Knowledge World

Knowledge World

Share

Knowledge world

20/08/2021
Photos from Traveler's post 08/08/2021
07/08/2021

වර්ථමාන ලෝකයේ දියුණු වෙමින් පවතින රාජ්‍යයන්වල හා රැකියා විරහිත රටවල් අතර නිරන්තරයෙන්ම අවධානය යොමුව ඇති රාජ්‍යයක් වී ඇත්තේ දකුණු කොරියාවයි. වර්ථමාන දකුණු කොරියාව ලොව ධනවත්කම අතින් 10 වන 11 වන ස්ථානයේ පසුවන රටවක් වන අතර කර්මාන්ත අතින් ලොව 05 වන ස්ථානයේ පවතින රාජ්‍ය වන්නේද දකුණු කොරියාවයි. මෙලෙස වර්ථමානයේ විරාජමාන දකුණු කොරියාවේ සංවර්ධනය පසුපස ඇත්තේ ලෝකයේ ධනවත් රටවල් ලෙස විරුධාවලිය ලද එංගලන්තය , ඉතාලිය වැනි රටවල් මෙන් දිගු කාලීන අතීතයක් නොව ඉතාමත් කෙටි කාලීන අතීතයකි. කොරියානුවන් තුළ පවතින වෙහෙස මහන්සිය, කැපවිමේ ප්‍රතිථලයක් ලෙස වසර 30 ක් 35 ක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් මෙසේ වර්ථමාන ලෝකය තුළ විරාජමාන විය.

ලොක්යේ සිදු වු විශාලතම ඛේදවාචකය වුයේ ලෝක ප්‍රභලයින් පිල් 02 ක් නියෝජනය කරමින් 1940 දශකයේ ඇති වු දෙවන ලෝක යුද්ධයයි. ආසියාතික රටක් වු ජපානයේ අරමුණ වුයේ ආසියාව තුළ තමන්ගේ අධිරාජ්‍යවාදය පැතිරවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජපානය , කොරියාව ඇතුළු ආසියාතික රටවල් මුලික කර ගනිමින් යුද්ධය ප්‍රකාශ කලහ.ඒ අනුව 1940 දශකයේ ඇති වු ජපන් කොරියන් යුද්ධයේදී කොරියානුවන්ට මුහුණ දීමට සිදු වුයේ අසීරුතම කාල සීමාවකටය. විශේෂයෙන් යුද්ධය මුලික කරගෙන කොරියානුවන්ගේ කෘෂි කර්මාන්තය මුළු මුනින්ම බිඳ වැටිණ. ඒ සඳහා කොරියාවේ සෑම වසරක් පාසාම පවතින අධික උෂ්ණ කාල සීමාව හා අධික ශීත කාල සීමාවද බලපාන ලදී. තවද මේ අවධියේ සාගත , වසංගත පැතිරීමද ඔවුන් තව තවත් අසරන කරන ලදී. දීර්ග කාලයක් පුරා පැවති මේ දරුණු යුද්ධය හේතුවෙන් ඔවුන් සතු ආහාර ද්‍රවය සියල්ලද හිග විය. ඉන් පසු ඔවුන් විවිධ ශාක වර්ග හා වනාන්තරවල සිටින සර්පයන් ආහාරයට ගැනීමටද යොමු විය. එම ආහාරයන්ද ක්‍රමයෙන් හිග වු පසුබිම තුළ ඔවුන්ට ආහාරයට ගැනිමට ඉතිරි වුයේ ඔවුන්ට සමීපව සිටි සුනඛයන්ය. මෙලෙස බලු මස් ආහාරයට ගැනීමට යොමු වු කොරියානුවන් දියුණු වු ආර්ථිකය තුළද බලු මස් ආහාරයට ගැනීමට යොමු වුවද එහි ආර්ම්භක අවස්ථාව උදා වුයේ එලෙසය.

ජපන් කොරියානු යුද්ධය නිමාවත් සමඟම ආර්ථික , දේශපාලනමය , සමාජීය සහ කෘෂිකාර්මික වශයෙන් අරාජික වු දකුණු කොරියාවට අත හිත දීමට ඇමරිකා එක්සත් ජනපදය කටුයුතු කිරිමට යොමු විය. සැබවින්ම වර්ථමානයේදි දියුනු වු දකුණු කොරියාව පිටුපස සිටින ප්‍රථාපවත් යෝධයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එමෙන්ම 1950 දශකයේ උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවට පැමිණි Chon Chu Yong නැමැත්තා දකුණු කොරියාවේ “හුන්ඩායි ” නැමැති වාහන කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමද දකුණු කොරියාවේ ආර්ථිකය ගොඩ නැගීමේ තවත් එක් වැදගත් පියවරක් විය. ඒ වගේම 1960 දශකයේ දකුණු කොරියාවේ 03 වන ජනාධිපති වරයා වු Prak Chung – Hee කොරියාවේ සාක්ෂරතාවය ඉහල දැමීමට කටයුතු කර ඇත. එමෙන්ම ඔහු ජපානය සහ ඇමරිකාව අතර නිදහස් වෙළඳ ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කිරීම දකුණු කොරියාවේ දියුණුවේ ප්‍රභලතම අඩිතාලමක් විය.

‍දකුණු කොරියාවේ ආර්ථික ක්‍රියා දාමයේ ප්‍රභල කොටස් කරුවන් ලෙස 1970 දශකයේ ජීවත් වු තරුණ කොරියානුවන් ගේ ක්‍රියා කලාපයද විශේෂයෙන් පෙන්වාදිය හැකිය. ඔවුන් ඒ සඳහා තෝරාගනු ලැබුවේ විදේශිය රටවල රැකියාවට යාමයි. ඒ සඳහා රජයේ ක්‍රියා කලාපයද ප්‍රභලව බලපාන ලදී. එනම් 1972 දී දකුණු කොරියාවේ අධිවේගී මාර්ග පද්ධතියක් ආර්ම්භ කිරීම සඳහා ජර්මනිය සමඟ එකඟ වුවද එම මාර්ගය සඳහා ජර්මනියට ගෙවීමට මුදල් දකුණු කොරියාව සතු නොවීය. ඒ සඳහා ජර්මනියට ගෙවිය යුතුව තිබු එම මුදල හිලව් විම පිණිස ජර්මනියට දකුණු කොරියාවේ කම්කරුවන්ගේ ශ්‍රමය ලබාදෙන ලෙස ඉල්ලීමක් කලහ. එහි ප්‍රථිපලයක් ලෙස හෙදියන් ප්‍රථමයෙන් යවන ලදී. (මොවුන්ගේ මුළු පඩිය වොන් 520,000.00 විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 60,000.00 ක් පමන වනු ඇත.) ඉන් අනතුරුව ජර්මනියට කම්කරුවන්ද ඉංජිනේරුවරුන්ද යවන ලදී. එසේ යවන ලද ඔවුනු භාවිතා කරන ලද ඇඳුම් පැලඳුම්, භාණ්ඩ හා උපකරණ ආදිය වර්ථමානයේදී දකුණු කොරියාවේ “ පාදොක් ක්ලෝජා යෝගයන් සේනටර් ” හි තබා ඇත. මේ හා සමඟම දකුණු කොරියානුවන් සව්දි , ලිබියා වැනි මැද පෙරදිග රටවල සේවයට ගොස් මුදල් උපයා කොරියානු ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වී ඇත. වීශේෂයෙන්ම මෙරට කුලී රථ රියදුරන් එදා මැදපෙරදිග ගොස් පැමිණි පිරිස වේ. එම නිසා බොහෝ විට ඔවුන් වර්ථමාන දකුණූ කොරියාවේ සේවය කරන විදේශිකන්ට බොහෝ ගරු කිරිම් උදව් උපකාර කිරීම් දක්නට ලැබේ. එමෙන්ම අප ඔවුන් සමඟ කතාබහ කරන විට ඔවුන්ගේ මුවින් නිරන්තරයෙන් නැගෙනුයේ “ උඹලා ඔය හම්බකරන සල්ලි කොරියාවට වියදම් කරන්න එපා. උඹලාගේ රටට අරන් පලයල්ලා . උඹලාගේ රට දියුණු කර පල්ලා ” යනුවෙනි.

1980 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා කොරියාවේ ආර්ථිකය පහල මට්ටමක පැවතුනි. බොහෝ විට ආසියාව තුළ ශ්‍රී ලංකාව මේ අවධියේ ආර්ථිකමය වශයෙන් ඉහල මට්ටමක පැවතිනි. (ආසියාවේ 02 වන ස්ථානය) වරෙක මෙම වකවානුවේ ශ්‍රී ලංකා‍වේ සංචාරයක නිරත වු සිංගප්පුරු ජනපති පැවසුයේ සිංගප්පුරුවද දිනෙක ශ්‍රී ලංකාව සේම දියුණු කරනවාය යන්නයි. වරෙක මට 1980 දශකයේ දකුණු කොරියාවේ සිට නැවු මඟින් කිහිප වරක් වෙළඳ කටයුතු සඳහා ගිය කොරියානු ජාතිකයෙකු හමු විය. ඔහු මා සමඟ පැවසුයේ “උඹලාගේ කොළඔ වරාය ගොඩාක් ලොකුයි. කොළඹ ගොඩාක් දියුණුයි . දැන් උඹලාගේ රට අපේ රට වගේම දියුණුද? ” යනුවෙනි. මා ඔහුට කිසිවක් නොකියා සිනාවකින් ප්‍රතිචාර දැක්විමි. සැබවින්ම මට එයින් හැඟුනේ විදේශ ආධිපත්‍යන් නිදහස් වු ශ්‍රි ලංකාවේ එදා පැවති තත්ත්වය මෙන්ම එදා කොරියාවේ පැවති තත්ත්වයයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුධාවලිය ලත් ශ්‍රි ලංකාව ලෝකයේ අවධානයට යොමු වුයේ දැනට වසර සිය දහස් ගණනකට එපිට වුවද දකුණු කොරියාව පිළිබඳව ලොක්යේ අවධානය යොමු වුයේ 1988 දීය. ඒ දකුණු කොරියාවේ පැවැත්වීම සුදානම් කළ ඔලිම්පික් ක්‍රිඩා උළෙල හා සමගාමීවයි. දකුණු කොරියානුවන් ඔලිම්පික් උළෙල හා සම්බන්ධ වී පදක්කම් කිහිපයක් දිනා ගැනීමත් තරඟ විනිශ්චය කිරීම් කටයුතු සඳහා තාක්ෂණික උපකරණ (මීටර 100, මීටර 200 ධාවන තරඟවල කාලය ගණනය කිරිම සඳහා) නිෂ්පාදනය කිරිමත්, යන් ගුන් (ඊතල විදීම) ක්‍රිඩාව ලොවට හඳුන්වා දීම සමඟ දකුණු කොරියාවේ ක්‍රිඩා හැකියාව මෙන්ම තාක්ෂණික හැකියාව ලොවට නිරාවරණය විය.

මේ අයුරින් 1990 දශකය ආරම්භයත් සමඟම දකුණු කොරියාව තුළ කර්මාන්තශාලා සීඝ්‍රයෙන් ආ‍රම්භ වීමත් සමඟම සීඝ්‍ර සංවර්ධනයක පෙර නිමිති පහල විය. එහි ප්‍රථිපලයක් ලෙස විදේශීය රටවලට දකුණු කොරියාවේ රැකියා දොරටු පහල විය. ඒ අනුව 1990 දශකයේදී “ මැකලන් මැකන්සි” ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා ගෙන්වන ලදී. මේ අනුව ආරම්භ වු රැකියා පදනමට ශ්‍රී ලංකා රජය මැදිහත් වීම සිදු වුයේ 1994 දීය. ඒ 1994 දී ශ්‍රී ලංකාවේ කම්කරු ඇමති වු මහින්ද රාජපක්ෂ මහතා දකුණු කොරියාවේ සංචාරයත් සමඟය. ඒ අනුව ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රැකියා අවස්ථා නීතිමය රාමුවක් යටතේ සිදු කිරීමට අවහ්‍ය කෙටුම්පත් සකස්කරන ලදී. මේ අනුව ප්‍රථමයෙන් කොරියාවට D3 නම් වීසා ක්‍රමය යටතේ ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණියහ. මේ අයුරින් පැමිණි වීසා ක්‍රමය 2004 දී අවසරලත් රැකියා ක්‍රමය (EPS)ඇතිකර මෙරටට විදේශිකයන් ගෙන්වන ලදී. මෙම ක්‍රමය යටතේ රටවල් 06 ක් සඳහා විසා ලබා දීම ට දකුණු කොරියාව කටයුතු කරන ලදී. එම ප්‍රථම රටවල් 06 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් විය . මේ අයුරින් දකුණු කොරියාව තුළ ඇති වු රැකියා අවස්ථා මේ වන විට රටවල් 16 ක් පුරා ව්‍යාප්ත වී ඇත.

1994, 1995 වන විට දකුණු කොරියාව තුළ සීඝ්‍රයෙන් කර්මාන්ත ආරම්භ වීමත් සමඟ එහි පැවැත්ම රඳවා ගැනිමට ආරම්භයේදී දකුණු කොරියාවට නොහැකි විය. ඒ අනුව කොරියාව තුළ 90%ක් පමණ කර්මාන්ත බිඳ වැටී යලිත් රට අරාජික විය. මේ අවස්ථාවේදි නැවත රට ගොඩ නැගීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙතින් මුදල් ආධාර ලබා දෙන ලෙස දකුණු කොරියාව ඉල්ලුම් කර සිටියද මුල් අවස්ථාවේදි එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වි ඇත. 1997 වර්ෂයේ දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට සමගාමීව ජාත්‍යන්තර මුල්‍ය අරමුද විසින් ජනාදිපතිවරනයට ඉදිරිපත් වු අපේක්ෂකයන් දෙදෙනා වු හන්නා රදල් හා කිම් යොන්ග් සං අපේක්ෂකයන් දෙදෙනා අතර වු එකඟතා ගිවිසුම මත දකුණු කොරියාවට අවශ්‍ය ණය මුදල් ලබා දිමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟ වී ඇත. එම එකඟතාවය වුයේ ජනපති තරඟකරුවන් දෙදෙනා අතරින් කිනම් අපේක්ෂකයකු ජනපති වුවද එම ණය මුදල නැවත ගෙවීමට ඇතිකරගත් පොරොන්දුව මතය. ඒ අනුව එම ජනපතිවරණයේදී ජනපති බවට පත්වුයේ කිම් යොන්ග් සමි ය(kim yong sam) මෙකී පසුබිම මත ඇමරිකානු ඩොලරය වොන් 2250 දක්වා ඉහල ගිය අතර කිම් යොන්ග් සමි ජනපති නැවතත් ක්‍රමානුකූලව අරාජික වු රට ගොඩ නැගීමට මුල පිරූහ.
ඒ අනුව වොන් 2250 වු ඇමරිකානු ඩොලරය වොන් 1600 දක්වා වු අගයක් තුල ස්තාවරව පවත්වාගන යාමට හැකි පසුබිමක් මෙරට තුළ නිර්මානය විය. එමෙන්ම මෙහි විශේෂත්වය වුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙතින් ණය මුදල් ගෙන අඩුම කාලයක් තුළ එම ණය ආපසු ගෙවු රට වන්නේද දකුණු කොරියාව වීමයි. මින්පසු පැවති දකුනු කොරියානු ජනපතිවරණයෙන් පාලකයා වන්නේ නෝ මු හන්(No mu huyon) ජනපතිවරයායි. මෙම කාලය දකුණු කොරියාවේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වනු ලබයි. විශේෂයෙන් මෙරට සේවයට පැමිණි විදෙස් ශ්‍රමිකයන්ට ඇල්මක් දැක් වු මොහු නිරන්තරයෙන්ම මෙම පාලන සමය තුළදී විදේශිකයන් පිළිබඳව සොයා බලා කටයුතු කළහ. එමෙන්ම නව කර්මාන්ත ශාලා ව්‍යාප්ත කලා සේම තව තවත් කර්මාන්ත බිහිකිරීමට කටයුතු කර ඇත. “ කම්කරුවන්ද මිනිසුන්ය ” යන තේමාව යටතේ දකුණු කොරියාව පාලනය කල මොහු වර්ථමානයේද නොඅඩුවම ගෞරවයට පාත්‍ර වේ.

මින්පසු 2007 වර්ෂයේ නැවත ජනපතිවරණයක් පැවැත් වු අතර එහිදී සෙනුරිදාන් පක්ෂයේ ඊ මියන් පක්(E miyong pak) අපේක්සකයා ජනපති විය. මොහුකොලයේදී මින් පෙර ජනපති වු නෝ මු හන්ග් ජනපතිවරයා මුල්‍ය වංචා සිදුකර ඇති බවට හඩ නගා ඔහු මෙරට ආරක්සක අංශයේ ප්‍රශ්න කිරීම් වලට නිරන්තරයෙන් රැගෙන යාමට කටයුතු කර ඇත. සැබවින්ස නෝ මු හන්ග් ජනපතිවරයාගේ පාලනයේදී ඔහු කිසිදු මුල්‍ය වංචාවක් නොකලද ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ සිදු වු මුල්‍ය වංචාවලට වැරදි කරුවන් විය.
නමුත් නෝ මු හන්ග් ජනපතිවරයා තම නිර්දෝශිබව ඔප්පු කිරීම සඳහා මහජනතාව ඉදිරියට පැමිණියේය. විශේෂයෙන් ඔහු මහජනතාව නිරතුරුව ගැවසෙන දුම්රිය ස්ථාන , වෙළඳ මධ්‍යස්ථාන ඉදිරියට පැමින ප්‍රසිද්ධියේ තම පාලනය තුල කිසිදු වංචාවක් දසණයක් නොකළ බවට ජනතාවට පවසනක ලදී. නුමුදු ඊ මියන් පක් ජනපති නෝ මු හන්ග් ට නිරන්තරයෙන්ම එල්ල කල චෝදනා හේතුවෙන් පීඩනයට පත් ඔහු කඳුකර ප්‍රෙද්ශයකට ගොස් තම ජීවිතය නැති කර ගත්හ. මොහුගේ වියෝවත් සමඟ ප්‍රකෝපයට පත් ජනතාව ප්‍රසිද්ධියේ ඊ මියන් පක් ජනාධිපතිවරයා විවේචනය කිරීමට පෙළඹුණි. මින්පසු දකුණු කොරියාවේ ජනපති වුයේ පක්කන් හේ(Pak kan he)ජනපතිනියයි .ඇය මෙරට වර්ථමාන ජනපතිවරයායි.

කොරියානුවන් තුළ පවතින නොපසුබට උත්සහාය, නිවරැදි දේශපාලනය නායකත්වය , ආගමික සහජීවනය , එකිනෙකාට දක්වන්නා වු ගරු කිරීම හා නීති ගරුක බව හා නීතිය ඉක්මවා ගිය සදාචාර සම්පන්න බව මෙන්ම නීතිය ඉදිරියේ සමානාත්මතාවය යන මුලික කරුණු මත දකුණු කොරියාව මේ වන විට ලොක්යේ නිෂ්පාදනය අතින් 05 වන ස්ථානයේත් ධනවත්කම අතින් 10 වන ස්ථානයේත් විරාජමාන වෙමින් තව තවත් ගෙවෙන හැම තත්පරයක් පාසාම ලොව ඉදිරියට ගමන් කරමින් සිටියි. කොරියානු දේශය වර්ථමානයේ හිමිකරගෙන ඇති ස්ථානය සැබවින්ම පරම්පරා ගණනාවක ප්‍රතිඵලයක් නොව එක් පරම්පරාවක උත්සහායක ප්‍රතිඵලයක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කරමි.

සැබවින්ම මෙහි දක්වා ඇති ඡායා රූප නාගරික පරිසරය තුළ දක්නට නොමැති අතර බොහෝ ගම් බද පරිසර වල දක්නට ඇත. එය තුළින් පෙන්නුම් කරනුයේ මීට අඩසිය වසකට පෙර ඔවුන් ගත කළ දුක්ඛිත ජීවිතවල නටඹුන්ය. මෙම නිවාසයන් වර්ථමානය වන විට කොරියානුවන් අතහැර දමා නගරයට සංක්‍රමණය වුවද ඇතැම් නිවාස තුළ එදා ජීවත් වු කොරියානුවන් අදද ජීවත් වේ. එය එසේ වන්නේ හුදෙක්ම ඔවුන් එම නිවාසයන්ට දක්වන ඇල්ම නිසා විය හැක.

(විශේෂ ස්තූතිය කොරියා විදෙස් ශ්‍රමික උපකාරක මධ්‍යස්ථානයේ භාෂා පරිවර්ථක සහ උපදේශක ගරු ප්‍රේමලාල් අබේසිංහ මහතාට සහ කොරියා ලංකා සංසදයේ සියලු සහෝදරත්වයට..)

Copied - DARSHANA HEMANTHA...

Photos from Korean Job Help Center කොරියාවේ අපි වෙනුවෙන් අපි පිටුව's post 07/08/2021
Photos from Knowledge World's post 05/08/2021

බලාපොරොත්තු වුණේ මෙය නොවේද
මුන් තමා හොදටම කරලා තියෙන්නේ 😂😂😂

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Maspotha
Kurunegala