02/10/2023
ශ්‍රි මත් ආතර් සී ක්ලාක් මහතා ගේ ජීවන මග
🌍🌏🌎🌎🌍🌏🌏
එංගලන්තයේ ලන්ඩන් නුවරට කිලෝ මීටර් 176ක් දුරින් පිහිටි සමර්සෙට් ප්‍රාන්තයේ මයින්හෙඩ් ගමේ දරුවෙකු වරක් පාසල් සඟරාවට ලිපියක් ලියුවේය. එය ඔහුගේ ප්‍රකාශයට පත් පළමු ලිපියයි. ඒ ලිපියෙන් අනාගත ලේඛකයෙකු වන දස්කම් පෙන්වා තිබුණද තව දුරටත් පාසල් එන්නට ඔහුට හැකියාවක් ලැබුනේ නැත.
ඒ ආර්ථික දුෂ්කරතා හරස් වීමෙනි. ඔහු පාසල් ගමන නතර කර දැමීය. විද්‍යා ප්‍රබන්ධ ලිපි ලිවීමට පමණක් නොව ගෙදරදී තමා විසින් සාදා ගත් දුරේක්ෂයකින් අහස නිරීක්ෂණය කරන්නටද මේ දරුවා සමත් විය. දුරේක්ෂය සාදා ගනිද්දී ආතර්ට වයස අවුරුදු 13ක් ලැබුවා පමණි. මේ පුංචි ආතර් වෙනත් කවුරුන් හෝ නොව විශ්ව ගම්මාන සංකල්පයේ නිර්මාතෘ ආතර් සී. ක්ලාක්ය.
ඔහු උපන්නේ චාල්ස් රයිට් ක්ලාක් හා මේරි විලීස් දෙපළට දාව 1917 දෙසැම්බර් 16 දාය. ඔහුට බාල සහෝදරයෙක් හා සහෝදරියන් දෙදෙනෙකි. ආතර්ගේ පියා කලක් රාජකීය ඉංජිනේරු හමුදාවේ සේවය කළ අතර පසුව ඉන් ඉවත් වී ගොවිපළක් පවත්වාගෙන ගියේය. දරුවන් කුඩා කලදීම ඔහු මිය ගිය හෙයින් මේරි විලීස් මව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් ඇති දැඩි කළාය. ඒ ගොවිපළෙන් ලැබෙන සොච්චම ආදායමෙනි.ආතර් අධ්‍යාපනය ලැබුවේ මයින්හෙඩ් ගම ආසන්නයේ වූ ටොන්රස් නගරයේ පිහිටි හුයිෂන් හා ග්‍රැමර් ස්කූල් වෙතිනි.
ඔහු ඉගෙනීමේ සමර්ථයෙකි. කියවීමට ද නොනිත් ආශාවක් ඔහු සතුවිය. ඒ කොතෙක්ද කිවහොත් දවසේ වියදමට මව දෙන මුදල ඉතිරි කර ගනිමින් පරණ විද්‍යා සඟරා මිලට ගත්තේය. අමේසිං ස්ටාර්ස් හා ඇස්ට්‍රවුස්සිං ස්ටෝරි ඔහුගේ ජනප්‍රිය සඟරාවන්ය.
නමුත් පාසල් ගමන ඇන හිටි ආතර් ලන්ඩනයට පැමිණ බ්‍රිතාන්‍ය සිවිල් සේවයට බැඳුනි. ඒ විගණකාධිපති දෙපාර්තුමේන්තුවට අනුයුත්තවය. මේකල දෙවන ලෝක සංග්‍රාමය ඇරඹියෙන් 1941දී හමුදා සෙවයට බැඳුනි. කවර කාර්යක නියැළුනද ඔහුට උවමනා කළේ සඳ තරණය කරන්නයි. යහළුවන් හා එක්ව අන්තර් ග්‍රහලෝක සංගමයක් ඔහු මේ වන විටත් පිහිටුවාගෙන තිබුණි. හමුදා සේවයේදී ඔහුට තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන්නට සිදු විය. රේඩියෝ තරංග මඟින් දුරස්ථ වස්තූන් හඳුනා ගැනිමේ පර්යේෂණවලට දායක වන්නට ඔහුට අවස්ථාව ලැබුණි. “ග්ලයිඩ් පාක්” නව කතාව රචනා කළේද මේ ඇසුරෙනි. ඔහු දිගටම ලිපි ලියන්නට විය.
වයර්ලස් වර්ල්ඩ් (රැහැන් රහිත) ලොකය නම් සඟරාවට ඔහු ලියවේය. වරක් ඔහු පැහැදිලි කළේ පෘථිවියට කිලෝ මීටර් 22,300 ක් ඉහළ අභ්‍යවකාශයේ භූ ස්ථර කක්ෂයේ 1200 ක පරතරයක් ඇතිව පැයට සැතපුම් 7000ක් වේගයෙන් ගමන් ගන්නා ත්‍රිකෝණාකාරව නිශ්චිත කක්ෂයක චන්ද්‍රිකා පිහිටුවීමෙන් මුළු ලෝකයම ආවරණය වන පරිදි සන්නිවේදන ජාලයක් පිහිටුවිය හැකි බවයි. වැඩි කල් යන්නට මත්තෙන් එකී ප්‍රබන්ධය යථාර්ථයක් බවට පත් වූයේ සන්නිවේදනයේ නව පෙරළියක් ඇති කරමිනි.
ආතර් යලි උගත්තේය. ඔහු ලන්ඩන්, කින්ග්ස් විශ්ව විද්‍යාලයෙන් ගණිතය හා භෞතික විද්‍යාව හැදෑරීය. 1948දී උපාධිය ලබා ගත්තේ පළමු පන්තියේ සාමාර්ථයක් සමගිනි. 1953 දී බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයේ සභාපතිවරයා විය. මේ වන විට ඔහු පූර්ණ කාලීනව ලේඛන කලාවට අවතීර්ණ විය. Science Abstract හි සහය කතුවරයා වූයේ ඔහුය.
1954 දී හිමාලයා නෞකාවෙන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරයට ගොස් කිමිදීමට, ගවේශණයට හා ඡායාරූපකරණයට පිටත් විය. ඒ ගමන අතර වාරයේ නෞකාව පැය 4ක් ලංකාවේ නැංගුරම් දැමීය. ඒ සුළු කාලය තුළ ලංකාව කෙරෙහි ඇති වූ බැඳීමෙන් ඔහු ලංකාව ස්ථිර පදිංචියට තෝරා ගත්තේය. 1956 දී “ද රීන්ස් ඔෆ් තැප්‍රොබේන්” කෘතිය රචනා කළ අතර “රන්මුතු දුව” චිත්‍රපටිය බිහිවූයේද ඒ ඇසුරිනි.
1957දී සෝවියට් දේශය ස්පුට්නික් - 1 නම් ප්‍රධාම කෘතිම චන්ද්‍රිකාව ගුවන් ගත කෙරිණි. ඒ හරහා ආතර් සී. ක්ලාක්ගේ ජීවිතයද වෙනස් විය. ඔහුගේ අනාවැකි, ප්‍රබන්ධ සැබෑ වීමට පටන් ගැනුණි. ඔහු වෙතට ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන්නට විය. ඔහුගේ කෘති අලෙවි වූයේ උණු කැවුම් මෙනි. 1968 ලියූ 2001 අභ්‍යවකාශ වීර චාරිකාව එවක ජනප්‍රියම කෘතිය විය. 1962දී යුනෙස්කෝවෙන් ආතර් සී. ක්ලාක් මහතාට කාලිංග සම්මානය පිරිනැමීය. එදා මෙදා තුර සම්මාන බොහොමයකින් ඔහු පිදුම් ලැබීය. ඒ අතර 1986දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් විද්‍යාජෝති සම්මානයද 1976දී ඇමරිකාණු අභ්‍යවකාශ විද්‍යාව හා ගගනගාමී ආයතනයෙන් ගෞරවනීය සාමාජිකත්වයෙන්ද පිදුම් ලැබීය. 1989 දී බ්‍රිතාන්‍ය මහ රැජින සී.ඊ.බී. සම්මානයෙන්ද, 1998 දී චන්ද්‍රිකා තාක්ෂණික උන්නතිය වෙන්වෙන් කළ සේවයට “නයිට්” නාමයෙක්ද පුදනු ලැබීය.
“චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා” ලෙස පිදුම් ලබන්නේ ඔහුය. ඔහුගේ සංකල්ප නොවන්නට අන්තර්ජාලය, ජංගම දුරකතන, කෙටි පණිවිඩ සියල්ල සිහිනයක් වන්නට ඉඩ තිබුණි. ඔහු ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරයෙක් ලෙස කටයුතු කළේය. CBS TV සඳහා ඇපලෝ වැඩ පිළිවෙළේ විශේෂඥ විස්තර ප්‍රචාරයද කරන ලදී. “අද්භූත ලෝකය”, “අමුතු බල පිළිබඳ ලෝකය”ආදී ඔහුගේ රූපවාහීනි වැඩසටහන්ද ජනප්‍රියත්වය ඉහලින් රඳවාගත් ඒවාය. ආතර් සී.ක්ලාක් රංගන ශිල්පියෙක්ද විය. බැද්දේගම චිත්‍රපටියේ ලෙනාඩ් ෆුල්ගේ චරිතය රඟපෑවේද ඔහුය.
1979 දී මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා වූ ආචාර්ය ක්ලාක් 2002 දක්වාම එහි සේවය කළේය. 1982 දී “චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා” ලෙස සම්මානයට පාත්‍ර වූ අතර මාර්කෝනි සම්මානයෙන් පුදනු ලැබීය. ඒ ලැබුණු ඇමරිකාණු ඩොලර් 50,000 වැය කළේ මොරටුවේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පිහිටුවීමටය.
1953 මැරලීන් මේපීල්ඩ් මෙනවිය හා විවාහ වුණු ආතර් සී. ක්ලාක් 1964දී දික්කසාද විය. ආචාර්ය ආතර් සී. ක්ලාක් ඔහුගේ 90 වන ඡන්ම දිනයේදී ප්‍රාර්ථනා 03ක් කළේය. ඒ පිටසක්වල ජීවයන් ගැන සාක්ෂියක් ලැබීම, තෙල් හා ගල් අඟරු වෙනුවට විකල්ප බල ශක්තියක් ලැබීම සහ ශ්‍රි ලංකාවට කඩිනමින් සාමය උදා වීමය. ඔහුගේ ප්‍රාර්ථනාවන්ද අනාවැකි මෙන්ම සැබෑ වෙමින් පවතී.
හතර රියන් දේහධාරියෙකු වූ ආචාර්ය ක්ලාක් 1962 වසරේ පිටකොටුවේ සාප්පු සවාරි ගිය අවස්ථාවක කෙටි උළුවස්සක හිස ගැටී තිබුණි. පසු කලෙක ඒ නිසා හටගත් පශ්චාත් පෝලියෝ සහ ලක්ෂණය (Post-polio syndrome) නිසා ජීවිතයේ අවසන් කාලය ගත කරන්නට සිදු වූයේ රෝද පුටවේය. එහෙත් ලේඛණ කලාව අත් නොහළ ඔහු The Last Theorem කෘතිය රචනා කළේ රෝගාතුරුව සිටයදීය. කලාකරුවෙකු, දක්ෂ ටෙනිස් ක්‍රීඩකයෙකු ද වන මේ අසිරිමත් දිවැසිවරයාණෝ 2008 මාර්තු 19දා කොළඹදී ජීවන ගමනේ බැස ගියේ යළිත් නොඑන්නටය.
නදීෂානි මාතරආරච්චි , බප/කළු/කරඳගොඩ ප්‍රා.වි., බේරුවල.
තොරතුරු උපුටා ගත්තේ - Sources must be listed here
ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් මහතා
උපන් දිනය :
1917 දෙසැම්බර් 17වන දින , මයින්හෙඩ් ග්‍රාමය, සමර්සෙට් ප්‍රාන්තය, එංගලන්තය.
අභාවය :
2008 මාර්තු 19, කොළඹ (වයස 90).
රැකියාව :
කතෘවරයෙක් සහ නව නිපැයුම්කරුවෙක්
ඔහු ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙකිජා,
(Copying and seeing on the internet)