20/03/2021
අද කියලා දෙන්නේ විටමින් E මුහුණට භාවිතා කරන්නේ කොහොමද කියලා...
විටමින් E අපිට ආහාර වලින් ලබාගන්න පුලුවන් දෙයක් වුනත් එදිනෙදා කටයුතු සමග අපි busy වෙනකොට අපිට පෝශ්‍යදායි ආහාර වේලක් ගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා අපිට අවශ්‍ය පෝශණය හරියට ලැබෙන්නේ නැතිවෙනවා..
ඉතින් අද මන් කතා කරන්නේ විටමින් E ගැන. විටමින් E හරිහැටි සමට ලැබෙන්නේ නැති වුනාම සම රැලිවෙටෙනවා, හිසකෙස් ගැලවීයාම වගේ දේවල් සිදු වෙනවා.
විටමින් E කියන්නේ Antioxident එකක්. ඒ මගින්,
👉 අපේ සමේ තෙතමනය ආරක්ශා කරනවා වගේම සම වියලීම නතර කරනවා.
👉 අපේ සමේ රැලිවැටීම අඩු කරනවා.
👉 අව්ව නිසා ඇතිවන අදුරු පැහැවීම් නැතිවෙනවා.
දැන් බලමු විටමින් E අපි අපේ මුහුණට ආලේප කරන්නේ කොහොමද කියලා.
💢 විටමින් E කරල් කෙලින්ම මුහුණට ආලේප කරන්න එපා.
ඒ වෙනුවට,
🌱 ඔයා රාත්‍රියේදි මුහුණ සේදිමෙන් පසුව භාවිතා කරන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් සමග හෝ ෆේස් ඔයිල් එකක් සමග මිශ්‍ර කරලා ආලේප කරන්න.
🌱 ඔයා face pack දානකොට ඒකට විටමින් E කරලක් හෝ දෙකක් එකතු කරගන්න. ගස්ලබු, කෙසෙල්, මුල්තානි මිට්ටි වගේ දේවල් වලින් සාදාගන්න පැක් වලට විටමින් E එකතු කරගන්න පුලුවන්.
💢 ඔයා තෙල් සමක් හෝ සන්වේදී සමක් තියෙන කෙනෙක් නම් ඔයා එකවර මෙහෙම විටමින් E මුහුණට ආලේප කරන්න එපා. මොකද ඔයාට ඒක සුදුසු නොවෙන්න පුලුවන්. ඒ නිසා මුලින්ම විටමින් E ස්වල්පයක් කන පිටුපස ආලේප කරලා බලන්න. මේක සතියක් එක දිගට කරන්න. ඔයාට අසාත්මිකතාවක් ඇති නොවුනොත් පමණක් මුහුණට ආලේප කරන්න.
එහෙනම් තවත් අලුත් රූ රහසකින් ඉක්මනින්ම හමුවෙමු.