Dinesh Madusanka.
සිංහලෙන් දෙමළ
08/02/2026
පහෙන් හයට යන දරුවන්ට පළවෙනි පාඩම කෙටියෙන්.
කථන දෙමළ වේගවත් ONLINE පාඨමාලාව - 41 වැනි කණ්ඩායම පෙබරවාරි මස ආරම්භ කෙරේ.
කාලය: සති 05
ගාස්තුව: 4500/- පමණි
🎯අපගේ ඉලක්කය :
ඕනෑම අවස්ථාවක දී ප්‍රයෝජනවත් වන අයුරින් සරළව භාවිත කළ හැකි දෙමළ භාෂා දැනුමක් ඔබ තුළ ගොඩනැගීම හා ඒ අනුව පුරුදු පුහුණු කරවීම.
✅ මූලික දැනුමක් අවශ්‍ය නැත.
✅ ලෝකයේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.
පාඨමාලා අන්තර්ගතය:
✅ කෙටි ප්‍රශ්න ඇසීම
✅ කෙටි පිළිතුරු දීම
✅ නාමපද + විභක්ති
✅ ක්‍රියා මූල වර්ගීකරණය
✅ වර්තමාන කාලය
✅ සියලු ආකාරයේ විධාන
✅ පිණිසාර්ථ
✅ මිශ්‍ර හා පූර්ව ක්‍රියා
✅ අකුරු ලීවීම කියවීම
✴️ රසවින්දනය
✴️ ආදර්ශ දෙබස් පුහුණුව
අදම ලියාපදිංචි වන්න !
වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය ඔස්සේ වට්ස්ඇප් සමූහය සමග එකතු වන්න.
https://chat.whatsapp.com/Kif5yRZRsZrEeEwOvJbWO2?mode=ac_t
15/01/2026
තෛපොංගල් උත්සවය.
=======================
සොබාදහමෙන් පෝෂනයවූ මිනිසා සොබාදහමට කෘතගුණ සැලකීමේ දිනය තෛපොංගල් දිනයයි.තම ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වූ අතීත හින්දු ජනයා තමාගේ ගොවිතැනට ජලය, ආලෝකය ,සුළඟ,ඍතු ආදිය සපයන සූර්යයා ප්‍රමුඛකර ගනිමින් තම ගොවිතැනට නන් අයුරින් සහය දැක්වූ සෑමට ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙම උත්සවය සමරනවා.
තෛපොංගල් කියන්නේ හින්දු දින දර්ශනයට අනුව අවුරුද්දේ පලමු මාසයේ පලමු දිනයේ හින්දු ජනතාව සමරනු ලබන උත්සවයක්.ඒ කියන්නේ අපි භාවිතා කරන දින දර්ශනයට අනුව නම් ජනවාරි මාසෙ 14 හෝ 15 වෙනිදා.එයාලගෙ මාස ක්‍රමයට අනුව එදාට තමයි එයාලට පලවෙනිදා උදා වෙන්නෙ.හින්දු මාස ක්‍රමයට අනුව තෛ,මාසි ,පංගුනි,සිත්තිරෛ,වෛගාසි,ආනි,ආඩි,ආවනි,පුරට්ටාදි,ඓප්පසි,කාර්තිහෛ, මාර්හලි යනාදී වශයෙන් මාස 12 ක් තියෙනවා.මං කලින් කිව්වා වගේ සිංහල අපේ දින දර්ශනයේ ජනවාරි මස 14 හෝ 15 වන දිනය තෛ මාසයේ පලමුවැනිදා වෙනවා.අන්න එදාට තමයි හින්දු අයට නව වර්ශය උදා වෙන්නෙ.2026 වර්ශය අපි ඉලක්කමෙන් කිව්වට එයාලට මේ හැම වර්ශයකටම නමක් තියෙනවා.විසුවාවසු වර්ශය අවසන් වෙලා පරාබව කියන වර්ශය උදාවෙනවා තෛපොංගල් උත්සවයත් සමගම.
තෛපොංගල් දිනය හින්දු ජනතාවගේ සුවිශේෂී දිනයක්.එදින උදෑසන අවදිවන ඔව්හු නිවෙස් සෝදා පිරිසිදුකර හිරු කුමරු පිළිගන්නට සැරසෙනවා.තමුන්ද නා පිරිසිදු වී පිරිසුදු ඇදුමෙන් සැරසෙනවා.කාන්තාවන්ට සුවිශේෂී කාර්යන් කිහිපයක් තියෙනවා.නිවසේ සිටින තරුණ ගැහැනු දරුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවන කාර්යක් ලෙස කෝලම් රටා දැමීම හැදින්විය හැකියි.කෝලම් දැමීම වර්ණ ගැන්වූ පොල් කුඩු හෝ ධාන්‍ය කුඩු වලින් වර්තමානයේ සිදු කරනවා දැක ගන්න පුළුවන්.බොහෝවිට ධාන්‍ය වර්ග කුඩු කර දැමීම වඩාත් සුදුසයි.එයට හේතුව නම් මෙය අලංකාරය සදහා සිදු කරන්නක් ලෙස බොහෝ දෙනෙක් සිතුවද සැබෑ අරුත ඒක නෙවෙයි.ගොවිතැන් කටයුතු සඳහා උදව් කල පුංචි කුරුල්ලන් කුඩා කෘමි සතුන් වැනි සතුන්ගේ ආහාර සඳහා මෙම කෝලම් රටා දැමීම සිදු කරනවා.එහි ගැබ් වූ ප්‍රධාන අර්ථය එයයි.එනම් ගොවිතැනට උදව්කල සැමට කෘතගුණ සැලකීමේ පරමාර්ථයයි.
නිවස ඉදිරියේ සකසා ගන්නා එක් ස්ථානයක පොංගල් පිසීම සිදු කරනු ලබනවා.එහි දී ධාන්‍ය වර්ග සහ හකුරු , පැණි යනාදී පැණි රස ද්‍රව්‍යද එකතු කරමින් ඔවුන් මෙම පොංගල් පිසීම සිදු කරනවා.මෙය ඉතාමත් මිහිරි ලෙස සකසා ගැනීමෙන් ඔවුන් නව වර්ෂය ඉතාමත් මිහිරි දායක වර්ෂයක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.පොංගල් පිස ගැනීමෙන් පසුව ඒවා පූජා කාමරයේ තැන්පත් කරලා මොවුහු සියලු දෙනා එකතුව කෝවිල් වැඳීම සඳහා කෝවිලට යන එක සිරිතක්.කෝවිල වැඳීමෙන් පසුව නැවතත් නිවසට පැමිණ දෙවියන් සඳහා පොංගල් පිදීමෙන් අනතුරුව නිවසේ සියලු දෙනා සහ අසල්වාසීන්ට පොංගල් ලබා දී උත්සවය සමරනවා.
පොංගල් උත්සවයේ දී ගවයන් සඳහා ද සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. එදින ගවයන්ගෙන් කිසිදු වැඩක් නො ගන්නා අතර ගවයන් සුවඳ පැන්වලින් නාවා සඳුන් හා කුංකුම ආලේප කරනවා.ගවයන්ටත් පොංගල් අනුභව කිරීම සඳහා ලබා දෙනවා. දෙයිතෛපොංගල් දිනට පසු දිනද ගවයන් සැමරීම සඳහා යොදා ගන්නා අතර එය මාට්ටු පොංගල් යනුවෙන් හඳුන්වනවා.
මේ අනුව කෘෂිකර්මාන්තය සඳහා සුළඟ ආලෝකය වර්ෂාව ලබාදෙන සූර්යයාට හා අනෙකුත් සතුන්ට ස්තුති කරමින් තෛපොංගල් උත්සවය අති උත්කර්ෂවත් ව හින්දු භක්තිකයන් විසින් සමරනවා.පොංගල් උත්සවය කියන්නෙ හින්දු ජනතාවගේ අති සුවිශේෂී උත්සවයක්.ඒ ගැන කියන්න විස්තර ගොඩක් තියෙනවා.අපි ඉස්සරහට ටිකෙන් ටිකේ ගැනකතා කරමු.
දිනේෂ් මධුසංක.
කයන්නෙ ප්‍රශ්නය?
හින්දුන්ට තවමත් උදානොවුන 2026
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kuliyapitiya
06/02/2026