22/05/2021
*ආදරණීය දුවේ, පුතේ....*
*WinWay Academy* වෙතින් වෙසක් උත්සවය නිමිත්තෙන් අපි පුංචි ඔයාලා වෙනුවෙන් *වෙසක් නිර්මාණ තරඟ* කිහිපයක් සුදානම් කරලා තියෙනවා. පහතින් තරඟ විස්තර සඳහන් කරල තියනවා,
▶ *චිත්‍ර තරඟය*:
*පෙර පාසල් සහ1,2,3, ශ්‍රේණි සිසුන් සඳහා*
මාතෘකා
°°°°°°°°°°°
1.අපේ වෙසක් උත්සවය
2.සිදුහත් උපත
*4,5 ශ්‍රේණි සිසුන් සඳහා*
මාතෘකා
°°°°°°°°°°°
1. සම්බුදු තෙමගුල
2. කොරෝනා සහ වෙසක්
පහත සදහන් තරඟ සඳහා පෙර පාසලේ සිට 5 ශ්‍රේණිය දක්වා ඕනෑම දරුවෙකුට සහභාගි වීමට හැකිය .
▶ *වෙසක් කුඩු නිර්මාණ තරඟය*:
පරිසරයේ තියන ස්වභාවික දේවල් හැකි තරම් යොදා ගෙන ලස්සන පුංචි වෙසක් කුඩුවක් හදන්න.
▶ *වෙසක් කාඩ් පත් නිර්මාණ තරඟය*:
ලස්සනම ලස්සන වෙසක් කාඩ් පතක් ස්වාභාවික දේවල් යොදා ගෙන නිර්මාණය කරන්න.
▶ *වෙසක් බැති ගී තරඟය*:
ඔයාලා කියන ලස්සන වෙසක් බැති ගියක් විනාඩියක හෝ විනාඩි දෙකක් අතර කාලයක් පටිගත කරල වීඩියෝවක් නිර්මාණය කරන්න.
🎤මේ තමයි අපිට පුංචි ඔබේ නිර්මාණ එවන ආකාරය .
පුංචි ඔබේ චිත්‍රයේ ජායාරූපයක් 📷
ඔයාලගේ වෙසක් කුඩුවේ ජායාරූපයක්📷
වෙසක් කාර්ඩ් පතේ ජායාරුපයක්,📷
පුංචි දුවල පුතාල කියන වෙසක් බැති ගීයක වීඩියෝවක්🎞️🎬
0717413418
0761911732
📲 කියන මේ දුරකතන අංකයකට whatsapp කරන්න.
❗තරඟ කොන්දේසි❗
එක සිසුවෙකුට එක තරග අංශයකට ලබා දිය හැක්කේ එක නිර්මාණයක් පමණක් වන අතර අංශ කිහිපයකින් වුවද තරඟ කළ හැකිය .
පලමුව winway academy facebook පිටුවට පහත link එකෙන් ගිහින් like 👍 කරලා scrennshot එකක් ගන්න.
👇👇👇
https://www.facebook.com/Winway-Academy-104851818457317/
ඊට පස්සේ ඒ සමග ඔබේ නිර්මාණය සම්පූර්ණ නම, ශ්‍රේණිය සහ ඔබේ ජයාරූපයකුත් සමගින් අපට එවන්න අමතක කරන්න එපා.
සෑම තරඟ අංශයකම ජයග්‍රාහකයින් 3 දෙනෙක්ට 🎁
ඔබේ නිර්මාණ සියල්ලම අපේ facebook පිටුවේ පල කරන්නත් අපි සුදානම්.
📢📢 *නිර්මාණ භාර ගන්නා අවසාන දිනය මැයි 25* 📢📢
දුවේ පුතේ ඔබේ ලස්සනම ලස්සන නිර්මාණ එවනකන් අපි බලාගෙන ඉන්නවා.
*මේ හැමදේම කරනකොට ඔබේ ආරක්ෂාව ගැන හිතන්නත් අමතක කරන්න එපා.*