FOT 005

FOT 005 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FOT 005, Education Website, Wayamba University of Sri Lanka, Kuliyapitiya.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මාහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වූ ශානුක කුලරත්න සහෝදරයාට උණුසුම් සුභ පැතුම්!  ...
15/12/2024

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මාහා ශිෂ්‍ය සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වූ ශානුක කුලරත්න සහෝදරයාට උණුසුම් සුභ පැතුම්!

-FOT 005 සහෝදරත්වය-

22/11/2024

මීට තුන් මසකට පෙර අප අතරින් සමු ගත් අපේ ආදරණීය බුලා සොහොයුරාගෙ තෙමස් පූර්ණය උදෙසා අප විසින් සංවිධානය කරනු ලැබූ බෝධීපූජාමය පිංකම පසුගිය 21 වනදා මෙලෙස සිදු කෙරුනි.

මෙවන් අකල් මරණයක් නැවත කිසිම දිනක ඔහු වෙත ලං නොම වේවා !
මේ පුණ්‍යානිසංසයේ බලයෙන් මතු සසරේ ඔහුට අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා !!!

005 සහෝදරත්වය

08/10/2024

සෙනහසේ දෑත් දිගු වී වසරක් ගත වී අවසන්ය.
නන්නාඳුනන රෑනක වුන් ඔබ අපේ පොඩි එවුන් වී අදට හරියටම වසරකි..
නැවතත් ආදරෙන්
අපේම නන්ගිලා මල්ලිලා වෙත
දෑත් දිගුකරමි ,
පුරුකෙන් පුරුක
ගෙතෙන්නට,
රකින්නට,
ගොඩනගන්නට සෙනහසේ රන් යදම !!!

30/09/2024

එක රෑනක් ලෙසින් එකට පිය නැඟපු ඒ සුන්දර හන්තාන,
රංචු රංචු අපි ඔක්කොම හෙමි හෙමින් ගියපු ඒ හන්තාන,
අත් නොහැර එකෙක්වත් ඔක්කොම එකට ඇවිදපු ඒ හන්තාන,
සරසවි ජීවිතයේ අපි ලබපු සුන්දරම අත්දැකීම,

වයඹින් හන්තානට
තාක්ෂණ පීඨ පස්වන කණ්ඩායම 2024

අවසරයි දිග හරින්නට සරසවි මතක පොතේ සුන්දරම පරිච්ඡේදයක මතක!!!

#වයඹින්_හන්තානට 2024 - FOT 005

03/09/2024

පීඨ පරිපාලනයේ අත්තනෝමතික අධ්‍යයන ක්‍රීයාපටිපාටීන් වහා ඉවත් කරනු !!!

සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපනයේ සිසූ නිදහස සුරකිනු !!

විරෝධතා ක්‍රියාමාර්ගය
අද දහවල් 12.30 ට

තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ලෙන්ගතු මතක හිත් තුල පුරවාලාඅවැසිම නිමේශෙක ඔබ වෙන්වීලාකදුළැලි ගඟුල් ඇස් අස්සෙන් රූරාල ඔබ වෙන් වී ගියා අප තනිකර දාලා ජීවි...
29/08/2024

ලෙන්ගතු මතක හිත් තුල පුරවාලා
අවැසිම නිමේශෙක ඔබ වෙන්වීලා
කදුළැලි ගඟුල් ඇස් අස්සෙන් රූරාල
ඔබ වෙන් වී ගියා අප තනිකර දාලා

ජීවිතය යනු,
තවත් එක් අවිනිශ්චිත නවාතැනක් බව පසක් කර,
අද අපෙන් සදහටම නික්මෙන,
ආදරණීය පෙකා අයියේ ඔබට නිවන්සුව.. !

005 සහෝදරත්වය - තාක්ෂණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

පුර සඳ අහසින් බැස ගියත් තවම එලියයි මුළු අහසම... හැර ගියත් නුඹෙ කය නොමියෙනු ඇත නුබේ නාමය...සිනහවෙන් සතුටින්  ගත කල කාලය ව...
21/08/2024

පුර සඳ අහසින් බැස ගියත්
තවම එලියයි මුළු අහසම...
හැර ගියත් නුඹෙ කය
නොමියෙනු ඇත නුබේ නාමය...
සිනහවෙන් සතුටින් ගත කල කාලය
වෙලා අද මහවැලි පරදන කඳුළු ගඟ...
ලෙන්ගතු මතක හිත් තුල ඉතුරු කොට...
නොකියාම නොසිතූ මොහොතක
නුබ නික්මුණු බව කෙලෙස නම් සිතන්නද ?
ජීවිය තණඟ පිණි බිඳුවක් බව කියා දි අපෙන් සඳහටම නික්මෙන රවිප්‍රිය සොයුර රිදුම් අතරින් පතන්නෙමු ඔබට නිවන්සුව !

FOT 005 සහෝදරත්වය
තාක්ෂණ පීඨය
ශ්‍රී ලoකා වයඹ විශ්වවිද්‍යාලය

Address

Wayamba University Of Sri Lanka
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when FOT 005 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share