Correct Side

Correct Side This is our class of childrenTrust is a digital appraisal of our children who work tirelessly for th

05/09/2026

ළපටි ඔය මල් කැකුල
සිඹිමි මම රහසින්ම
විදිමි ඒ සුවය මම
හදවතින් හොරහින්ම

පිපෙන්නට ඔය හිතට
ප්‍රේමයේ නාමයෙන්
දෙමි හෙමින් ළපැටි ළැම
ගැස්සෙනා හැටි බලන්

සබදකමි නොහැකිනම්
පූදිනා මේ පෙමට
දැන්ම තිත තබමු අපි
තව වැඩෙන ලෙස නොයිද

පිපුණු විට ඔය සුවද
මල විදිමි මම ඉතිං
හෙමි හෙමිං ලං කරං
පපුවටම තද කරන්

සෙනෙහසද වල්මතද
එකුතු වී දැනෙන විට
රස රහස ආදරේ ඉගි කරයි
පහස මට

අකමැතිම නම් මගේ ඒ හැගුම් විද ගන්න
මගෙ අමුතු භාවයන් නුඹ මතින් දිය වෙන්න
තව කලක් ගත වුනොත් බැරි වේවි වෙන් වෙන්න
ඒ නිසා යනවනම් පසු නොවේ දැං යන්න

මහා

ඔයාට මතකද මගෙ වස්තුවේ ඹයාගෙ මේ අම්මගෙ තනේ ට කට තියලා “ ගුරුස්” ගාල එක හුස්මට කිරි ටික උරවනවා.. අනේ මට නං තාමත් මතකයි මගෙ...
28/10/2025

ඔයාට මතකද මගෙ වස්තුවේ ඹයාගෙ මේ අම්මගෙ තනේ ට කට තියලා “ ගුරුස්” ගාල එක හුස්මට කිරි ටික උරවනවා..

අනේ මට නං තාමත් මතකයි මගෙ පුංචි මහත්තයා මගේ තං ගෙඩියෙ එල්ලිලා කිරි බීපු විදිය..

මගේ උකුළට වෙලා ගුලි ගැහිලා පැය ගාණක් රස්නෙට සිංදු අහපු විධිය.. මට ඒව කොහෙ අමතක වෙන්නද මයෙ පුතේ… ඇස් දෙක වහන වහන වාරයක් ගානේ සිහියට එන්නෙ මයෙ කොල්ලගෙ රං මූණ……

මං මෙහෙම හිටියට හරි සැපට හිටියෙ… මට මතකයි , මගෙ මහත්තයා මාව බලාගත්තු විදිය.. හුළගක් වදින්නවත් , නොදී මාව ආරක්සා කොර ගත්තු විදිය… අනේ උන්දැගෙ ආදරේ තරම. තාමත් පපුව උණු කරෝනවා…..

මට ළමයි ම දහ දෙනෙක්… හ්ම්.. මතක් කරනකොටත් උන්දැගෙ මූණෙ රැළි බිදගෙන හීන් හිනාවක් මතු උනා… උං දැං ලොකු ලොකු තැං වල… ඔව්…. හරි ආඩම්බරේ…

ඒත් ඉතිං අම්ම මොකෝ මෙතන…

ඉස්සිලා පාත් වෙන්නවත් පපුවක් නැහැ… ඔක්කොම පිච්චිලාම දියවෙලාද මංදා. ..

ඒවා ඉතිං පූරුවෙ කරුමනේ මහත්තයෝ…. !

අඹ ගෙඩියක් 10 යි මහත්තයෝ.. මං ඉතිං එදා වේල හම්බකරන් කනවා…

මහා

Correct Side ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚

කලක් ගතවී ඉකුත් වූ බරතවත් එක් අත්තක්…දරාගෙන හුන්තැනින් ඉදිරීහරිම බර අත්තක්…. මහා ✍️Correct Side සඳූ බස්නායක    ゚viralシfy...
16/10/2025

කලක් ගතවී
ඉකුත් වූ බර
තවත් එක් අත්තක්…
දරාගෙන හුන්
තැනින් ඉදිරී
හරිම බර අත්තක්….

මහා ✍️

Correct Side සඳූ බස්නායක ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚

අනේ ඒ ආදරේ❤️♥️මට ඔයාව ලැබෙන්නෙඅවුරුදු පහලොවෙන්….ඔයා එතකොට පුංචි කෙල්ලෙක්…. … ඇයි ඔයා , මටත් මතකයිඔයත් හරිම විසේකාර කොල්ල...
15/10/2025

අනේ ඒ ආදරේ❤️♥️

මට ඔයාව ලැබෙන්නෙ
අවුරුදු පහලොවෙන්….
ඔයා එතකොට පුංචි කෙල්ලෙක්….

… ඇයි ඔයා , මටත් මතකයි
ඔයත් හරිම විසේකාර කොල්ලෙක්
අපේ ගෙදර ආපු දවසෙම
බයිසිකලෙන් බිම වැටිලා
දණිස්ස තුවාල කරගත්තා…..

හහ්.. හහ් හහ්… හපොයි
හාමිනේට එකත් මතකද..
මට මතකයි මට මතකයි
සේදිරිස් මාමාගෙ
ලොකු ලැගෙජ් එක තිවුණු බයිසිකලේ…

… ඇයි මහත්තයෝ , ආව දවසෙම
අප්පච්චිත් එක්ක අපේ
හරි හරියට ඔයා වැඩ කරලා
අප්පච්චි කිව්වෙ “ ම්ම්…. යසයි…”
“ අපෙ යසවතීටම …. හහ් හහ් හහ්”

ඔයා එකපාරටම මං දිහා බැලුවා
එවෙලාවෙ තමයි මහත්තයෝ…
ඔයාගෙ ඇස් දෙක මං හරියටම දැක්කෙ..

ඉතිං……

ඉතිං මට , මහ මොකද්දෝ දැණුනා…
මං හිතන්නෙ ආදරේ වෙන්නැති
එදා ඉදං අද වෙනකං….
වෙන කිසිම පිරිමි පරාණෙකට
මට එහෙම දැනිලා නැහැනෙ මහත්තයො..

අනේ නෝනේ…. මේ අවුරුදු ගානම මං
පුතා ළග හිටියට
විසි හතර පැයේම සිහියෙ හිටියෙ ඔයා…
මට එන්ට නැතිවයි උන්නෙ..

එහෙනම් ගියෙ මහ ලොකුවට උඩ දාං
හ්ම්.. ඉන්ට එපැයි මං නැතිවම

හ්ම්… අය මං යන්නෙ නැහැ නෝනෙ..
අපි ආයෙත් එකටම ඉමු…
ආදරේ පොරවගෙන…
බලන්නකො ඔය සුවද..
ඒ වගේමයි… තාමත්.
හිතටත් මගේ
හරිම සැනසීමයි…….

මං ආයෙත් ආවනේ ඉතිං…

මහා ✍️

Correct Side ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ ゚

♥️අනේ එහෙම කපල්❤️කොච්චර කාලයක් ආදරෙන් බැදිලා හිටියත්  එකිනෙකාට එපා වෙන්නෙ නැති කපල් දැකල තියනවද….? ❤️කවමදාකවත් , එයාගෙ ද...
15/10/2025

♥️අනේ එහෙම කපල්❤️

කොච්චර කාලයක්
ආදරෙන් බැදිලා හිටියත්
එකිනෙකාට එපා වෙන්නෙ නැති
කපල් දැකල තියනවද….? ❤️

කවමදාකවත් , එයාගෙ දැක්ම…
නරක හීනයක් නොවෙන…
එයාල එකිනෙකා දැක්කම
දැනෙන හැගීම
මහ පුදුම දෙයක් වෙන🫠

ඒ කිව්වෙ…
හිතටයි හදවතටයි
කිතියක් අරන් එන
මාරම සතුටක් එකතු කරන
කපල් ඉන්නව දැකල තියනවද…? 🥰

එකට යනකොට…
අත්වැල් පටලගෙන
අනේ ඒ දෙන්න ශෝක් නේද…?
කියල හිතට දැනෙන,
තව කෙනෙක් එක්ක කියන
පට්ටම කපල් දැකල තියනවද…?❤️

මහ ගොඩක් ලස්සන ඕන නැහැ,
දැක්කත් බඩ පිරෙන
විශ්වාසයක් වගේම
කතා කරත් හිතට සැනසීමක් දැනෙන
මාරම වයිබ් එකක් තියන කපල්
දැකල තියනවද….?❤️

ඒ තමයි දෙවියො තෝරපුම දෙන්නෙක්
එකට එකතු උනාම දැනෙන වයිබ් එක…
එහෙම නැත්තම් ස්වභාව ධර්මයත් එක්ක
ජීවත් වෙන මිනිස්සු….. 🥰🙏

එයාල අනික් අයට වඩා පට්ට වෙනස්
උදේට කඩේකට ගියත්
බිස්නස් සරු වෙනවා
ප්‍රශ්න තියන මිනිස්සුන්ට
සැනසීම අරන් එනවා…. ❤️❤️

අපිත් ඒ වගේ
හදවත ලස්සන
හැගීම් ලස්සන
පට්ටම මිනිස්සු වෙමු….. 😇❤️

ඒක මාරම ෆීලින්ග් එකක් ❤️🫠

මහා ✍️

Correct Side සඳූ බස්නායක ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚

ගුරු පිදුම සැමරුම් වාර ගාණක්කොපමණක්දැයි හිතන්නටවත් නොහැකි තරමක්……. කර දඩු උස් ඌ කොලු පැටව් රෑනක්හදවතෙහි ලෙංගතුකමෙහි සළකු...
15/10/2025

ගුරු පිදුම

සැමරුම් වාර ගාණක්
කොපමණක්දැයි හිතන්නටවත්
නොහැකි තරමක්…….

කර දඩු උස් ඌ කොලු පැටව් රෑනක්
හදවතෙහි ලෙංගතුකමෙහි සළකුණු
මෙලෙස මා වෙත පිදුණි , බෝමක්
පිරුණි හිත් මා කල්ප ගානක්…

මහා ✍️

゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚

කැවුමඅනේ අමිමෙ මට නම් බැහැ එකතැනකට වෙලා මෙහෙම ඉදගෙන ඉන්න…. ගෙදර හිටියනම් කොච්චර වැඩ තියනවද කරන්න.. … ගස් නගින්න…. කිටියව...
15/10/2025

කැවුම

අනේ අමිමෙ මට නම් බැහැ එකතැනකට වෙලා මෙහෙම ඉදගෙන ඉන්න…. ගෙදර හිටියනම් කොච්චර වැඩ තියනවද කරන්න.. … ගස් නගින්න…. කිටියව නාවන්න… ටෙඩීලා නාවන්න….. එහා ගෙදර ජනේලෙට ගල් ගහන්න….. පාර ඉස්සරහ අඹගෙහන් අඹ කඩන්න…. බෝතල් වලට පාට දාලා වතුර දාන්න…. පැයක් විතර ශවර් එක ඇරල නාන්න… තාරාවෝ… අනේ …… මේ හැමදේම ගෙදර තියෙද්දි මොකට මං අම්මි එක්ක මෙතෙන්ට ආවද……
අම්මිගෙ කකුලෙ එල්ලිලා අඩන්නෙ නැතින…. බඩේ අමාරැව වගේ හූ තියන්නෙ නැතිව …., ගෙදර හිටියනම් ඉන්න කියද්දි මේ මුකුත් නැහැනේ……

අය්යෝ අය්යෝ මේක නම් කරන්න බැහැ…… ටිකක් අඩන්න ඕන….
එහෙම හිතල අම්මි ඉන්න දිග පෝලිමේ ඉස්සරහට ගිහිං අම්මිව හොයාගත්තා….
“ ඈ……ඈ…… ආම්මි බඩ …… ආ…. ව්….. රිදෙනවා…….”

ලොකු ලොකු මූනු ඔක්කොම අම්මි දිහා බැලුවා….. ඉස්සරහ හිටිය අයත් බැලුව …. අම්මි මාව වඩා ගත්තා….

අනේ මගෙ රත්තරං තව ටිකක් ඉවසන්න…..
අම්මි…..මිඉඊ…… බඩ…අ….අ…..

ඇයි මිස් ඔයා ඉස්සහට යන්න….. ඔය පොලිමේ අය ඉඩ දෙන්න ..මේ බබා ට ටිකක් අමංරුයි……

ආ එන්න එන්න , ඔයා ගන්න සල්ලි….
ඕන්න අම්මි ඉස්සරහටම ගියා….

සුටුස් ගාලා සල්ලි ගත්තා…. එලියට ආව…
“ අනේ පව් බෙහෙත් ටිකක් අරන් දෙන්න නේද බබාට…. “
අපි එලියට යනකොට තුවක්කුව තියන් හිටිය පොලිස් අංකල් කිව්වා….
ඔව් ඒක තමා… අම්මත් උත්තර දීගෙනම ආව….

අම්මි …. මට බනිස් ගෙඩියක් ඕනෙ….

මොකක්..????? 🤣🤣🤣🤣🤣

මහා ✍️

Correct Side ゚viralシviralシfypシ゚viralシalシ ゚ ゚viralシfypシ゚viral

මතකේ තියාගමු- දවසක් එනව අපි හැමෝටම අපිවම දාල යන්න වෙනඅපේ සිරුරත්අපේ මනසත්අපි ගොඩක්ම ආදරේ හැමදේමත් දාලඅපි නොදන්න ඉසව්වකටය...
15/10/2025

මතකේ තියාගමු-

දවසක් එනව අපි හැමෝටම
අපිවම දාල යන්න වෙන
අපේ සිරුරත්
අපේ මනසත්
අපි ගොඩක්ම ආදරේ
හැමදේමත් දාල
අපි නොදන්න ඉසව්වකට
යන්න වෙන……

ඉතිං ඒ හින්දම
අපේ අද දවස
අපි ගොඩක්ම සතුටින් තියාගන්න..
අපි වටේ ඉන්න අයව
ආදරයෙන් බලා ගන්න
අපි පුරුදු වෙමු………

මහා ✍️

゚viralシviralシfypシ゚viralシalシ ゚

-මෙහෙම ආදරේ කරන්න හැමෝටම බැහැ-ආදරේට ආදරේ හිතන්න හැමෝටම බැහැ… ආදරේට ආදරේ දරාගන්නහැමෝටම බැහැ…හෙම්බත් වෙච්ච පිරිමියෙක් ළගතම...
15/10/2025

-මෙහෙම ආදරේ කරන්න හැමෝටම බැහැ-

ආදරේට ආදරේ හිතන්න
හැමෝටම බැහැ…
ආදරේට ආදරේ දරාගන්න
හැමෝටම බැහැ…

හෙම්බත් වෙච්ච පිරිමියෙක් ළග
තමන්ගෙ මුළු ආත්මයම පූජා කරන්න
හැමෝටම බැහැ….
හෙබ්බත් වෙච්ච ඇස් දෙකක් අස්සෙ
තමන්ගෙ නැතිවෙච්ච ආදරේ හොයාගන්න
හැමෝමට බැහැ….

බලාපොරොත්තුවක් නැති මිනිහෙක් ළග
හුගක් දේවල් තියනවා වගේ වෙහෙසෙන්න
හැමෝටම බැහැ…
ඔත්පලවෙන්න වගේ කිට්ටුවෙච්ච මිනිහෙක් එක්ක දීග කන්න….
හැම ගැහැණියෙකුටම බැහැ…

හැගීම් විරහිත මිනිහෙක් ළග
හිනාවෙලා දගලන්න හැමෝටම බැහැ….
ගැහැණියෙකුගෙ දේවලුයි
පිරිමියෙකුගෙ දේවලුයි
හැමදේම තමන්ගෙ උරමතට අරන්
ජීවිතේ සුබ කරගන්න හැමෝටම බැහැ…

තව කිව්වොත් මහ ගොඩක් දේවල්….
ලේසියෙන් ගැහැණියක් නොකරන කැප කිරීම්….
මහ ගොඩක් එක්ක….
අවුරුදු පහක් විතරම,
මං වෙනුවෙන්ම
ජීවිතේ කැපකරපු නුඹට
මහ ගොඩක් පිං මගෙ රත්තරං….

නුඹ නොසැළී ඒ අවුරුදු පහ පුරාම කිව්වේ…
එකම එක දෙයයි…
“ ඔයා නැගිටිනවා! ඔයා නැගිටලා
මේ හැමදේම ආපහු හරිගස්සන බව
මං දන්නවා “ කියලයි…

අවසානෙදි හරිම තැනට ඔයා ආවා..
ඔයා දිනුවා…
දැං අපි ඒ දිනුම රැකගමු…
ආදරෙයි හිතන්නවත් බැරි තරමට..
“ මගේම රත්තරං මගේම සූනි මැනිකට
මහගොඩක්…. “

මං - ✍️

Correct Side සඳූ බස්නායක ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚ #සිංහලකවි #ධනාත්මකචින්තනය

“මං දන්නවා දවසක මගෙ පුතේ උඹ මගේ මුළු පවුලම ගොඩ දානවා කියලා….  එතකං මේ තාත්තා එයාට පුලුවං විදියට මගේ පුතාට හැමදේම කරල දෙන...
14/10/2025

“මං දන්නවා දවසක මගෙ පුතේ උඹ
මගේ මුළු පවුලම ගොඩ දානවා කියලා….
එතකං මේ තාත්තා
එයාට පුලුවං විදියට
මගේ පුතාට හැමදේම කරල දෙන්නම්….”

මම කවදාවක් විස්ස විද්‍යාලයක්
දැකල නැති උනාට…..
මගේ පුතේ උඹ ඒකෙ ඉගන ගන්න
පිං කරපු පුතෙක්…..
විස්ස විද්‍යාලෙම උගන්වන
ලොකු මහත්තයෙක් වෙන දවසට
මාවත් රවුමක් එක්කං පලයං….

උඹට ඕන පොත් පත් ටික ගන්න….
මං ඊයේ රුපියල් තුන්දහක්ම
දැම්මා මයෙ පුතේ…..

ගෙදර කන්න තිබුණු සල්ලිත්
මං උඹටයි වියදම් කරන්නෙ මගෙ පුතේ…
ගිය සැරේ උඹ එව්ව ලියුමේ
අප්පච්චිට වෙනත් සරමක් අදින්නැයි
උඹ අම්මට කියල තිබ්බනේ මයෙ පුතේ…

සරං ගන්න මට ඕන නැහැ මයෙ පුතේ …..
උඹ ඉගෙන ගෙන ජොබ් එකට ගියාම
මට සරොං අරං දියන් මයෙ පුතේ…..
උඹට ලැජ්ජයි නං මං පාරට නෑවිත්
ඉන්නම්කො මයෙ පුතේ…

- මහා-

Correct Side ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚ #සිංහලකවි

Address

Kurunegala Colony
60000

Telephone

+94772275375

Website

Alerts

Be the first to know and let us send you an email when Correct Side posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Correct Side:

Shortcuts

Share