22/11/2025
❤️
We are one of leading ICT teaching institute which conducts Online Classes for Grade 6-11 students and guide them to achieve best grades for ICT subject.
22/11/2025
❤️
06/01/2025
06/01/2024
01/11/2023
🧑🏫අපේ Final Year Research එකේ අපි හිර වෙන ප්‍රධානතම කොටසක් තමයි මේ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය (Statistical Data Analysis). ඔන්න මේ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය ගැන තේරෙන සිංහලෙන්ම ටිකක් කතා කරන්න Assignment_Writers අපේ පිටුවෙන් අපි අද තීරණය කරා.
👨🏫සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කීවාම අපේ රිසර්ච් උදවිය අතර R, Minitab, SPSS, SAS, Stata, EViews වගේ දත්ත විශ්ලේෂක මෘදුකාංගය හරිම ජනප්‍රියයි.
සමාජ විද්‍යාව හා සම්බන්ධ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන, SPSS නැත්තම් Statistical Package for the Social Sciences මෘදුකාංගය ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන එක තමයි අද අපේ මූලිකම අරමුණ වෙන්නේ.
🔴මොකක්ද මේ SPSS?
🧑💻IBM සමාගමට අයිති මේ SPSS මෘදුකාංගය පාවිච්චි කරලා අපිට විශාල දත්ත ප්‍රමාණයක් විවිධ ආකෘතින් යටතේ එකවර විශ්ලේෂණය කරගන්න පුළුවන්.
👨💻අපේ පර්යේෂනයේ සංකීර්ණ වගේම ඉතාම වැදගත් දත්ත, සරල පියවර ඔස්සේ අඩු කාලයකින් විශ්ලේෂණය කරගන්න SPSS අපිට නැතුවම බෑ.
🔴එදිනෙදා ජීවිතයේ ඇයි මේ SPSS?
🧑💻SPSS සතු මේ ප්‍රබල සංඛ්‍යායනමය දත්ත විශ්ලේෂණය කිරීමේ හැකියාව නිසාම එය වාණිජ මට්ටමෙන් වෙළදපොල පරීක්ෂණ වලට බහුලව පාවිච්චි කරනවා.
👨💻SPSS මෘදුකාංගය තුලින් ලබාගන්න මේ සංඛ්‍යාන තොරතුරු පාවිච්චි කරලා පර්යේෂකයන්ට, වෙළඳපොලේ නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම ලේසියෙන්ම හදුනා ගන්න පුළුවන් වගේම ඔවුන්ගේ උපායමාර්ග නැත්තම් strategies වෙනස් කිරීමේ හැකියාවත් තියෙනවා.
🧑💻අනාගතයේදී කුමක් සිදුවිය හැකිදැයි නිශ්චිතව පුරෝකථනය කරන්න මේ SPSS මෘදුකාංගයට පුළුවන් නිසා පර්යේෂකයින්ට නිවැරදි තීරණ ගන්නත්, ගැටළු විසදන්නත් අපේක්ශිත ප්‍රතිඵල හා අරමුණු කරා ලගා වෙන්නත් හොද අවස්ථාවක් ලැබෙනවා.
🔴එතකොට අපේ පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණයට SPSS උදව් කරන්නේ කොහොමද?
🧑💻SPSS සතු විශේෂිත techniques පාවිච්චි කරලා අපේ රිසර්ච් එකේ විවිධ දත්ත විචල්‍යයන් (variables) අතර ලාක්ෂණික රටාවන් (characteristic patterns) විශ්ලේෂණය කරන්න, පරිවර්තනය කරන්න හා නිර්මාණය කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම SPSS හරහා අපේ Output එක graphically represent කිරීමටත් හැකිවීම නිසා ලේසියෙන්ම ඒවා තේරුම් ගැනීමේ පහසුකමත් අපිට ලැබෙනවා.
👨💻මේ SPSS මෘදුකාංගය පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් කාර්යයන් හා සංඛ්‍යානමය විශ්ලේෂණ කිහිපයක් ගැනත් අපි කතා කරමු.
1️⃣️️ Data Transformation(දත්ත පරිවර්තනය):
🧑💻අපේ දත්ත වල format එක අවශ්‍ය විදියට වෙනස් කිරීමටත් එකම වර්ගයේ දත්ත එක තැනකට ඒකාබද්ධ කිරීමටත් වගේම දත්ත පහසුවෙන් හැසිරීමටත් SPSS පහසුකම් සපයනවා. විවිධ වර්ගයේ දත්ත SPSS තුළට අපිට ඇතුළු කළ හැකි වගේම ඒවාගේ ව්‍යුහය, system specifications හා අපේ requirement එක අනුව වෙනස් කර ගැනීමේ හැකියාව ද SPSS සතු වෙනවා. ඒ කියන්නේ අපේ මෙහෙයුම් පද්ධතිය (operating system) වෙනස් වුනත් SPSS හට පැරණි දත්ත මත දිගටම ක්‍රියා කරන්න පුළුවන්.
2️⃣ ️Regression Analysis (ප්‍රතිපායන විශ්ලේෂණය):
🧑💻මූලික වශයෙන්ම අපි පාවිච්චි කරන විවිධ විචල්‍යයන් අතර පවතින සම්බන්ධතාවය පැහැදිලිව තේරුම් ගන්න මෙය උදවු වෙනවා. දත්ත ගොනුවක (data file) ගබඩා කර ඇති යැපෙන (dependent) හා ස්වාධීන (independent) විචල්‍යයන් (variables) අතර සම්බන්ධතාවය හරියාකාරව තේරුම් ගැනීමට මෙය පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ස්වාධීන විචල්‍යයේ වටිනාකමෙහි වෙනස, යැපෙන විචල්‍යයේ දත්ත වලට බලපාන්නේ කෙසේද යන්නත් මෙමගින් පැහැදිලි කරනවා.
3️⃣️ ANOVA (විචල්‍යතා විශ්ලේෂණය):
👨💻අපේ සමීක්ෂණය හෝ අත්හදා බැලීමේ ප්‍රතිඵල වල වැදගත් බව සොයා ගැනීමට මේ ANOVA විශ්ලේෂණය උදවු කරනවා. තවත් විදියකට කීවොත් ශුන්‍ය උපකල්පනය ප්‍රතික්ෂේප කිරීමට (rejecting the null hypothesis) හෝ විකල්ප කල්පිතය පිළිගැනීමට (accepting the alternative hypothesis) මේ විශ්ලේෂණ අපිට වැදගත්. කණ්ඩායම් සංසන්දනය කරන්න වගේම ඒවා අතර වෙනස සොයා ගන්න සංඛ්‍යානමය ප්‍රවේශයක් ලෙසත් මෙය හදුනා ගන්න පුළුවන්.
උදාහරණ:
වෛද්‍යවරුන් විසින් මානසික රෝගීන් කණ්ඩායමකට උපදේශනය, ඔෘෂධ ලබා දීම හා ජෛව ප්‍රතිපෝෂණ ලබා දීම ලෙස ප්‍රතිකාර ක්‍රම තුනක් අනුගමනය කරයි.එක් ප්‍රතිකාරයක් අනෙක් ඒවාට වඩා හොඳ දැයි බැලීමට අපිට ANOVA පාවිච්චි කරන්න පුළුවන්.
4️⃣️ MANOVA (විචල්‍යතාවයේ බහුකාර්ය විශ්ලේෂණය):
🧑💻අගය නොදන්නා අහඹු විචල්‍යයන්ගේ (random variables) දත්ත සංසන්දනය කිරීමට මෙය යොදා ගන්න පුලුවන්. ඒ වගේම ස්වාධීන විචල්‍යයන්හි (independent variables ) වෙනස්වීම් යැපෙන විචල්‍යයන් (dependent variables) සඳහා සංඛ්‍යානමය වශයෙන් ඇති කරන බලපෑම, යැපෙන විචල්‍යයන් අතර අන්තර්ක්‍රියා හා ස්වාධීන විචල්‍යයන් අතර අන්තර්ක්‍රියා හදුනා ගැනීමටත් MANOVA අපිට උදවු වෙනවා.
උදාහරණයක් ලෙස විවිධ වර්ගයේ ජනගහන විශ්ලේෂණය කිරීමට සහ ඔවුන්ගේ තේරීම් වලට බලපාන සාධක මොනවාද යන්න සොයා බැලීමට MANOVA පාවිච්චි කරන්න පුළුවන්.
5️⃣ ️T Tests (T පරීක්ෂණ):
👨💻අපේ පරීක්ෂණයේ උපකල්පිත නැත්තම් Hypothesis පරික්ෂා කිරීමට අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් විදියක් මේක. නියැදි (sample)වර්ග දෙකක් අතර වෙනස තේරුම් ගැනීමට නැත්තම් කණ්ඩායම් දෙකක් අතර මාධ්‍යයන් (means) අතර සැලකිය යුතු වෙනසක් තිබේදැයි තීරණය කිරීමට T පරීක්ෂණ අපිට පාවිච්චි කරන්න පුලුවන්. T පරීක්ෂණ මගින් data set දෙකක සාමාන්‍ය අගයන් සංසන්දනය කර ඒවා එකම ජනගහනයකින් පැමිණ ඇත්දැයි තීරණය කරනවා.
🔴 SPSS භාවිතා කිරීමේ වාසි මොනවාද?
📌️Manual දෝෂ මඟහරවා කාලය හා ශ්‍රමය ඉතිරි කර ගන්න පුළුවන්
📌️විශාල දත්ත ප්‍රමාණයක් සමඟ කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන්
📌️විශාල සාම්පල හා වැඩි විචල්‍යයන් ගණනක් ඇතුළත් කරන්න පුළුවන්
📌️MS Excel වල සාදන ලද දත්ත සමුදායන් ලේසියෙන්ම import කරගන්න පුළුවන්..
🔴SPSS භාවිතා කිරීමේ අවාසි මොනවාද?
📌️භාවිතා කිරීම සාපේක්ෂව පහසු වුනත්, මනා පුහුණුවක් නොමැති කෙනෙක්ට මෙය සංකීර්ණයි.
📌️Outputs කියවීමට හා අර්ථනිරූපණය (interpret) කිරීමටත් හොද අවබෝධයක් අවශ්‍ය වෙනවා.
📌️නොමිලේ බාගත කිරීමට හැකියාවක් නැති නිසා SPSS මිල අධිකයි කියන්නත් පුළුවන්.
👨🏫දැන් පේනවනේ අපේ Research එක ගොඩ දාගන්න මේ SPSS මෘදුකාංගයේ තියෙන වැදගත්කම. SPSS එක්ක Research එකේ වැඩ කරගන්නේ කොහොමද කියලත් අපි ඉදිරි ලිපියකින් පියවරෙන් පියවර කතා කරමු.
🔴එතකොට ඔයාගේ මේ Final Year Research එකේ Data Analysis කොටස ඔයාට කරගන්න තේරුමක් නැත්තම්, වෙලාවක් නැත්තම්, බාගෙට කරලා වැඩේ ගොඩ දාගන්න බැරුව ඉන්නවා නම්, ඔන්න අපිට කතා කරන්න ඔයාට පුළුවන්. අපි ඉන්නවා ඔයාගේ උදව්වට..
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩: 𝟎𝟕𝟏𝟓𝟗𝟑𝟎𝟖𝟎𝟏
ඒ වගේම මේ වගේ Research Tips කියවන්න දිගටම අපේ AssignmentWriters පිටුවත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.. ✍️👩💻👨💻👩🎓
කතෘ අයිතිය - ©️ Assignment_Writers Facebook පිටුව 2021.01.07, නැවත පළ කිරීම 2023.11.01
🔴🔴🔴කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම් හෝ උපුටා වෙනත් පොදු පිටුවල පළ කිරීම් සපුරා තහනම්.
08/07/2023
🔴ඔයා ඉගෙන ගන්නෙ කැම්පස් එකේ අන්තිම අවුරුද්දෙද❓❓
🔴ඔයා කැම්පස් එකෙන් 𝗼𝘂𝘁 වෙලාද❓❓
🔴ඔයාගේ විෂය පථයෙන් ඔයා කැමති මාධ්‍යයකින් නිවැරදිව ලියන්න ඔයාට පුළුවන්ද❓❓
🔴පළපුරුදු 𝗪𝗿𝗶𝘁𝗶𝗻𝗴 𝗧𝗲𝗮𝗺 එකක් එක්ක ඔයා වැඩ කරන්න කැමතිද❓❓
🔴නිවසේ සිටම අමතර ආදායමක් හොයා ගන්න කැමතිද❓❓
✍️එන්න අපිත් එක්ක එකතු වෙන්න..
𝗧𝗲𝗮𝗺 𝗔𝘀𝘀𝗶𝗴𝗻𝗺𝗲𝗻𝘁 𝗪𝗿𝗶𝘁𝗲𝗿𝘀
ඔයාගෙ 𝗨𝗽𝗱𝗮𝘁𝗲𝗱 𝗖𝗩 එක අපිට 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කරන්න. 𝟬𝟳𝟭𝟱𝟵𝟯𝟬𝟴𝟬𝟭
𝗔𝘀𝘀𝗶𝗴𝗻𝗺𝗲𝗻𝘁 𝗪𝗿𝗶𝘁𝗲𝗿𝘀 අපේ 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗣𝗮𝗴𝗲 එකටත් එකතු වෙන්න.
https://www.facebook.com/assignmentwsl
✍️👩💻👨💻
17/06/2023
පොත් කියන්නෙම ටිකට් නැති සවාරියක්...
♥️📖️💁🚀🌏