21/09/2023
It has been ceased classes temporary due to inevitable matter.
Let's commence soon.
Stay tuned...
Thank You!
'Embrace English Proficiency !'
Effort to distribute proficiency of English language to all...
A person would like to see the success of all dedicators who try to Embrace English language proficiency...
21/09/2023
It has been ceased classes temporary due to inevitable matter.
Let's commence soon.
Stay tuned...
Thank You!
15/09/2023
A common problem faced by the Sri Lankan people is that they are not able to use the English language properly and do not reach proficiency in the language.
There are several factors that affect this situation, and one of the main problems is that they make up their own minds that it is difficult to learn the language due to their lack of interest in it.
One thing I would like to highlight is that English is easier to learn and use than Sinhala. Because it has a fixed alphabet and grammatical pattern, as well as simple sentence patterns and knowing a small number of words, the language is easy to handle.
What is needed is to first develop interest in the language and develop interest in learning. You have to learn and use the language yourself as you can lead a horse to water but not water it. Any teacher can only guide you.
Learn a word or two a day, use the language even if it's wrong. You will become a master of the language without realizing it.
Come and join us to embrace mastery of the English language
Isuru Premasinghe
-15.09.2023-
ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවක් නම්, ඉංග්‍රීසි භාශාවේ භාවිතය නිසියාකාරව සිදු කරගැනීමට නොහැකි වීම හා භාශාවේ ප්‍රවීණත්වයට ළඟා වීමට නොහැකි වීම.
මෙම තත්ත්වට බලපාන කරුණු කීපයක් ඇති අතර ඉන් ප්‍රධානම ගැටලුවක් නම්, භාශාවට දක්වන කැමැත්ත අඩු වීම නිසා එය ඉගෙනගන්න අමාරු යැයි තමන් විසින්ම මතයක් හදාගෙන කටයුතු කිරීමයි.
මා හුවා දැක්වීමට කැමති කරුණක් නම්, සිංහල භාශාවට වඩා ඉංග්‍රීසි භාශාව ඉගෙනගැනීම හා භාවිතය පහසු බවයි. මන්දයත් එහි ස්ථාවර අක්ශර මාලාවක් හා ව්‍යාකරණ රටාවක් මෙන්ම සරල වාක්‍ය රටා පැවතීම හා අඩු වචන ප්‍රමාණයක් දැන සිටීම මඟින් භාශාව හැසිරවීමට පහසු වීමයි.
අවශ්‍ය වන්නේ මුලින්ම භාශාව කෙරෙහි කැමැත්තක් ඇති කරගැනීම හා ඉගෙනීමට තමන් තුල කැමැත්තක් ඇති කරගැනීමයි. අශ්වයා දියට රැගෙන යා හැකි නමුත් දිය පෙවිය නොහැකි මෙන් භාශාව ඉගෙන ගැනීම හා භාවිතය ඔබ විසින්ම කලයුතුයි. ඔනෑම ගුරුවරයෙකුට කල හැක්කේ ඔබට මග පෙන්වීම පමණි.
දවසකට වචනයක් හෝ දෙකක් ඉගෙනගන්න, වැරදි වැරදි වුවත් භාශාව භාවිතා කරන්න. ඔබ නොදැනීම භාශාවේ ප්‍රවීණයෙකු වනු ඇත.
ඉංග්‍රීසි භාශාවේ ප්‍රවීණත්වය වැළඳගන්න එන්න අප හා එක්වන්න
ඉසුරු ප්‍රේමසිංහ
-2023.09.15-
Actually would you like to speak in English confidently ?
ඇත්තටම ඔයා කැමති ද විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි කතා කරන්න ?
09/01/2023
09/01/2023
😂😂😂😂✌️✌️
31/07/2021
06/06/2021
ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් වෙන්න සරල මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක්.
ඉංග්‍රීසි කියන්නේ ලෝකයේ ඉගෙන ගන්න පහසුම භාෂා වලින් එකක්. නමුත් අවුරුදු ගණනක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් බොහෝ දෙනෙකුට තාමත් හරියට ඉංග්‍රීසි කතා කර ගන්න, ලියන්න, තේරුම් ගන්න බැරි අවස්ථාවන් ඉතා සුලභව තියෙනවා.
සාමාන්‍යයෙන්, Interview එකකට යන කොට, meeting එකකට යන කොට, Presentation එකක් එහෙම කරන්න වෙන කොට, බොහෝ දෙනෙක් මුලින් ම බය වෙන්නේ ඉංග්‍රීසි වලට.
හොඳින් හිතන්න.... සාමාන්‍යයෙන් පාසල් කාලය තුල පමණක් අපි වසර 13ක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ වගේම ඊට පෙරත්, ඊට පසුත් අපි විවිධ ආකාරයන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඕනෑම ගමක , නගරයක අද වන විට ඉංග්‍රීසි පන්ති දෙක තුනක් වත් තියෙනවා. නමුත් මේ තරම් ඉගෙන ගෙනත්, මෙතරම් ඉගෙන ගන්න අවස්ථාවන් තිබිලත්, තවමත් අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බෑ.
ඔබට හිතෙන්නේ නැද්ද මෙතන මොකක් හරි අපට හරියට අහු නොවුන අවුලක් තියෙනවා කියලා? ,
ලෝකයේ ඉගෙන ගන්න ලේසිම භාෂාවක්, මේ තරම් ඉගෙන ගෙනත් බැරි වෙනවා කියන්නේ නිකම්ම වෙන දෙයක් වෙන්න පුළුවන් ද?
අනික සිංහල වගේ භාෂාවක් කියන්නේ ඉංග්‍රීසි වලට වඩා සිය දහස් ගුණයක් අමාරු භාෂාවක්. ඒ වගේ භාෂාවක් කතා කරන පිරිසකට මේ වගේ සරල භාෂාවක් අල්ල ගන්න එක මේ තරම් අමාරු වෙන්න පුළුවන් ද?
එහෙම නම් අපට කොතැන ද වැරදුණේ? අද මේ ලිපියෙන් අපි කතා කරන්නේ අන්න ඒ දේ ගැන.
ඒ නිසා ඔබත්, අවුරුදු ගණනක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් තවමත් හරියට ඉංග්‍රීසි බැරි කෙනෙක් නම්. Interview එකකට යන කොට, meeting එකකට යන කොට, Presentation එකක් එහෙම කරන්න වෙන කොට මුලින් ම ඔබ බය වෙන්නේ ඉංග්‍රීසි වලට නම්, අනිවාර්යයෙන් ම මේ ලිපිය අවසන් වන තෙක් කියවන්න. ඉංග්‍රීසි කියන දේ තමන්ගේ මවු භාෂාව තරමට ම හසුරුවන්න පුළුවන් කෙනෙක් වෙන්න , ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඉතාම ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රම කීපයක්ම අපි ඔබට මේ ලිපියෙන් කියලා දෙනවා.
ක්‍රමය අංක 1 - ඉංග්‍රීසි ඉගෙන ගන්න සුදුසු මනසක් සකස් කර ගන්න.
ඕනෑම දෙයකට වගේ භාෂාවක් ඉගෙන ගන්න කොටත්, එහි සාර්ථකත්වයට බලපාන පළමුවැනි දේ තමයි ඔබේ මනස. විශේෂයෙන්ම භාෂාවක් වැනි දෙයක් ඉගෙන ගන්න කොට අපට ඒ දේ එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ.
ඔබට ඒ වෙනුවෙන් ක්‍රමානුකූල ව, පියවරෙන් පියවර, යම් කාලයක් ගත කරමින් භාෂාව ප්‍රගුණ කිරීම සිදු කරන්න වෙනවා. එතැන දී භාෂාව ඉගෙන ගන්න ආරම්භයේ දීම තියෙන උනන්දුව අවසානය වෙනතෙක්ම ඔබට පවත්වා ගෙන යන්න පුළුවන් නම් ඔබට ඕනෑම අමාරු භාෂාවක් ඉතාම ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්.
ඔබ හොදින් බලන්න එක වචනයක් බැරිව, වෙනත් රට වල රැකියාවකට යන අය දිහා, ඔවුන් බොහෝ විට ආයෙත් එන්නේ ඒ රටේ භාෂාව හොඳට පුළුවන් වෙලා. බොහෝ විට එක වචනයක් බැරුව වෙනත් රටවල් වලට යන බොහෝ දෙනෙක් සති කීපයක්, මාස කීපයක් යනකොට ඒ රටේ භාෂාව ඉතාම හොදින් ඉගෙන ගන්නවා.
මොකද ඔවුන්ට වෙන විකල්පයක් නෑ. වෙනත් රටකට ගියාම ඒ රටේ භාෂාව බැරුව ඔබට මුකුත් කර ගන්න බෑ. ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබට ඒ භාෂාව බැරි කමේ අඩුව තදින් දැනෙනවා.
නමුත් අපේ රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට මේ දේ දැනෙන්නේ නෑ. ඔවුන්ට ඉංග්‍රීසි බැරි නම් කිසිම දෙයක් කරගන්න බෑ කියලා දෙයක් නෑ. අන්න ඒ නිසා ඔවුන්ට ඉංග්‍රීසි හොඳට ම පුළුවන් වෙනකන් ඉගෙන ගන්න ලොකු උවමනාවක් ඇති වෙන්නේ නෑ.
මෙන්න මේ තත්වය ඔබට තියෙනවා නම් ඒක තමයි ඉංග්‍රීසි බැරි වෙන්න තියෙන 1 වෙනි හේතුව. අන්න ඒ නිසා , ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් මුලින් ම ඔබ කරන්න ඕනේ දේ තමයි, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා හිතෙන ප්‍රබල හේතු ටිකක් හදා ගන්න එක.
පුංචි කොලයක්, පෑනක් අරගෙන ඔබ ඉංග්‍රීසි ඉගෙනගත යුතු ඇයි කියන දේ වෙනුවෙන් හොදට කල්පනා කරලා, හොද හේතු 10ක් ලියා ගන්න. ඔබට ඉංග්‍රීසි පුලුවන් වුනොත්, ඔබේ ජීවිතේ කොයි ආකාරයෙන් වෙනස් වෙයිද කියන දේ පැහැදිලිව ලියපු පුංචි සටහනක් තියා ගන්න. හැමදාම ඒක පොඩි වෙලාවක් අරගෙන නැවත නැවත කියවන්න. මේ දේ ඔබ එක දිගට දිනපතා කලොත් දවස් කීපයක් යනකොට ඉංග්‍රීසි ඉගෙනගත යුතුයි කියන , උවමනාව, මානසික ස්වභාවය, ඔබ තුල ඉබේම තදින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ දේ හරහා ඉතා ප්‍රබල මට්ටමකින් ඔබට ඉගෙනීමට ඇති උනන්දුව හා ආශාව වර්ධනය වීම , භාෂාව ඉතා හොදින් ග්‍රහනය කර ගැනීමේ හැකියාව වර්ධනය වීම වැනි තත්වයන් අත් විදින්න හැකියාව තියෙනවා.
ක්‍රමය අංක 2 - භාෂාවක් ඉගෙන ගන්න ආකාරයෙන් ඉගෙන ගන්න
අපේ රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බැරි වෙන්න බලපාන දෙවැනි, ප්‍රබලතම හේතුව තමයි, ඉංග්‍රීසි භාෂාවක් ලෙස ඉගෙන නොගැනීම. අපේ රටේ බොහෝ දෙනෙක් පොඩි කාලේ ඉදලම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ භාෂාවක් විදිහට නෙමේ , විෂයයක් විදිහට.
භාෂාවක් ඉගෙන ගන්න එක , සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න වෙනත් විෂයයක් වගේ ඉගෙන ගන්න පුලුවන් දෙයක් නෙමේ. භාෂාවක් කියන්නේ ප්‍රායෝගික බව හා පුහුණුව එක්ක ඉගෙන ගත යුතු දෙයක්. නමුත් විෂයක් කියන්නේ සිද්ධාන්ත මත ඉගෙන ගත යුතු දෙයක්.
භාෂාවක මූළික අරමුණ වෙන්නේ , අදහස් සන්නිවේදනය කිරීම. භාෂාවක් ඉගෙන ගන්න ඕනේ අන්න ඒ පදනමේ ඉද ගෙන. මෙන්න මේ නිසයි අවුරුදු ගානක් ලංකාවේ ඉදගෙන ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි වුන මිනිස්සු රට ගිහින් සතියක් දෙකක් යනකොට හොදට ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නේ.
මොකද ඔවුන් මෙහෙදී ඉගෙන ගන්නේ , ඉංග්‍රීසි වල තියෙන නීති රීති, ව්‍යාකරණ මත ගොඩනැගුණු විශයක් විදිහට. එතැනදී ඔවුන් හැම වෙලාවෙම බලන්නේ හරියට ඉංග්‍රීසි කතා කරන්න. නිවරැදිව ව්‍යාකරණ ගලපමින් කතා කරන්න. මේ නිසා නිතරම ඔවුන් ඒ දේ කරන්නේ මේ මම කියන දේ හරිද වැරදිද කියන දේ හිත හිතා. වැරදුනොත් ලැජ්ජ වෙන්න වෙයිද කියන බයෙන්.
නමුත් පිට රටකට ගිහාම ඔබට ඇති වෙන්නේ , ව්‍යාකරණ ගැලපීමේ අවශ්‍යතාවයක් නෙමේ, අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයක් , එතැනදී ඔබ බලන්නේ කොහොම හරි අනිත් කෙනාට තේරෙන්න කතා කරන්න, මිසක් ව්‍යාකරණ ගලප ගලපා ඉන්න නෙමේ. ඔබ එතැනදී යමක් ඉගෙන ගන්නවානම් ඉගෙන ගන්නේ ප්‍රායෝගිකව තමන්ට කියන්න ඕනේ වෙන දේවල් හරහා. අන්න ඒ නිසා ඔවුන්ට භාෂාව ඉතාම ඉක්මනින් හුරු වෙන්න පටන් ගන්නවා.
නමුත් අපි ව්‍යාකරණ මූලික කරගෙන ඉගෙන ගන්නකොට කරන්නේ ව්‍යාකරණ නීතිය ඉගෙන ගෙන , කවදාවත් කතා කරන්න වෙයිද නැද්ද කියලාවත් දන්නේ නැති වාක්‍ය හද හදා මේ ව්‍යාකරණ රටාවන් පුරුදු වෙන්න හදන එක. ඒ නිසා එතන කිසිම ප්‍රායෝගික බවක් ඇති වන්නේ නෑ. අපි එතැනදී කරන්නේ, විද්‍යාව පාඩමේ න්‍යායක් මතක තියා ගන්න හදනවා වගේ, භාෂාව තුල තියෙන ව්‍යාකරණ නීති රීති ටිකක් මතකයේ තියා ගන්න හදන එක විතරයි. ඒ විදිහට ඔබට කවදාවත් භාෂාවක් ඉගෙන ගන්න බෑ.
මේ නිසා භාෂාවක් ඉගෙන ගන්න ඕනේ, භාෂාවක් ඉගෙන ගන්න ආකාරයෙන්. ඔබ උත්සාහ කරන්න ඕනේ , ඔබට නිතර අවශ්‍ය වෙන දේවල් හරහා, ව්‍යාකරණ රටාවන් ග්‍රහණය කර ගන්න හදන එක.
උදාහරණයක් විදිහට හිතන්න ඔබට කාට හරි, මම ඔබට ආදරෙයි කියලා කියන්න ඕනේ වුනා කියලා. එහෙමනම් මුලින්ම ඔබ ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒ දේ කියන්නේ I love you කියලා. එහෙනම් මුලින්ම ඒ දේ ඉගෙන ගන්න. ඊට පස්සේ බලන්නේ ඒක ඇතුලේ තියෙන ව්‍යාකරණ රටාව ගැන, ඊට පස්සේ බලන්න මම ඔබට ආදරය කලා, මම ඔබට ආදරය කරයි, මම ඔබට ආදරය කලේ නෑ වගේ එයට අදාල වෙනත් වාක්‍ය රටා ගැන ඉගෙන ගන්න.
මෙහෙම ඉගෙන ගන්නකොට ඔබ දන්නේම නැතුව ව්‍යාකරණ ටිකත් ඔබේ ඔලුවට යනවා. ප්‍රායෝගිකව භාෂාව හැසිරවීමේ හැකියාවත් ලැබෙනවා.
ක්‍රමය අංක 03 - විහිළුවෙන් ඉංග්‍රීසි කතා කරන්න
භාෂාවක් කියන්නේ ප්‍රායෝගික දෙයක්, භාෂාවක නිපුනත්වය ලැබෙන්නේ හැම වෙලාවක දීම හුරුව මත. යමක් හුරු වෙන කොට වැරදීම් සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් බොහෝ දෙනෙක් මෙන්න මේ දේට කැමති නෑ. ඔවුන් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ ඉංග්‍රීසි වැරදුනොත් ඒක ලැජ්ජාවක් විදිහට හිතනවා. අන්න ඒ නිසා ඇතැම් විට තමන් දන්න දෙය පවා ඉංග්‍රීසියෙන් කතා කරන්න බය වෙනවා.
මෙන්න මේ මානසික තත්වය ඔබ තුලත් තියෙනවානම්, ඉංග්‍රීසි ඔබට හුරු කර ගන්න ඉතාම අමාරු වෙනවා. මොකද වරදියි කියලා කතා කරන එක මග හරින නිසා, ඔබට හුරු වෙන්න තියෙන අවස්ථාවන් මග හැරෙනවා.
අන්න ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයේ දී , විහිළුවට ඉංග්‍රීසි කතා කරන එක පුරුද්දක් කර ගන්න. හිතෙන හිතෙන දේවල් , වරද්ද වරද්ද , පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් කියන්න. මෙහෙම කතා කරනකොට වැරදුනා කියලා කවුරුත් ඔබට හිනා වෙන්නේ නෑ. මොකද ඔබ ඒක විහිළුවට කරන දෙයක් ලෙසට තමයි ඔවුන් හඳුනා ගන්නේ.
නමුත් ඔබට මේ හරහා ඉංග්‍රීසි කටට හුරු කර ගන්න පුළුවන් වෙනවා. ටික දවසක් යනකොට ඉංග්‍රීසියෙන් මොනවා හරි කියන එක ඔබට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි වැරදෙන එක ඔබට ඒතරම් ලොකු දෙයක් කියලා දැනෙන්නේ නෑ. ඒ නිසා ඉංග්‍රීසි වරදියි කියලා තියෙන බය ඉබේම ඔබෙන් නැති වෙලා යනවා. මේ දේ කරන ගමන් ඉංග්‍රීසි ටික ටික හරියට ඉගෙන ගන්න එකත් ඔබ කරගෙන ගියොත් ඔබ දන්නේ ම නැතුව මාස කීපයක් යන කොට ඔබට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ලේසියෙන්ම පුළුවන්.
ක්‍රමය අංක 04 - ඉංග්‍රීසි ඉගෙන ගන්න එක දෛනික පුරුද්දක් කර ගන්න
මේකත් අපි කලින් කියපු, භාෂාවක් ඉගෙන ගන්න කොට ඒක විෂයයක් ලෙස ඉගෙන ගන්න එපා කියන කොටසට ම ටිකක් අදාළයි. විෂයයක් ඉගෙන ගන්න කොට ඔබට එය සතියකට දවසක්, මාසයකට දවස් කීපයක් තියා ගෙන, ක්‍රමයෙන් විෂය කරුණු අධ්‍යයනය කරමින් ඉදිරියට යන්න පුළුවන්. නමුත් භාෂාවක් කියන දේ නම් එහෙම ඉගෙන ගෙන හරි යන්නේ නෑ.
භාෂාවක් කියන්නේ දිනපතා ඉගෙන ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ දෙයක්. මොකද භාෂාවක් හැසිරවීමේ දක්ෂතාව ඔබට ලැබෙන්නේ මතකය මත නෙමේ, පුහුණුව හා පුරුද්ද මත. එහෙම නැත්නම් හුරු බව මත. ඒ නිසා භාෂාවක් ඉගෙන ගන්න එක, පුරුදු වෙන එක ඔබ දිනපතා ම කරන්න ඕනේ. ඔබ ඒ දේ කොතරම් හොඳින් පිළිපදිනවා ද යන්න මත ඔබ කොතරම් ඉක්මනට භාෂාව පුරුදු වෙනවද කියන දේ ඍජුවම තීරණය වෙනවා.
ක්‍රමය අංක 05 - කියවන්න, ලියන්න, අහන්න, කතා කරන්න.
ඉංග්‍රීසි වේගයෙන් ඉගෙන ගන්න තියෙන ඉතාම හොඳ ක්‍රමයක් තමයි, කියවන්න, ලියන්න, අහන්න, කතා කරන්න කියන්නේ. මේ ක්‍රමය තුල ඔබට සාමාන්‍ය කෙනෙකුට වඩා වේගයෙන් භාෂාව පුරුදු වෙන්න ලොකු හැකියාවක් තියෙනවා.
- කියවන්න කියන්නේ, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ පාඩම් හා ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දේවල් කියවන්න කියන එක. මේ දේ කරන කොට, ඔබට ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය ටික අහු වෙන්න පටන් ගන්නවා. වාක්‍ය රටා වන් හුරු වෙන්න පටන් ගන්නවා. අනිත් දේ තමයි, ඔබට ඔබේ මනසේ සම්පූර්ණ අවධානය නැතිව යමක් කියවන්න අමාරුයි ඒ නිසා, ඔබ යමක් කියවන කොට එය ඔබේ මනසට යන ප්‍රමාණය ඉතාම වැඩියි.
- ලියන්න කියන්නේ ඔබ ඉගෙන ගත්ත දේවල් නැවත නැවත මතක් කර කර ලියන්න කියන එක, ඒ වගේම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන දේවල් බලාගෙන පිටපත් කරන්න කියන එක. මේ දේත් ඔබට ඔබේ මනසේ සම්පූර්ණ අවදානය නැතුව කරන්න අමාරුයි. අන්න ඒ නිසා මේ දේ කරනකොට ඔබ ඉගෙන ගත්ත දේවල් තවත් තදින් ඔබේ මනසට ඇතුල් වීම වගේම වාක්‍ය රටාවන් ඔබට ඉතාම තදින් හුරු වීම සිදුවෙන්න පටන් ගන්නවා.
- අහන්න කියන්නේ ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් අහන්න කියන එක. මොකද ඉංග්‍රීසි කතා කරනකොට ඔබ ඒක සිංහල කතාකරන විදිහට කරලා හරියන්නේ නෑ. ඕනෑම භාෂාවකට තියෙනවා එයට අදාල ශෛලියක්, ඒ ශෛලිය නැතිව කතා කරන්න ගියොත් ඒ භාෂාවේ තියෙන ලස්සන නැති වෙනවා. අන්න ඒ හැකියාව ලැබෙන්නේ. ඔබ ඉංග්‍රීසි කතා කරන විදිහ අහගෙන හිටියොත් විතරයි. නිතර නිතර අහන කොට, ඒ ශෛලීන් ඔබට හුරු වීම සිදු වෙනවා, ඒ වගේම, ඔබට ඉංග්‍රීසි කතා කරනකොට තේරුම් ගන්න තියෙන හැකියාවත් වැඩි වෙනවා.
- කතා කරන්න කියන්නේ , පුළුවන් හැම වෙලාවකදිම ඉංග්‍රීසියෙන් කතා කරන්න කියන එක. පීනන්න පුරුදු වෙන්න නම් පීනන්නම ඕනේ වගේ, කතා කරන්න පුරුදු වෙන්න තියෙන එකම ක්‍රමයත් කතා කරන එකම තමයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකදිම වචනයෙන් වචනය හරි කතා කරන්න. ඒ වෙනුවෙන් ඔබට අර අපි කලින් කියපු විහිළුවට ඉංග්‍රීසි කතා කරන ක්‍රමයත් භාවිතා කරන්න පුළුවන්.