Sumedha Weerasooriya

Sumedha Weerasooriya English

16/09/2024

We create any piece of graphite and charcoal pencil drawing and logos to your taste.

08/08/2023
22/04/2023

😁

22/04/2023

අම්මේ මම ආවේ මේ... ලයිට් කපන්න.."👸
"හරි මහත්තයා... ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න..."

එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ, විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා, විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..

මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ...
ඇය මාව ගනංගන්නේවත් නැතිව,
"මහත්තයා ආපු වැඩේ කරලා යන්න"
කී... අයුරින්ම මට කෘතුහලයක් ඇති උනා මේ කාන්තාවගේ කතාව සොයා බලන්න...

"ඇයි අම්මා එහෙම කියන්නේ.. ලයිට් කැපුවහම අම්මලාට කරදරයිනේ..?
බැරිද මොකක්හරි කරලා මේ බිල ගෙවලා දාන්න"

"වැඩක් නෑ මහත්තයා මට ඕක ගෙවන්න විදියක් නෑ"

"ලයිට් කැපුවහම ආයේ අමුනන්නත් සල්ලි දෙන්න වෙනවා, මෙතන පොඩි ගානක් නේ ගෙවන්න තියෙන්නේ.."

ගෙවන්න තිබුනේ රුපියල් තුන්දහස් ගානක්..
වෙන මිනිස්සු දස අතේ බොරු කියනවා ලයිට් කපන්නැතිව තියාගන්න...
ඇත්තටම ඇයි මේ කාන්තාවට මේක ගෙවාගන්න බැරිඋනේ යන්න දැන ගැනීමේ උවමනාව හින්දාම මම ඇහුවා..

"මොක උනත් ඕවට ගෙවන්න තියා මේ පොඩි එකාට කන්න දෙන්නවත් මට විදියක් නෑ"

" ඇයි අම්මට මොකද උනේ... මේ දරුව කාගෙද.."

"මගේ කතාව අහන එක මහත්තයට වැඩක් වෙන්නෑ.. ඒ කතාව කාටවත් වැඩක් නෑ.."

ඇය ඉවත බලාගෙන... ඒ කියූ අයුරින්ම මගෙ හිත කීරිගැසී ගියා..
මා ඇගෙ කතාව අසා සිටියා...

"මහත්තයෝ මේ මගෙ දුවගේ දරුව, ඒකි රට ගියා දැං ආගිය අතක් නෑ...
මං වැඩකලේ ගොවිපලේ, හැට පැන්න හින්දා පැංසන් ගියා, තාම මගෙ පැංසන් පඩිය එවුං හදලා දුන් නෑ මහත්තයෝ... මේ දරුවගේ ලේ වල පිලිකාවක්... "

ඇගේ ඇස් කෙලවරේ පුංචි කඳුළු බිඳුවක්..

"මං වැඩට යද්දි මේකගේ අම්මා, මගේ දුව ගෙදර තනියමයි හිටියේ, මගේ මිනිහ ලෙඩවෙලා මැරුණෙ ඒකිව හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්සේ.. ටික කාලයක ගෙවල්වල වැඩ කරලා ඒ ඉඳුල්වලින් කෙල්ලව උස්මහත් කරා.., ඒකිට හරියකට උගන්න ගන්නත් බැරිඋනා... සල්ලි තිබ්බෙ නෑ මහත්තයෝ...

පස්සේ මං ගොවිපලේ වැඩට යද්දි ඒකි ගෙදර හිටියේ තනියම, මේකට තාත්තෙක් නෑ ... මෙහෙ වරෙන් මයෙ දෙයියා.."

ඇය දරුවව තුරුලට ගනිමින්, චීත්ත කෙලවරින් දෑස පිස ගත්තා...

" මේකගෙ ලෙඩේ වැඩි වෙලා මහරගම ඉස්පිරිතාලේ හිඩපු ඩිංගට මයේ ගේ ගිනිගත්තා... මට මුකුත් ඉතුරු වෙලා නෑ දෙයියනේ...
වටේපිටෙි උන්ටික එකතුවෙලා වහලෙ හෙවිල්ලා දුන්නා, ගේ හරියේ ඉඳගන්න පුටුවක්වත් නෑ මහත්තයෝ..."

එවිටයි මා ගෙට එබී බැලුවෙ.. නිදාගන්නා පැදුරු කෑල්ල පමනයි ගෙතුල තිබුනේ...
අහපු ටික හොඳටම ප්‍රමානවත්...

මෙතරම් දුකක් දරාගෙන මේ කාන්තාව මෙසේ ජීවත් වෙන්න තිබෙන ධෛර්යය මොනතරම්ද...
මගේ හදවතට මහා බරක් දැනුනා...
වාහනයට ගොඩවී කාර්යාලයට එනකම්ම මහා මූසල ප්‍රදේශයයක් පසු කරනවා වගෙයි එදා දැනුනේ.....

" සර්... මේ ගෙදර ලයිට් කපන්න මට බෑ.., පුලුවන්නම් මෙන්න මේ මුදල මගේ පඩියෙන් මාස හයකින් කපා ගන්න..."

මම මගේ ප්‍රධානියා ඉදිරියේ පෙනී හිටියේ එසේ කියමින්..

එතුමා වික්ෂිප්ත උනා
"ඇයි මොකද්ද ප්‍රශ්නේ.."

එතුමාගේ පෙරෙත්තය මත මා සියල්ල පවසා සිටියා...

" ඔයා හිතන්නේ මට හිතක් පපුවක් නෑ කියලද..."
ඔහු එම බිල රතු පෑනෙන් කපා දැම්මා...

මාස කිහිපයකට පසුව මට පනිවිඩයක් ආවා,
" අයියා අන්න ඔයාවද මන්දා හොයනවා, වයසක අම්මා කෙනෙක්"

මගේ වැඩටික නිමාකර, මා පැමිණියා කාර්යාලයේ ඉදිරිපිටට..
තරමක් දැක හුරු අම්මා කෙනෙක්.... මතක්උනා...

" මහත්තයට මාව අඳුරගන්න පුලුවන්ද.."
අතේ තිබුනු පාර්සලය මවෙත දික්කරමින් ඇය ඇසුවා...

" මගේ පැංසන් එක හම්බඋනා මහත්තයෝ...
මට දැං කාත් කවුරුවත් නෑ,
කොලුපැටියත් නැතිඋනා,
අනේ.... මට ඌට හරිහමන් බෙහෙතක් හේතක් කරගන්නවත් බැරිඋනා.."

" මගෙ ජීවිතේටම මං ගැන අනුකම්පා කරපු එකම එක්කෙනා මහත්තයා විතරයි..., මේං මේ අලුව පාර්සලේ මහත්තයට ගෙනාවේ..."

" හා හා ගොඩාක් ස්තූතියි... ඔහොම්මම එන්නකො ඇතුලට.."
මම ඇයව මගේ ප්‍රධානියා ගාවට රැගෙන ගියා... ඇයව අදුන්වා දුන්නා..

ලොක්කා කී ලෙසම කාර්ය මණ්ඩලයේ සියලුදෙනාව එයාගේ කාමරයට රැස් කලා....
කට්ටියම අලුව කාලා තේ කහට බිව්වා, අර අම්මත් සමග...

අපි හිනාවුනා, අම්මගේ රැලිවැටී වේලිලා තිබුනු මුහුන කොනකත් පුංචි සිනා රැල්ලක්...
ඒ ඇස් දිලිසුනා...

උපුටාගැනීමකි 🙏❤️🌼🌅🌅🌅

11/04/2023
ජීවිතය ගැලීමට පාර කියාදෙනඅපේ ඉංග්‍රීසි පංතිය...
07/01/2022

ජීවිතය ගැලීමට පාර කියාදෙන
අපේ ඉංග්‍රීසි පංතිය...

Address

No. 203, Isurusiriuyana, Hindagolla
Kurunegala
60034

Telephone

+94715326585

Website

Alerts

Be the first to know and let us send you an email when Sumedha Weerasooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category