපා. ☀️❌ එහෙම කළොත් ඒ කොළ කැඩී යන්න පුළුවන්. ඒ වෙනුවට, හෙමින් හුළඟේ වේලෙන්න තියන්න. 🌬️

🆔 ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න/විවාහ සහතික:
මේවා නැතිවුණා නම් මුලින්ම ළඟම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න (Police Entry). 🚓 ඊට පස්සේ ඒ පැමිණිල්ලේ පිටපතක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න. (වැඩි විස්තර දැනගන්න රජයේ තොරතුරු කේන්ද්‍රය - 1919 අමතන්න)

🏦 බැංකු ගිණුම් සහ ATM කාඩ්පත්:
ඔබේ බැංකු පොත්, චෙක්පත් හෝ ATM කාඩ්පත් වතුරට අහුවුණා නම්, පමා නොවී වහාම බැංකුවට කෝල් එකක් දීලා ඒවා නවත්තන්න (Block කරන්න). 📞 ඊට පස්සේ බැංකුවට ගිහින් අලුත් ඒවා හදාගන්න. 💰

🏠 ඉඩම් ඔප්පු සහ වාහන ලියකියවිලි:
ඉඩම් ඔප්පු සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයටත්, වාහන පොත් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටත් යන්න වෙනවා. වාහන ලිපි ලේඛන ගැන ගැටළු තියෙනවා නම් 1968 අංකයට කතා කරන්න පුළුවන්.

🎓 අධ්‍යාපන සහතික (O/L, A/L):
මේවායේ පිටපත් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංකය වන 1911 කතා කරලා විස්තර අහගන්න. ☎️

📞 මතක තියාගන්න ඕන වැදගත් අංක:
ඔබට අදාළ ආයතනයේ නම්බර් එක හොයාගන්න අමාරු නම් පහළ අංකවලට කතා කරන්න.

🆘 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (හදිසි අවස්ථා සඳහා): 117

ℹ️ රජයේ තොරතුරු කේන්ද්‍රය (ඕනෑම රජයේ සේවාවක් ගැන අහන්න): 1919

🚓 පොලිස් හදිසි ඇමතුම්: 119

🚗 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV): 1968

📚 විභාග දෙපාර්තමේන්තුව: 1911

📱 අනාගතය ගැනත් හිතමු:
මේ වගේ දේවල් ආයේ වෙන්න පුළුවන්. ඒ නිසා අදම ඔබේ හැම වටිනා ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් අරගෙන ෆෝන් එකේ හරි, Google Drive වගේ තැනක හරි ආරක්ෂිතව සේව් කරගන්න. ☁️

මේ අමාරු කාලේ අපි එකිනෙකාට උදව් කරගමු ❤️

30/11/2025

ඇස් ඉස්සරහා හැමදේම දූවිලි වෙලා ගිය හැමෝටම ආයේ නැගී සිටීමට ශක්තිය ලැබේවා!

29/11/2025

අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නැතිවුනාට 🥺
මනුස්සකම තියෙනවා උපරිමේටම ❤️🙏

ත්‍රි පෝෂ කොල්⁣ලා ඔයාගේ පවුල පුංචි උනාට ඔයාගේ ආරම්භයෙන් දැනට මුලු ලංකාවේ පවුල් දහස් ගණනක් බඩට ආහාරයක් ගන්නවා. සීතලට ඇඳුම...
29/11/2025

ත්‍රි පෝෂ කොල්⁣ලා ඔයාගේ පවුල පුංචි උනාට ඔයාගේ ආරම්භයෙන් දැනට මුලු ලංකාවේ පවුල් දහස් ගණනක් බඩට ආහාරයක් ගන්නවා. සීතලට ඇඳුමක් ඇඳන් ඉන්නවා. ලොකු ලොකු ජනප්‍රිය චරිතවලට කරන්න බැරි වෙච්ච දෙයක් උ ඹ අද කරලා පෙන්නලා තියෙනවා. තමන්ගේ Facebook
Page එකේ රීච් එකෙන් රටක් ගොඩ දැම්ම කොල්ලෙක් ❤️❤️

29/11/2025

නුවර ප්‍රරදේශ බොහොමයකට සිග්නල් ලැබිලා තියෙනවා. ඔයාලගේ ආදරණීයන් ගැන දැන් කලබල නැතිව සොයන්න.

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when මැද පිටුව - Meda Pituwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share