Past pupils - ibbagamuwa central

Past pupils - ibbagamuwa central ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ අභිමානය හා අභිවෘද්ධිය වෙනුවෙන් සැමදා පෙණීසිටීම.

එදා පාසැල් මිතුරා, අද ජීවන වෘත්තීය ජයග්‍රහණය වෙනුවෙන් ඔහුන් සංවිධානය කල සුභපැතුම් සුහද හමුව.මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි අබ...
14/02/2026

එදා පාසැල් මිතුරා, අද ජීවන වෘත්තීය ජයග්‍රහණය වෙනුවෙන් ඔහුන් සංවිධානය කල සුභපැතුම් සුහද හමුව.
මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි අබේකෝන් සොයුරාණේනී , අපෙන් සුභපැතුම් ❤️🙏

❤️
03/02/2026

❤️

විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම සදහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ආදීශිෂ්‍ය සංගමය සංව්ධානය කරන    සොමලතා සුභසිංහ ...
20/01/2026

විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය කිරීම සදහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් ආදීශිෂ්‍ය සංගමය සංව්ධානය කරන
සොමලතා සුභසිංහ නාට්‍ය නිර්මාණ " විකෘති " ජනවාරි 23 වනදා සවස 6.30 විද්‍යාලයේ පී එම් ජයතිලක ශාලාවේදී වේදීකා ගත වීමට නියමිතයි.
ඔබගේ ප්‍රවේශපත්‍ර ඉබ්බාගමුව සම්ත පුජා භාණ්ඩ අලෙවීසලෙන් දැන් ලබා ගත හැකියි.

ක්‍රිකට් -    වාර්ෂික ක්‍රිකට් තරගය මෙවරක් (2026 ) මලියදේව ආදර්ශ විද්‍යාලය සමග   විද්‍යාලයේ ආදීශිෂ්‍ය සංගමය  මුලික සංව්ධ...
20/01/2026

ක්‍රිකට් -
වාර්ෂික ක්‍රිකට් තරගය මෙවරක් (2026 ) මලියදේව ආදර්ශ විද්‍යාලය සමග
විද්‍යාලයේ ආදීශිෂ්‍ය සංගමය මුලික සංව්ධාන කටයුතු ආරම්භ කරයි

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට විද්‍යාලයේ  කීර්තිමත් ආදීශිෂ්‍ය  ප්‍රසාද් හේමන්ත කුමාර (1990) සොහොයුරා  ප...
05/01/2026

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැ.ආ) ධූරයට විද්‍යාලයේ කීර්තිමත් ආදීශිෂ්‍ය ප්‍රසාද් හේමන්ත කුමාර (1990) සොහොයුරා පත් කෙරේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ ආවරණය කිරීම සදහා ප්‍රසාද් හේමන්ත කුමාර අප ආදීශිෂ්‍ය සොයුරා පත්කරනු ලැබීය. එම පත්වීමේ ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා විසින් 2026.01.01 දින බන්ධනාගාර මුලස්ථාන පරිශ්‍රයේදී පිරිනමන ලදි.

2013 වසරේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක් වු ප්‍රසාද් හේමන්ත කුමාර, බන්ධනාගාර අධිකාරී,විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයකු හා ජ්‍යෙෂ්ඨ බන්ධනගාර අධිකාරීවරයෙකු වශයෙන් උසස් වීම් ලැබූ අතර ත්‍රිකුණාමලය, වාරියපොල, බෝගම්බර, කෑගල්ල, නව මැගසින්, මහර යන බන්ධනාගාර ආයතන තුළ රාජකාරි කටයුතු සිදු කර ඇත. තවද 2023 වර්ෂයේදී පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වශයෙන්ද රාජකාරි සිදුකර, 2024 වර්ෂයේදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ලෙස උසස්වීම් ලැබූ අතර සැපයුම් හා සේවා අංශයේ රාජකාරි සිදුකොට පසුව මේ දක්වා මෙහෙයුම් හා බුද්ධි අංශය භාරව රාජකාරි සිදුකරන ලදී.
ව්‍යාපාර පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය, මානව සම්පත් කළමනාකරණ විද්‍යාවේදී (විශේෂ) උපාධිය, මානව සම්පත් කළමනාකරණය පිළිබද ජාතික ඩිප්ලෝමාව මෙන්ම බැංකු හා මූල්‍ය කළමනාකරණ පිළිබද සහතික පත්‍ර ලාබියෙක්ද වේ. බන්ධනාගාර පරිපාලනය පිළිබද දේශීය හා විදේශිය පුහුණු වැඩසටහන් හා සමුළු ගනනාවක් සදහා ද මොහු ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
තවද වෘත්තීය කාළ සීමාව තුළ බන්ධනාගාර නිළධාරීන්ගේ හා රැදවුවන්ගේ සුභසාධනය සදහා සුවිශේෂී කාර්යභාර්යන් රැසක් සිදුකොට ඇත.
(තොරතුරු - බන්ධනාගාර දේපාර්තමේන්තුව නිල මාධ්‍ය පිටුව )
ආදරණිය සොයුර ,
ඔබට වෘත්තීය ජීව්තයේ සියලූ ජයග්‍රහණයන් වෙනුවෙන් Past pupils - ibbagamuwa central අප මෙසේ සුභාශීංෂණ එක් කරන්නෙමු.

රස කතා ගොඩාක් දන්න තැනක්, ❤️
05/01/2026

රස කතා ගොඩාක් දන්න තැනක්, ❤️

විද්‍යාලයේ  කීර්තිමත් ජේෂ්ඨ ආදීශිෂ්‍යයකු වු විශ්‍රාමික රේගු නිලධාරී මහින්ද ජයවර්ධන (M S P) සොයුරාගේ ආදරණිය පියාණන් අද දි...
01/01/2026

විද්‍යාලයේ කීර්තිමත් ජේෂ්ඨ ආදීශිෂ්‍යයකු වු විශ්‍රාමික රේගු නිලධාරී මහින්ද ජයවර්ධන (M S P) සොයුරාගේ ආදරණිය පියාණන් අද දින අභාවප්‍රාප්ත වී තිබේ.
ආදරණිය පියාණන්ගේ දේහය, මුත්තෙට්ටුගල පිහිටි නිවසේ තැම්පත්කර තැබීමට නියමිතයී .
අවසන් කටයුතු හෙට සවස 05ට කුරුණෑගල ආදාහනගාරයේදි සිදු කිරීමට නියමිතයී .
ආදරණිය පියාණනී, ඔබට නිවන් සුව ලැබේවායි ඉබ්බාගමුව සමස්ථ ආදීශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් Past pupils - ibbagamuwa central අප ප්‍රාර්ථනා කරන්නෙමු .

සුන්දර මතක   Janaka Wijethunga 🙏
31/12/2025

සුන්දර මතක
Janaka Wijethunga 🙏

ශ්‍රි ලංකා යුධ හමුදාවේ ජේෂ්ඨතම රේජිමේන්තුවක් වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අධිපතිවරයා අපේම සොහොයුරෙක්,මේජර් ජෙනරාල්...
26/12/2025

ශ්‍රි ලංකා යුධ හමුදාවේ ජේෂ්ඨතම රේජිමේන්තුවක් වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නව අධිපතිවරයා අපේම සොහොයුරෙක්,
මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි අබේකොන් සොහොයුරා (91 ආදීශිෂ්‍ය කංඩායම ) ඒ අනුව පසුගියදා ශ්‍රි ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ අධිපති ලෙසින් නම් කරනු ලැබුවා.
ආදරණිය සොයුරාණේනී , ඔබේ යුධ හමුදා වෘත්තීය ගමන් මාර්ගය මධ්‍ය විද්‍යාලයේ අපට ආඩම්බරයක්. අභිමානයක්,
ඔබේ ජයග්‍රාහී වෘත්තීය ජීවිතයට මෙම ම පුද්ගලික ජවීතයට Past pupils - ibbagamuwa central අපෙන් සුභපැතුම් .

අද දින තම ජීවන චාරිකාව 90 වන සංධිස්ථානය නිමකර 91 වන ජම්ම දිනය සැමරුම,  අප ජේෂ්ඨ ආදීශිෂ්‍ය එස් එම් පාදෙණිය සොයුරා විසින් ...
25/12/2025

අද දින තම ජීවන චාරිකාව 90 වන සංධිස්ථානය නිමකර 91 වන ජම්ම දිනය සැමරුම, අප ජේෂ්ඨ ආදීශිෂ්‍ය එස් එම් පාදෙණිය සොයුරා විසින් විද්‍යලයේ ආදීශිෂ්‍යයන් සමගින් අද දින සමරනු ලැබුවා.
නන්දා පාදෙණිය අරමුදල ආරම්භ කරමින් ආදීශිෂ්‍යයකූ ලෙස හෙට දවසේ දරුවන්ට සවියක් වු මෙතුමන්, වර්තමානයේ විද්‍යලයේ ජේෂ්ඨතම ක්‍රියාකාරී ආදීශිෂ්‍යයා ලෙසද හැදින්විය හැකියි. එනිසාවෙන් අද දින මෙතුමන් විසින් සංවිධානය කල උපන්දින සැමරුම සදහා විද්‍යලයේ ආදීශිෂ්‍යයන් ලෙස දීර්ඝායුෂ පිදුමට ඉබ්බාගමුවට හිතැති බොහෝ ආදීශිෂ්‍යයන් පිරිසක් එක් වී තිබුනා .
ආදරණිය ජේෂ්ඨ සොයුරාණේනී ඔබට චිරං ජයතු...........!!!

2025 වර්ෂයේ පහ  ශ්‍රෙණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ( අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛණය අනුව ), දිස්ත්‍රික් අවම ලක...
11/12/2025

2025 වර්ෂයේ පහ ශ්‍රෙණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ( අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛණය අනුව ), දිස්ත්‍රික් අවම ලකුණින් සමත් .
👉 ආදීශිෂ්‍ය දෙමාපියන්ගේ දරුවන්
( 1. ආදීශිෂ්‍ය පදනම
2. ආදීශිෂ්‍ය ක්‍රියාකාරී පදනම )
👉 පාසලේ ඉගෙනුම ලබන වත්මන් දරුවන්ගේ සහෝදර /සහෝදරියන් ( ශිෂ්‍ය සහෝදර පදනම )
👉 අධ්‍යාපන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් ( කාර්‍ය් මණ්ඩල පදනම )
අප විද්‍යාලයට 2026 වර්ෂයේ හය වන ශ්‍රෙණියට ඇතුලත් කිරීම සදහා පාසලට හිමි ප්‍රතිශත මත සිසුන් ඇතුලත් කර ගැනිම සදහා වූ සම්මුඛ පරීක්ෂණ සදහා අයදුම්පත් මෙවන විට විද්‍යාලය නිකුත් කරයි.

➡️ අයදුම්පත් විද්‍යාලයේ ප්‍රධාන කාර්‍යාලයෙන් ලබා ගත හැකි අතර, නිසි පරිදි සම්පූර්ණ කල අයදුම්පත් 2025/12 /22ට පෙර භාර දිය යුතුයි. (2025/12/30 දක්වා දීර්ඝ කර තිබේ )

වැඩි විස්තර සදහා

මධ්‍ය විද්‍යාලය, ඉබ්බාගමුව - 0372259684

අපේ පාසලේ නිවේදනයක්,
10/12/2025

අපේ පාසලේ නිවේදනයක්,

Address

Ibbagamuwa
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Past pupils - ibbagamuwa central posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past pupils - ibbagamuwa central:

Shortcuts

Share