29/03/2026
🛑 මේ දවස් වල අව්ව භයානකයි, පරිස්සම් වෙන්න ! 💥☄️
පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වයත් එක්ක පරිසර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළයාමක් අපිට දකින්න පුළුවන්.
මේ තත්ත්වය යටතේදී අපේ ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි වෙන්නෙ නැතිව පාලනය කරගන්න එක ඉතාමත්ම වැදගත්.
🔸 අපි කරන්න ඕනෙ මොනවද ?
🔹 මේ අව්වෙ දාඩිය දාගෙන මහන්සි වෙන sports, exercise වගේ දේවල් කරන්න එපා !
🔹 කෙළින්ම අව්වට නිරාවරණය වෙන්න එපා. එළියට ගියත් පුළුවන් තරම් හෙවණක ඉන්න බලන්න.
🔹 එළියට යනවනම් Cotton සුදු හෝ ළා පාට තාපය පරාවර්තනය කරන ඇඳුම් අඳින්න.
🔹 තිබහ තිබුණත් නැතත් දවසට 2l - 3l ක් අතර ප්‍රමාණයක් වතුර බොන්න.
🔹 පළතුරු යුෂ වගේ දියර වර්ග පානය කිරීමත් වැදගත්. හැබැයි කෘත්‍රිම පැණිබීම, අයිස් පැකට් භාවිතා කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි.
🔹 රෑට ගෙවල් වල ජනෙල් ඇරල තියාගන්න (ස්වභාවික සිසිලනයට)
🔹 පොඩි ළමයින්ව sportmeet වගේ එළිමහන් event වලට යවන්න කළින් දෙපාරක් හිතන්න.
🔹 බබාලව වාහන ඇතුළෙ තියල park කරල යන්න එපා!
🔹 සත්තුන්ව අව්වෙ ගැටගහල යන්න එපා. එයාලටත් මේ අව්ව දරාගන්න අමාරුයි !
🔹 පුළුවන් වෙලාවට නාගන්න, ඇඟ සෝදගන්න එහෙමත් නැත්නම් තෙත රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කරගන්න.
🔹 electric fans, AC භාවිතා කරල ඉන්න තැන් සිසිල්ව තබාගන්න
⚠️ Fan දාල නිදාගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි Dehydrate (විජලනය) වෙන්න පුළුවන්.
🔹 ජලාශ, ගංගා ආශ්‍රිතව නාන්න යනවනම් පරිස්සමින්. තනියෙන් යන්න එපා. නොදන්න තැන්වල නාන්න යන්න එපා.
මේ ගැන ඔයාලගේ යාලුවන්වත් දැනුවත් කරන්න.එයාලටත් දැනගන්න share කරන්න.
පරිස්සමින් ඉන්න. හොඳට වතුර බොන්න.
Good luck !