24/03/2026
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ 20 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ ශෂික එරන්ද (කුපා) සහෝදරයාගේ පියාගේ හදිසි වියෝව පිළිබඳව ව්‍යවහාරික විද්‍යා පීඨයේ 20 වන ශිෂ්‍ය කණ්ඩායමේ සාතිශය සංවේගය ..! 🏳️
~ 20 වන ශිෂ්‍ය කණ්ඩායම - ව්‍යවහාරික විද්‍යා පීඨය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~
23/08/2025
20th General Convocation of Wayamba University of Sri Lanka 🎓
On this momentous occasion, we extend our heartfelt congratulations to the graduates of the Faculty of Applied Sciences, Wayamba University of Sri Lanka. Your unwavering commitment, perseverance, and pursuit of excellence have brought you to this proud milestone.
As you step into the next chapter of your journey, may your knowledge, values, and skills continue to inspire progress and make a meaningful contribution to society.🧑🎓👩🎓
We wish you success, fulfillment, and wisdom in all your future endeavors.
~ Students’ Union of Faculty of Applied Sciences - Wayamba University of Sri Lanka ~
20/06/2025
පුබුදුවන්නට දේශයක්...
එළි කරන්නට පැල්පතක්...
දකින්නට ලෝකයක්...
දිනන්නට මතු පරපුරක්...
කෙලෙස ලැබුනේද අප හට...
හැකිවේද ඒ ලෙසින්,
නොසිටියා නම් ඒ දෙවිවරුන්...
හඬ නගා...
තම දිවි පුදා ....
සුවහසක් මතු පරපුර උදෙසා, මා පිය නෙත කදුලින් තෙත්කරමින් සටන් කල විරු සිසුවන් හට අප සදා ණයගැතිය ...
විරු සිසුවන්හට උපහාරයක්ම වේවා...
1947 වසරේ දී අරගල කර ලබාගත් නිදහස් අධ්‍යාපන පනත මඟින් ධනපති පන්තියට පමනක් සීමා වී තිබූ සිප්සයුරු දුප්පත් අහිංසක දරුවන්ටද ලබා ගැනීමට වරම් හිමි විය... ඒ සඳහා සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මැතිඳුන් මහත් සේ කැපවිය..
එසේ ලබාගත් වරමට විටින් විට තර්ජන පැමිණි අතර 1981 වසරේදී රජය මඟින් ගෙන ආ ධවල පත්‍රිකාව හා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආරම්භයත් සමග එය උත්සන්න විය.නිදහස් අධ්‍යාපනය වල පල්ලට ගෙන ගොස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ඒ සමඟ එමගින් ආරම්භ විය.
මෙම පනතට විරුද්ධව රටපුරා විරෝධතා දියත් වූ අතර ඒ සඳහා රජයේ විශ්වවිද්‍යාල ප්‍රජාව මුල් තැන් ගෙන කටයුතු කලේය.මෙම විරෝධතා මැඩලීමට රජය කුරිරු ප්‍රයත්න දැරීය...
එහි උච්චතම ප්‍රහාරය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසු පද්මසිරි ත්‍රිමාවිතාන අමානුෂික ලෙස වද දී ඝාතනය කිරීමයි.මේ නිසා රට පුරා විරෝධතා රැලි ගොඩ නැගිනි.ඒවායේ ප්‍රතිඵල ලෙස එවකට පැවති රජයට මෙම පනත් හකුලා ගැනීමට සිදු විය.
කෙසේ වුවද මෙම අරගල හමුවේ පද්මසිරි ත්‍රිමාවිතාන, වෙනුර එදිරිසිංහ ,මොහොමඩ් නිශ්මි,රංජිතම් ගුණරත්නම් ඇතුළු තවත් විශිෂ්ට විද්‍යාර්ථයින් රැසක් දැයට අහිමි විය.
අද දින සුවහසක් දරු දැරියන් හට හෙට දින ජය ගන්නට ලොවක් සැදුවේ ඒ විරුවන්ගේ අසීමිත කැපවීමය.
"ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කලහ".
~ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ~