Saranath College

Saranath College _Beyond the School_

( Official page of Saranath College
Kuliyapitiya , Sri Lanka )

Clean Sri Lanka ව්‍යාපෘතියේ වයඹ පළාත් වැඩස⁣ටහන වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මැතිතුමන් ,වයඹ  පළාත් අධ්‍යා...
25/09/2026

Clean Sri Lanka ව්‍යාපෘතියේ වයඹ පළාත් වැඩස⁣ටහන වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මැතිතුමන් ,වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඒ.එම්. ජයතිලක මැතිනිය ,කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.ඩී.බන්දුලානි බස්නායක මැතිනිය ඇතුළු නියෝජ්‍ය හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරු හා
ප්‍රදේශයේ සහෝදර පාසල් වල ශිෂ්‍ය නායක නායිකාවන් සහභාගිත්වයෙන් කුලි/ සාරානාත් විද්‍යාලයේ දී 2026.09.17 දින පැවැත්විනි

🇭🇳
🎙️
🎙️

Wishing you a very Happy Birthday Dear Principal Sir! You came not merely to lead,but to listen, to nurture, to believe,...
22/09/2026

Wishing you a very Happy Birthday Dear Principal Sir!

You came not merely to lead,
but to listen, to nurture, to believe,
and in every young heart you touched,
you left a reason to dream.

The years may turn,
the faces may change,
but the love you planted here
will never fade.

May life return to you,
in countless beautiful ways,
all the light you have given us,
may it return to you in endless ways

Happy Birthday, Sir.
May your journey ahead be as meaningful
as the legacy you have left behind.

🇭🇳
🎙️
🎙️

2026 ජාතික පාසල් බොක්සින් තරගාවලියේ 19න් පහළ (කි.ග්‍රෑ. 45-48) බර පන්තියෙන් තෙවන ස්ථානය (ලෝකඩ පදක්කම) දිනා ගනිමින් සාරාන...
14/09/2026

2026 ජාතික පාසල් බොක්සින් තරගාවලියේ 19න් පහළ (කි.ග්‍රෑ. 45-48) බර පන්තියෙන් තෙවන ස්ථානය (ලෝකඩ පදක්කම) දිනා ගනිමින් සාරානාත් විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දුන් M.P.D. මිෂෙල් ෂෙනායා දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්!

ඇයගේ මෙම අභිමානවත් ජයග්‍රහණය පිටුපස හිඳිමින් කැපවීමෙන් හා නිරන්තර මඟපෙන්වීමෙන් කටයුතු කළ ගුරුභවතුන්ට සහ පුහුණුකරුවන්ට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පුද කර සිටිමු!

මෙම ජයග්‍රහණය තවත් ඉදිරි අනාගත ජයග්‍රහණ රැසක ආරම්භයක් වේවායි ප්‍රාර්ථනා කරමු!

🇭🇳
🎙️
🎙️

🕊️ නිවන් සුව ලැබේවා! 🕊️සාරානාත් ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්, සාරානාත් විද්‍යාලයීය හිටපු ආචාර්ය,කනිෂ්ඨ අංශයේ හිටපු සහකාර...
12/09/2026

🕊️ නිවන් සුව ලැබේවා! 🕊️

සාරානාත් ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්,
සාරානාත් විද්‍යාලයීය හිටපු ආචාර්ය,
කනිෂ්ඨ අංශයේ හිටපු සහකාර විදුහල්පති,
කුලියාපිටිය කලාපයේ පඬුවස්නුවර කොට්ඨාසයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු උපදේශක,
E. A. සුරේන්ද්‍ර එදිරිසිංහ ඇදුරුතුමන්ට අවසන් ගෞරවය පුද කරමු. 🙏

එතුමාගේ ආදරණීය මතකයන් සදා අප හදවත් තුළ රැඳී පවතිනු ඇත.

අමා මහ නිවන් සුව ලැබේවා! 🕯️🙏

නිවන් සුව අත්වේවා! 🙏🕊️

🇭🇳
🎙️
🎙️

50 වන ජාතික ක්‍රීඩා උළෙලේ (50th National Sports Festival - 2026) වයඹ පළාත් අත්පන්දු තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ අත්කර ග...
07/09/2026

50 වන ජාතික ක්‍රීඩා උළෙලේ (50th National Sports Festival - 2026) වයඹ පළාත් අත්පන්දු තරගාවලියේදී විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට සරානාත් විද්‍යාලයීය අත්පන්දු කණ්ඩායම් සමත් විය!
🥇 කාන්තා ශූරතාවය (Girls Championship)
🥈 පිරිමි අනුශූරතාවය (Boys Runner Ups)

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස හිඳිමින්, නොපසුබස්නා උත්සාහයෙන් හා කැපවීමෙන් මගපෙන්වූ ගුරු භවතුන්ට සහ පුහුණුකරුවන්ට අපගේ හදපිරි ප්‍රණාමය සහ කෘතවේදීත්වය පුද කර සිටිමු.

🇭🇳
🎙️
🎙️

🌕🪷 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏නිකිණි පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි. විශේෂයෙන්ම භික්ෂූන් වහ...
26/08/2026

🌕🪷 පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

නිකිණි පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයකි. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වීම සහ වස් ආරාධනා කිරීම නිකිණි පොහොය සමඟ සම්බන්ධ වූ වැදගත් ආගමික චාරිත්‍රයකි. 🪷

එමෙන්ම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ධර්මය සුරැකීම සඳහා පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාව පිළිබඳවද නිකිණි පොහොය සමඟ විශේෂයෙන් සිහිපත් කරනු ලැබේ.

🙏 මේ උතුම් පොහොය දිනයේ
🪷 සිත පිරිසිදු කරගනිමු.
🪷 සීලය ආරක්ෂා කරමු.
🪷 මෙත්තා, කරුණාව වඩමු.
🪷 බුදු දහමේ මඟ ගමන් කරමින් ජීවිතය යහපත් කරගනිමු.

පොහොයේ සැබෑ අරුත වන්නේ ලෝකයට ආලෝකයක් වීමට පෙර, තමන්ගේ සිතේ අඳුර දුරු කර ගැනීමයි. 🌕✨

ඔබටත් ඔබේ පවුලේ සැමටත් පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏🪷
තෙරුවන් සරණයි! ☸️

🇭🇳
🎙️
🎙️

Lanterns glow soft in the quiet night,as hearts gather in reflection and grace.A breeze carries whispers of peace,honori...
26/08/2026

Lanterns glow soft
in the quiet night,
as hearts gather
in reflection and grace.
A breeze carries
whispers of peace,
honoring a legacy of kindness,,
and truth that guided
a journey home.

May light fill every humble doorway,
may mercy rest upon every home,
and may harmony walk beside us all
on this sacred day of Mawlid.

_Eid Milad Un Nabhi_🤲🏽✨

🇭🇳
🎙️
🎙️

_"ජාතියේ යශෝරාවය" වූ ඇය, මෙරට ගීත  කලාවේ මෙන් ම සුවහසක් ශ්‍රාවක දෙසවන්  තුළ දැල් වූ ගී පදවැල් සදා අමරණීයයි.__ දශක හයකට අ...
21/08/2026

_"ජාතියේ යශෝරාවය" වූ ඇය, මෙරට ගීත කලාවේ මෙන් ම සුවහසක් ශ්‍රාවක දෙසවන් තුළ දැල් වූ ගී පදවැල් සදා අමරණීයයි._
_
දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය හදවත් තුළ මාතෘත්වය,ආදරය,විරහව පමණක් නොව ජාතිකාභිමානය,දේශානුරාගය වැනි දෑ පෝෂණය කිරීම උදෙසා අවදි වූ ප්‍රබලත ම හඬ ඇයගේ ය.ශ්‍රී ලාංකීය ගීත කලාව සුපෝෂණය කරන්නට දශක ගණනාවක සිට අනුපමේය මෙහෙවරක නිරත වූ,

_ශ්‍රී ලාංකීය ගීත කලාවේ අද්විතීය සලකුණක් වූ,
විශාරද නන්දා මාලනී මහත්මියනි ,
ඔබට නිවන් සුව ලැබේවා !!
_
🇭🇳
🎙️
🎙️

මුළු මහත් ලෝකය ම සදහම් ආලෝකයෙන්  බබළවමින්, දහසක් වූ  කාව්‍ය නිර්මාණයෙන් සිංහල සාහිත්‍යය කලාව මෙන් ම ශ්‍රාවක සිත් පෝෂණය ක...
19/08/2026

මුළු මහත් ලෝකය ම සදහම් ආලෝකයෙන් බබළවමින්, දහසක් වූ කාව්‍ය නිර්මාණයෙන් සිංහල සාහිත්‍යය කලාව මෙන් ම ශ්‍රාවක සිත් පෝෂණය කරමින්,බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත වූ,

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා!!.. 🙏🏻🙏🏻

ඔබ වහන්සේ ලියූ පදවැල් සේම දෙසූ දම් බිඳු අප අතර සදා අමරණීයයි.....

🇭🇳
🎙️
🎙️

2026 උසස් පෙළ සිසුන්ගේ සාර්ථකත්වයට ආශිර්වාදයක්…! ✨🌸📚🎓 සිහින දකිමින්… අරමුණු කරා පියනඟන අපේ උසස් පෙළ දූ පුතුන් වෙනුවෙන් ප...
09/08/2026

2026 උසස් පෙළ සිසුන්ගේ සාර්ථකත්වයට ආශිර්වාදයක්…! ✨🌸
📚🎓 සිහින දකිමින්… අරමුණු කරා පියනඟන අපේ උසස් පෙළ දූ පුතුන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාද වැඩසටහන 🙏
ජීවිතයේ තීරණාත්මක කඩඉමකට ළඟා වෙමින් සිටින අපේ ආදරණීය උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපනික ගමනට ශක්තියක්, ධෛර්යයක් සහ ආශිර්වාදයක් එක් කරමින් මෙම විශේෂ අවස්ථාව සංවිධානය කරන ලදී.
🌿 දැනුමෙන් සන්නද්ධ වෙමු…
💫 විශ්වාසයෙන් ඉදිරියට යමු…
🙏 ආශිර්වාදයෙන් සාර්ථකත්වය කරා පියනඟමු…!
අද ලබාගත් ආශිර්වාදය හෙට දවසේ ජයග්‍රහණයට ශක්තියක් වේවා!
ඔබේ සියලු බලාපොරොත්තු සපල වේවා! 🌟
“අද කැපවීම… හෙට ජයග්‍රහණයයි!” 🏆
💙 අපේ දූ පුතුන්ට සුබ පැතුම්!
🌟 ඔබේ උසස් පෙළ ගමන සාර්ථක වේවා! 🌟

Address

Kuliyapitiya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Saranath College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category